සටන් පැතිරීමත් සමග එක්සත් ජනපදය සිරියාවට ඉහලින් ඩ්‍රෝන් යානා යවයි

US sends drones over Syria as fighting spreads

By Alex Lantier, 20 February 2012

එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන්ට අනුව, බිය සැක නැතිව සිරියානු ගුවන් සීමාව උල්ලංඝනය කරන ඩ්‍රෝන් ගුවන් ගමන්වලට, එක්සත් ජනපද හමුදා හා රහස් ඔත්තු සේවා යානා “සැලකිය යුතු ප්‍රමානයක්” ඇතුලත් ය. ඩ්‍රෝන් මෙහෙයුම, “සිරියාවට එ‍රෙහි පුලුල් ජත්‍යන්තර ප්‍රතිචාරයක් ලබා ගැනීම සඳහා සිරියානු ආන්ඩුවේ හා හමුදාවේ සන්නිවේදන විනිවිදීම සඳහා” යයි මෙම නිලධාරීහු කියති.

සිරියානු හමුදා රට තුල විරුද්ධ පාර්ශ්වය සමග වැඩ කරන තුර්කි ඔත්තු කරුවන් 40 දෙනෙකු අල්ලා ගෙන ඇතැ යි දිනපතා ඊස්රායෙල් පත්‍රයක් වන හාරෙට්ස් වාර්තා කලේ ය. එක්සත් ජනපද සහාය ලබන නිදහස් සිරියානු හමුදාව (එෆ්එස්ඒ) පුහුනු කිරීමට ඊස්රායෙල් රහස් ඔත්තු සේවාව වන මොසාඩ් සමග වැඩ කරන බවට තුර්කි ඔත්තුකරුවන් පාපොච්චාරනය කල අතර, සිරියාව තුල මෙහෙයුම් සැලැසුම් කරන මොසාඩ් ඔත්තුකරුවන් ජෝර්දානය තුල අල් කයිඩාව සමග වැඩ කරන්නේ යයි පැවසූ බව එය වාර්තා කලේ ය.

එක්සත් ජනපද සෙනේට් හමුදා සේවා කමිටුව ඉදිරියේ ජාතික ඔත්තු සේවාවේ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලපර් කල ප්‍රකාශයෙන් ද මෙය දෝංකාර නංව යි. දමස්කස් හා අලේපෝහි මෑත බෝම්බ පිපිරීම්වල “අල්කයිඩා වර්ගයේ ප්‍රහාරයක සියලු ලක්ෂන දක්නට ලැබුනි. ඒ නිසා ඉරාකයේ අල්කයිඩාව සිරියාව තුලට අත දමා තිබෙන බව අපට විශ්වාසය” යි ඔහු කීවේ ය.

පසුගිය වසරේ ලිබියානු යුද්ධයේ දී මෙන්, වොෂින්ටනය හමුදා මැදිහත් වීමක් යුත්ති සහගත කිරීමට අසාද් තන්ත්‍රය හා සිරියාව තුල විරෝධතා හා ඝාතන සංවිධානය කරමින් හා එක්සත් ජනපදයේ පිටුබලය ලබන විපාර්ශ්වීය බලවේග අතර ප්‍රචන්ඩතා උපයෝගීකර ගැනීමේ උත්සාහයක නිරතවෙයි.

ලිබියානු නායක කර්නල් මුඅම්මර් ගඩාෆි පෙරලා දැමී‍මේ දී එක්සත් ජනපදය ලිබියානු ඉස්ලාමීය සටන් කන්ඩායමේ පැරනි අල් කයිඩා සටන් කරුවන් මත පුලුල් වශයෙන් රැඳී සිටියාක් මෙන් සිරියාව තුල ද එවන් තත්වයක් ගොඩනැඟෙමින් ඇති බවක් පෙනෙන්නට තිබීම වැදගත්ය.

19දා ඉඩ්ලිබ් නගර‍යේ තුවක්කුකරු‍වෝ සැඟ වී සිට කල පහර දීමකින්, රජ‍යේ ජ්‍යෙෂ්ඨ පැමිනිලිකාර නීතිඥයා ද ඉඩ්ලිබ්හි නීතිපති නිඩාල් ගසාල් හා වින්ශ්චයකාර මොහමඩ් ෂියාදේ හා ඔහුගේ රියදුරා මරා දැමූහ. 18දා අසාද්ට එරෙහිව සැලකිය යුතු විරෝධයක් පැනනැඟී නැති සිරියාවේ විශාලතම නගරය වන අලේපෝහි නගර සභා කවුන්සිල සාමාජික ජමාල් අල් බිෂ්, තුවක්කු කරුවන් විසින් ඝාතනය කලේය.

ෆෙබරවාරී 11දා බ්‍රිගේඩියර් ‍ෙජනරාල් ඉසා අල් කොවුලි මරා දැමීම හා පසුගිය මාසයේ දී සිරියානු අරාබි රෙඩ් ක්‍රෙසන්ට්හි ඉඩ්ලිබ් ශාඛා‍වේ ප්‍රධානී අබ්දුල් රෂාක් ජ්‍බේරෝ ඝාතනය ඇතුලු සිරියානු නිලධාරීන් මරා දැමීම් මාලාවක් මේවා පසුපස පැවතුනි.

සිරියානු රජයේ සානා ප්‍රවෘත්ති සේව‍යට අනුව 19දා හමා නගරය ආසන්නයේ සටනක දී සිරියානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, “විරුද්ධ පක්ෂ‍යේ” සටන්කරුවන් ති‍දෙනෙකු හා සිවිල් වැසියන් හතර දෙනෙකු මිය ගියේය. නගරයේ හමුදා ඉංජි‍නේරු ඒකකය දුම්රිය මාර්ග‍යේ හා හාමා-ඛාටාබ් මාර්ගයේ වලලා තිබූ බෝම්බ හතරක් නිෂ්ක්‍රීය කලහ.

එක්සත් ජනපද සහාය ලබන සිරියානු “විරුද්ධ පක්ෂ‍යේ” මෙන්ම, එක්සත් ජනපද මාධ්‍ය වාර්තා පවා, දෙරා, හමේස් හා හමා වැනි නගර කීපයක හැර, නිදහස් සිරියානු හමුදාව හා ඒ සමාන හමුදාවලට ඇත්තේ අඩු සහයෝගයක් බව ප්‍රකාශ කරයි. තුර්කි‍ෙය්, යු‍රෝපීය බලවතුන්ගේ හා එක්සත් ජනපදයේ ආධාර උපකාර ලබන මෙම හමුදා, අසාද් පාලනය පෙරලා දැමීමට හා විදේශීය හමුදා මැදිහත්වීමකට පහසුකම් සැපයීමට ත්‍රස්ත ක්‍රියා යොදා ගනිති.

වොෂින්ටන‍යේ එෆ්එස්ඒ නමැති බැල හමුදා, සිරියානු හමුදාවට එ‍රෙහිව පාවිච්චි කිරීමට බෝම්බ සූදානම් කරමින් සිටින බව එක්සත් ජනපද මාධ්‍යය තරමක් විවෘතව වාර්තා කරති.‍ පෙබරවාරි 15දා පලවූ ලිපියකට අනුව ටයිම්ස් වාර්තාකාරිනියක වන රේනා අ‍බොෂීඩි, එෆ්එස්ඒ ආරක්ෂිත ස්ථානයකට ගිය අතර එහි දී ඇය සිරියානු හමුදා‍වෙන් පලාගියවුන් කහපාට කැනිති පුපුරන ද්‍රව්‍යවලින් නිෂ්පාදිත අයිඊඩී (බෝම්බ වර්ගයක්) එකලස් කරනු දුටුවා ය. “මෙම අයිඊඩී තොගය පලා‍තේ ආන්ඩු පාක්ෂිකයන්ට එරෙහිව එල්ල කෙරුන පලමුවැන්න නොවේ” යයි එෆ්එස්ඒ කාර් බෝම්බ ප්‍රහාරයකින් බියපත්ව එම සංවිධානයට එක්වුනු, මුලින් සිරියානු හමුදාවට බලෙන් බඳවා ගත් අයෙකු සමග සම්මුඛ සාකච්ඡාවක් කරමින් ඈ පැවසුවා ය.

නිව් යෝක් ටයිම්ස් පත්‍රයට අනුව, විශාල වශයෙන් අසාද්ට පක්ෂපාතී, දමස්කස් අගනුවර මධ්‍යම පන්තික නිවාස ප්‍රදේශයක් වන මෙෂ්හි 18දා පැවති විරෝධතා පෙලපාලියට එක්වූයේ පුද්ගලයන් සිය ගනනක් පමනි. ආරක්ෂක හමුදා විසින් විරෝධතා කරුවන් තිදෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව විරෝධතාව කැඳවා තිබුනි. සෞදි හා කටාර් අරමුදල්වලින් යැපෙන, බ්‍රිතාන්‍ය‍යේ පැලපදියම්ව ඇති මානව හිමිකම් පිලිබඳ සිරියානු නිරීක්ෂනායතනය (එස්ඕඑච්ආර්), සිරියානු ආරක්ෂක හමුදා විරෝධතාකරුවන්ට වෙඩි තබමින් එක් අයෙකු ඝාතනය කල බව පැවසීය.

“පෙලපාලි නගරයට පැමිනුනේ නම් හා ප්‍රමානවත් තරම් විශාල වූයේ නම් අපට තව දුරටත් සන්නද්ධ විප්ලවයක් අවශ්‍ය නොවේ ” යයි එස්ඕඑච්ආර් තව දුරටත් පැවසීය. ත්‍රස්ත ක්‍රියා මත වාරු වෙමින් නරුම ලෙස එය “විප්ලවය” ලෙස හඳුන්වන සිරියානු විරුද්ධ පාර්ශ්වයට මහජන සහයෝගය නොමති බව ඉන් ඇඟවුම් කරයි.

අසාද් තන්‍ත්‍රයට එරෙහි සටන සිරියානු කම්කරු පන්තියේ කාර්යයක් බවත්, දැන් සිරියාව යටත්කර ගැනීමට මාන බලන අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිව සටන් කර එය ප්‍රගතිශීලී පදනමක් මත ජයගත හැක්කේ කම්කරු පන්තියට පමනක් බවත් මෙ මගින් අවධාරනය කෙරේ.

බටහිර ආන්ඩු හා මාධ්‍යය මවාපාන නරුම කනස්සල්ල, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් විසින් ආදර්ශවත් කලේය. තමන් “සිරියාව සිවිල් යුද්ධයකට තල්ලු වෙමින් තිබීම ගැන කනස්නල්ලට පත්ව ” සිටින්නේ යයි ඔහු පැවසීය. ක්‍රියාත්වකවම ගැටු‍මේ ගිනිදැල් අවුලුවමින් සිටින අතර, නේ‍ටෝ රටවල නිලධාරීන්, සිරියාව තුල සිවිල් යුද්ධයක් පිලිබඳ කනස්සල්ල පල කරති.

ජෝන් මැ‍කේන් හා ලින්ඩ්සේ ග්‍රෑහැම් යන රිපබ්ලිකානු සෙ‍නේට් සභිකයන් දෙ‍දෙනා 19දා කාබුල්හි දී, සිරියානු “සටන්කාමින්” සන්නද්ධ කිරීම වෙනුවෙන් කථා කලහ. ඊජිප්තු‍වේ මිලිටරි ජුන්ටාව සමග කයි‍රෝ‍වේ කෙරෙන සාකච්ඡාවකට යන අතර ඔවුන් ජනාධිපති හමීඩ් කර්සායි‍ගේ රූකඩ තන්ත්‍රය සමග සාකච්ඡා කිරීමට කාබුල්හි නතර වී තිබුනි.

“ එක්සත් ජනපද‍ෙය් සෘජු මැදිහත්වීමකින් තොරව, විරුද්ධ පක්ෂයට ආයුධ ලබාගැනීමේ මාර්ග ඇතැ යි මම සිතමි. එබැවින් මම විරුද්ධ නොවනවා පමනක් ‍නො‍ව, විරුද්ධ පක්ෂය ආයුධ ලබා ගැනීමට පක්ෂ වන්නෙමි” යයි මැ‍කේන් පැවසී ය. වොෂින්ටනය විපක්ෂය වෙත ‍කෙලින් ම ආයුධ යැවීම අවශ්‍ය නැත. “තුන්වැනි ‍ලෝක‍යේ රටවල්” හරහා ක්‍රියා කල හැකි බවට ඔහු ‍යෝජනා ක‍ලේ ය.

සිරියාවට එ‍රෙහි එක්සත් ජනපද පියවර, ඉරානයට එ‍රෙහි එක්සත් ජනපදයේ පුලුල් කලාපීය ගැටුමක කොටසක් යයි ග්‍රෑහැම් පැහදිලි කලේ ය: “සිරියාව ඉරාන‍යෙන් ‍වෙන් කිරීම, න්‍යෂ්ටික ඉරානය සම්බාධක ‍මගින් කොටුකිරීම තරම්ම වැදගත් විය හැක. සිරියානු තන්ත්‍රය වෙනත් ආකාරයක ආන්ඩුවකින් විස්ථාපනය කරන්නේ නම් හා එහි අනාගතය ඉරානයට ගැට නොගසන්නේ නම්, ලෝකය වඩාත‍් හොඳ තැනක් වනු ඇත.”

කයි‍රෝව පදනම් කරගත් අරාබි ලීගය සිරියාව තුල ඇමරිකානු බලපෑම සඳහා “වාහකයක් ” විය හැකි යයි ග්‍රෑහැම් පැවසී ය. මැද ‍පෙරදිග ප්‍රතිවිප්ලවයට සේවය කිරීමේ දී වොෂින්ටනය, නැවතත් ඊජිප්තු මිලිටරි ජුන්ටාව සමග තමන්ට ඇති කිට්ටු බැඳීම් ප්‍රයෝජනයට ගන්නා බව ‍‍පෙ‍නේ.

එක්සත් ජනපද ගැති සිරියානු බල‍වේග සන්නද්ධ කිරීම ගැන සෙනෙට් සභිකයින්ගේ විස්තරාත්මක ප්‍රකාශ, “ඔවුන්ගේ ඊලඟ නැවතුම වන කයි‍රෝවට පැමැනි විට ඔවුන් ‍යොමු විය හැකි ‍මාතෘකා ඒවා බවට සංඥා කරයි ” යනු‍‍වෙන් නිව් ‍යෝක් ටයිම්ස් පත්‍රය සඳහන් කලේ ය. එක්සත් ජනපදය සහනාධාර වශ‍යෙන් වසරකට ඩොලර් බිලියන 1.3ක් ඊජිප්තු මිලිටරි ජුන්ටාවට පුද කර යි. පසුගිය වසර පුරා, ලිබියා‍වේ ‍නේ‍ටෝ සහාය ලද කැරලිකරුවන්ට සහාය දීමට හා ඊජිප්තු කම්කරු පන්ති‍යේ විප්ලවවාදී අරගලයන් මර්දනය කිරීමට ජුන්ටාව ‍මෙම මුදල් ‍යොදා ගත්හ.

ඊජිප්තු‍වේ තම තානාපති ආපසු ගැනීමට දමස්කසය ‍පොලඹවමින්, ඊජිප්තු ආන්ඩුව ඊ‍යේ සිරියා‍‍වේ සිය තානාපති ඉවත් කර ගත්තේ ය.

සූවස් ඇල හරහා යාත්‍රා කිරී‍මෙන් පසු ඉරාන යුද නැවක් හා පරිවාරක සැපයුම් නැවක් 19දා සිරියානු ටාර්ටූස් වරා‍යේ නැංගුරම් ලීම, සිරියාව තුල එක්සත් ජනපද නායකත්වය යටතේ සිදුකෙරමින් තිබෙන මැදිහත්වීම මුල්කරගෙන ඇතිවිය හැකි පුලුල් යුද්ධයක තීව්‍රවන්නාවූ අවදානම පිලිබඳ තවත් සංඥාවකි.

Share this article: