ශී‍්‍ර ලංකාව: සසප ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ රැස්වීමක් කොලඹ දී

Sri Lanka: Colombo meeting to defend SEP’s democratic rights

By the Socialist Equality Party, 6 February 2012

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරවලට එරෙහිව පක්ෂයත් යාපනයේ සිය සාමාජිකයනුත් ආරක්ෂා කරනු පිනිස පෙබරවාරි 13 දා කොලඹ දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත. සසප හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාවයි.

ජනවාරි 29 දා යාපනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සසප ප‍්‍රසිද්ධ රැස්වීමක් ආරක්ෂක අමාත්‍යංශය විසින් වලක්වනු ලැබීය. එම රැස්වීම සියලු දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීමේ සසප උද්ඝෝෂනයේ කොටසක් විය. විරුද්ධ පක්ෂවල සහ ”බෙදුම්වාදයට” සහයෝගය දෙන සංවිධානවල රැස්වීම්වලට ඉඩ නොදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය සසප රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ වීරසිංහම් ශාලාවේ කලමනාකරනයට නියම කලේය. ඊට දින තුනකට පෙරාතුව, මිලිටරිය යාපනයේ සසප සාමාජිකයන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස රඳවා ගෙන ඔවුන්ගෙන් ප‍්‍රශ්න කොට පසුව ඔවුන්ට එරෙහි කායික ප‍්‍රහාරයක් ද සංවිධානය කලේය.

සසප ”බෙදුම්වාදයට” සහයෝගය දෙන බවට වක්‍රෝත්තියෙන් කරන චෝදනාව මුලුමනින්ම සාවද්‍ය ය. සසපට ද එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට ද, දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ බෙදුම්වාදී වැඩපිලිවෙලට විරුද්ධ වන අතරම, අනුප‍්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් ගෙන යන ලද දෙමල විරෝධී වර්ගවාදී යුද්ධයට එරෙහි සප‍්‍රතිපත්තික අරගලයක දීර්ඝ වාර්තාවක් ඇත. ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත සිංහල හා දෙමල කම්කරුවන් ඒකාබද්ධ කරනු පිනිස සසප සටන් වදී.

දකුනේ කම්කරුවන්, තරුනයන් හා දුගීන් අතර සමාජ අසහනය මෙන්ම උතුරේ වර්ධනය වන මිථ්‍යා භංගය ගැන ද ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව නොසන්සුන් බවට පත්ව ඇත. වැඩෙන ධනවාදී අර්බුදයේ ප‍්‍රතිඵලයක් ලෙස වර්ධනය වන ආර්ථික අවිනිශ්චිත භාවයකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මුහුන දී සිටී. සසපට එරෙහි මිලිටරියේ කි‍්‍රයා වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි පුලුල් ප‍්‍රහාරයක කොටසක් වන අතර දෙමල හා සිංහල කම්කරු පන්තියේ සමාජවාදී එකමුතුව සඳහා වන සසප අරගලය පිලිබඳ ආන්ඩුවේ භීතිය ද එමගින් පෙන්නුම් කෙරෙයි.

සිය රැස්වීමට සහභාගි වන ලෙසත් තම දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලයට සහයෝගය දෙන ලෙසත් සසප කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටී.

ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරය

දිනය සහ වේලාව: පෙබරවාරි 13 වන සඳුදා සවස 4.00

ප‍්‍රධාන කථිකයා: සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්

Share this article: