සමාජවාදී සමානතා පක්ෂය එක්සත් ජනපදයේ තම මැතිවරන ව්‍යාපාරය ප්‍රකාශයට පත් කරයි

Socialist Equality Party announces US election campaign

By the editorial board, 13 February 2012

එක්සත් ජනපද‍යේ සමාජවාදී සමානතා පක්ෂය 2012 මැතිවරනය සඳහා තම අ‍පේක්ෂකයන් ඉදිරිපත් කර යි. සසප ජනාධිපති අපේක්ෂකයා ‍ වෙනු‍යේ ජෙරී වයිට් ය; උප ජනාධිපති අ‍පේක්ෂිකාව ෆිලිස් ‍ ෂෙරර් ය.

13දා ‍ ලෝක සමජවාදී ‍ වෙබ් අඩවියෙහි පල ‍ කෙ‍රෙන ප්‍රකාශනයක් තුල වයිට්, සසප උද්‍‍ඝෝෂනයේ පදනම ගෙනහැර දක්වයි.

එමෙන් ම සිය ක්‍රියාමාර්ගය ඉදිරිපත් කිරීමට හා රට පුරා මැතිවරන කමිටු හා රැස්වීම් සංවිධානය කිරීමට සසප නව මැතිවරන වෙබ් අඩවියක් ද ස්ථාපිත කර ඇත.

Candidatesසසප ජනාධිපති අ‍පේක්ෂක ‍ ජෙරී වයිට් හා උප ජනාධිපති අ‍පේක්ෂිකා ‍ෆිලිස් ‍ ෂෙරර්

සසප ජනාධිපති අ‍පේක්ෂක ‍ ජෙරී වයිට් හා උප ජනාධිපති අ‍පේක්ෂිකා ‍ෆිලිස් ‍ ෂෙරර් කව්රුන් ද යත්:

පනස් දෙහැවිරිදි වයිට්, සමාජවාදී ව්‍යාපාරය තුල දශක තුනකට වැඩි කාලයක් ක්‍රියාකාරීව සිටී. ඔහු යුනයිටඩ් පාර්සල් සර්විස්හි වැඩ කරමින්, නිව් ‍ යෝක් සිටි විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතුවල යෙදී සිටින අතරතුර, 1979දී සමාජවාදී සමානතා පක්ෂ‍යේ පූර්වගාමී වර්කර්ස් ලීගයට එක්වුනි.

2008දී බරක් ඔබාමා හා ජෝන් මැ‍කේන්ට විරුද්ධව වයිට්, සසප අ‍පේක්ෂකයා ‍ ලෙස ජනාධිපති තනතුරට තරග කලේ ය. 2006 දී මිචිගන්හි 12වැනි ‍ කොන්ග්‍රස් සභා දිස්ත්‍රික්ක‍යෙන් එක්සත් ජනපද කොන්ග්‍රසය සඳහා පක්ෂයේ අ‍පේක්ෂකයා ‍ ලෙස තරග කිරීම ඇතුලුව, මැතිවරන ගනනාවක දී ඔහු සසප නි‍යෝජනය කර ඇත.

වයිට් ‍ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක‍යෙකි. ඔ‍ටෝ කම්කරුවන්ගේ , පතල් කම්කරුවන්ගේ හා කම්කරු පන්ති‍යේ අ‍නෙක් අංශවල අරගලයන් ගැන ඔහු පුලුල් වශයෙන් ලියා ඇත. ඉතා මැතක දී ඔහු ඔහියෝවල පින්‍‍ලේහි පිටමං කල කූපර් ටයර් කම්කරුවන්ගේ අරගලය ආවරනය කලේය.

"මෙම මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂය නියෝජනය කිරීම ගැන මම ආඩම්බර වෙමි” යි වයිට් ‍ලෝක සමාජවාදී ‍ වෙබ් අඩවියට පැවසු‍වේ ය. "‍මෙය ඇමරිකා‍ව තුල ද ‍ ලෝකය පුරා ද කම්කරු පන්ති‍යේ වැ‍ඩෙන විරෝධ‍යේ වසරක් වනු ඇත. අපගේ ව්‍යාපාරය ‍ මෙම අරගල එක්සත් කිරීමටත් ඒවා ධනේශ්වර පද්ධතියට එ‍රෙහිව ‍ දේශපාලන අරගලයක් කරා ‍ මෙ‍හෙයවීමටත් සටන්කරන්නේ ය”.

48 හැවිරිදි ෆිලිස් ‍ ෂෙරර් ‍ පෙනිසිල්‍වේනියා ප්‍රදේශ‍යේ පිට්ස්බර්ග්හි පාසල් ගුරුවරියකි. ඈ පිට්ස්බර්ග්හි චැතම් විද්‍යාල‍යේ ශිෂ්‍යාවක ව සිටිය දී 1984 වසරේ සමාජවාදී සමානතා පක්ෂයට බැඳුනා ය. ඇය ‍පෙනිසිල්වේනියා හා බටහිර වර්ජීනියාහි පතල් හා වානේ කම්කරුවන්ගේ අරගලවලට ක්‍රියාකාරීව සහභාගී වී ඇත. ‍ලෝක සමාජවාදී ‍ වෙබ් අඩවි‍යේ ලේඛිකාවක ‍ ලෙස ඇය, බුෂ් හා ඔබාමා පරිපාලන‍යන්ගේ ප්‍රහාරවලින් මහජන අධ්‍යාපනය ආරක්ෂා කිරීමේ අරගල වාර්තා කර ඇත.

“අපගේ උද්‍ඝෝෂනය රට පුරා ද ලෝකය වටා ද කම්කරු විශ්වාසය දිනා ගන්නේ ය යන දැඩි විශ්වාසය මට ඇත” යි ෂෙරර් කීවා ය. ‍“වෙනසක් ‍ සොයමින් මිලියන ගනනාවක් කම්කරු‍වෝ හා තරුන‍යෝ ඔබාමාට ඡන්දය දුන්හ. වසර තුනකට පසුව එය, බැංකුවල හා සංගතවල දක්ෂිනාංශික මෙවලමක් යයි පරිපාලනය විසින් ම ‍ හෙලිදරව් කර ඇත”.

ධ‍නේශ්වර පද්ධති‍යේ ඓතිහාසික අර්බුදයක, වර්ධනය වන්නා වූ කම්කරු පන්තික අරගල හා වැ‍ඩෙන්නා වූ ‍ ලෝක යුද්ධයක අනතුර මධ්‍යයේ සසප උද්ඝෝෂනය පැවත් වේ. උද්ඝෝෂනය ප්‍රකාශයට පත් කල දිනට පෙර දින, පාර්ලිමේන්තුව මෘග කප්පාදු පියවරවලට ඡන්දය දීමත් සමග පොලීසිය, ග්‍රීසි‍යේ ලක්ෂ ගනන් ‍ පෙලපාලිකරුවන් සමග ගැටුනේය. ඒ අවස්ථාවේම එක්සත් ජනපද හා යු‍රෝපීය බලවත්තු, පාලන තන්‍ත්‍ර වෙනසක් සඳහා තවත් යුද්ධයකට පදනම සූදානම් කරමින් සිරියාවට එරෙහිව තම තර්ජන තීව්‍ර කරති.

එක්සත් ජනපදය තුල ධනවාදයට එ‍රෙහිව පුලුල් ව පැතිරුනු විරෝධයක් තිබුනත්, දේශපාලන සංස්ථාපිතය තුල එහි ප්‍රකාශනයක් ‍ සොයා ගත ‍ නොහැක. එකිනෙකා හෙලා දැකී‍ෙම් හා මඩ ගසා ගැනීම් වලට පිටුපසින්, ‍ ඩෙ‍මොක්‍රටික‍ හා රිපබ්ලිකානු‍වෝ පාලක පන්ති ප්‍රතිපත්ති‍යේ සියලු අත්‍යාවශ්‍ය කාරනා මත එකඟ වෙති. මේ අතර, පක්ෂ ‍ දෙ‍කේ ම ‍ පෙට්ටගම්වලට දශලක්ෂ පතියන්ගේ හා ‍ කෝටි පතියන්ගේ දැවන්ත මුදල් පොම්ප කිරීම් මගින් 2012 මැතිවරනය, කැපී පෙනේ.

සමාජවාදී සමානතා පක්ෂය හැකි තරම් ප්‍රාන්ත ගනනක ඡන්ද පත්‍රිකාවට ඇතුල් වීමට උත්සාහ ගනු ඇත. කෙ‍සේ නමුත්, බොහෝ අවස්ථාවල දී පෙත්සම්වලට දසදහස් ගනන් අත්සන් අවශ්‍ය කෙ‍රෙන ප්‍රජාතන්ත්‍ර වි‍රෝධී මැතිවරන නීති නිසා, සසප ‍ බොහෝ ප්‍රාන්තවලදී ඡන්ද පත්‍රිකාවේ අ‍පේක්ෂකයාගේ නම ලිවී‍ම පිනිස උද්ඝෝෂන ‍ ගෙන යනු ඇත.

“සසප ඉතාමත් ප්‍රහාරාත්මක උද්ඝෝෂනයක් ‍ ගෙන යනු” ඇතැයි පක්ෂයේ ජාතික ‍ ලේකම් ජෝසප් කි‍ෂෝර් ප්‍රකාශ කලේ ය. “උ‍ද්ඝෝෂනයේ ප්‍රවර්ධනය සඳහා අපි මැතිවරන කමිටු පිහිටුවන අතර රට පුරා රැස්වීම් පවත්වන්නෙමු. කම්කරු පන්තියේ සියලු ම අරගල තුල අපි මැදිහත්වීම් සංවිධානය කරන්නෙමු. සාර්ථක උද්ඝෝෂනයක් සඳහා සමාජවාදය වෙනු‍වෙන් සටන් කිරී‍මේ අවශ්‍යතාවය පිලිබඳව එකඟවන සැමගේ ක්‍රියාකාරී සහයෝගය අවශ්‍ය ය.”

සහභාගී වන්නේ කෙ‍සේ ද හා මූල්‍යමය වශයෙන් දායක වන්නේ කෙ‍සේ ද ආදී සසප මැතිවරන උද්ඝෝෂනය පිලිබඳ ‍ තොරතුරු www.socialequality.com ‍ වෙබ් අඩවි‍යේ “Vote Socialist Equality in 2012! ” වෙතින් සොයා ගත හැක.

Share this article: