ඔබාමා ඕස්ට්‍රේලියාවේ හා ආසියාවේ මිලිටරි ස්ථානගත කිරීම් ඉහල නංවයි

Obama increases US military presence in Australia and Asia

By James Cogan, 17 November 2011

කෙටි සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිනි එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා පසුගිය පැය 24 ගත කලේ, ආසියානු පැසිෆික් කලාපයෙහි ආක්‍රමනික මැදිහත්වීම තුල සිය පාලනයේ අරමුන චීනයේ වර්ධනය වන බලපෑමට වල කැපීම බව සලකුනු කරමිනි. අගමැති ජූලියා ගිලාඩ්ගේ කම්කරු ආන්ඩුව, කලාපයෙහි ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික හා මූලෝපායික අවශ්‍යතා නඟා සිටුවීමේ අරමුන ඇතිව එක්සත් ජනපදය සමග කොන්දේසි විරහිතව පෙලගැසී සිටියි.

16දා සවස පැවති ඔබාමා-ගිලාඩ් මාධ්‍ය සමුලුවක දී ඔවුන් නිවේදනය කලේ, ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ උතුරු හා බටහිර ප්‍රදේශයන්හි ඇමරිකානු මිලිටරිය තම ක්‍රියාන්විතයන් වර්ධනය කරනු ඇති බවය. දකුනු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලට වඩා ඉන්දුනීසියාවට වඩාත් සමීප උතුරේ ප්‍රධාන නගරය වන ඩාවින්හි මූලික එක්සත් ජනපද කඳවුරක් ස්ථාපනය කරනු ලැබේ.

2012 සිට 200ත් 250ත් අතර එක්සත් ජනපද මැරීන් භටයින් මාස හයක කාලයක් උතුරු කලාපයෙහි අභ්‍යාස පවත්වනු ඇත. 2016-17 කාලයේ දී පුහුනුවට 2,500ක ගොඩබිම් හා ගුවන් කාර්ය සාධක බල ඇනියක් සම්බන්ධ වේ. කලාපය තුලටත් ඉන් පිටතටත් කෙරෙන හමුදා මාරුකිරීම් මගින්, විශාල පරිමානයේ මෙහෙයුම් පහසුකම් හා සැපයුම් මධ්‍යස්ථාන පිහිටුවීම හරහා වඩාත් විශාල ස්ථානගත කිරීම් සඳහා පහසුකම් සලසා ගනු ඇත.

බී 52 දුර විහිදුම් බෝම්බ හෙලන යානා යොදා ගනිමින් උතුරු කලාපයේ නිරන්තරව සිදු කරන අභ්‍යාස සහිතව එක්සත් ජනපද ගුවන් හමුදාව, ඩාවින් නගරයට දකුනෙන් පිහිටි ටින්ඩාල් කඳවුර බොහෝ කොට ම පාවිච්චියට ගනියි. ඉන්දීය සාගරයේ මෙහෙයුම් ඉහල නැංවීමත් සමග බටහිර ඕස්ට්‍රේලියාවේ වරායන් වෙත එක්සත් ජනපද යුද නැව් හා සබ්මැරීන් යානා පැමිනීම ද වැඩිවනු ඇත. වසර 60ක් පැරනි ඇන්සුස් මිලිටරි සන්ධානයේ රාමුව තුල ඇමරිකානු-ඕස්ට්‍රේලියානු මිලිටරි සහයෝගිතාව දැඩි වීම, පුලුල්ව දැකගනු ලබන පරිදිම මෙම ගිවිසුම් මගින් සලකුනු කරයි.

ඕස්ට්‍රේලියාව හා ඇමරිකාව සමග ඇන්සුස් සන්ධානයට ඇතුලත් අනෙක් සාමාජිකයා වන නවසීලන්තය හැරුනු කොට නිවේදනය නිකුත් කිරීමට පෙර කෙටියෙන් දැනුවත් කරන ලද රටවල් අතර තම ගුවන් පථයේ හා සාගරයේ එක්සත් ජනපද මිලිටරිය විශාල වශයෙන් ගැවසෙන ඉන්දුනීසියාව, වොෂින්ටනය එක එල්ලේ මිලිටරි බැඳීම් ගොඩනඟමින් සිටින ඉන්දියාව හා චීනය වෙයි. එක්සත් ජනපදය ඊසානදිග ආසියාවේ තම ප්‍රධාන මිලිටරි සහකරුවන් දෙදෙනා වන ජපානයට හා දකුනු කොරියාවට ද මේ පිලිබඳව දැනුම් දුන් බව වාර්තා විය. අනෙකුත් ආසියානු රටවලට මෙන්ම තම භූමි භාගයන්ට චීන මිලිටරියට ප්‍රවිෂ්ට වීමට ඉඩ නොහැරිය යුතු බවට කෙරෙන වොෂින්ටනයේ හා කැන්බරාහි බලපෑමට යටවී සිටින පැසිෆික් දූපත් රාජ්‍යයන්ට ද දැන් දැනුම්දීම් කරනු ලැබ තිබේ.

ඕස්ට්‍රේලියාවේ සිට කෙරෙන ඉහල යන එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම්වල ඉලක්කය චීනය බවට කලාපය තුල කිසිදු සැකයක් ඇත්තේ නැත. මාධ්‍ය සමුලුවේ දී ඔබාමා, චීනයේ නැගීම පිලිබඳව එක්සත් ජනපදය සතුටුවන බව කියා සිටින අතරම “එහි නැඟීම සමග එහි වගකීම ද වැඩිවෙයි. ලෝක බලවතෙක් වීමේදී අනුගමනය කල යුතු නීති ද ඊට ඇතුලත්ය යි” ද පැවසීය. ඇමරිකානු ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා මගින් අධිකාරවත් කෙරෙන, එක්සත් ජනපදය විසින් අර්ථ දක්වන, ලෝක පර්යා‍ෙය් “නියාම” වලට චීනය යටත්වන බව සහතික කර ගන්නා වොෂින්ටනයේ අභිලාෂය මෙම ප්‍රකාශයන්ගෙන් උද්දීපනය කෙරෙයි.

ශක්තිමත් කෙරෙන නාවික හා ගුවන් ස්ථානගත කිරීම් සමග ගත් උතුරු හා නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ඇමරිකානු හමුදා යෙදවුම් මගින් ලෝක වෙලඳාමේ විශාල පංගුවකට වග කියන ඉන්දීය හා පැසිෆික් සාගර අතර වැටී ඇති තීරනාත්මක මුහුදු මාර්ගවල අධිකාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය වඩා ඉහල තැනකට පත් කරනු ඇත. මෙයට චීනයේ ආනයන හා අපනයන වැඩි පංගුවක් ද ඇතුලත්ය. එසේම චීන ආර්ථික ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය, මැද පෙරදිගින් කෙරෙන තෙල් සැපයුම් ද ඇතුලත්ය. ඕස්ට්‍රේලියන් පුවත් පතෙහි වාර්තාකරුවෙක් වන ග්‍රෙග් ෂෙරිඩන් මෙසේ ලිවීය. ඩාවින් නගරය “පැසිෆික් හා ඉන්දීය සාගරයන් වෙත එක්සත් ජනපද හමුදාවට පහසුවෙන් පිවිසිය හැකි වර්ගයේ අක්ෂයකි” නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය මෙම තීරනය ගැන කීවේ මෙසේය. “පාලනය පිලිබඳව මතභේදයට තුඩුදී ඇති චීනයේ ප්‍රකාශයන් මගින් තාවකාලිකව යටපත්ව තිබෙන, ඇමරිකානු අපනයනයන් ද ඇතුලු ප්‍රධාන වානිජ්‍ය මාර්ගයක් වන දකුනු චීන මුහුද ආසන්නයේ සැලකිය යුතු තරම් වන ඇමරිකානු පා සලකුනක් යලි මතුව ඒම ය.”

17 දින ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව අමතමින් ඔබාමා, ඉරාක හමුදා ආපසු කැඳවීම මගින් එක්සත් ජනපදයට “ආසියා-පැසිෆික්හි අපගේ පෙනී සිටීම අපගේ ප්‍රමුඛතාවක් බවට පත්කිරීමට” ඉඩ සැලසෙනු ඇති බව කියා සිටියේය. සමස්ත මිලිටරි පිරිවැය අඩු කෙරෙන නමුත් ආසියාව තුල ඇමරිකානු මිලිටරි කටයුතු ශක්තිමත් කරනු ලබන බව ඔහු අවධාරනය කලේය. ඕස්ට්‍රේලියාව සමග ඇතිකරගන්නා ගිවිසුම් මගින් “එක්සත් ජනපදය පැසිෆික් බලවතෙක් බව හා අප මෙහි නැවතීමට පැමින සිටින බව” කලාපය පුරා පැහැදිලිව සංඥා කෙරෙන්නේ යයි ඔහු පැවසී ය. චීනය තමන්ගේ වැයික්කි ලෙස හඳුන්වා ගන්නා දකුනු චීන මුහුදු ප්‍රදේශ තුල “නාවික ගමනයේ නිදහස” චීනය විසින් පිලිගත යුතු බව ඔබාමා අවධාරනය කලේය.

ආසියානු-පැසිෆික් කලාපය තුල මිලිටරි අධිකාරය පිහිටුවාගැනීමේ අවශ්‍යතාවය එක්සත් ජනපද පාලක පන්තියේ ආර්ථික න්‍යාය පත්‍රයෙන් වෙනස් නො වේ. ඕස්ට්‍රේලියාව සමග ඇතිකරගත් ගිවිසුම් වල “පුලුල් අරමුනු” ඔබාමා ගෙනහැර දැක්වීය. වෙලඳ ප්‍රවිෂ්ටයන්, බුද්ධිමය දේපල හා මුද‍ෙල් අගය පිලිබඳ තත්වයන්හි දී “නීතිරීති අනුව කටයුතු කිරීම” පිනිස රටවල් මෙහෙයවා ගැනීමට ආසියානු කලාපය තුල එක්සත් ජනපදය සටන් වදිනු ඇතැයි ඔහු පාර්ලිමේන්තුව හමුවේ පැවසීය. ‍”ජාත්‍යන්තර මානයන්ට අනුව කටයුතු කිරීමේ වැදගත්කම ගැන එක්සත් ජනපදය බීජිනයට නොවලහා පවසන්නේ” යයි ඔහු ප්‍රකාශ කලේය.

ඕස්ට්‍රේලියාවේදී කල ප්‍රකාශයන්හි පැහැදිලි අරමුන ඉන්දුනීසියාවේ බාලිහි මේ සති අන්තයේ පැවැත්වීමට නියමිත නැ‍ඟෙනහිර ආසියානු සමුලුවේ න්‍යාය පත්‍රය, තානය හා ප්‍රතිපල කෙරෙහි බලපෑම් කිරීම ය. මෙම වසරේ සමුලුවට එක්සත් ජනපද ජනාධිපතිවර‍ෙයක් සහභාගි වන්නේ පලමු වතාවට ය. කලාපය තුල චීනයට එරෙහිව ඔබාමා පාලනයේ ඉල්ලීම් අවධාරනය කිරීම සඳහා එය කරලියක් බවට පත්වනු ඇත.

ඇමරිකානු අන්තර්ජාතික සංගතයන්ට පිවිසුම් කොන්දේසි අඩංගු වෙලඳ කන්ඩායමක් වන ට්‍රාන්ස් පැසිෆික් හවුල්කාරිත්වයට ආසියානු රටවල් එකතුකර ගැනීමට ඔබාමා පාලනය බලපෑම් කරයි. බුද්ධිමය දේපල පිලිබඳ එක්සත් ජනපදයේ ප්‍රකාශයන්ට අවනත කර ගැනීමට බල කිරීමේ විශේෂ උත්සුකයන් සහිත මෙම කන්ඩායම, රාජ්‍ය සතු සමාගම් සඳහා වරනීය සැලකුම් ද ඇතුලු කුමන හෝ ආරක්ෂනවාදී පියවරයන් අහෝසි කිරීම ද නිර්දේශ කරයි.

වඩාත් පුලුල්ව සලකන කල, සියයට 20-25 ප්‍රමානයකින් චීනය සිය මුදල අධිප්‍රමානය කල යුතු බවට නිරන්තරව කෙරෙන එක්සත් ජනපදයේ අවධාරනයෙහි අර්ථය, චීන තන්ත්‍රය සිය ලාභ ශ්‍රම ආර්ථිකයේ පදනම් බිඳ දැමිය යුතුය යන්නයි. ඒ අනුව, කම්කරු වැටුප් හා සේවා කොන්දේසි ක්‍රමානුකූලව කපා හරිමින් තිබෙන, දැනටමත් එය බොහෝ ආසියානු රටවලට වඩා පහත මට්ටමක තිබෙන එක්සත් ජනපදය ද ඇතුලු වෙනත් තැන්වලට නිෂ්පාදන හා වෙනත් කටයුතු මාරුකිරීමට සමාගම්වලට සෘජුව ම සහන පිරිනැමීම එහි අර්ථය යි.

එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රය, චීනයට මෙන්ම කලාපයේ අනෙකුත් රටවලට ද විනාශකාරී ආර්ථික ප්‍රතිවිපාක ජනනය කරනු ඇත. මැද පෙරදිගෙන් හා අප්‍රිකාවෙන් බල ශක්තිය ද ඕස්ට්‍රේලියාවෙන් යපස්, වානේ හා ස්වාභාවික වායු ඇතුලු අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ද සැපයුම් කරා පිවිසීම කපා හැරීමට හැකියාව ගෙන දෙන, කලාපයේ එක්සත් ජනපද මිලිටරියේ අධිකාරවත් භූමිකාව නිසා චීනය හා අනෙකුත් ආසියානු බලවතුන් සරලව ම යටත්වනු ඇති බවට පවතින විශ්වාසය මත එය ගොඩනැඟී ඇත.

කෙසේ වෙතත් දැනටමත් චීනය සුමට ලෙස අනුගත නොවනු ඇති බවට ඇඟවුම් පවතියි. බීජිං තන්ත්‍රයේ හොරනෑව වන පීපල්ස් ඩේලි පුවත්පත එහි කතුවැකියකින් කෙලින්ම කියා ඇති පරිදි “නිසැකව ම ඕස්ට්‍රේලියාවට චීනය ගොනාට ඇන්දවිය නොහැකි ය. තම ආරක්ෂාවට වල කැපීම සඳහා ඕස්ට්‍රේලියාව කරන සියල්ල උදාසීන ලෙස බලා සිටීමට චීනයට නොහැකි ය. ඕස්ට්‍රේලියාව, චීන අවශ්‍යතාවන්ට හානි කිරීම සඳහා උදව් වන පරිදි සිය මිලිටරි කඳවුරු එක්සත් ජනපදයේ පාවිච්චියට ලබා දෙන්නේ නම්, වෙඩිතබා ගැනීමට එරට ම මැදිවනු ඇත.”

උතුරු ඕස්ට්‍රේලියාවේ හමුදා කඳවුරුගත කිරීමේ එක්සත් ජනපද තීරනය ඉන්දුනීසියාවේ ද තියුනු විවේචනයට ලක්ව තිබේ. එවැන්නක් “කලාපය තුල අවිශ්වාසයේ හා ආතතියේ දුෂ්ඨ චක්‍රයක්” මුදාහරිනු ඇතැයි එරට විදේශ ඇමති මාටි නෙටලිගාවා නොසංසුන් ලෙස අනතුරු අඟවා ඇත. මාධ්‍ය හමුවක දී ඔහු මෙසේ පැවසී ය. “වඩාත්ම ඇතිවිය හැකි වාතාවරනය නම්, එක්සත් ජනපදයේ හා එහි සහකරුවන් මෙන්ම මිතුරන් ද දක්වන ප්‍රතිචාරය මගින් අභියෝග කෙරෙන්නේය යන හැඟීම, එලඹෙන වසර ගනනාවක් පුරා චීනය තුල පැලපදියම් වීමත් ඒ නිසාම තම මිලිටරි ශක්‍යතාවන් සවිමත් කිරීමට එරට තව තවත් පියවර ගැනීමේත් ඉඩ කඩයි. මේ වර්ගයේ වාතාවරනයන්හි අනිවාර්ය අන්තරාය එය යි. එහි පැතිරීම පාලනයෙන් පිට නොපනින බවට වග බලා ගැනීම අප සියල්ලන් හමුවේ ඇති අභියෝගය යි.”

නැඟී එන එක්සත් ජනපද-චීන ආතතීන් හමුවේ, ඕස්ට්‍රේලියාව ද ඇතුලු කලාපය තුල සෑම පාලක ප්‍රභූවක්ම මුහුන දෙන උභතෝකෝටිකය නැටලිගාවාගේ ප්‍රකාශයන් තුල පිලිබිඹු වෙයි. ඔවුන් සියලු දෙනා ආර්ථික වශයෙන් චීනය සමග පැටලී සිටියි. එය බොහෝ රටවල විශාලම වෙලඳ සහකරුවා ය. ඒ සමග ම එක්සත් ජනපදය, අධිකාරවත් මිලිටරි බලවතා ලෙස සිටින අතර සෑම රටක් ම බීජිනයට එරෙහිව වොෂින්ටනය වෙත වාරු කිරීමට දැරෙන ඉමහත් පීඩනයකට යටත්ව සිටියි. මෙම එදිරිවාදීකම් කම්කරු පන්තිය කෙරේ බිහිසුනු ප්‍රතිවිපාක ජනනය කරන විවෘත ගැටුමක් තුලට ඇදී යාමේ වැඩෙන අන්තරාය ඔබාමාගේ ආසියානු සංචාරය මගින් සලකුනු කරයි.

Share this article: