ඕස්ට්‍රේලියාව: සාර් ටු ලෙනින් චිත්‍රපට දර්ශන තුල සමාජවාදී ඉදිරිදර්ශනය කෙරෙහි දැඩි උනන්දුවක්

Australia: Keen interest in socialist perspective at Tsar to Lenin screenings

By our correspondents , 17 December 2012

සමාජවාදී සමානතා පක්ෂය පසුගිය සති අන්ත දෙකේ දී මෙල්බර්න් හා සිඩ්නි නගරවල දී 1917 රුසියානු විප්ලවයේ ඓතිහාසික හා සමකාලීන දේශපාලන වැදගත්කම පිලිබඳ ව දේශන දෙකක් පැවත්වීමෙන් අනතුරු ව සාර් ටු ලෙනින් (සාර්ගේ සිට ලෙනින් දක්වා) වාර්තාමය චිත්‍රපටය ද ප්‍රදර්ශනය කලේ ය. රැස්වීම් දෙකට ම හොඳ සහභාගිත්වයක් පැවති අතර සමාජවාදී ඉදිරිදර්ශනය, විප්ලවවාදී ව්‍යාපාරයේ ඉතිහාසය හා ලියොන් ට්‍රොට්ස්කිගේ ජීවිතය හා ලේඛන පිලිබඳ ප්‍රබල උනන්දුවක්, විශේෂයෙන් ම ශිෂ්‍යයන් හා තරුනයන් අතර පැනනැංවී ය.

නික් බීම්ස්

සසප ජාතික ලේකම් නික් බීම්ස් දේශන පැවත්වී ය. ආරම්භයේ දී ම ඔහු අවධාරනය කලේ 1917 රුසියානු විප්ලවය ජාතික සිද්ධියක්ව නො පැවතුන බව යි. ලෙනින්ගේ හා ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ බොල්ෂෙවික් පක්ෂයට මග පෙන්වන ඉදිරිදර්ශනය වී තිබුනේ රුසියාව තුල කම්කරු පන්තිය බලය ගැනීම ලෝක විප්ලවයේ ආරම්භක වෙඩි මුරය වී ය යන්න යි.

"අද ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන කොන්දේසි වසර 95කට පෙර ඇරඹුනු කර්තව්‍යයන් නැවත වතාවක් මුනගස්වා තිබේ. එනම් ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දැමීම හා නව පදනමක දැනුවත්ව සමාජය නැවත ගොඩනැගීම”යි පවසමින් බීම්ස් විප්ලවයේ සමකාලීන වැදගත්කම පැහදිලි කලේ ය.

රුසියානු විප්ලවයට තුඩුදුන් කොන්දේසි හා අද ආර්ථික හා සමාජ තත්වයන්ගේ සමාන්තරයන් බීම්ස් පුනරීක්ෂනය කලේ ය. 1914 අගෝස්තු පලවෙනිදා ලෝක යුද්ධයේ පිපිරීයාම හා යුරෝපය ම්ලේච්ඡත්වය කරා පල්ලම් බැසී‍මෙන් කුලුගැන්වුනු, ගෝලීය ධනවාදී පර්යායේ ආර්ථික හා දේශපාලන ආතතීන් එක දිගට නැඟී ගිය ආකාරය බීම්ස් ලිපි ලේඛන සහිතව ඉදිරිපත් කලේ ය. යුද්ධය "ස්වකීය ප්‍රතිවිරෝධයන් මඟින් විනාශ කෙරුනු ආර්ථික පද්ධතියක ඉතිහාසය තුල දැවන්ත ම බිඳවැටීම" ලෙස ට්‍රොට්ස්කි කල ගුනාංගීකරනය බීම්ස් උපුටා දැක්වී ය.

සිඩ්නි දේශනයට පැමින සිටි පිරිසෙක් කොටසක්

අද, විසිඑක්වන සියවසේ ආරම්භය විසිවන සියවසේ ආරම්භයට අසමානව පවතින්නේ නැතැ යි බීම්ස් සඳහන් කලේ ය. ස්ටැලින්වාදී තන්ත්‍රය විසින් 1991දී සෝවියට් සංගමය දිය කර හැරීම "සමාජවාදයේ මලගම" ලෙස ව්‍යාජ ලෙස ගෙනහැර පාමින් පාලක පන්තිය එක්තරා විශ්වාසයකින් යුතුව පෙරට විත් තිබුනි. එහි ආරක්ෂකයන් ප්‍රකාශ කලේ ධනවාදය කවරදාකටත් වඩා ශක්තිමත් ව විසිවැනි සියවසේ කුනාටු හා පීඩාවන් මැඬ පැවත් වූ බව යි.

ලෝක ආර්ථිකය වනසා ඇති මූල්‍ය සමපේක්ෂනය හා සාපරාධිත්වය හේතුවෙන් 2008 සැප්තැම්බර්හි දී පිපිරුනු ගෝලීය මූල්‍යමය අර්බුදය විසින් එම ප්‍රකාශ සුනුවිසුනු කෙරින. 1914 මෙන් එක ම පිලිවෙලට නව බිඳවැටීමක් සිදුව ඇත. "1930 ගනන් හා ඉන් ඔබ්බට කම්කරු පන්තියේ තත්වයන් තල්ලු කර දැමීම මගින්" පාලක ප්‍රභූව ජාත්‍යන්තර ව ඔවුන්ගේ පන්ති උත්සුකයන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කර ඇත.

පාලක කවයන්හි, විශේෂයෙන් ම ඇමරිකානු ධනේශ්වර පන්තියේ "ජාත්‍යන්තර හයිකාරකම්" හා "නීත්‍යනුකූලත්වය අතහැර දැමීම" වෙතට කථිකයා අවධානය යොමු කලේ ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මැද පෙරදිග ගෙනයන සාපරාධී යුද්ධ සහ එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තරව ප්‍රජාතන්ත්‍රවාදය මත එහි ප්‍රහාරයන් පසෙකින් එරට ආසියාවේ දී චීනය සමග යුද්ධයකට සූදානම් වෙමින් සිටින අතර ඔවුන් න්‍යෂ්ටික අවි භාවිතයට ගනු ඇත යි බීම්ස් සඳහන් කලේ ය.

"පලමු ලෝක යුද්ධය පිපිරීමේ 100වැනි සංවත්සරය ආසන්න වීමත් සමග, එය වැලක්වූයේ නැති නම් මානව වර්ගයා යලිත් වරක් ගෝලීය විනාශයකට මුහුන දේ යැයි අපට කිව හැකි" යැයි බීම්ස් පැවසී ය.

ඊට පසු බීම්ස් යොමුවූයේ " වෛෂයික විප්ලවවාදී කොන්දේසි ධනේශ්වර පන්තියේ සැබෑ පරාජයකට පරිවර්තනය කිරීමේදී විප්ලවවාදී පක්ෂයේ තීරනාත්මක හා අනිවාර්ය භූමිකාව" ‍දෙසට ය.

විප්ලවවාදී අර්බුදයක් පිපිරීමට පෙර විප්ලවවාදී පක්ෂය හා එහි ඉදිරිදර්ශනය වර්ධනය කල යුතුව ඇතැයි බීම්ස් අවධාරනය කලේ ය. නිශ්චිතව ම රුසියානු විප්ලවයේ තීරනාත්මක සාධකය වූයේ මෙය යි. නොනවතින විප්ලවය න්‍යාය තුල 1905දී ට්‍රොට්ස්කි තහවුරු කර තිබුනේ රුසියානු කම්කරු පන්තිය දේශපාලන බලය අල්ලාගෙන, ඉදිරියට සමාජවාදී පියවර ගනිමින් ලෝකය පුරා විප්ලවය පැතිරවීමට සටන් කිරීමේ අවශ්‍යතාව යි. රුසියාව තුල විප්ලවවාදී නැගීටීමකට තුඩු දෙන්නාවූ ජාත්‍යන්තර කොන්දේසි, දියුනු ධනේශ්වර රටවල ද සමාජවාදී විප්ලවය සඳහා ද කොන්දේසි සපුරා තිබිය හැකි බැවින් මෙය කල හැකි බව ට්‍රොට්ස්කි විශ්ලේෂනය කලේ ය. 1917 අප්‍රේල්වල ලෙනින් ආපසු රුසියාවට පැමිනි පසු බලය ගැනීම සඳහා බොල්ෂෙවික් පක්ෂය යලි-පෙලගැස්වීමට ට්‍රොට්ස්කිගේ න්‍යාය තීරනාත්මක වී තිබුනි.

මෙන්ෂෙවික් ප්‍රවනතාවෙන් හා කම්කරු පන්තිය ධනේශ්වර පන්තියට යටත් කල සියලු ම ආකාරයේ අවස්ථාවාදයන්ගෙන් බොල්ෂෙවික්වාදය වෙන් කර ගැනීමට ලෙනින් ගෙනගිය අරගලයට විප්ලවය තුල තීරනාත්මක ප්‍රායෝගික වැගත්කම පැවතුනි.1917 ‍පෙබරවාරි විප්ලවය සාර් පෙරලා දැමුවත් බලයට ගෙන ආවේ මෙන්ෂෙවිකයන්ගේ සහාය ලද ධනේශ්වර තන්ත්‍රයකි. එය දිගට ම රුසියාව යුද්ධය ඉදිරියට ගෙන යාමට පියවර ගත් අතර මහජනයාගේ ඉල්ලීම් ඉටු කිරීමට අපොහොසත් විය. සාර් ටු ලෙනින් තුල ඉතා බලගතු ලෙස වාර්තාගත කෙරුනු පරිදි, ඔක්තෝබර් විප්ලවය ගෙන යන ලද්දේ සියල්ලටත් වඩා මෙන්ෂෙවික් අනුග්‍රහය ලද ආන්ඩුවට එරෙහිව ය.

2011 මහජන විප්ලවවාදී අරගලයන්ගේ පිපිරීමේ සිට ඊජිප්තුව තුල දිගහැරෙන වර්ධනයන් බොහෝ ආකාරයන්ගෙන් රුසියානු විප්ලවයේ අවධීන්ට සමාන වන්නේ කෙසේ දැයි බීම්ස් පැහදිලි කරන විට ප්‍රේක්ෂකයෝ දැඩි අවධානයකින් සවන් දුන්හ. ඔහුගේ දේශනය තහවුරු කලේ සෑම රටක ම කම්කරු පන්තියේ අරගලය නොනවතින විප්ලවය හා ලෝක සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදකව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා සමාජවාදී සමානතා පක්ෂ විසින් පමනක් සටන් කරනු ලබන බොල්ෂෙවික් වර්ගයේ පක්ෂ ගොඩනැගීම මත රඳා පවතී යන්න යි.

සාර් ටු ලෙනින් ප්‍රදර්ශනය කිරීමට පෙර බීම්ස් ඔහුගේ දේශනය පිලිබඳව පැන නැගුන ප්‍රශ්නවලට අවධානය යොමු කලේ ය. මෙල්බන්හි දී ඔහු ඊජිප්තුව තුල තත්වය තවදුරටත් විස්තර සහිතව පැහදිලි කලේ ය. සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදයේ නැගීමට "ආරම්භයේ සිට ම බලය පිලිබඳ ලෙනින්ගේ යොමුවීම" හේතු වී තිබුනි යන කියමනට ද ඔහු පිලිතුරු දුන්නේ ය. සැබවින් ම රටේ පසුගාමිත්වය සමග එක් ව ජාත්‍යන්තර වශයෙන් කම්කරු පන්තිය පරාජය වීම නිසා සෝවියට් සංගමය හුදකලාවීම ස්ටැලින්වාදී නිලධාරිවාදී පරිහානියට තුඩුදුන්නේ කෙසේ දැයි බීම්ස් විභාග කලේ ය. ලෝක සමාජවාදී විප්ලවයේ ඉදිර්දර්ශනය ආරක්ෂා කිරීමට 1938 දී හතරවැනි ජාත්‍යන්තරය ස්ථාපිත කල ට්‍රොට්ස්කිවාදීන් හා අව්‍යාජ මාක්ස්වාදීන් ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්ටැලින්වාදී පාවාදීම්වලට එරෙහිව සටන් කර තිබුනි.

සමාජවාදයේ උදාහරනයක් ලෙස සසප කුමන ආදර්ශය ඉදිරිපත් කරන්නේ ද යන ප්‍රශ්නයට බීම්ස් සිඩ්නිහි දී උත්තර සැපයී ය. කස්ත්‍රෝගේ කියුබාව හෝ වෙනිසුවෙලාවේ චාවේස්ගේ ආන්ඩුව වැනි නොයෙකුත් ජාතිකවාදී තන්ත්‍රයන් සමාජවාදී ලෙස පෙන්වීමට ගන්නා උත්සාහයන් ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ප්‍රතික්ෂේප කරන ලද බව ඔහු පැහදිලි කලේ ය.

"පරිහානියට පෙර රුසියානු විප්ලවයේ අත්දැකීම් මත අප පදනම් වෙමු. සමාජවාදී සමාජයක් හෝ සමාජවාදී රාජ්‍යයක් සෝවියට් කම්කරු කමිටු වැනි අව්‍යාජ කම්කරු බල සංවිධාන මත පාදක වනු ඇතැ යි යමෙකුට ඉතා පැහදිලිව කිව හැක. එහෙත් මෙම නව තාක්ෂනික අවධියේ දී එය සියළු ම ආකාරයේ නව රූපාකාරයන් ගන්නවා ඇත" යි බීම්ස් පැවසුවේ ය.

සමාජවාදී සමාජය ඉහලින් පාත් කෙරෙන "එක්තරා ආකාරයක කාබන් කොපියක්" නොවේ යයි බීම්ස් අවධාරනය කලේ ය. "එය පදනම් වනු ඇත්තේ අරගලයක ක්‍රියාදාමය තුල දී නීර්නය කෙරෙන අනාගතය කුමක් දැයි තීරනය කරන කම්කරු පන්ති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම තුලිනි" යි ඔහු පැවසුවේ ය. කම්කරු පන්තිය අතිමූලික ප්‍රශ්නයට, එනම් ධනේශ්වර ලාභ පද්ධතිය පෙරලා දැමීමේ අවශ්‍යතාවට මුහුන දෙන අතර පසුගිය දශක ගනනාව තුල, විශේෂයෙන් ම සන්නිවේදනය තුල තාක්ෂනික වර්ධනය යුක්තිසහගතව සමාජය සංවිධානය කිරීම හා සැලසුම් කිරීම තුල වඩා ඉහල පරිමාවකින් ලෝකය වටා මහජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහභාගිත්වය ශක්‍ය දෙයක් බවට පත්කර ඇතැ යි පවසමින් බීම්ස් සාකච්ඡාව නිම කලේ ය.

සාර් ටු ලෙනින් සමාප්තියේ දී ප්‍රේක්ෂකයෝ ඔවුන්ගේ ආශ්වාදනය පෙන්වීමට අත්පොලසන් දුන්හ. තව දුරටත් පැහදිලි කර ගැනීම සඳහා බොහෝ අය රැස්වීමෙන් පසුව ද රැඳී සිටියහ. සසප මාසික අරමුදලට ඩොලර් 4500ක් එකතු වුන අතර සාර් ටු ලෙනින් ඩීවීඩී විශාල ගනනක් සහිතව ඩොලර් 1200ක මාක්ස්වාදී පොත්පත් අ‍ලෙවි වුනි.

මෙම අවස්ථාවට සහභාගි වීමට නොහැකි වූ ඕස්ට්‍රේලියාවේ ‍ඩබ්ලිවු එස් ඩබ්ලියු එස් පාඨකයන්ට හා සාර් ටු ලෙනින් ඩීවීඩී තැටියේ පිටපතක් මිලදී ගැනීමට කැමැති අයට මෙතැන  ක්ලික් කිරීමෙන් පේපැල් ඔස්සේ එය මිල දී ගැනීමේ හැකියාව ඇත. සමාජවාදී සමානතා පක්ෂයට මූල්‍යමය ආධාරයක් කිරීමට කැමැති පාඨකයන්ට මෙතැනක්ලික් කිරීමෙන් ද පේපැල් ඔස්සේ සිදු කල හැකි ය.

Share this article: