ගෝලීය පසුබෑම පිලිබඳ ජාමූඅ අනතුරු අඟවයි

IMF warning on global downturn

By Nick Beams, 25 January 2012

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, (ජාමූඅ) ගෝලීය පසුබෑම හා යුරෝ කලාපීය අර්බුදයෙන් ගලා එන වැඩෙන මූල්‍ය අවදානම් පිලිබඳ ලෝක බැංකුවේ හා එක්සත් ජාතීන්ගේ අනතුරු ඇඟවීම්වලට සිය හඬ ද එක් කලේය.

2012 ගෝලීය වර්ධනය පිලිබඳ සිය පුරෝකථනය, සියයට3.3ට සංශෝධනය කරමින් - එය සැප්තැම්බර් අනාවැකියට වඩා සියයට 0.7න් පහත හෙලීමකි - යුරෝපයේ පූර්න පසුබෑමක් පිලිබඳව අනතුරු අඟවන අතර ජාමූඅ, ලෝක ප්‍රකෘතිය "යුරෝ කලාපයේ ආතතීන් උග්‍ර අතට හැරීමත් වෙනත් තැන්වල අස්ථාවරත්වයත්" මගින් තර්ජනයට ලක්ව ඇති බව කියා සිටියි. "යුරෝ අර්බුදය උපද්‍රවකාරී නව අදියරකට ලඟාවෙද්දී" 2011 සිව්වන කාර්තුවේ වර්ධනය පිරිහීමක් බවට පත් වෙමින් තිබේ.

දියුනු ආර්ථිකයන්හි අපේක්ෂා කලාට වැඩි වර්ධනයක් පවතිද්දී ම, මෙම වර්ධනයන් සැලකිය යුතු ගාමක බලයක් ජනනය කරනු ඇතැයි අපේක්ෂා කල නොහැකිය. "නැගී එන ආර්ථිකයන්” ලෝක ආර්ථිකයේ නව ප්‍රසාරනයකට පදනම සපයනු ඇති බවට යලි යලිත් පලවූ ප්‍රකාශයන් පිලිබඳ දෘෂ්ටියට අනුව යමින් ජාමූඅ මෙම කලාපයන් සුවිශේෂ වැදගත් කමක් දරන බව කියා සිටියි.

මෙම ආර්ථිකයන්හි වර්ධනය "පුරෝකථනය කලාට වඩා අඩුවී ඇති බව ජාමූඅ වාර්තාව සඳහන් කරයි. ආන්ඩුවල වියදම් කැටිකිරීමත් "යටින් සිදුවන දුබල වර්ධනයත්" යන දෙකේ ඒකාබද්ධ බලපෑම මත එය වරද පටවයි.

"යටින් දිවෙන අවදානම තියුනු ලෙස වැඩිවී" තිබෙන බවට අනතුරු අඟවන වාර්තාව, "යුරෝ කලාපයේ රාජ්‍ය හා බැංකු පීඩනය අතර හානිකර ප්‍රතිපෝෂන දරනු උග්‍ර අතට හැරීමෙන් ඉතා බරපතල අවදානම් ගලා එන බව ද සඳහන් කරයි. මෙය පෙන්නුම් කරන්නේ, බෙහෙවින් නයගැතිවී තිබෙන ආන්ඩුවල බැඳුම්කර පොලී ඉහල යාම නිසා එම බැඳුම්කර අගය පහත වැටීමට තුඩු දෙමින් ඒවා සතුකරගෙන සිටින ප්‍රධාන බැංකුවල මූල්‍ය තත්වය දුබල වීම හා තවදුරටත් ආන්ඩුවලට ඇප දීමේ අවශ්‍යතාවය වැඩි කරන බවත්ය.

කෙසේ වෙතත්, අවදානම් යුරෝපයට පමනක් සීමාවී නැත. ජාමූඅ "නැගී එන ආර්ථිකයන්හි" තත්වය කෙරෙහි ද අවධානය යොමු කරයි. "නයෙහි උත්පාතය හා වත්කම් මිලෙහි වර්ධනය සේම ඉහල නඟින මූල්‍ය දුබලකම්" එම රටවල් අත්දකිමින් සිටියි.

මෙය ඉල්ලුමේ උත්පාතයකට හා මෙම ආර්ථිකයන්හි වර්ධන අනුපාතිකයන් ඉහල යාමේ ප්‍රවනතාවය අධි තක්සේරු කිරීමකට තුඩුදිය හැකි බව වාර්තාව පෙන්වා දෙයි. "දේපල හා නය වෙලඳපොලවල ගාමකය දරන හැරීමක් මගින් ආර්ථික කටයුතු කෙරෙහි ඇතිකරන බලපෑම ඉතා හානිකර වනු ඇත"

නමින් සඳහන් නොකරන නමුත් මෙම විස්තරය චීන ආර්ථිකයට හොඳින් ගැලපෙයි. 2008 ගෝලීය මූල්‍ය අර්බුදය ඇරඹුන තැන් පටන්, තිරසාර ආර්ථික වර්ධන අනුපාතික තුල තීරනාත්මක ක්‍රියා කලාපයක් ඉටුකරන ලද චීනයේ බෙහෙවින් උත්තෝලනය කල දේපල හා ඉදිකිරීම් වෙලඳපොල බිඳවැටීමක විභව බලපෑම පිලිබඳ කනස්සල්ල වැඩෙමින් තිබේ.

වත්මන් තත්වය සාරාංශ ගත කරමින් වාර්තාව මෙසේ පවසයි. "බිඳ වැටෙන සුලු මූල්‍ය පද්ධතීන්, ඉහල රාජ්‍ය හිඟ හා නයගැතිකම මෙන්ම පොලී අනුපාතික ශුන්‍යයට ආසන්නව පැවතීම මගින් සංලක්ෂිත වත්මන් වාතාවරනය, ස්වයං-පෝෂිත අශුභවාදය හා හානිදායක කම්පන පැතිර යාමට සරු පසක් සම්පාදනය කරයි. වඩාත් තීරනාත්මක වන්නේ යුරෝ කලාපයෙහි එන්ට එන්ටම නරක අතට හැරෙන අර්බුදයයි.˜"

ජාමූඅ වාර්තාව නිකුත් කිරීමට මත්තෙන් එහි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාඩි 23දා බර්ලින්හි දී කතාවක් පැවැත්වූවාය. මන්දගාමී වර්ධන අනාවැකි ගැන සඳහන් කරමින් ඇය පැවසුවේ "සාධනීය ප්‍රතිපත්ති සමුදායක්" ඇතිකරගත යුතු බවයි. ඒ පිලිබඳව කිසිදු සහතිකයක් ඇත්තේ නැත. වෙනත් වචනවලින් කිවහොත්, අනාවැකි පලකර ඇත්තේ යුරෝපීය අන්ඩුවලට යුරෝ කලාපීය මූල්‍ය අර්බුදය විසඳාගත හැකිය යන අයථාර්තවත් පරිකල්පයක් මතය යන්නයි.

අනවශ්‍ය තරම් වැඩි අවස්ථාවන්හි දී අවිනිශ්චිත භාවය, ඉල්ලුම හා නය දීමට ඇති කැමැත්ත පසු පසට අදින බව ලැගාඩි පැවසුවාය. 2012 වසර "සුවපත් වීමේ වසර" විය යුතුය. "නොඑසේනම්, අප පහසුවෙන්ම 1930 ගනන්වල මොහොත කරා ලිස්සා යා හැකිය. ඒ අවස්ථාව නම් විශ්වාසය හා සහයෝගිතාව බිඳ වැටීමත්, රටවල් ඇතුලතට හැරීමත්ය. එම මොහොත, අවසානයේ දී ලෝකයම ගිල ගන්නා පහත බසින සර්පිලයකට තුඩු දෙනු ඇත."

එවන් මෙහොතක්, අකර්මන්‍යතාවය, පටු කල්පනාව හා අනම්‍ය දෘෂ්ටිවාදය තුලින් අවිල ගිය හැකි බවට ලැගාඩි අනතුරු අඟවයි. ඇගේ ප්‍රකාශ පැහැදිලිව ම ඉලක්ක කර ඇත්තේ ජර්මානු ආන්ඩුව හා මූල්‍ය අධිකාරීන් වෙත ය. බර්ලිනයේ විරුද්ධත්වය හමුවේ ජාමූඅ අවධාරනය කරන්නේ, ඉහල ද්‍රවශීලතාවයක් සඳහා අවකාශ හා අර්බුදය තුල යුරෝපීය මධ්‍යම බැංකුව වඩාත් ක්‍රියාශීලී ලෙස මැදිහත්වීමේ අවශ්‍යතාවය යි. ඇගේ ප්‍රකාශ නිකුත් වන්නේ බලපෑම් දමීමට මිස යුරෝපීය මූල්‍ය පද්ධතිය පිහි තුඩක තුලන වී තිබිය දී එම මූලාශ්‍ර හෙලාදැකීමට නොවේ.

ට්‍රිලියනයක ඇපදීමේ අරමුදලක් සඳහා බලපෑම් කරන ලැගාඩි, "ගිනි බැම්මකින්" තොරව ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල් "අසාමාන්‍ය මූල්‍ය පිරිවැය හේතුකොටගෙන නුබුන්වත්කමේ අර්බුදයක් තුලට තල්ලුවීමේ අන්තරාය වලක්වාගත නො හැකි" බවට ඇය අනතුරු අඟවයි. "එවැන්නක් ගෝලීය මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට විනාශකාරී ප්‍රතිවිපාක" ගෙනදිය හැකිය.

අර්බුදය පොරබැදීමේ දී ජර්මනිය විශාල වගකීමක් දැරිය යුතු බවට සමාන අදහස් පලකරන අතරම ලැගාඩි, යුරෝ කලාපයට අවශ්‍ය වන්නේ, "එක් රටක ආර්ථිකයේ බිඳ වැටීමක් සමස්ත යුරෝ කලාපයේ ම රාජ්‍ය මූල්‍යය හා මූල්‍ය ක්ෂේත්‍රය, වියදම් අධික අර්බුදයක් තුලට ඇද වැටීමට පෙරාතුව, පොදු සහයෝගිතාවක් සඳහා ඉඩකඩ සලසන යම් ආකාරයක අවදානම් පංඟුකර ගැනීමකට අවකාශ සැලසීම" බව කියා සිටියා ය.

අරමුදල් ඉහල නැංවීමට විරෝධය දක්වන්නවුන්ට අතුල් පහරක් දෙමින් ලැගාඩි පෙන්වා දුන්නේ, "මූල්‍ය ප්‍රතිපත්තිය අශීලාචාරකම හා වගකීම අතර සදාචාරාත්මක ක්‍රීඩාවක් ලෙස දැකගන්නා, කනස්සල්ලට හේතුවන ප්‍රවනාතාවක්" පවතින බවය.

ජාමූඅ සිය යථාවත්කරන වාර්තාව නිකුත්කිරීමට සමගාමීව ජපානයෙන් ලැබෙන ප්‍රවෘත්ති පෙන්නුම් කරන්නේ, ප්‍රමුඛ කාර්මික රටවල අඛන්ඩ පසුබෑමයි. යුරෝ කලාපීය අර්බුදය, යෙන් මුදල අධි ප්‍රමානය වීම හා පසුගිය වසරේ ඇතිවූ භූ කම්පනය හා තායිලන්තයේ ගංවතුර වැනි ස්වාභාවික විපත් වල ප්‍රතිපල වශයෙන්, 1980 ගනන්වලින් පසුව ජපානය පුථම වතාවට මුහුන දෙන වෙලඳ ශේෂයේ හිඟය නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බොහෝ අනාවැකි කරුවන් හිතන්නේ ජපානය ඉක්මනින්ම අතිරික්තයක් කරා මාරුවනු ඇති බවයි. එහෙත් අනෙකුත් අය, ලෝක ආර්ථික‍ෙය් හෝන්දු මාන්දුව තව දුරටත් පැවතියහොත් ජපානයේ අලුත්ම දත්ත, ප්‍රවනතාවයක ආරම්භය බවට පත්වනු ඇතැයි අනතුරු අඟවති.

ක්ෂිතිජයේ මහා ප්‍රකෘතියක්, ජපාන බැංකුව විසින් ප්‍රතික්ෂේප කරයි. 24දා නිකුත්කල නිවේදනයකින් එය, මූල්‍ය වෙලඳපොලවල “බරපතල ආතතියක්” පවතින බවට අනතුරු අඟවා තිබුනි. මාර්තු මාසයෙන් අවසන් වන වසර තුල දල දේශීය නිෂ්පාදිතය සියයට 0.4කින් හැකිලෙනු ඇති බවට ජපාන මහ බැංකුව ගනන් බලා ඇත. එය කලින් කියා තිබුනේ ආර්ථිකය සියයට 0.3න් වර්ධනය වනු ඇති බවයි. 2013 මාර්තු දක්වා වන වර්ෂය තුල වර්ධනය සියයට 2ක් පමනි. මෙය ද පහත හෙලීමට බොහෝ දුරට ඉඩ ඇත. විශේෂයෙන්ම වෙලඳ ගේෂයේ හිඟය දිගටම පැවතුන හොත් එසේ වනු ඇත.

Share this article: