සමාජ හා දේශපාලන අර්බුදය ඩේවෝස්හි ලෝක ආර්ථික සංසදය මත ලඹ දෙයි

Social and political crisis hangs over World Economic Forum in Davos

By Nick Beams, 26 January 2012

මාස දෙලහකට පෙර ස්විට්සර්ලන්තයේ ඩේවෝස්හි පැවති ලෝක ආර්ථික සංසදය (ඩබ්ලිව්ඊඑෆ්) තුල පැවතියේ කිසියම් ශුභවාදී මානසිකත්වයකි. ගෝලීය මූල්‍ය අර්බුදයේ නරකම අදියර පහව ගොස් ඇති සෙයක් පෙනෙන්නට තිබුනි. ජේපී මෝගන් චේස්හි ප්‍රකෝටිපති ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන්. “බැංකුවලට තඩි බැම නතර කිරීමට කාලය එලඹ තිබේ. එය වනාහි මිනිසුන්‍ට සැලකීමේ පලක් නැති හා අසාධාරන ක්‍රමයකි.” යන ආකාරයට ඩිමෝන් මැසිවිලි නැඟීය.

මේ වසරේ පෙනුම මඳක් කනස්සලු සහගතය. යුරෝපයේ සිදුවීම් පෙන්නුම් කරන්නේ මූල්‍ය අර්බුදය නිමාවී නැතුවා පමනක් නොව, එය යන්තම් පටන් ගත්තා පමනක් බවය. සෑම වසරකම ඇල්පයින් කඳුකර ගම්මානයකට රැස්වන පාලක ප්‍රභූ කොටස් මුහනදී සිටින්නේ, ඉතිහාස‍ෙය් දක්නට ලැබුනු දැවැන්තම මට්ටම්වල ආදායම් හා ධන විෂමතාවය මගින් අවුලුවන ලද, ගෝලීය සමාජ අරගල යලි හිස ඔසවන තත්වයකට ය. ඩබ්ලිව්ඊඑෆ්හි පසුගිය වාර්ෂික සමීක්ෂනය සඳහා සිය ප්‍රමඛ උත්සුකයන් පෙල ගස්වන ලෙසට කල ඉල්ලීම අනුව ඊට ප්‍රතිචාර දැක්වූ බැංකුකරුවෝ, ව්‍යාපාර ප්‍රධානීන් හා ශාස්ත්‍රාලිකයින්ගේ උත්සුකයන් පිලිබඳ ලැයිස්තුවෙහි අසමානතාවය ගැන සඳහන් කර තිබුනේ බෙහෝ පහලින්ය. මෙම වසරේදී එය අංක එකෙන් වඩා ඈතට තල්ලුවී නොතිබුනි.

සමුලුවේ මනෝ භාවය ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ගේ සමාරම්භක කථාවෙන් අනතුරුව හොඳ අතට හැරුනේ නැත. යුරෝ අර්බුදයෙන් බැටකන ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල් ආරක්ෂා කරන “ආරක්ෂනවැටක්” (firewall) වශයෙන් යුරෝපීය ඇපදීමේ අරමුදලක් වෙනුවෙන් සම්පත් වැඩිකිරීමේ රෙගුලාසි අවශ්‍ය බවට කෙරුනු ප්‍රකාශවලින් ඉක්බිත්තෙහි එම අදහසට මර්කෙල් වඩාත් නම්‍යශීලී වනු ඇති බවට බලාපොරොත්තුවක් පැවතුනි. එහෙත් එසේ නොවීය.

“අප යුරෝ මුදල වෙනුවෙන් සහතික වීමට කැමති වන නමුත් අපට අවශ්‍ය නොවන්නේ, අපට ඉටුකල නොහැකි දෙයක් වෙනුවෙන් පොරොන්දු දීමය” යනුවෙන් ඇය සංසදය හමුවේ පැවසුවාය.

23දා ජාමුඅ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාඩි, අරමුදල ඩොලර් ට්‍රිලියනයක් දක්වා දෙගුනයකින් වැඩිකිරීමට යෝජනා කර තිබුනි. ගලවා ගැනීමේ අරමුදල වැඩිකිරීමකින් වෙලඳපොලවල විශ්වාසය යලි තහවුරු කල හැකි බව සැක සහිත යයි මර්කෙල් පැවසුවාය. එය තෙගුනයකින් වැඩිකලත් එය පවා සෑහේ දැයි සැක සහිතය.

“අපට අවශ්‍ය නොවන්නේ... අවසානයේදී අපට පිටුබලය දිය නොහැකි යමක් ගැන‍ පොරොන්දු දෙන තත්වයයි. මන්ද යත්, ජර්මනිය යමක් පොරොන්දු වන්නේ නම්, වෙලඳපොලවල් ඒවාට තදින් පහරදෙන තත්වය තුල එය ඉටුකල නොහැකි පොරොන්දුවක් වන විට, මුලු යුරෝපයම ඊට ගොදුරුවන බැවින්ය.”

ප්‍රන්සයේ නය වර්ගීකරනය පහත හෙලීමෙන් පසුව, දැන් ජර්මනිය යුරෝ කලාපයේ ඒ තුනේ (AAA) වර්ගීකරනය හිමි එකම ප්‍රධාන ආර්ථිකය බවට පත්ව තිබිය දී, යුරෝපීය ගැලවීමේ අරමුදලට සිය දායකත්වය වැඩි කලහොත් එරට, නය වර්ගීකරන ආයතනයන්හි සෘජු පීඩනයට හසුවීම, මර්කෙල්ගේ කනස්සල්ලට හේතුවයි.

කතාව පවත්වාගෙන යන අතරතුරදී ම මූල්‍ය අර්බුදය තවදුරටත් නරක අතට හැරෙමින් තිබුනි. පෘතුගීසි නය වාර්තාගත මට්ටම් කරා නැගුනු අතර සිය පොරොන්දු මුලුමනින්ම කඩ කිරීමට බලකෙරෙන තත්වයකට ආන්ඩුවට මුහන පෑමට සිදුවනු ඇතැයි යන භීතිය ඉන් ප්‍රකාශ විය.

නත්තල්-අලුත් අවුරුදු කාලයේ කෙටි විරාමයක් පෙන්නුම් කිරීමෙන් පසුව ගැඹුරුවන මූල්‍ය අර්බුදය, 20වන සියවස තුල වර්ධනය කල මූල්‍ය හා අනෙකුත් යාන්ත්‍රනයන්, 21 වන සියවසේ සංකීර්නතාවන්ට මුහුන පෑමට දැන් මුලුමනින්ම අසමත්ය යන, සංසදය වෙනුවෙන් පල කල ඩබ්ලිව්ඊඑෆ්හි වාර්ෂික වාර්තාවේ මූලික තේමාවන්ගෙන් එකක් සලකුනු කිරීමේ දී සැලකිල්ලට භාජනය වී ඇත.

ඩබ්ලිව්ඊඑෆ් වාර්තාව, “බාල වර්ගයේ බීජ” වපුරා තිබෙන බවත්, එය ජීවිතය මුලුමනින්ම කාලකන්නි කරන, බලාපොරොත්තු සුන් කරන තැනක් වී ඇතැයි” ද අනතුරු අඟවයි.

එය මෙසේ ද සඳහන් කරයි. “විවිධාකාර ගෝලීය අවදානම් එකට අමුනමින් ඒවා හරහා දිවෙන හුයපටවල්, මනුෂ්‍ය වර්ගයාගේ බහුතරයකට අපායක් සලකුනු කරන මූල්‍ය, ජනගහන විකාශනය හා සමාජ අවදානම් හෙලිපෙහෙලි කරයි.”

ශක්‍ය විකල්ප නොමැති තත්වය හමුවේ දුස්සාධ්‍ය වන ආර්ථික කොන්දේසි, “රාජ්‍යයන් හා පුරවැසියන් අතර සමාජ ගිවිස්නාව විනාශයට පත්කරමින්” ආරක්ෂනවාදය, ජාතිකවාදය හා ජනතාවාදය මඟින් අවුලුවාලන, ගෝලීය ආර්ථිකය පහතට නැඹුරු සර්පිලයකට ගමන් කල හැකි බවට වාර්තාව අනතුරු අඟවයි.

මෙම වාතාවරනය තුල වැදගත්ම නොතකා හැරීම වන්නේ, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක හා සමාජවාදය සඳහා සවිඥානක දේශපාලන අරගලයක වර්ධනයයි. එහෙත් වාර්තාවේ කතුවරු, 2011 ඊජිප්තුව තුලත් වෙනත් තැන්වලත් සිදුවීම් ගැන සඳහන් කිරීමේ දීත්, සමාජ අසමානතාවයේ වැදගත්කම පෙන්වාදෙන විටත්, ඒවා ඔවුන්ගේ සිත් සතන්හි හොල්මන් කල බව පැහැදිලිය.

ඔවුහු මෙසේ ලිවූහ. “අරාබි වසන්තයේදීත්, ලෝකය පුරා වාඩිලෑමේ හා මෑතක හටගත් එවැනිම වූ ජනතා අප්‍රසාදය පලවන ව්‍යාපාරයනුත් තුල අධිකාරය දැරූ, කනස්සල්ලට හේතුවන ප්‍රධාන ප්‍රශ්න දෙකක් මතු කෙරේ. එනම්, දේශපාලන හා ආර්ථික සංස්ථාපිතයන් කෙරෙහි පුරවැසියන් අතර වැඩෙන අතෘප්තිය හා ඉමහත් තාක්ෂනික සම්බන්ධතා මගින් ඇතිකර තිබෙන වේගවත් ජනතා බලමුලුගැන්වීම ය.”

සමාජ හා ආර්ථික ජීවිතයේ දැනට සිදුවෙමින් තිබෙන දැවැන්ත මැරුව කෙරෙහි ප්‍රතිචාර දැක්වීමේ දී, පවතින දේශපාලන හා සමාජ පර්යායේ ශක්‍යතාව පිලිබඳව කැපී පෙනෙන අවිශ්වාසයක් ද ඒ සමග ම වාර්තාවෙන් එලි දැක්වෙයි.

“ලෝකය වඩ වඩාත් සංකීර්න හා ස්වාධීන ආකාරයකට වර්ධනය වෙද්දී, සෞභාග්‍ය හා ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි පද්ධතීන් කලමනාකරනය කිරීමේ හැකියාව වියැකී යමින් තිබේ. වැඩෙන තාක්ෂනය, මූල්‍යමය අන්තර් රඳාපැවැත්ම, සම්පත් ක්ෂයවීම හා දේශගුනික විපර්යාස කෙරෙන් නැගී එන අවදානම් සමූහය. ප්‍රතිපත්ති, සම්මතයන්, නීති රෙගුලාසි හෝ ආයතන වැනි පවත්නා රැකවරනයන්හි දුබල හා අස්ථාවර ස්වභාවය හෙලිදරව් කරයි. අපගේ රැකවරන අත්‍යවශ්‍ය සම්පත් කලමනාකරනයට හා යථාර්තවත් වෙලඳපොලවල් ද මහජන සුරක්ෂිත භාවය ද සහතික කිරීමට තවදුරටත් නොගැලපෙනවා විය හැකිය.”

සමස්තයක් ලෙස ගත් විට ඩබ්ලිව්ඊඑෆ් වාර්තාව, පාලක පැලැන්තීන්, පාලනය ගෙනයාමට නීත්‍යානුකූලව තමන්ට ඇති අයිතිය අහිමිවී ඇති බවත්, තමන් නායකත්වය දරන ලද දේශපාලන හා ආර්ථික පර්යායට ලෝකය පුරා මහජනතාවගේ දෑස් ඉදිරිපිට නීත්‍යානුකූල භාවයක් නොමැති බවත්, සමාජ, ආර්ථික හා පාරිසරික භීෂනයක් මිස මානව වර්ගයාට අන් කිසිවක් අත්කර දීමට තමන්ට නොහැකි බවත් පිලිගැනීමකට සමාන ය.

එහෙත් පාලක ප්‍රභූව හා එහි අතාර්කික මෙන්ම විනාශකාරී ආර්ථික හා දේශපාලන පර්යාය, මෙයට හිස නමා සාමකාමී හා සුවදායී නින්දක් කරා හෙමින්සීරුවේ ම මාරුවන බවක් මින් අදහස් නොකරයි. ඉතිහාසය තීරනය කරන්නේ සහේතුකත්වය මගින් නොව පන්ති අරගලයෙනි. සිය ඓතිහාසික බංකොලොත් භාවය දෘෂ්‍යමාන වන්නට වන්නට, දැන් ඩේවෝස්හි එක්රැස්ව සිටින, පාලක ආර්ථික හා දේශපාලන ප්‍රභූව මෙන්ම ඔවුන්ගේ මාධ්‍ය දෘෂ්ටිවාදීන් හා ශාස්ත්‍රාලිකයින්, පෙර නොවූ විරූ නිර්දය භාවයකින් වර්ධනය වන සමාජ ප්‍රතිරෝධයට එරෙහිව ස්වකීය තත්වය රැක ගැනීමට සටන් වදිනු ඇත.

ලොව පුරා වැඩකරන ජනතාව පවතින සංස්ථාපිතය කෙරේ සිය විරෝධය පලකොට තිබේ. එහෙත්, ගෝලීය පාලක පන්තීන්ම පිලිගන්නා, මානව වර්ගයා ඇද දැමීමට තර්ජනය කරන ව්‍යසනය විසඳීමේ සිය සමාජවාදී ක්‍රියාමාර්ගය ධනාත්මක ලෙස ඉදිරියට ගෙන යාම ඔවුන් තවමත් ආරම්භ කර නැත. එලඹෙන අවධියේ ඉතා හදිසි කර්තව්‍ය වන්නේ එයයි.

Share this article: