සැන්ඩි සුලි කුනාටුවෙන් මාසයකට පසුව

One month since Hurricane Sandy

1 December 2012

සැන්ඩි සුලි කුනාටුව ජීවිත සියයකට වඩා බිලිගනිමින් ද තවත් දසදහස් ගනනකගේ නිවාස හා ජීවනෝපායන් විනාශ කරමින් ද නිව් ජර්සි, නිව් යෝර්ක් හා කනෙක්ටිකට් ප‍්‍රාන්තවල වෙරලබඩ හා පහත් බිම් ප‍්‍රදේශ විනාශ කිරීමෙන් පසුව මසක් ගතවී තිබේ.

රූපවාහිනී කැමරා සහ වාර්තාකරුවන් එම ප‍්‍රදේශ හැර ගොස් බොහෝ කලකි. කුනාටුවෙන් විපතට පත් ජනයාට ආධාර පිනිස "අපට හැකි සෑම දෙයක්ම” කරන බවට ජනාධිපති ඔබාමාගේ පටන් දේශපාලනඥයන් දුන් පොරොන්දු දැනටමත් අමතක කර දමනු ලැබ ඇත.

වැඩ කරන ජනතාවගේ ඉරනම සම්බන්ධයෙන් මොනම තැකීමක් වත් නැති දේශපාලන හා ආර්ථික පද්ධතියක් විසින් තමන්ගේම විධික‍්‍රමයන්ට අතහැර දමනු ලැබූ පවුල් මුහුන දෙන ම්ලේච්ඡ යථාර්ථය පසුවන සෑම දිනක් පාසාම වඩාත් පැහැදිලි ලෙස ඉස්මතු වෙයි.

පවුල් දසදහස් ගනනක් තවමත් නිවාස අහිමිව සිටී. ඔවුන්ගෙන් බොහොමයකට චන්ඩ මාරුතය විසින් විනාශයට පත් කෙරුනු හෝ බොහෝසෙයින් හානියට පත් වූ නිවාස කරා කිසිදාක ආපසු පැමිනීම පිලිබඳ බලාපොරොත්තුවක් නැති තරම්ය. නිවාස හා ව්‍යාපාරික ස්ථාන අසූපන් ලක්ෂයකට විදුලි බලය අහිමි වූ අතර එයින් සමහරකට මේ වන තෙක් විදුලි බල සැපයුම පුනස්ථාපනය කොට නැත.

විනාශයට පත් නිවාස හිමියන්ට ලැබී ඇති ආධාර ඔවුන්ට සිදුව ඇති අලාභහානි පියවාගැනීම හා නිවාස නැවත ගොඩනැගීම පිනිස කොහෙත්ම ප‍්‍රමානවත් නොවේ. ඊට අමතරව, ක්වීන්ස්, ස්ටෙටන් අයිලන්ඩ්, ලෝන්ග් අයිලන්ඩ් සහ නිව් ජර්සි වෙරල යන කුනාටුවෙන් දරුනු ලෙස පහර වැදුනු ප‍්‍රදේශවල නිවැසියෝ -- එතරම් බරපතල බලපෑමකට ලක් නොවූ එක්සත් ජනපදයේ ඊසානදිග වෙරලබඩ ජීවත් වූ අය පවා -- ගංවතුර රක්ෂන ගාස්තුවල දැවැන්ත ඉහලයාමකට මුහුන දීමට නියමිත අතර එය බොහෝ පවුල්වලට සඳහටම එම ප‍්‍රදේශ අතහැරයාමට බල කරනු ඇත.

නිව් යෝර්ක් ටයිම්ස් බ‍්‍රහස්පතින්දා වාර්තා කල පරිදි, ෆෙඩරල් ගංවතුර රක්ෂන අරමුදල ශක්තිමත් කරනු පිනිස පසුගිය ජුලි මස සම්මත කෙරුනු පනතක විධිවිධාන යටතේ, ගංවතුර රක්ෂන වාරික ජනවාරි 1 දායින් පසුව වසරකට සියයට 20ක සාමාන්‍ය ප‍්‍රතිශතයකින් ඉහල යාම අරඹනු ඇත. (පුද්ගලික සමාගම් ගංවතුර රක්ෂන සැපයීම ප‍්‍රතික්ෂේප කරයි). "අඩු ආදායම් ලබන පවුල් ඔවුන්ගේ ඓතිහාසික ප‍්‍රජාවන් වෙතින් දැවැන්ත පරිමානයෙන් විස්ථාපනය වීමක්” ගැන නිව් යෝර්ක් සැලසුම් කොමිසමේ හිටපු සාමාජිකයෙක් අනාවැකි පල කලේය.

සමහර මුහුද ආශි‍්‍රත ප‍්‍රදේශවල, ධනවත් පවුල් සහ නිශ්චල දේපොල සංවර්ධකයෝ අනර්ඝතම ස්ථාන අල්ලා ගනු පිනිස, මධ්‍යම හා අඩු ආදායම්ලාභී පවුල්වලට සිය නිවාස හැරයාමට සිදුවීම ඩැහැගනු ඇත.

නිව් යෝර්ක් ප‍්‍රදේශයේ මහජන ප‍්‍රවාහන සේවය කුනාටුවෙන් පසුව දින ගනනාවක් තිස්සේ බිඳවැටී තිබුනු අතර සමහර ප‍්‍රදේශවල පූර්න සේවාව ප‍්‍රතිස්ථාපනය කිරීමට මාස ගනනාවක් ගතවනු ඇත. කම්කරුවන්ට සිය රැකියා කරා යාමට නොහැකි විය. සමහර ප‍්‍රදේශවල දී සුලි කුනාටුව මගින් එම රැකියා අවස්ථා විනාශ කෙරුනි.

දශක ගනනාවක් තිස්සේ වැඩෙමින් පවතින හා 2008 මූල්‍ය කඩාවැටීමෙන් පසු පැවති ඊනියා "සුවපත් වීම” තුල දී ගැඹුරු වෙමින් පවතින, පන්ති භේදයන් මුලුමනින්ම ප‍්‍රදර්ශනය විය. කුනාටුවෙන් විපතට පත් ලක්ෂ සංඛ්‍යාත ජනයාට සහන සැපයීම පිනිස කිසිවක් නොකෙරුනු තරම් වුවත්, කුනාටුවෙන් දින දෙකකට පසුව නිව් යෝර්ක් කොටස් වෙලඳ පොල කි‍්‍රයාත්මක වෙමින් පැවතුනි. ඒ අතරතුර, ගංවතුරට හසු වූ ප‍්‍රදේශවල පිහිටි නාගරික නිවාස ව්‍යාපෘතිවල පදිංචිකරුවන්ට සති ගනනාවක් තිස්සේ විදුලි බලය නොමැතිව සිටීමට සිදු වූ අතර සිය මහල් නිවාස වෙත යාමට අඳුරේම සෝපාන පන්ති ගනනාවක් දිගේ උඩට නැගීමට ඔවුන්ට බල කෙරුනි.

ගෝල්ඩ්මන් සැච්ස් මූලස්ථානය ගංවතුරෙන් ආරක්ෂා කෙරුනු අතර බෲක්ලින්හි රෙඩ් හූක් කොටසේ, ස්ටෙටන් අයිලන්ඩ්හි හා සෙසු ප‍්‍රදේශවල නිවැසියන්ට තම නිවාසවල ආරක්ෂාව තමන්ටම සලසාගැනීමට සිදු විය. නිවාසවලින් ඉවත් කෙරුනු ජනයා පදිංචි කෙරුනු මධ්‍යස්ථාන තදබදව පැවති අතර ඒවා එම ආධාර අවශ්‍යව තිබූ පවුල් බොහෝ ගනනක අවශ්‍යතා සපුරාලීම පිනිස ප‍්‍රමානවත් නොවූ අතර ධනවත් පවුල් ඉහල ගාස්තු සහිත හෝටල්වල හෝ ඔවුන්ගේ බහුවිධ නිවාසවලින් එකක නතර වූහ.

විදුලි බල උපයෝගිතා ආයතන සහ ඒවායේ නියාමනය භාර දේශපාලනඥයෝ යන දෙගොල්ලම සාපරාධී නොතැකීම සම්බන්ධයෙන් වරදකරුවෝය. විද්‍යාඥයන් හා සැලසුම්කරුවෝ දශකයකට වැඩි කාලයක් තිස්සේ හරියටම සැන්ඩි කුනාටුව නිර්මානය කල වර්ගයේ ව්‍යසනයක් පිලිබඳව අනතුරු අඟවා තිබේ. අධ්‍යයන ගනනාවක් එවන් කුනාටුවක් සඳහා සූදානම් වීමට අවශ්‍ය පියවර යෝජනා කර ඇත. එහෙත් කිසිදු පියවරක් ගත්තේ නැත.

උපයෝගිතා සේවා සමාගම්, ජනගහනයේ අවශ්‍යතාවන්ට ඉහලින් සිය ලාභ අවශ්‍යතා තබා ඇත්තේ, සිය ශ‍්‍රම බලකායන් ද ඔවුන්ගේ වැටුප් හා ප‍්‍රතිලාභ ද කප්පාදු කරමින් සහ ඒ අතරතුර වඩවඩා නිරන්තරයෙන් හටගන්නා ප‍්‍රචන්ඩ කුනාටුවලට මුහුන දීමට අපොහොසත්, යල්පිනූ සිය සේවාවන් වැඩිදියුනු කිරීම කෙසේවෙතත් ඒවා නඩත්තු කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සිදු කිරීම පවා අතහැර දමමිනි.

කුනාටුවෙන් ඉක්බිතිව, දේශපාලනඥයන් හා මාධ්‍ය විදුලි බලය පුනස්ථාපනය කිරීමට බොහෝ සෙයින් ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් උපයෝගිතා සේවා සමාගම් වෙත සිය විවේචන යොමු කලේය. එහෙත් මහා ව්‍යාපාරිකයන්ගේ දේශපාලන නියෝජිතයෝ තමන්ගේම වගකීම නොතකා හරිති. අතීත නොසලකා හැරීම් හා නොතැකීම් මගින් නිරන්තර භාවය හා ව්‍යසනකාරී බලය වැඩිදියුනු කෙරී ඇති කාලගුන විපර්යාස සඳහා සූදානම් වනු පිනිස අවශ්‍ය, ගංවතුර ආරක්ෂන හා යටිතල පහසුකම් වැඩිදියනු කිරීම ඇතුලු, විස්තීර්න සැලසුමක් වර්ධනය කිරීමට ද කාලගුනික වෙනස්කම්වලට අවධානය යොමු කිරීමට ද ඔවුහු කොහෙත්ම කිසිවක් කර නැත.

සුලි කුනාටුව ස්වභාවික ව්‍යසනයක් පමනක් නොවීය. එය, ජනගහනයෙන් අතිමහත් බහුතරයකට ස්ථායි හා සුරක්ෂිත වටපිටාවක් ද නිසැකවම ශිෂ්ඨසම්පන්න රැකියා හා ජීවන මට්ටම් ද සහතික කිරීමට අපොහොසත් ධනපති ක‍්‍රමයේ කුනුවීම එලදරව් කලේය. බැංකු ඇපදී ගලවා ගැනීම හා අධිරාජ්‍යවාදී යුද්ධ වෙනුවෙන් ඩොලර් ටි‍්‍රලියන ගනනින් වැය කරනු ලැබ ඇත්තේ, මිලියන සංඛ්‍යාත ජනයා දිගු-කාලීන විරැකියාවට ද තවත් මිලියන ගනනක් සිය නිවාස උකසට සින්නවීමට මෙන්ම සිය වෛද්‍ය රක්ෂන හා විශ‍්‍රාමික දීමනා අහිමි වීමට ද තල්ලු කරමින්, සමාජ අර්බුදය මංමුලාසහගත මට්ටම්වලට අඛන්ඩව වර්ධනය වන තතු යටතේය.

මැතිවරනයෙන් ඉක්බිතිව, පාලක පන්තිය, "මූල්‍ය ප‍්‍රපාතයේ” කඩතුරාව යටතේ, කම්කරු පන්තියට එරෙහිව ඊටත් වඩා මෘග ප‍්‍රහාර සූදානම් කරමින් සිටී. ඩිමොක‍්‍රැටික්වරු හා රිපබ්ලිකන්වරු යන දෙගොල්ලම, සමාජ වියදම් පුලූල් ලෙස කප්පාදු කිරීමේ අවශ්‍යතාව පිලිබඳව එකඟය. එම කප්පාදු අනාගත කුනාටු මගින් ඇති කෙරෙන ව්‍යසනයන්ට මුහුන දීම සඳහා වෙන් කෙරෙන සම්පත් තවත් අල්ප බවට පත් කරනු ඇත.

සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා "මුදල් නැත” යනුවෙන් නැවතනැවතත් කෙරෙන කියාපෑම පචයකි. සමාජයේ බහුලව පවතින සම්පත් මූල්‍ය-සංගත පරපුටුවන්ගේ පාලනයෙන් ඉවතට ගෙන සියල්ලන්ගේම යහපත පිනිස ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කලමනාකරනය කල යුතුය.

සැන්ඩි සුලි කුනාටුවෙන් පසුව, පහත සඳහන් දේ ඇතුලු, ක්ෂනික පියවර ගත යුතු යයි සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටී:

* කුනාටුව නිසා සිය නිවාස අහිමි වූ සියලූ වැඩ කරන ජනතාව මෙන් ම කුඩා ව්‍යාපාර හිමියන් ද සඳහා කුලී හා උකස් වාරික ගෙවීම් වෙනුවෙන් පමාසහනයක්.

* ශිෂ්ඨසම්පන්න ආදායමක් සැපයීම පිනිස විරැකියා සහන ඉහල දැමීමක් සහ කුනාටුව නිසා සිය රැකියා අහිමි වී ඇති සියලු කම්කරුවන් වෙත ද එම ප‍්‍රතිලාභ පුලුල් කිරීම.

*සුපිරි ධනවතුන්ට හා නිශ්චල දේපොල සමාගම්වලට අයත් නිවාස කුනාටුවෙන් විපතට පත් ජනයාගේ වහාම පදිංචිය පිනිස විවෘත කිරීම.

ඊට අමතරව, අනාගත කුනාටුවලින් ජනතාව ආරක්ෂා කරගැනීමට ද ගෝලීය උනුසුම පිලිබඳ දැවෙන ගැටලුවට මුහුන දීමට ද බැරෑරුම් සැලසුම් සකස් කල යුතු යයි සසප ඉල්ලා සිටී. එයට මේවා ඇතුලත් විය යුතුය:

* යටිතල පහසුකම් වැඩිදියුනු කිරීමට ද දරුනු කාලගුන තත්වයන්ට එරෙහිව ආරක්ෂාව සපයාගැනීමට ද ඩොලර් ටි‍්‍රලියන ගනන් වෙන් කිරීම.

* සඵල ලෙස ආරක්ෂා කල නොහැකි ප‍්‍රදේශවලින් කුලී නිවැසියන්, නිවාස හිමියන් හා කුඩා ව්‍යාපාරිකයන් නිත්‍ය වසයෙන් ඉවත් කොට රජයේ වියදමින් වෙනත් ස්ථානවල පදිංචි කරවීම.

* බලශක්ති කාර්යක්ෂමතාව ඉහල දැමීම ද කාලගුන විපර්යාසවලට දායක වන අපද්‍රව්‍ය විමෝචනය අඩු කිරීම ද පිනිස විද්‍යාත්මක පර්යේෂන හා තාක්ෂනය වර්ධනය සඳහා දැවැන්ත ආයෝජන.

එවන් වැඩපිලිවෙලක් කි‍්‍රයාවට දමනු පිනිස, උපයෝගිතා සේවා සමාගම් ඇතුලූ, ආර්ථික ජීවිතයේ මූලික ලීවර, පුද්ගලික හිමිකරුවන්ගේ අත්වලින් ඉවතට ගෙන පොදු අයිතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ තැබිය යුතුය. මෙම පදනම මත පමනි, පුද්ගලික ලාභ ගැරීම හා කිසිදු තැකීමකින් තොර කෑදරකම සන්තර්පනය කිරීම වෙනුවට පොදු යහපත සඳහා ඒවා මෙහෙයවා ගත හැකි වන්නේ.

මෙම ඉල්ලීම් සඳහා වන සටනක ප‍්‍රථම හා අත්‍යාවශ්‍යක පියවර වන්නේ, මහා ව්‍යාපාරිකයන්ගේ නිවුන් පක්ෂවලින් ද ජනාධිපති ඔබාමගේ පටන් නිව් යෝර්ක් නගරාධිපති බ්ලූම්බර්ග් හා නිව් යොර්ක් ආන්ඩුකාර කු ඕමෝ දක්වා පහලට, පාලක ප‍්‍රභූවේ සියලු නියෝජිතයන්ගෙන් ද මුලුමනින්ම දේශපාලනික බිඳී වෙන්වී සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා සටන් වදින කම්කරු පන්තියේ පක්ෂයක් ගොඩනැගීමයි.

සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ මේ සඳහාය. මෙම කි‍්‍රයාමාර්ගයට සහයෝගය දෙන සියල්ලන්ගෙන්ම අප ඉල්ලා සිටින්නේ සසපට බැඳෙන ලෙසයි.

පිලිප් ගුඑල්පා සහ ෆ්‍රෙඞ් මාසෙලිස්

Share this article: