‍වොෂින්ටනයේ අන පරිදි පාලන තන්ත්‍රය වෙනස්කිරීම, යුද්ධය සැලසුම් කිරීම සඳහා කැපවූ “සිරියාවේ මිතුරෝ”

“Friends of Syria” plan war, regime change at Washington’s behest

24 February 2012

සියල්ල ආක්‍රමනකාරී යටත් විජිත යුද්ධයන්ගෙන් අවසන් වන නවතම අස්ථාවරකාරී ව්‍යාපාරයන් මාලාවක් සැලසුම් කිරීම පිනිස, “සිරියාවේ මිතුරෝ” යන දේශපාලන අපරාධකරුවන් කන්ඩායමක් දැන් ටියුනීසියාවට එක් රොක් වීමට යති.

එක්සත් ජනපද‍‍යේ නායකත්වයෙන් යුත් ජාතීන් 80ක‍ෙගන් සැදුම්ලත් නිලධාරීන් ටියුනිස් කරා ගමන් ගනිමින් සිටින අතර, ඔවුහු ලක්ෂ ගනනකගේ ජීවිතවල වියදමෙන්, පසුගිය දශක දෙක තුල දුසිම් භාගයක පමන නීති විරෝධී යුද්ධවල නිතරත වූහ. ඔවුන් අතර, ක‍ලෙක මැද පෙරදිග තමන් අතර කැබලිකරගත් හා කලාපයේ තෙල් සම්පත යලි බෙදා ගැනීමේ කුමන හෝ ව්‍යායාමයක දී තමන්ගේ කුට්ටිය රැක ගැනීමේ උවමනාවෙන් පෙලන, ප්‍රන්සය හා බ්‍රිතාන්‍ය වැනි හිටපු විජිත බලවතුන් ද වෙති. “ප්‍රජාතන්ත්‍රවාදය” කෙරහි පල කරන කනස්සල්ල අතින් වොෂින්ටනය, ලංඩනය හා පැරිසියට වඩා නොඅඩු ලෙසින් බඩ දඟලවන, තුර්කි හා ගල්ෆ්හි ෂීක් පාලනයන් සමග අධිරාජ්‍යවාදී බලවතතු සන්ධානගතවී සිටිති.

ටියුනිස්හි රැස්වීම, සිරියානු ජනාධිපති බෂර් අල් අසාඩ්ගේ කුරිරු තන්ත්‍රයට එරෙහි මහජන විරෝධය වෙනුවෙන් පෙනී සිටින බටහිර බලවතුන්ගේ ප්‍රතිඥාව මත පවත්වන්නේ යයි කියනු ලැබේ. සැබෑව නම්, ලේවැකි සිවිල් යුද්ධයක් තුලට සිරියාව ඇද දමන අසාඩ්ට එරෙහි කට්ටිවාදී සුන්නි ව්‍යාපාරය නගා සිටුවීමේ දී, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ඔත්තු සේවා හා විශේෂ කාර්ය බලකායන් ක්‍රියාත්මකව මැදිහත්ව සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ හිටපු එක්සත් ජනපද නියෝජිත වාලිඩ් මාලූෆ් ලෙබනනයේ ඩේලි ස්ටාර් පත්‍රයට පැවසුවේ වොෂින්ටනය දැනටමත් “රහසිගතව විපක්ෂය වෙත ආධාර ලබාදෙන” බවයි. විපක්ෂය සංවිධානය කිරීමට ආධාර කරන්නේය යන චෝදනාව මත 50ක් පමන තුර්කි නිලධාරීන් සිරියාවේ දී අත්ඩංගුවට ගෙන ඇති අතර ජෝර්දානයේ පල කරන අල් බවාබා පත්‍රය වාර්තා කලේ, 10,000ට වැඩි ලිබියානුවන්, සටන් සඳහා සිරියාවට ඇතුල් කිරීම පිනිස නොදන්නා ප්‍රදේශයක දී පුහුනු කර තිබෙන බවයි. ඒ සවුදි අරාබියාවේ හා කටාර් රාජ්‍යයේ වියදමෙනි. රුසියාවේ විදේශ අමාත්‍යාංශය, දැනටමත් බ්‍රිතාන්‍යයේ එම් 16 ඔත්තු සේවයේ ඒජන්තයින් එහි වැඩට බැස සිටින බව කියා ඇත.

ඉලක්කය ලෙස සිරියාව තෝරා‍ ගෙන ඇත්තේ, ඉරානය සමග සිරියාවේ සන්ධානය බිඳ දමන නව ආන්ඩුවක් ස්ථාපනය කිරීමටත්, එක්සත් ජනපදයේ කලාපීය අධිකාරය තහවුරු කර ගනිමින්, රුසියාවට හා චීනයට වල කැපීමේ අරමුන ඇතිව ය.

සිරියාවේ මිතුරෝ යනු ලිබියාවට පහර දීමේදී මූලිකත්වය ගත්, කාරක කන්ඩායමේ සහ වොෂින්ටනය මගින් ඉරාකය ආක්‍රමනය කිරීමේ දී යොදාගත් “අභිමතයේ සභාග‍ෙය්” නව අනුවාදය යි. සිරියානු ජාතික කවුන්සලය (එස්එන්සී) හා නිදහස් සිරියානු හමුදාව (එෆ්එස්ඒ) සැදුම් ලැබ ඇත්තේ, ලිබියාවේ ජාතික සංක්‍රමනීය කවුන්සලය (එන්ටීසී) නැතිනම් ඊට පෙර පැරනි යුගොස්ලාවියාවේ කොසෝවෝ විමුක්ති හමුදාව වැනි, පාලන තන්ත්‍ර වෙනසක් ඇටවීමේ වාහකයක් ලෙස සකසා ගැනුනු බැල බලවේගයකිනි.

බිම් මට්ටමේ දී අල් කයිඩා වර්ගයේ බලවේගයන්හි සැලකිය යුතු සහභාගිත්වය ඇති මංමුලා සහගත සිරියානු විපක්ෂය, එස්එන්සී හා එෆ්එස්ඒ විසින් මුලුමනින්ම පාලනය නොකරති. එයට අන ලැබී ඇත්තේ අධිරාජ්‍යවාදීන්ට ගනුදෙනු කල හැකි වන පරිදි සමවාය හා අධිකාරය සහිත අනදෙන ව්‍යුහයක් ගොඩනැගීමට ය. මෙය ඉටුකරගත්තාට පසුව හා ඔවුන් සිරියානු ජනතාවගේ නිල නියෝජිතයන් ලෙස ප්‍රකාශයට පත් කලාට පසුව, තුර්කි හා අරාබි සංගමය පෙරමුන ගත් නේටෝ ගුවන් මෙහෙයුම් දියත් කිරීම පිනිස “මානුෂීය මාවතක්” ප්‍රකාශ කිරීමට තවත් ඇත්තේ කෙටි පියවරක් පමනි. මෙය ඉඟි කරමින් එස්එන්සී ප්‍රකාශක බාස්මා කොඩ්මානි 22දා ප්‍රකාශ කලේ, “මෙම මිලිටරි මැදිහත්වීම එකම විසඳුම ලෙස දැක ගැනීමට අපි බෙහෙවින්ම සමීපවී සිටින්නෙමු” යනුවෙනි.

හොඳින් අත්හදා බලා තිබෙන මෙම තත්වය, ලිබියාවට වඩා බෙහෙවින් රුදුරු හා පුලුල් කලාපීය ගැටුමක් ඇවිලවීමට හෝ ගෝලීය යුද්ධයකින් පවා අවසන් වීමේ තර්ජනය මතු කරයි. මෙම තර්ජනය හමුවේ කම්කරුවන් හා තරුනයින් මුහුන දෙන්නේ, නිල යුද විරෝධී ව්‍යාපාරයේ කාලකන්නි අසමත් කමටයි.

2003 වසරේදී දශ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු ඉරාක යුද්ධයට විරෝධය පෑහ. එහෙත් එම මහජන ව්‍යාපාරය අරක්ගත් බලවේග එය සමතලා කර දැමූහ. ජාත්‍යන්තරව සුලු ධනපති වම්මු හා හිටපු රැඩිකලුන් මෙන්ම ස්ටැලින්වාදීන් දිව්රා කියා සිටියේ එක්සත් ජාතීන්, ප්‍රන්සය හා ජර්මනිය, එක්සත් ජනපදයට ප්‍රති තෝලකයක් ලෙස කටයුතු කරනු ඇති බවයි. දශකයක් යාමටත් මත්තෙන් මේ පාර්ශවයන් තුනම වොෂින්ටනයේ අපරාධකාර හවුල්කරුවන් ලෙස වැඩ කරති.

ඔවුහු, මැද පෙරදිග ජනතාවගේ නියෝජිතයින් ලෙස පෙනී සිටින මුස්ලිම් සහෝදරත්වයට ගැට ගැසුනු සංවිධාන හුවාදක්වනු ලබයි. අද දිනයේ දී සහෝදරත්වය, සෘජුව ම අධිරාජ්‍යවාදී මැදිහත්වීමේ ප්‍රමුඛයින් ලෙස කටයුතු කරමින්, වොෂින්ටනය වෙනුවෙන් ඊජිප්තු කම්කරු පන්තියේ අරගල මැඩීමෙහි යෙදී සිටියි. ලිබියාව තුල එක්සත් ජනපද රූකඩ තන්ත්‍රයක් පිහිටුවීම හා අධිරාජ්‍ය ගැති සිරියානු විපක්ෂයේ කොඳු නාරටිය ශක්තිමත් කිරීම එකට බැඳී තිබේ.

සියල්ලටත් වඩා යුද විරෝධී ව්‍යාපාරයේ බිඳ වැටීම, එහි හිසෙන්ම හිටපු වම්මුන් තුල ඇතිවූ පරිනාමයේ හා ඔවුන් අධිරාජ්‍යවාදය වැලඳ ගැනීමේ නිමැවුමකි.

එක්සත් ලේකම් මන්ඩලයට සම්බන්ධ කොටස් හා ජාත්‍යන්තර සමාජවාදියෝ ඇතුලු විවිධාකාර හිටපු වාම කන්ඩායම් සියල්ල ම, ලිබියානු ජාතික සංක්‍රමන කවුන්සිලයට ආවැඩූහ. ගිල්බට් ආකාර් වැනි මෙම පක්ෂවල කැපී පෙනෙන පුද්ගලයෝ නේටෝ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට විවෘතව සහාය දුන්හ.

සිරියාවේ දී ද ඒ දෙය ම යලි සිදුවෙමින් තිබේ. නිදසුනක් ලෙස බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය ඔවුන් පිහිටුවීම සඳහා සහාය දුන් යුද්ධය නතර කරනු ව්‍යාපාරයේ ඉතිරිව තිබුනු සියල්ල ඉවත දමා, සිරියාවේ පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන ක්‍රියාවලිය පිටුපස ගාල්වී සිටිති. ටියුනිස් සමුලුවට මඳකට පෙර එස්ඩබ්ලිව්පීය, අරාබි සංගම‍ෙය් “ප්‍රති පක්ෂ භූමිකාව” ගැන සඳහන් කරමින් එය සමග සහයෝගිතාව ගොඩනගා ගත්හ.

එය මෙසේ ලියයි. සංගමය, “දැනට විපක්ෂය සන්නද්ධ කිරීම ගැන හා සිරියාව තුල මිතුරන් සමග කටයුතු කිරීම ගැන සලකා බලමින් සිටිති. බරක් ඔබාමාගේ බොහෝ උපදේශකයින් ප්‍රවේශම්වීම ගැන කතා කරද්දී මෙය, එක්සත් ජනපදය අපහසු තත්වයකට ඇද දමයි.”

මෙම වචනත් සමග එස්ඩබ්ලිව්පීය, එක්සත් ජනපදය විසින් මිලිටරි මෙහෙයුමකට එකඟ කරගත හැකි හොඳම කොන්දේසි නිර්මානය කර ගැනීම පිනිස, අරාබි බලවතුන් හා එස්එන්සී හා එෆ්එස්ඒහි ඔවුන්ගේ ඒජන්තයින් දරන උත්සාහය පිටුපස පෙල ගැසෙයි.

ඔවුන්ගේ තෝරාගත් අධිරාජ්‍ය විරෝධී හා සමාජවාදී දෙඩවිලි තිබිය දී ම හිටපු වාම කන්ඩායම් වනාහි ධනේශ්වරයේ පක්ෂ වෙති. තම තරුන කාලයේ රැඩිකල්වාදය බොහෝ කලකට පෙර ම අතහැර දමමින්, නැඟී යන ආර්ථික අර්බුදය ද විප්ලවවාදී අරගලයන් ද හමුවේ, සිය වරප්‍රසාදිත පැවැත්ම රැකගැනීමේ වැදගත්කම සලකා, රටතුල මෙන්ම මැද පෙරදිගත් පවතින සමාජ පර්යාය සුරක්ෂිත කිරීම සඳහා කැපවීගත්, වයස්ගත වරප්‍රසාදිත මධ්‍යම පන්තික කොටස් මත ඔවුහු පදනම්ව සිටිති.

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයේ පෙරදෙටුවන් ලෙස කටයුතු කරන සහෝදරත්වය වැනි දක්ෂිනාංශික ධනපති කන්ඩායම් කෙලින් කරමින්, අරාබි කම්කරු පන්තියේ ස්වාධීන අරගලයක් ලොප්කර දැමීමේ ව්‍යායාමයෙහි පෙරමුනේම සිටින්නේ මොවුන්ය.

නැඟී එන යුද්ධයේ තර්ජනයට විරෝධය පෑ හැකි එකම සමාජ බලවේගය වන්නේ, ධනවාදය අවසන්කර දමන සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත බලමුලු ගැ‍න්වෙන ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනි. ඇමරිකාවේ හා යුරෝපයේ කම්කරුවන් හා තරුනයින් එවන් නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීම, ඔවුන්ගේ අරාබි සහෝදරයින්ට හා සහෝදරියන්ට කල හැකි මහඟු ම උපකාරය වන්නේය. මැද පෙරදිග කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවන්ගේ අරගලයන්ට, මැද පෙරදිග අධිරාජ්‍යවාදී මැදිහත්වීමකට මෙන්ම කලාපයේ සියලුම දූෂිත හා දිරාපත් වූ තන්ත්‍රයන්ට එරෙහි අරගලයක් මත පදනම් වීම සඳහා නවමු ජීවයක් එය විසින් සම්පාදනය කරනු ඇත.

ක්‍රිස් මාස්ඩන්

Share this article: