යුරෝපය, බැංකු ආඥාදායකත්වයට යටත් කරයි

Europe placed under the dictatorship of the banks

3 February 2012

මෙම සතියේ යුරෝපීය සංඟම් සමුලුවේ නීර්නයකාරී සිදුවීම අවසානයේ සාකච්ඡා කල දේ නොව පැත්තකින් ඉදිරිපත් කරන ලද යෝජනාව යි.සමුලුවට පෙරාතුව, කිසියම්ම හෝ වැඩිදුර නය ගැනීමකට පූර්ව කොන්දේසියක් ලෙස ග්‍රීක අයවැය ප්‍රතිපත්තිය නිෂ්ප්‍රභා කිරීමේ බලතල සහිත "අයවැය කොමසාරිස්” කෙනෙක් යුරෝපීය සංඟමය විසින් ග්‍රීසිය සඳහා පත්කල යුතු ය යන ඉල්ලීම, ජර්මනිය විසින් මාධ්‍ය වෙත කාන්දු කලේ ය. ග්‍රීසිය අලුතෙන් බලාපොරොත්තු වන යුරෝ බිලියන 145 ගැනීමටත් පෙර, බිලියන 350ක් වන එරට නය වෙනුවෙන් ග්‍රීසිය බැංකුවලට කල යුතු ගෙවීම්, එහි “පලමු හා මූලික ම” කාර්යය විය යුතු ය. සිය නය හිමියන්ට ගෙවීම් නොකරන බවට තර්ජනය කිරීමට එරටට නොහැකි වන අතර බැංකු, එකඟවී ඇති ඇප ගෙවීම් අත්හිටුවන අවස්ථාවන්හි දී පවා මූල්‍ය අධිකාරීන් නිර්දේශ කරන කුමන ආකාරයේ හෝ කප්පාදු එය විසින් පිලිගත යුතු ය.

ජර්මානු ආන්ඩුවේ මූලාශ්‍රයක් හෙලි කල පරිදි යෝජනාව, ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය හා අයර්ලන්තය වැනි ආධාර ලබාගෙන ඇති හා ගොඩ ඒමට දඟලන අනෙකුත් යුරෝ කලාපීය රටවල් ද අරමුනු කරයි.

යෝජනාව ග්‍රීසියේ කෝපයට හේතු විය. එම යෝජනාව, අතිරේක රජයේ රැකියා 150,000ක් අහෝසි කිරීම, රාජ්‍ය අංශයේ සමහර කොටස් වසා දැමීම හෝ කප්පාදු කිරීම හා යුරෝ 750ක් වන සොච්චම් මාසික වැටුප අඩුකල යුතු බවකියා සිටින යුරෝපා සංගමය හා ජාමූඅ යෝජනාවන් සමඟ අත්වැල් බැඳ ගත්තේය.

එය දේශපාලනිකව අවදානම් සහගත වීම නිසා අවසන් මොහොතේ යෝජනාව පසෙකින් තබන ලදී. යුරෝපීය ආන්ඩු දැන් ක්‍රියා කරන්නේ, මූල්‍ය ප්‍රභූවේ සෘජු අනසක යටතේ බවත්, ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් කිසිදු අර්ථවත් බවකින් ක්‍රියාත්මක නොවන බවත් සියල්ලන්ටම දැකගත හැකි පරිදි, එමගින් සනාථ කර තිබේ. ජර්මනියේ එක්සත් ජනපද හවුල්කරුවෝ යලි සිතා බලන ලෙස බර්ලිනයෙන් ඉල්ලා සිටිති. ඉතාලි අගමැති මාරියෝ මොන්ටි ඔවුන් ගැන සඳහන් කලේ "දුරදිග නොබලන අප්‍රසන්න” අය ලෙසයි. ප්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසි, යුරෝපා සංගමයේ සෘජු පාලනය "සාධාරන නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී නොවන හා ප්‍රතිපලදායක නොවන බවත්” පැවසීය.

ජර්මනිය අකැමැත්තෙන් නමුත් සිය ඉල්ලීම අතහැර දමනු ලැබුව ද චාන්සලර් මර්කෙල්, "ග්රීසිය විශේෂ ප්‍රශ්නයක් වුව ද...ඔවුන් වැඩ සටහන මුලුමනින්ම ක්‍රියාත්මක කල යුතුව ඇතැයි” තර්ක කලාය.

බර්ලිනයේ පියවර මගින් කාරනය සුපැදිලිව කියා ඇත් ද නැද් ද යන්න නොතකා, අදෘෂ්‍යමාන බැංකු හා ව්‍යාපාරික ආඥාදායකත්වය දැනටමත් පවතින්නේය.

යුරෝපා සංගමය විසින් ග්‍රීසියේ හා ඉතාලියේ ඡන්දයෙන් පත්කර නොගත් ආන්ඩු දෙකක් දැනටමත් අටවා තිබේ. ඒවායේ ප්‍රධාන අරමුන වන්නේ, ඡන්දදායකයින්ගේ ප්‍රකාශිත කැමැත්තට පටහැනිව මූල්‍ය කතිපයාධිකාරයේ ඉල්ලීම් කීකරු ලෙස ක්රියාත්මක කිරීමයි. පූර්වයෙන් පැවති පෘතුගීසි ආන්ඩුවේ කඩා වැටීම පවා සැලසුම් කරනු ලැබුවේ ගෝලීය සමපේක්ෂකයින්ගේ සෘජු අන යටතේය.

ජාතික ආන්ඩුවලට ආර්ථික පිලිවෙත් සකස් කිරීමේ හැකියාව තවදුරටත් සීමාකරමින් දැඩි රාජ්‍ය මූල්‍යකරනයක් සඳහා සමුලුව දැන් එකඟවී සිටියි. තුලනාත්මක අයවැයකරනයක් සඳහා නීත්‍යනුකූලව අවශ්‍ය කෙරෙන "ස්වර්නමය නියමය” ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය අයත් රටවල් 25කට බල කෙරී ඇත. මෙහිදී පාලක පන්තිය, බැංකුවලට ගෙවිය යුතු දැවැන්ත මුදල් සම්භාරය නිදහස් කර ගැනීමට අවශ්‍ය කෙරෙන දරුනු කප්පාදු සඳහා මෙම නීති ප්‍රයෝජනයට ගනු ඇත. කප්පාදුවට, සමාජ සුභසාධන වියදම්, අධ්‍යාපනය, නිවාස, යටිතල පහසුකම්, රාජ්‍යය අංශයේ රැකියා, විශ්‍රාම සහන හා සෞඛ්‍ය සේවා ඇතුලත්වනු ඇත.

නියමිත කාලයට සිය නය ගෙවීමට අසමත් වන රටවල් යුරෝපීය අධිකරනය විසින් පනවන දඬුවම් සම්බාධකයන්ට මුහුන දෙනු ඇත.

ජර්මනිය, ඔස්ට්‍රියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, පෝලන්තය හා එස්තෝනියාව දැනටමත් එවන් තුලනාත්මක අයවැය රෙගුලාසි ක්‍රියාවට නඟා ඇත. අත්සන් නොතැබූ බ්‍රිතාන්‍ය හා චෙක් සමුහාන්ඩුව යන දෙරටේ ආන්ඩු එසේ කලේ උපයාත්මක දේශපාලන ගනන් බැලීම් මත ය. ඒ ඔවුන් කප්පාදු සඳහා මුලු බර යෙදීමට එකඟවන අතරතුර ය.

දශ ලක්ෂ ගනනකගේ ජීවිත මත දැවැන්ත ලෙස බලපාන එවන් පියවර පිලිබඳව ජනතා මතය විමසීමේ කිසිදු අදහසක් ඇත්තේ නැත. මෙම පියවරයන්ගෙන් අදහස් කරන්නේ ම තීරනාත්මක මූල්‍ය තීන්දු කෙරෙහි කිසිදු ජනතා නිරීක්ෂනයක් ඇතිවීම වැලැක්වීම ය. මර්කෙල් මෙසේ කයිවාරු ගැසුවා ය: “නය අත්හිටුවීම් සදහටම වලංඟු හා බැඳුනු ඒවා ය. .. පාර්ලිමේන්තු බහුතරයකින් කිසි විටෙකත් ඒවා වෙනස් කිරීමට ඔබට ඉඩ නොලැබෙනු ඇත.”

යුරෝපා සංගමයේ පියවරයන් විවේචනයේ දී මුල් තැන ගත්තේ ජාතික සවෛරීත්වය අහිමිවීම ගැන වැලපෙන දක්ෂිනාංශික විචාරකයින්ය. එහෙත් සත්‍යය නම්, යුස මෙන් ම ඡන්දයෙන් පත්වන ආන්ඩු මූල්‍ය කතිපයාධිකාරයේ සැබෑ නිර්මාපකයින් වන්නේ ය යන්න යි.

මෙහි ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ, පවතින ක්‍රමය යටතේ ඡන්ද අයිතිය කම්කරු පන්තියට මුලුමනින්ම අහිමි වී ඇතැයි යන්න ය. එසේ ම ඔවුන් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමේ අවශ්‍යතාව යි.

වමේ වේවා දකුනේ වේවා වැඩකරන ජනතාව වෙනුවෙන් කථාකරන හෝ ඇඟවුම් කරන බවක් හා යුරෝපය පුරා ක්රියාවට නඟමින් තිබෙන රුදුරු කප්පාදු වෙනුවෙන් සහාය පලකරන බවට දිව්රුම් නොදෙන කිසිදු දේශපාලන පක්ෂයක් තවදුරටත් නාමිකව හෝ ඇත්තේ නැත. පසුගිය අවධිය පුරා පාලක ප්‍රභූව, කුමන ආකාරයක හෝ ප්‍රජාතන්ත්‍රවාදී වගකීමකින් වියෝකර තැබීමටත් සමාජ විපක්ෂයේ අව්‍යාජ ප්‍රකාශනයෙහි හුස්ම හිර කිරීමටත් සෑම උත්සාහයක් ම දරනු ලැබ තිබේ.

මහාද්වීපය පුරා වෛරයට පාත්‍ර වූ ආන්ඩු පෙරලා දැමීමේ කුමන හෝ දේශපාලන අරගලයක් බැහැර කරන වෘත්තීය සමිති හා ව්‍යාජ වාම ක්ෂමාලාපකයින් එක්කෝ වැඩවර්ජන මැඬ පැවැත්වීම හෝ ඒවා නිරර්ථක එක් දින විරෝධතාවන්ට කොටුකිරීම මගින් සපයන ලද උදව් මත අන් සියල්ලටත් වඩා මේ වාතාවරනය රඳා පැවතියේ ය.

කෙසේ වුව ද මෙය කොතෙක් දුර පවත්වා ගත හැකි ද යන සීමාවට ඔවුහු මුහුන දෙති. නිල වශයෙන් මිලියන 23ක ජනකායක් යුරෝපය තුල විරැකියාවෙන් පෙලෙති. සැබෑ සංඛ්‍යා මීට වඩා බෙහෙවින් වැඩි ය. වැටුප් කපා දමනු ලැබ, විශ්‍රාම සහන අහෝසි කර, වැදගත් සමාජ සේවා කපා හැර තිබේ. එහෙත් මෙය පවා ආරම්භය පමනි.

යුරෝ ට්‍රිලියන පහක් පමන වන යුරෝපීය බැංකුවල වගකීම් ඒවායේ ප්‍රාග්ධනය මෙන් 30 ගුනයක් වෙයි. සූදු කෙලීමේ ප්‍රතිපල වන මෙම නය යලි එකතුකර ගැනීම එල්ල කරගත් කප්පාදු වනාහි, මහාද්වීපයේ කම්කරුවන් බංකොලොත් කර ආන්තික කාලකන්නි තත්වයකට හෙලනු ලැබීම යි.

මෙය ප්‍රජාතන්ත්‍රීය අකාරයකට සපුරාගත නොහැකි බවත්, ආඥාදායකත්වයන් ඇටවීම අවශ්‍ය බවත් පාලක පන්තීන් දැන සිටියි. දැන් සිදුවෙමින් තිබෙන දේශපාලන මාරුවේ වැදගත්කම මෙය යි.

කම්කරු පන්තිය මෙම තර්ජනයට මුහුන දීම සඳහා තමන්ගේ ම ප්‍රතිචාරය සැලසුම් කල යුතු ය. මහජන සමාජවාදී ව්‍යාපාරයක් පැන නඟිනු ඇත. එය යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඬු සංඟමයක් තුල සංවිධානය කෙරෙන, කම්කරුවන්ගේ ආන්ඩු මගින් යුරෝපීය සංඟමය ද ව්‍යාපාරික ප්‍රභූවේ සියලු ආන්ඩු ද විස්ථාපනය කිරීම සඳහා කැපවනු ඇත.

ක්‍රිස් මාස්ඩන්

Share this article: