ඇමරිකානු සංස්ථාපිතය හා බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ දරුවෙකු පිලිසිඳ ගැනීම

The American establishment and the British royal pregnancy

7 December 2012

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ මෙන් ම කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටී යන ප්‍රකාශය කෙරහි පොදුවේ ඇමරිකානු මාධ්‍ය හා සංස්ථාපිතය වෙතින් නොහොබිනා ප්‍රීති ඝෝෂාවක් ජනිත කර ඇත.

මේ මුග්ධත්වය ප්‍රදර්ශනය කෙරන්නේ මන් ද? නැතිනම් එය හුදු මෝඩකමට වැඩි දෙයක්ද?

සියල්ලට පලමු, අප ඇමරිකානු මාධ්‍ය ගැන කතාකරන විට ඒ තුල, සමාජ විනාශය, නොනවතින යුද්ධ හා යුද තර්ජනවලින් මහජන මතය අවමංගත කිරීමේ අනවරත උත්සාහය සමග සැබවින් ම අමනකමේ මූලයක් ද පවතින බව සඳහන් කල යුතු ය.

මාස ගනනාවක් තිස්සේ ප්‍රධාන රූපවාහිනී ජාල, කේබල් විකාශන, සතිපතා සඟරා විස්මිතව පූර්වාපේක්ෂා කරමින් සිට ඇත්තේ ඒබීසී ප්‍රවෘත්ති සේවය දෙසැම්බර් 3දා වචනයට නැගූ "ඉතාමත් ආශාවෙන් බලා සිටි පිලිසිඳ ගැනීම” යි. රූපට් මර්ඩොක්ට අයත් ෆොක්ස් නිව්ස්, “රාජකීය ගැබ් ගැනීමෙන් ප්‍රමෝදයට” පත් වූ බවත් “කේට්ගේ සෞඛ්‍ය තත්වය” ඇගේ සනීපාරක්ෂාවට තර්ජනයක් වේදැ යි යන්න කනගාටුවට පත්වන එක ම කාරනය බවත් ප්‍රකාශ කලේ ය. ටයිම් සඟරාවට අනුව "කේම්බ්‍රිජ්හි ආදිපාදවරියගේ ගැබ් ගැනීම සැලවෙත් ම ප්‍රබෝධයේ සුසුමෙන් ලෝකය වෙලා ගත්තේ ය.”

නිව්ස්ඩේහි ලියමින් බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්ස් මැසී දෙසැම්බර් 5දා සටහන් කලේ, "ඇමරිකානු මාධ්‍යය තුල බ්‍රිතාන්‍ය වින්ඩ්සර් මාලිගාවේ සිදුවීම් කෙරහි දැක්වෙන කුලප්පුව ඉහ වහා ගිය අතර කේම්බ්‍රිජ්හි ආදිපාදවරයාගේ හා ආදිපාදවරියගේ ප්‍රවෘත්තිය "අැමරිකානු මාධ්‍යෙය් සැලකිය යුතු ෙකාටසක් සුපුරුදු තිගැස්ෙම්, ප්‍රෙමා්දෙයන් මුසපත්වීෙම් උන්මාදය තුලට අැද දැමූ” බවයි.

මෙම මාධ්‍ය මහජනතාව තුලට ද විශාල වශයෙන් තමන්ගේ ම උන්මාදය ආරෝපනය කලේ ය. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාකරුවෙකු ඔහුගේ පාඨකයන්ට සිද්ධිය වාර්තා කලේ මෙසේ ය, "බ්‍රිතාන්‍ය කිරුලේ උරුමක්කාරයා මග එමින් සිටියි- ඇමරිකානුවන් ද බ්‍රිතාන්‍යයන් මෙන් ම ප්‍රමුදිත වනවා අැත. කලින් කේට් මිඩ්ල්ටන් නම් වූ අැය ගැබ් ගත්තා ය යන රාජකීය ප්‍රවෘත්තිෙයන් මෙම පැරනි යටත් විජිතය ගල්ගැසී ඇත.” ඔහු කතා කරනවා ඇත්තේ ඔහු වෙනුවෙන් ම ය. සාමාන්‍ය නිරීක්ෂකයෙකුට නම්, බ්‍රිතාන්‍ය රාජකීය පව්ලේ පොරොත්තු පුලුල් වීම ගැන එම රටේම දර්ශනය උදාසීනකම ලෙස පෙනීයනු ඇත.

කෙසේ නමුත්, මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින නොයෙකුත් ආකාරයේ රූපවාහිනී කාපාලුවන්, ඕපාදූප තීරුරචකයන් හා කටකතා පතුරුවන්නන්ට ඔවුන්ගේ ප්‍රමෝදය පාලනය කර ගත නොහැකිව ඇති බව නිසැකය.

සීඑන්එන් හි ජේන් වෙලෙස්-මිචෙල් සඳුදා ඇගේ ප්‍රේක්ෂකයන්ගෙන් මෙසේ ඇසුවා ය: "ඔබ තිගැස්සිලා ද? මම නම් තිගැස්සිලා. අපට ලැබුනා හදිසි ප්‍රවෘත්තියක්...ඔවුන් (කුමාරයා හා ඔහුගේ බිරිඳ) ආලින්දයෙන් පිය නැගූ මොහොතේ සිට ම බොහෝ සේ ප්‍රසිද්ධ ජෝඩුව දරුවෙකු බලාපොරෙත්තු වේය යන ඕපාදූප අසීමිතව පැතිර ඇත. අද රාත්‍රියේ දී, ඔවුන්ගේ විවාහ මංගල්‍යයෙන් අවුරුදු එක හමාරකට පසු අපට සහතිකය ලැබුනා, කේම්බ්‍රිජ් ආදිපාදවරයා හා ආදිපාදවරිය බබෙකු බලාපොරොත්තුවෙන් - හුරේ- රජකිරුලට උරුමක්කාරයෙක්.”

සීඑන්එන් ප්‍රවෘත්ති සේවයේ එච්එල්එන් සන්ධ්‍යා දර්ශනයේ “ෂෝබිස් ටුනයිට්” සත්කාරක ඒ.ජේ. හැමර් අවලෝකනය කලේ මෙසේ ය, "කැතරීන් හුදෙක් ගැබ්ගෙන ඇත යන ප්‍රවෘත්තියට පලවූ ප්‍රතිචාරය මේ වන විටත් අපි දැක ඇත්තෙමු. එයාට නිවුන්නු ඉන්නවා කිව්වොත් කොහොමට හිටී ද? එය බබාලා පිලිබඳ ප්‍රවෘත්ති සම්බන්ධෙයන් න්‍යෂ්ටික බෝම්බයක් වගේ වනවා ඇත.” සිය සහකාරිය වන රෝසී පෝප්ගෙන් ඔහු මෙසේ ඇසුවේ ය, "ඔබට ඇහෙනවා ඇති මගේ ඔලුව පුපුරුගසනවා, හරි ද?”

පෝප් මෙසේ පිලිතුරු දුන්නාය. "මගේ ඔලුවත් පුපුරුගසනවා. ඒ ගැන හිතන කොට වුනත් මට කතාකරගන්න බෑ. මං කියන්නේ, හැකියාව අදහාගන්න බැරි තරම් උද්වේග කරයි, කෙසේ නමුත් අනුමාන යි. ”

ධවල මන්දිර ප්‍රවෘත්ති ලේකම් ජේ. කාර්නේ දෙසැම්බර් 3දා කෙටි මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවේ, "ඔවුන් සිය පලමු දරුවා බලාපොරොත්තු වන බවට අද උදේ ලන්ඩනයෙන් පිට වූ ප්‍රීතිදායක ප්‍රවෘත්තිය පිලිබඳව කේම්බ්‍රිජ්හි ආදිපාදවරයා හා ආදිපාදවරියට මෙරට ජනාධිපති හා ජනාධිපති ආර්යාවගේ පටන් ධවල මන්දිරයේ සියලුදෙනා වෙනුවෙන් අපි අපගේ සුබපැතුම් ගෙන එමු.” යි කියා ය.

අඩු වශයෙන් නාමිකව හෝ එක්සත් ජනපදය සමූහාන්ඩුවක් ලෙස පවතී. නොසැලකිය යුතු හා මන්දබුද්ධික පොහොසත් පරපුට්ටන් රංචුවක් වන බ්‍රිතාන්‍ය රාජකීය පවුලට මොන ම දෙයක් සඳහාවත් ඇමරිකානු ජනාධිපති සුබ පැතිය යුත්තේ ඇයි?

1775 – 1783 ඇමරිකානු නිදහස් අරගලය අතිශයින් ම ගැඹුරු ලෝක ඓතිහාසික සිදුවීමකි. මෙම ගැටුමේ දී ඇස්තමේන්තු ගත ඇමරිකානු විප්ලවවාදීන් 25,000ක් මියගියහ, ඉන් 8000ක් පමන සංඛ්‍යාවක් සටනේ දී ද තවත් 17,000ක් ලෙඩරෝග වලින් ද මියගියහ. 12,000ක් පමන බ්‍රිතාන්‍ය සිරකරුවන් ලෙස මියගිය අතර ඉන් වැඩි දෙනා නැසුනේ ජරාජීර්න සිර නැව් තුල ය. තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 25,000 ඉක්මවි ය. එනිසා, සිවිල් වැසියන්ට අමතරව විපතට පත් සම්පූර්න සංඛ්‍යාව අඩු වශයෙන් 50,000ක් යැයි ගනන් බලනු ලැබුනි. මෙය මිලියන 2.5ක් පමනක් වූ ජනගහනයකිනි.

මුල් ජනපදිකයන් නිදහස ප්‍රකාශ කලේ, තුන්වැනි ජෝජ් රජුගේ හා රාජ්‍යයේ ප්‍රතිපත්ති, සියලු මිනිසුන් සමානව නිමවා ඇතැයි යන පදනම මත දැනුවත්ව උල්ලංඝනය කරමිනි. බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට මග පෙන් වූ හා සටන් කල පරම්පරාව සංස්ථාවක් ලෙස ගත් රාජාන්ඩුව හෙලා දුටහ.

උදාහරනයක් ලෙස, කොමන් සෙන්ස් (සාමාන්‍ය ඥානය) නම් ග්‍රන්ථයේ කතෘ හා රැඩිකල්වාදියෙකු වූ ටොම් පේන් මෙසේ ලීවී ය: "රාජාන්ඩු යක්ෂයාට අපි උරුමක්කාර අනුප්‍රාප්තිය එකතු කර ඇත්තෙමු; පලමුව එය අප විසින් ම පහත හෙලා ගැනීමක් මෙන් ම අල්පතර වීමකි, එනිසා දෙවනුව, අයිතිය පිලිබඳ කාරනයක් ලෙස ප්‍රකාශ කලොත් එය මතුපරපුර ෙකෙරහි අවමානයක් හා රැවටිල්ලකි. සියළු මිනිසුන් උපතින් සමානවේ යන්නෙන්, උත්පත්තියෙන්ම කිසිවෙකුටත් සදාකාලයට ම අනෙක් සියල්ලන් මත සදාතනික මනාපෙයන් තමන්ගේ ම පවුල පිහිටුවීමට අයිතියක් නැත. රජුන්ගේ උරුමක්කාර අයිතියේ මෝඩකම පිලිබඳ ප්‍රබල ම ස්වභාවික සාක්ෂිවලින් එකක් වනුයේ, ස්වභාවධර්මය එය අනුමත නොකර යි යන්න ය. නැතෙහාත්, මනුෂ්‍ය වර්ගයා වෙත සිංහයෙකු වෙනුවට බූරුවෙකු පිරිනමමින් ඇය (ස්වභාව ධර්මය) නිතර ම පාහේ එය උපහාසයක් බවට පෙරලන්නේ නැත. ”

තෝමස් ජෙෆර්සන් රාජ්‍යත්වය ගැන සඳහන් කලේ අසීමිත පිලිකුලෙනි. ප්‍රන්සයේ සිට 1788දී ජෝර්ජ් වොෂින්ටන්ට ලියමින් ඔහු මෙසේ අවලෝකනය කලේ ය, "යුරෝපයට පැමිනීමට පෙර මම බොහෝ කොටම රාජාන්ඩුවල හතුරෙක් වුනෙමි. ඔවුන් කවුරුන් දැ යි දුටුවාට පසු මම දස දහස් වාරයකටකත් වඩා එසේ වන්නෙමි. මෙම රටවල පාපෙය් මුල ෙලස රජු ෙවත ආරෝපනය ෙනාකරන පාපයක් ඇත්තේ නැති තරම්ය. නොඑසේ නම් ඔවුන් අතර පවතින සමූහාන්ඩුවාදෙය් සියුම් හුයපෙටන් උපුටා ෙනාගන්නා යහපතක් ද නැත”

1810දී ලියන ලද ලිපියක ජෙෆර්සන් සටහන් කලේ "නිකමෙක් ” වූයේ එංගලන්තයේ රජු පමනක් නොව, අලසකම හා ප්‍රතිගාමීත්වය තුල කොටුවුනු, ඌරු කොටුවක් නැත්නම් ඉස්තාලයක් හෝ රාජ්‍ය කාමරයක් තුල සුරතල් වුනු හා පිනවුනු, සිතීමට යොමුවන ඕනෑ ම දෙයකින් ඉවත් කෙරුනු, සුලු පරම්පරාවන් තුල කඳ මිස මනස නැති තත්වයට පත් ව ඇති ඕනෑ ම තිරිසනුන් රංචුවක් මෙන් යුරෝපීය රාජකීයන්ගේ සමස්ත රැල ම නිකමුන් ය. එම කාලයේ යුරෝපයේ සියලු ම රජවරුන් හා රාජිනියන් ලැයිස්තු ගත කරමින් ඔහු ඔවුන් "මෝඩයන් ”, "ගොබ්බයන් ” හෝ " සැබවින් ම පිස්සන්” ලෙස විස්තර කලේ ය.

ප්‍රභූතන්ත්‍රයට, රාජ්‍යත්වයට එරෙහිවත් රිපබ්ලිකානුවාදයට එල්ලවන ප්‍රහාරයකට එරෙහිවත් ගෙනගිය ගෝලීය අරගලයේ කොටසක් ලෙස වහල් හිමියන්ගේ බලයට එරෙහිව සටන් කල සිවිල් යුද්ධය, එනම් දෙවැනි ඇමරිකානු විප්ලවය පරිකල්පනය කලේ ද උතුරේ ඉතා දියුනු කන්ඩායම් විසිනි.

ඒබ්‍රහම් ලින්කන් තර්ක කලේ මෙම පිලිවෙල ඔස්සේ ය: "කාලය ආරම්භයේ සිට ම මුහුනට මුහුන ලා පැවතී ඇති ප්‍රතිපත්ති දෙක ඒවා ය; ඒවා දිගට ම සටන් කරනු ඇත. එකක් මනුෂ්‍යත්වයේ පොදු අයිතිය වන අතර අනෙක රජුන්ගේ දේව අයිතිය යි. එය මොන ආකාරයෙන් වර්ධනය වුනත් එය එක ම ප්‍රතිපත්තියම යි, ‘උඹලා වැඩ කරපල්ලා, වෙහෙස වෙයල්ලා, පාන් හදපල්ලා, මම ඒවා භුක්ති විඳින්නම්.’

"තමන්ගේ ම ජාතියේ මහජනතාවට හරස්වීමට හා ඔවුන්ගේ මහන්සියේ ඵලයෙන් ජීවත්වීමට උත්සාහ දරන රජෙකුගේ මුඛයෙන් වේවා, තවත් ජාතියක් වහල්භාවයට පත්කිරීම වෙනුවෙන් ක්ෂමාලාපයකයන් වන තවත් වර්ගයක මිනිසුන්ගෙන් වේවා එය පැමිනෙන්නේ කුමන ආකාරයෙන් ද යන්න නොසලකා එය එක ම ප්‍රජා පීඩක ප්‍රතිපත්තියකි.”

19වැනි සියවසේ පසු භාගයේ ඇමරිකානු සංස්කෘතිය හා සමාජ ජීවිතය තුල ඉතාමත් ප්‍රගාඪ නායකයින් රාජ්‍යත්වය කෙරහි මෙම සතුරුකම දැරූ අතර මාක් ට්වේන් ඔවුන් අතර ප්‍රධාන විය. අ කනෙක්ටිකට් යැන්කී ඉන් කින්ග් ආතර්ස් කෝට්(1889) (ආතර් රජුගේ පරිශ්‍රයෙහි වන කනෙක්ටිකට් යැන්කීන් (ඇමරිකානුවන්) නම් පොත කියවා ඇති කිසිවෙකුට, ට්වේන් ප්‍රන්ස විප්ලවවාදී “ප්‍රචන්ඩත්වය ”ආරක්ෂා කිරීම හා පොදුවේ වංශවත් බව සහමුලින් ම වැනසීම පිලිබඳව පිරිනැමූ ඔහුගේ එක්තරා ආකාරයක ලේපිපාසිත සහයෝගය අමතක විය නොහැක්කකි.

"අපරාධයක් නියෝජනය නො කල සිහසුනක් කිසි දා නොවී ය.” හා "ඕනෑ ම ආකාරයක රාජ්‍යත්වයේ ආයාතනයක් මානව වර්ගයාට අපහාසයක්.” බව ද ට්වේන් අවලෝකනය කලේ ය.

1988දී , ඔහුගේ සටහන් පොතෙහි නවකතාකරු මෙසේ යෝජනා කලේ ය. "අපි වර්තමානයේ මිහිමත සියලු ම පිරිමි නරපතියන් ගනිමු - ඔවුන් නිරුවත් කරමු. අපි ඔවුන් නිරුවත් යාන්ත්‍රිකයන් 500 සමග මිශ්‍ර කරමු, ඊට පසු සුදුසු ඇතුල්වීමේ පත නියම කරමින් සම්පූර්න සර්කස් වේදිකා වලල්ලක් වටා ඇවිදවමු, අභිලාෂය අනුව ප්‍රෙක්ෂකයන්ට නරපතියන් තේරීමට ඉඩ දෙමු. ඔවුන්ට නොහැකි වනු ඇත. ඔබ ඔවුන් නිල් පාටින් සායම් කල යුතුව ඇත‍. ඔබ ඔවුන්ගේ බාහිර පෙනුම වෙනස් කිරීමෙන් හැර ඔබට පොලිස් කාරයෙකුගෙන් රජෙකුගේ වෙනස කිව නොහැක.”

එසේ නම්, වර්තමාන ඇමරිකානු පාලකයන් හා ඔවුන්ගේ මාධ්‍ය ඒජන්තයින් ඌහ්, ආහ් ගාන්නේ, හා බ්‍රිතාන්‍ය මහජනතාවට වසරකට පවුම් මිලියන සිය ගනනක වියදමක් දැරීමට සිදුවන හා අධර්මයෙන් උපයන ලද ඔවුන්ගේ පෞද්ගලික ධනය සරලව ම දැවැන්ත වන වින්සර් පවුල දීන ලෙස ඉදිරියට ගෙන යන්නේ ඇයි ? (දෙවැනි එලිසබත් රැජිනගේ ශුද්ධ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන භාගයක් යැයි 2010 ෆෝබස් සඟරාව ඇස්තමේන්තු කෙල්ය.)

ඇමරිකාවේ පර්වර්තිත ආර්ථික හා සමාජ තත්වයන් තුල ඉතාමත් උචිත උත්තරය පවතී. අද එක්සත් ජනපදය පාලනය කරනුයේ පේන්, ජෙෆර්සන්, ලින්කන්, අහෝසිතාවාදීන් (වහල් මෙහෙය), ට්වේන් හා ඇමරිකානු ඉතිහාසයේ ඕනෑ ම ප්‍රගතිශීලී පුද්ගලයකුට වඩා, තුන්වැනි ජෝජ් හා ජෙෆසන් ඩේවිඩ් සමග අපරිමිත ලෙස වඩාත් පොදුවේ සමාන මූල්‍ය - සංගත කතිපයාධිකාරය විසිනි.

අද ඇමරිකාව පාලනය කරන "ටෝරීන්” (විප්ලවවාදී යුද්ධය තුල දී කිරීටයට පක්ෂපාති අය වශයෙන් ප්‍රසිද්ධ වුන) හා "කොපර්හෙඩ්ස්”( ඇමරිකානු සිවිල් යුද්ධය තුල දී දකුනට පක්ෂ හිතවාදීන්) රංචුව බ්‍රිතාන්‍ය අගරාජනියට නැත්නම් වහල් සේවයට විරුද්ධ වේ යැයි යමෙකුට සිතිය හැකි ද? මොහොතකටවත් නැත; ඔවුන් එක ම මානව හා සමාජ ද්‍රව්‍යයන්ගේ නිෂ්පාදනයන් ය.

ඇමරිකාවේ කෝටිපතියන් හා ප්‍රකෝටිපතියන් සහ ඔවුන්ගේ හෙන්චයියන්, බ්‍රිතාන්‍යයේ "නීත්‍යානුකූල” රාජ්‍යත්වය හා ප්‍රභූත්වයේ කැලි කසල වැනි තත්වය කෙරහි ඊර්ශියා කරන අතර තමන් සඳහා ද එවන් තත්වයක් ප්‍රාර්ථනා කරමින් වඩා මුල් කාලයේ ප්‍රභූන් මෙන් මහත් උද්‍යෝගයෙන් "පොදු ජනතාවට” අවමන් කරති.

ඉතිහාසඥ ජේම්ස් මැක්ෆර්සන් අවලෝකනය කර ඇති පරිදි, එක්සත් ජනපදය ලෙසින් ප්‍රසිද්ධ පැරනි එක්සත් රාජ්‍ය, "සියලු ම මිනිසුන් සමානව නිර්මානය කෙරේ යන වැරදි අදහස මත පදනම් කර තුබුනි” යනුවෙන් 1861 මාර්තු මස කතාවක දී අවධාරනය කල අලෙක්සැන්ඩර් එච්. ස්ටෙෆන් යන එක්සත් රාජ්‍යයේ උප ජනාධිපති ( ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ලින්කන් චිත්‍රපටයේ නායකයෙකු ද වන) සමග ඔවුන් එකඟ වනවා ඇත. ( දිස් මයිටි ස්කෝප් හෙවත් මෙම දැවැන්ත වසංගතය, 2007)

ඩේවිඩ් වොල්ෂ්

Share this article: