ඇෆ්ගනිස්තානය පිලිබඳ බොන් සම්මේලනය තුල අර්බුදය සහ අසාරදර්ශනය රජයයි

Bonn conference on Afghanistan dominated by crisis and pessimism

By Bill Van Auken, 6 December 2011

ඇෆ්ගනිස්තානය පිලිබඳ පලමුවන ජාත්‍යන්තර සම්මේලනයෙන් දසකයකට පසුව, වර්ධනය වන කලාපීය අර්බුදය හා දස අවුරුදු යුද්ධය සම්බන්දව වර්ධනය වන අසාරදර්ශනය මධ්‍යයේ , නියෝජිතයෝ සඳුදා පැරනි බටහිර ජර්මානු අගනුවරට යලි පැමිනියහ.

බොන් II, යනුවෙන් නම්කෙරී ඇති සම්මේලනය, කැඳවනු ලැබුවේ, හොඳින් දන්නා පරිදි පසුගිය වසරේ නේටෝ සම්මේලනයක් මගින් තීන්දු කරන ලද 2014 අවසානය වන විට සිදුවීමට නියමිත රට තුල කෙරෙන එක්සත් ජනපද-නේටෝ යුද මෙහෙයුම් නිල වසයෙන් අවසන් කිරීමෙන් පසුව, 2001 එක්සත් ජනපදය විසින් ඇෆ්ගනිස්තානය ආක්‍රමනය කිරීම මගින් පිහිටුවන ලද ජනාධිපති හමීඩ් කර්සායි තන්ත්‍රයට දෙන සහයෝගය දිගටම පවත්වාගෙන යාම සුදානම් කිරීමට ය.

කෙසේ නමුත්, එක අතකින් ඇෆ්ගනිස්තානය තුල දසදහස් ගනන් හමුදාව හා හමුදා කඳවුරු පවත්වාගෙන යාමට ඉඩ දෙන "මුලෝපායාත්මක හවුලක්" පිලිබඳ කර්සායි සමග ගිවිසුමක් ඇතිකර ගැනීමේ වොෂින්ටනයේ උත්සාහයත්, අනෙක් අතින් එක්සත් ජනපදය හා පකිස්තානය අතර ආතතියත් සම්මේලනය තුල ඉස්මතුවී පෙනුනි.

දුසිම් දෙකකක් පමන පකිස්තාන සොල්දාදුවන් මරනයට පත් වූ පකිස්තාන්-ඇෆ්ගනිස්තාන් දේශසීමාවේ හමුදා මුර පොලවල් දෙකකට නොවැම්බර් 26 එක්සත් ජනපදය එල්ල කල ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර වසයෙන් පකිස්තානය සම්මේලනය වර්ජනය කලේ ය. ප්‍රහාරය, "ඛේදනීය අහඹුවක්" ලෙස වොෂින්ටනය විසින් විස්තර කර ඇති නමුදු, පකිස්තාන් මිලිටරිය "දැනුවත් ආක්‍රමනික ක්‍රියාවක්" ලෙස එය නම් කලේ ය. සම්මේලනයට නියෝජිතයන් යැවීම ප්‍රතික්ෂේප කිරීමට අමතරව, පකිස්තානය හරහා කෙරෙන නේටෝ සැපයුම් මාර්ග වසා දැමු ඉස්ලමාබාදය නියමුවන් රහිත ගුවන් යානාවලින් සීඅයිඒ විසින් සිදුකරනු ලබන ප්‍රහාර සඳහා යොදා ගත් බලුකිස්තානයේ ගුවන් හමුදා කඳවුරින් ඉවත් වන්නැයි එක්සත් ජනපදයට නියෝග කලේ ය.

පකිස්තානය සහභාගි නොවීමෙන් විදේශ හමුදා වාඩිලා ගැනීමට විරුද්ධ වන තලිබාන් සහ සෙසු බලවේග විසින් දක්වන ප්‍රතිරෝධය අවසන් කිරීමකට මඟ පෙන්වන ප්‍රධාන සාධකයක් ලෙස සලකනු ලබන රට තුල හමුදා මෙහෙයුම් සම්බන්ධ පාලනය ඇෆ්ගනිස්තානය අතට "මාරු කිරීමේ" සැලැස්ම අසාර්ථක වීම අවධාරනය කෙරුනා පමනි.

තලිබානයට හානි කිරීමත් දුර්වල තත්වයක සිට සාකච්ඡාවලට එලඹීමට බල කිරීමත් අරමුනු කර ගත් නියමුවන් රහිත ගුවන් යානා මගින් පකිස්තානය තුල කෙරෙන අනවරත මිසයිල් ප්‍රහාර ඇතුලුව ඇෆ්ගනිස්තානයේ දකුනේ සහ නැගෙනහිර ප්‍රදේශවල හමුදා මෙහයුම් "තීව්‍ර" කිරීම් මාලාවක් මත එක්සත් ජනපද-නේටෝ මුලෝපාය පදනම් කර ඇත. එමෙන් ම, පකිස්තානයේ කටා නගරය පදනම් කරගෙන සිටිතැයි විස්වාස කරන තලිබාන් නායකත්වය සාකච්ඡාවලට තල්ලු කිරීමට හා ඇෆ්ගනිස්තාන් දේශසීමාවේ සිටින ගෝත්‍රික කැරලි කරුවන්ට විරුද්ධව පකිස්තාන හමුදාව විසින් නව ප්‍රහාර එල්ල කිරීම සඳහා පකිස්තාන ආන්ඩුව මත පීඩනය යෙදීමට ද තැත් කරයි.

බොන් සම්මේලනය ගැන මේ සතියේ ඔවුන් නිකුත් කල ප්‍රකාශයේදී කල පරිදි සාකච්ඡාමය විසඳුමක් සඳහා අනුබල දෙන ප්‍රවිෂ්ටයන් තලිබානය පැත්තෙන් පෙන්නුම් කර ඇත. සියලුම විදේශ හමුදාවන් මුලුමනින්ම ඉවත් කර ගැනීම එවන් කවර හෝ ගිවිසුමක පුර්ව කොනදේසියක් වියයුතු බව අවධාරනය කර ඇත. බොන් සම්මේලනය සේවය කරනු ඇත්තේ "වාඩිලා ගැනීමේ ගිනිජාලාවන් තුලට තව දුරටත් ඇෆ්ගනිස්තානය ඇදගැනීම පමනක් " බවට ඔව්හු අනතුරු ඇඟවූහ.

තලිබාන් ආන්ඩුව පෙරලා දැමුනු වහාම පවත් වනු ලැබූ පලමු සම්මේලනයට මොනම ආකාරයකින්වත් සහභාගි වීමේන් තලිබානය ඉවත් කර තැබීම දැනුවත්ව ම කලේ ය.

එය කැප කලේ තලිබාන් සංවිධානය මතුවීමට පෙර කාබුල් නගරය විනාස කල සහ වෙනත් යුද අපරාධ සිදු කල උතුරු සන්ධානයේ හමුදා නායකයන් මත විසාල වසයෙන් වාරු වූ යටත් විජිත පන්නයේ පාලන තන්ත්‍රයක් හා එකල ජනාධිපති ලෙස පත් කල වොෂින්ටනය විසින් තෝරා ගත් රූකඩයා වන කර්සායි එකට පිරිද්දීමට ය. අවුරුදු දහයකට පසුව, ඔහු තවමත්, ඇෆ්ගනිස්තාන් ජනයාගෙන් බොහෝ දෙනෙකු විසින් අනීත්‍යානුකූලයයි සලකනු ලබන දුෂිත කාබුල් ආන්ඩුව මෙහයවයි. ජර්මානු මාධ්‍යවලට අනුව ඔහුගේ දෙවන පාලන කාලය 2014 අවසන් වීමෙන් පසුවත් බලයේ සිටීමට ඔහු අදහස් කරයි.

2001 යුද්ධය පටන් ගැනීමෙන් පසුව, එක්සත් ජනපද, බ්‍රිතාන්ය හා සෙසු විදේශ හමුදා භටයන් 2823 ක් ඇෆ්ගනිස්තානයේ දී මරනයට පත් වී තිබේ. මිය ගිය ඇෆ්ගනිස්තාන ජනයා දසදහස් ගනනකි. 2011 මුල් මාස හය තුල දී පමනක් ඇෆ්ගනිස්තාන ජනයා 1462 ක් මිය ගිය බව එක්සත් ජාතීන් ගේ වාර්තාවක සඳහන් වේ: පසු ගිය අවුරුද්දේ එම කාලය තුල මිය ගියාට වඩා සියයට 15න් මියගිය සංඛ්‍යාව ඉහල ගොස් තිබේ. මෙම සංඛ්‍යායනය, නිසැකව ම තථ්‍ය වසයෙන් මිය ගිය සංඛ්‍යාව අඩුවෙන් පෙන්නුම් කරන නමුත් යුද්ධය පටන් ගැනීමෙන් දස වසරකට පසු සිදු වී ඇත්තේ මරන සංඛ්‍යාව ඉහල යාම පමනක් බව ද පෙන්නුම් කරයි.

"ඇෆ්ගනිස්තානයේ අපගේ මිත්‍රයන් සමග දිගටම කාර්යයෙහි නියැලී සිටින" බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ‍ෙබාන් සම්මේලනයේ දී ප්‍රකාශ කලා ය. ජර්මානු විදේශ ඇමති ගයිඩෝ වෙස්ටර්වේල් ද ඒ හා සමාන ප්‍රකාශයක් කලේ ය. "ඇෆ්ගනිස්ථානයේ ජනයාට අප පැහැදිලි පනිවිඩයක් යැව්වා අප ඔබව අතහැරලා දමන්නේ නැහැ. අප ඔබව අමාරුවේ දමන්නේ නැහැ" යයි ඔහු පැවසුවා ය.

කාර්යයෙහි නියැලී සිටීම හා ඇෆ්ගනිස්තානුවන් අමාරුවේ නො දැමීම වැනි කතා මගින් විදේශ හමුදාවන් ඉවත් කර ගැනීමේ නිල අවසානය වන 2014 න් දිගු කලකට පසුවත් ස්ථීර හමුදාවක් රට තුල දිගුකලක් පවත්වාගන යාමට මාන බලන එක්සත් ජපදයට හා නේටෝවට තත්වය සකසා දෙයි. වොෂින්ටනය ඇෆ්ගනිස්තානය සම්බන්ද එහි මුල් මුලෝපායාත්මක අරමුන දිගට ම පවත්වා ගෙන යයි: එනම් චීනයට විරුද්ධව එක්සත් ජනපද බලය සැලසුම් කිරීමට අරමුනු කරගත් හමුදා කඳවුරු පවත්වාගෙන යන අතර ම ඛනිජ සම්පත් බහුල මධ්‍යම ආසියානු කලාපයේ තව දුරටත් හමුදා බලයක් පවත්වාගෙන යාමය ඒ.

එහි දීර්ගකාලීන වාඩිලා ගැනීමට නීත්‍යානුකුල ආවරනයක් දීම සඳහා කාබුල් තන්ත්‍රය සමග මුලෝපායාත්මක හවුල්කාර ගිවිසුමක ට එලඹීමට වොෂින්ටනය තැත් කර තිබේ. ඇමරිකානු හමුදා දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජනපදය සමග දස අවුරුදු ගිවිසුමක් ඇතිකර ගැනීමට උපකාර කිරීම සඳහා කර්සායි තමන්ගේ පැත්තෙන් ලෝයා ජිර්ගා හෙවත් උත්තරීතර මන්ඩලයක් කැඳ වී ය. රැස්වීම කර්සායිගේ මිතුරන් සමග පෙලගැසුනු එකක් මිස මහ ජනතාවගේ අභිමතයන් නියෝජනය කරනු නො ලබන බවට බොහෝ දෙනෙකු චෝදනා කල අතර වාඩිලා ගැනීම මොනයම් ම ආකාරයකින් හෝ දිගු කිරීමට එරෙහිව ශිෂ්‍යයන්ගේ පෙලපාලි අවුලුවා ලීය.

යුද මෙහෙයුම් නිල වසයෙන් අවසන් වීමෙන් පසුව ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද හමුදා 20,000 පමණ ඉතිරිවනු ඇතැයි ස්පීගල් ඔන්ලයින් සමග කල සම්මුඛ සාකච්චාවක දී කර්ෂායි සඳහන් කලේ ය.

ඇෆ්ගනිස්තාන හමුදාවන් "පුහුනු කරන්නන්" ලෙස සේවය කිරීම සඳහා 2014 ඉවත් කර ගැනීමේ අවසන් දිනයෙන් පසුවත් ඇෆ්ගනිස්තානය තුල ජර්මානු හමුදාවන් ද රැඳී සිටිනු ඇතැයි ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් පසුගිය සිකුරාදා පැවසුවා ය.

වොෂින්ටනය සමග ගිවිසුමක දී ලෝයා ජිර්ගා හිදී හා පසුව බොන් හි දී කර්සායි මතුකල එක් කොන්දේසියක් වුයේ එක්සත් ජනපද විශේෂ හමුදා විසින් ඇෆ්ගනිස්තාන නිවාසවලට එරෙහිව කෙරෙන 'රාත්‍රී වැටලීම්' නතර කල යුතු බව ය. එවන් වැටලීම් නිසා සිවිල් ජනයා විශාල සංඛ්‍යාවක් මරනයට පත් වූ අතර ඇෆ්ගනිස්තානය පුරාම මහ ජන කෝපය අවුලුවා ලීය.

ප්‍රධාන වසයෙන් ම, විදේශ වාඩිලා ගැනීමට හා ඔහුගේ ම පාලන තන්ත්‍රයට එරෙහි මහ ජන විරුද්ධත්වය අපගමනය කිරීමේ තැතක් ලෙස කර්සායි මෙම ඉල්ලීම ඉදිරිපත් කල නමුත් ඇෆ්ගනිස්තානය තුල එහි දුෂ්ට උපායන් වෙනස් කිරීමට සුදානම් නැති බව එක්සත් ජනපද හමුදාව පැහැදිලිව පෙන්නුම් කලේ ය.

හෙල්මන්ඩ් හා කන්දහාර් පලාත්වල සිට මේ ආපසු කැඳවන හමුදාවන්ගෙන් එක් බල ඇනියක් පකිස්තාන දේශසීමාව අසල නැගෙනහිර පලාතට යැවීම මගින් සත්තකින් ම ඔවුන් තවත් "තීව්‍ර මෙහෙයුමකට" සුදානම් වන බව, එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් ඇඟවුම් කර තිබේ. පකිස්තාන දේශසීමාව හරහා පවතින ඉලක්කයන්ට එරෙහිව එල්ල කෙරෙන නියමුවන් රහිත ගුවන් යානා මිසයිල් ප්‍රහාර තීව්‍ර කිරීම සමග 2012 සහ 2013 පුරාම දැවැන්ත සටන් දිගටම පවතිනු ඇතැයි තක්සේරු කර ඇත. බ්‍රිතාන්‍ය දිනපතා ගාඩියන් පුවත්පතේ වාර්තාවකට අනුව, පකිස්තානය තුල ඉලක්කයන්ට එරෙහිව ද එක්සත් ජනපද විශේෂ හමුදා වැටලීම් කිරීමට සැලසුම් කර තිබේ.

ඇෆ්ගනිස්තානය සමග එහි නැගෙනහිර දේශසීමාවේ දිගු කොටසක් සම්බන්ධව පවතින ඉරානය, ඇෆ්ගනිස්තානය තුල ස්ථීර හමුදා කඳවුරු පවත්වාගෙන යාමේ එක්සත් ජනපද උත්සාහයන්ට සිය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කලේය. "හමුදා කඳවුරු පවත්වාගෙන යාම මගින් 2014 පසුව ද ඇෆ්ගනිස්තානය තුල ඔවුන්ගේ හමුදා තබා ගැනීම දීර්ග කිරීමට නිශ්චිත බටහිර රටවල් මාන බලන" බව ඉරාන විදේශ ඇමති අලි අක්බාර් සම්මේලනයේ දී පැවසුවේ ය. "අප සලකන්නේ එවන් ප්‍රවිෂ්ටයක් ඇෆ්ගනිස්තානය තුල ස්ථාවරත්වය සහ ආරක්ෂාව පවත්වාගන යාමේ උත්සාහයන්ට පරස්පර විරෝධී වන බව" යි ඔහු තව දුරටත් කීවේ ය.

ඉරාන න්‍යෂ්ටික වැඩ පිලිවෙල පිලිබඳ චෝදනා මත බටහිර සහ ඉරානය අතර ආතතිය වේගයෙන් තීව්‍ර වී ඇත. ඇෆ්ගනිස්තාන් දේශසීමාව අසල දී නියමුවන් රහිත එක්සත් ජනපද ඔත්තු බැලීමේ ගුවන් යානයකට මේ සතියේ ඉරානය වෙඩි තැබූ බව ඉරිදා ටෙහෙරානය වාර්තා කිරීමත් සමග මෙම අන්තරායකාරී ගැටුම ඇෆ්ගනිස්තානය තුලට ද පැතිරී යාහැකි බව පැහැදිලි විය.

වොෂින්ටනය මගින් පිහිටුවන ලබන ඇෆ්ගනිස්තාන් පාලන තන්ත්‍රයකට "අවම වසයෙන් තවත් දශකයක් සඳහා" ආර්ථික හා හමුදා ආධාර අවශ්‍ය වනු ඇතැයි සම්මේලනයට කල ඔහුගේ කතාවේ දී කර්සායි කීවේය. "350,000 ක් පමන වන ඇෆ්ගනිස්තාන හමුදාවන් නඩත්තු කිරීම සඳහා ඩොලර් බිලියන හයක ට වඩා වැය වන තතු තුල, අවම වසයෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 10 ක් ඇෆ්ගනිස්තාන ආන්ඩුවට අවශ්‍යයි." ඔහු පැවසුවේ ය.

බටහිර ආර්ථික හා මිලිටරි ආධාර නොකඩවා ගලා ඒමට හිලව් වසයෙන් දුෂනයන්ට විරුද්ධව සටන් කරන බවත් යහ පාලනය ඇති කරන බවටත් ඇෆ්ගනිස්තාන තන්ත්‍රය විසින් දෙන පොරොන්දුවක් සම්මේලනය අවසානයේ නිකුත් කල නිවේදනයකට ඇතුලත් විය.

"ඇෆ්ගනිස්තාන ආන්ඩුවේ ආයතන සෑම අතකින් ම ඇෆ්ගනිස්තාන මහ ජනතාවගේ සිවිල් හා ආර්ථික උවමනාවන්වලට ඔවුන්ගේ ප්‍රතිචාරය වැඩි කල යුතු අතර ඔවුන්ට ප්‍රධාන සේවාවන් සැපයිය යුතු" බව ලියවිල්ල ප්‍රකාශ කලේ ය. "මෙම සන්දර්භය තුල, සිවිල් ජනයා ආරක්ෂා කිරීම, නීතියේ පාලනය ශක්තිමත් කිරීම සහ සෑම ආකාරයකම දුෂනයන්ට විරුද්ධව සටන් කිරීම ප්‍රධාන ප්‍රමුඛත්වයෝ" යයි එය වැඩි දුරටත් සටහන් කලේය.

විශේෂයන් ම, කිට්ටු හිතවතුන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් කාබුල් බැංකු සෝලිය හා මත් ද්‍රව්‍ය වෙලඳාම ඇතුලු කැත දුෂන ක්‍රියාවන්වලට සම්බන්ධ, කර්සායිගෙන් ඉදිරිපත් කෙරෙන එවන් පොරොන්දු, ඒවා මුද්‍රනය කරන ලද කඩදාසි තරම් වත් නොවටිනා ඒවා ය.

ඇෆ්ගනිස්තානයේ වර්තමාන කොන්දේසි සම්බන්ධව වඩාත් අසාරදර්ශී ප්‍රකාශයන්ගෙන් එකක් වුයේ, රට තුල සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නිලධාරියෙකු හා යුරෝපා සංගමයේ වර්තමාන නිලධාරියා වන තෝමස්රුටින්ගේ ප්‍රකාශය යි. රූටින් ස්පීගල් ඕන්ලයින් එකට මෙසේ ප්‍රකාශ කලේ ය. "තරගකාරී සටන්කාමී කන්ඩායම්වල අපාලිත වර්ධනයක් මෙන්ම කාබුල් ආන්ඩුවට වඩා ඔවුන්ගේ පැරනි හමුදා ප්‍රධානීන්ට හිත පක්ෂපාතී සහ විශේෂයෙන්ම, බටහිර හමුදාවන් ඉවත් කර ගැනීමෙන් පසුව ඔවුන්ව රඳවා ගත හැකි කිසිවක් නැති ප්‍රමානය ඉක්මවා ගිය සන්නද්ධ බලවේග අපි දැන් දකින්නෙමු. මෙය සිවිල් යුද්ධය සඳහා වට්ටෝරුවකි."

Share this article: