ඕස්ටේ‍්‍රලියාව චීනයට එරෙහි යුද්ධය සඳහා එක්සත් ජනපදය සමග පෙල ගැසෙයි

Australia lines up with US for war with China

11 February 2012

ඕස්ටේ‍්‍රලියානු ආරක්ෂක තක්සේරු වාර්තාව වනාහි චීනයට එරෙහිව සෑම පෙරමුනකින්ම ඔබාමා පාලනාධිකාරය ගෙන යන ආක‍්‍රමනික ව්‍යායාමය පිලිබඳ මෑතම සලකුනයි.

පසුගිය සතියේ දී නිකුත් කෙරුනු, ඕස්ටේ‍්‍රලියානු ආරක්ෂක තක්සේරු වාර්තාව, චීනයට එරෙහිව රාජ්‍යතාන්ත‍්‍රික, ආර්ථික හා මිලිටරි යන සෑම පෙරමුනකින්ම ඔබාමා පාලනාධිකාරය ගෙන යන වගවිභාගයක් නැති ආක‍්‍රමනික ව්‍යායාමය පිලිබඳ මෑතම සලකුනයි.

මෙම අන්තර් වාර සමාලෝචනය, ඕස්ටේ‍්‍රලියානු අගමැතිනි ජුලියා ගිලාර්ඩ් සහ ජනාධිපති බරක් ඔබාමා විසින් පසුගිය නොවැම්බරයේ දී නිවේදනය කරන ලද මිලිටරි ගිවිසුමේ පුලුල් පරාසය ප‍්‍රකාශයට පත් කරයි. උතුරේ ඩාර්වින් නගරය අසල මැරයින් භටයන් 2,500ක් දක්වා ප‍්‍රමානයක් ස්ථානගත කිරීම පිලිබඳ කාරනය පුවත්පත් සිරස්තලවල ආධිපත්‍යය දැරුවත්, ගිවිසුම ඇමරිකානු යුද නැව්වලට හා යුද ගුවන් යානාවලට ඕස්ටේ‍්‍රලියානු නාවික හා ගුවන් කඳවුරු වෙත පුලුල් ප‍්‍රවේශයක් සම්පාදනය කලේය.

ඉන්දියානු සාගරය තුල ද අග්නිදිග ආසියාව හරහා දිවෙන වැදගත් නැව් මාර්ග ඔස්සේ ද ඇමරිකානු නාවික හා ගුවන් මෙහෙයුම් පුලුල් කිරීමට පහසුකම් සලසාලන පරිදි, ඕස්ටේ‍්‍රලියාවේ උතුරේ හා දකුනේ මිලිටරි කඳවුරුවල මූලික වැඩිදියුනුවක් කල යුතු යයි වාර්තාව කියා සිටී. මලක්කා සමුද්‍ර සන්ධිය වැනි ප‍්‍රධාන "මර්මස්ථාන” මත ආධිපත්‍යය තහවුරු කරගැනීම මගින්, ඕනෑම යුද තත්වයක දී අපි‍්‍රකාවෙන් හා මැද පෙරදිගෙන් ලැබෙන බල ශක්ති සැපයුම්වලට හා අමු ද්‍රව්‍යවලට චීනයේ ප‍්‍රවේශය කපා හැරීමේ හැකියාව එක්සත් ජනපදයට ලැබෙයි.

ආරක්ෂක සමාලෝචන වාර්තාව පිලිබඳ ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය ආවරනය විකාර සහගත කරලියකින් ලබා ගත හැකිව තිබුනි. මිලිටරි බලය ගොඩනැගීම චීනයට එරෙහි එක්සත් ජනපද ව්‍යායාමයන් සමග පැහැදිලිව ම ගැලපෙන තතු යටතේ පවා, පුවත්පත් ශීර්ෂ පාඨ "උතුරේ ධන සම්පත්වලට ආරක්ෂාව සැපයීමේ ව්‍යායාමය” සහ "තර්ජනයන් යටතේ පවත්නා අපගේ උතුර” යනාදි ලෙස හඬ තැලුවේය. කිසිවෙක් මෙම පැහැදිලි ප‍්‍රශ්නයට පිලිතුරක් දුන්නේ නැත: ආරක්ෂා වන්නේ කාගෙන්ද? එක්සත් ජනපද- ඕස්ටේ‍්‍රලියානු මිලිටරි සන්ධානය හමුවේ, චීනය ද ඇතුලු, කිසිදු අසල්වැසි රටකට ඕස්ටේ‍්‍රලියාවේ උතුරේ ගෑස් බිම් අල්ලාගැනීමේ හෝ රටේ "අඩු ජනගහනයක් සහිත උතුර” ආක‍්‍රමනය කිරීමේ හැකියාවක් නැත.

උතුරු ඕස්ටේ‍්‍රලියාව එක්සත් ජනපද මිලිටරි හමුදාවන්ට විවෘත කිරීම, ආරක්ෂක ආස්ථානයක් නොව, චීනය සමග වන එක්සත් ජනපද යුද්ධයක පෙරමුනේ ම රට පිහිටුවන, ආක‍්‍රමනික ආස්ථානයක් ඉදිරියට දමයි. මාධ්‍ය ආවරනය මගින් කෙරෙන්නේ, ඇමරිකානු යුදවාදයට ලේබර් ආන්ඩුව දෙන කොන්දේසි විරහිත සහයෝගය මගින් මතු වන අතිමහත් අන්තරායන් හමුවේ වැඩ කරන ජනතාව නිද්‍රාගත කිරීම පමනි. තත්වාරක්ෂක ලිබරල්-ජාතික විරුද්ධ පක්ෂයේ සිට හරිතයන් හා ව්‍යාජ-රැඩිකල් කන්ඩායම් දක්වා සමස්ත දේශපාලන සංස්ථාපිතයම මෙම සාපරාධී පියවර සම්බන්ධයෙන් නිහඬය.

නව ඕස්ටේ‍්‍රලියානු මිලිටරි පිලිවෙත විස්තාරනය කරන අන්තර් වාර වාර්තාවක් හදිස්සියේ ප‍්‍රසිද්ධ කිරීමේ එල්ලය වූයේ, උත්සන්න වන භූ-දේශපාලනික ආතතීන් මධ්‍යයේ රට තුල පාලක පන්ති කව තුල මතුවිය හැකි මොන යම් හෝ විරුද්ධත්වයක් පූර්ව-භංග කිරීමයි. සිරියාව තුල දේශපාලනික / මිලිටරිමය මැදිහත්වීමක් සඳහා එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන් ගෙන යන සූදානම මෙන්ම ඉරානයට එරෙහිව මිලිටරි කි‍්‍රයාමාර්ගයක් පිලිබඳ උත්සන්න කෙරුනු තර්ජනයන් ද විශේෂයෙන්ම චීනයේ හා රුසියාවේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට සෘජුවම එරෙහිව යයි.

ඔබාමා පාලනාධිකාරය ආසියාව පුරා චීනයට එරෙහි පීඩනය උත්සන්න කරමින් ද සිටී. පසුගිය තුන් වසර තිස්සේ ඉන්දු-පැසිෆික් කලාපය දෙසට වොෂිංටනයේ "හැරීම”ට දකුනු චීන මුහුදු ප‍්‍රදේශයට සම්බන්ධිත භෞමික මතභේද තුලට ආක‍්‍රමනික රාජ්‍යතාන්ති‍්‍රක මැදිහත්වීමක් ද ඇතුලත්ව තිබේ: එනම්, චීනය හා චීනයේ සගයකු වන උතුරු කොරියාව සම්බන්ධයෙන් වඩා සතුරු ආස්ථානයක් ගෙන ඇති දකුනු කොරියාව හා ජපානය සමග සන්ධානය දැඩි කිරීම, චීනයේ ප‍්‍රධාන කලාපීය ප‍්‍රතිවාදියා වන ඉන්දියාව සමග සබඳතා ශක්තිමත් කිරීම සහ චීනයට අවාසි සහගත වන පරිදි කලාපීය වෙලඳාම සම්බන්ධයෙන් එක්සත් ජනපද කොන්දේසි නියම කිරීමේ එල්ලය ඇතිව ප‍්‍රධාන වෙලඳ සැලසුමක් -- අන්තර් පැසිෆික් හවුල්කාරිත්වය -- හඳුන්වාදීම.

අග්නිදිග ආසියාව තුල, දැනටමත් ගැටුම් ගනනාවක් නිර්මානය කර ඇති දකුනු චීන මුහුදු ප‍්‍රදේශය සම්බන්ධයෙන් චීනය සමග පවත්නා සිය මතභේද පිලිබඳව වඩා දැඩි පිලිවෙතක් අනුගමනය කරන ලෙස ඔබාමා පාලනාධිකාරය පිලිපීනය සහ වියට්නාමය දිරිගන්වා තිබේ. පිලිපීනය ඕස්ටේ‍්‍රලියානු ගිවිසුමට සමාන නව ආරක්ෂක ගිවිසුමක් සම්බන්ධයෙන් වොෂිංටනය සමග සාකච්ඡා පවත්වයි. එය මෙම සංවේදී, මූලෝපායික මුහුදු ප‍්‍රදේශවලට හා දකුනු චීනයට ම සෘජුව ම යාබදව එක්සත් ජනපද මිලිටරි බලය වැඩිදියුනු කිරීමකට තුඩු දිය හැකිය. එමෙන්ම, පෙන්ටගය ඉන්දුනීසියාව, තායිලන්තය හා වියට්නාමය සමග වඩා සමීප සබඳතා ගොඩනගා ගනිමින් සිටී.

එයට සමගාමීව, ඔබාමා පාලනාධිකාරය, කලින් අග්නිදිග ආසියාව තුල චීනයේ සමීපතම හවුල්කරුවා වූ ද ඉන්දියානු සාගරයේ සිට දකුනු චීනය දක්වා විභව බල ශක්ති හා ප‍්‍රවාහන කොරිඩෝවක් ද වන බුරුමය තුල පිලිවෙත් මාරුවක් ඇති කර ගැනීම සඳහා වෙහෙස නොතකා කි‍්‍රයා කර ඇත. දෙසැම්බරයේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලිරි ක්ලින්ටන්ගේ සංචාරයෙන් පසුව, එක්සත් ජනපදය එරට සමග තානාපති සබඳතා ඇරඹීම නිවේදනය කල අතර සම්බාධක ආංශික වසයෙන් ලිහිල් කිරීමක් ද කලේය. අර්ථභාරී ලෙස, මේ සතියේ දී නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කල පරිදි, මිලිටරි ජුන්ටාව සමග වඩා සමීප ඔත්තු සේවා සබඳතා තහවුරු කර ගනු පිනිස සීඅයිඒ අධ්‍යක්ෂ ඩේවිඩ් පෙටී‍්‍රයස් බුරුමයේ සංචාරයක යෙදීමට සැලසුම් කරගෙන සිටී.

ඕස්ටේ‍්‍රලියානු ආරක්ෂක තක්සේරු සමාලෝචනයේ කතුවරු එක්සත් ජනපද මූලෝපාය පිලිබඳව මනාව දැනුවත්හ. චීනයේ පුලුල් වන "බල ප‍්‍රක්ෂේපන හා මුහුදු පාලන හැකියාවන්”, "පනිවිඩ හුවමාරුවේ හා බල ශක්ති සැපයුම්වල මුහුදු මාර්ග ආරක්ෂා කර ගැනීම මූලෝපායික ගාමකයක් වනු ඇත”, "දකුනු චීන මුහුද විභව ගැටුම් ලක්ෂ්‍යයක් ලෙස පවතී” සහ "අග්නිදිග ආසියාව පුලුල් ආසියා-පැසිෆික් මූලෝපායික සමතුලනයක් සඳහා වඩා වැදගත් දෙයක් බවට පත් වෙමින් තිබේ” ඇතුලු එය පාදක වන "ප‍්‍රධාන මූලෝපායික විනිශ්ච්‍යයන්” ලියවිල්ල පරෙස්සමින් සටහන් කරයි.

චීනයට එරෙහි ඔබාමා පාලනාධිකාරයේ ප‍්‍රකෝපකාරී ගාමකය ඕස්ටේ‍්‍රලියානු ධනවාදයට ප‍්‍රතිමුඛ වන මූලික උභතෝකෝටිකය තව දුරටත් සංකීර්න කර ඇත: එනම්, පතල් නිෂ්පාදන අපනයනය සඳහා චීනය මත පවත්නා සිය දැඩි රඳා පැවැත්මට එරෙහිව සිය දිගු කාලීන මූලෝපායික සගයා වන එක්සත් ජනපදයට දෙන සිය සහයෝගය සමතුලනය කරන්නේ කෙසේ ද යන වග. 2010 මැද දී කෙවින් රඩ් ඕස්ටේ‍්‍රලියානු අගමැති තනතුරෙන් ඉවත් කිරීමෙහි ලා වොෂිංටනයේ නිසැක මැදිහත්වීම මගින් එය කිසිදු දෙගිඩියාවක් නොඉවසන බව පෙන්නුම් කෙරුනි. එක්සත් ජනපදය දකින පරිදි රඩ්ගේ වරද වූයේ, ඔබාමා බෙයිජිං මත පීඩනය උත්සන්න කිරීමේ අභිප‍්‍රායෙන් යුක්තව, රාජ්‍යතාන්ති‍්‍රක මැදිහත්කරුවන් නොව තිර සගයන් ඉල්ලා සිටි තතු තුල, එක්සත් ජනපදය හා චීනය අතර ආතතීන් බාල කිරීමට ඔහු උත්සාහ කිරීමයි.

කලාපය පුරාම, ආර්ථිකව චීනය මත රඳා පවතින එහෙත් ලෝකයේ ආධිපත්‍යය දරන මිලිටරි බලවතාගේ වැරදි පැත්තේ සිටීමට බිය වන ආන්ඩු ඊට සමාන ප‍්‍රහේලිකාවකට මුහුන දී සිටී. නැගෙන භූ-දේශපාලනික ආතතීන් ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය මගින් වඩාත් උත්සන්න වී ඇත. සිය සාපේක්ෂ ආර්ථික කඩාවැටීම වලක්වාගනු පිනිස, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, විභව ප‍්‍රතිවාදීන්ගේ, අන් සියල්ලට මත් වඩා චීනයේ වර්ධනයට වලකපනු පිනිස වඩවඩා වග විභාගයක් නැති මිලිටරි මදාවි පිලිවෙත්වල පිහිට සොයමින් සිටී.

ජාත්‍යන්තර තලයේ රුදුරු ප‍්‍රතිවාදිත්වය සමග සෑම රටක් තුල ම කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට හා සමාජ තත්වයට එරෙහි දුෂ්ඨ ප‍්‍රහාරයක් ද කි‍්‍රයාවට දැමේ. ආතතීන් මතු පිටට පුපුරා එන කල, පාලක ප‍්‍රභූන් සිය කප්පාදු න්‍යාය පත‍්‍රයට කම්කරුවන් දක්වන ප‍්‍රතිරෝධය වලකාලීමට උත්සාහ කරන තතු යටතේ, ස්වෝත්තමවාදය හා අන්ධදේශානුරාගය ඇවිස්සීම නිසැකයෙන්ම උත්සන්න කෙරෙනු ඇත. ඕස්ටේ‍්‍රලියාව තුල, දේශපාලන සංස්ථාපිතයේ, විශේෂයෙන් ම ලේබර් පක්ෂයේ, අවි ගබඩාවේ මූලික අංගයක් ලෙස පැවති, ආසියානු විරෝධී පීඩනෝන්මාදයේ ජරා සම්ප‍්‍රදායන් දැනටමත් යලි පනගන්වමින් තිබේ.

යුද්ධය දෙසට යන තල්ලුව නතර කල හැකි එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. ඕස්ටේ‍්‍රලියාවේ හා ඇමරිකාවේ කම්කරුවන්ගේ මිතුරන් සොයා ගත යුත්තේ චීන හා ආසියානු කම්කරු පන්තිය තුලිනි. සියලුම රූපාකාරයන්ගේ ජාතිකවාදයන් ප‍්‍රතික්ෂේප කිරීම ද සමාජ අසමානතාවයේ හා යුද්ධයේ අති මූලික ප‍්‍රභවය වන ධනපති ක‍්‍රමයට සමාජවාදී විකල්පයක් සඳහා වන පොදු අරගලයක් වර්ධනය කිරීම ද මගින් ඔවුන් අතර සමීපතම එකමුතුව ගොඩනැගිය යුතුය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: