සමාජවාදී සමානතා පක්ෂය ( ඕස්ටේ‍්‍රලියාව) ආරම්භක සම්මේලනය

යෝජනා 6: ජුලියන් අසාන්ජ් ආරක්ෂා කරනු

Resolution 6: Defend Julian Assange

9 may 2012

ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂය 2012 අප්‍රේල් 6 සිට 9 දක්වා සිඩ්නිහි පැවැත්වූ ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කෙරුනු යෝජනා 7න් හය වැන්නයි.

පහත දැක්වෙන්නේ 2012 අපේ‍්‍රල් 6 සිට 9 දක්වා සිඞ්නි නගරයේදී පැවැත්වුනු සමාජවාදී සමානතා පක්ෂය (ඔස්ට්රේලියාව) ප‍්‍රථම සම්මේලනයේ දී සම්මත කරගන්නා ලද යෝජනා හතෙන් හය වැන්නයි.

1. මෙම සම්මේලනය විකිලීක්ස් ආරම්භක ජුලියන් අසාන්ජ් සිරගෙට දැමීමට ඔබාමා පාලනාධිකාරය ගෙනයන කුමන්ත‍්‍රනයට ලේබර් ආන්ඩුව දක්වන සමීප සහයෝගය හෙලාදකී. ගිලාඩ් ආන්ඩුව මෙම ඕස්ටේ‍්‍රලියානු පුරවැසියාගේ මූලික නෛතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ප‍්‍රතික්ෂේප කිරීම මගින් ඔහුට එරෙහි මෙහෙයුමේ බරපතල භූමිකාවක් ඉටු කර ඇත.

2. අසාන්ජ් ද විකිලීක්ස් ද මර්දනය කිරීම මූලික දේශපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කරන මහා පරිමාන ගෝලීය ප‍්‍රහාරයක කොටසකි. එහි අරමුන වන්නේ ලෝකය පුරාම වැඩකරන ජනතාව මත පටවනු ලබන යුදවාදයේ සහ සාගින්නේ වැඩපිලිවෙලට එරහිව නැගෙන මහජන විරෝධය මර්දනය කොට ගොලුකර කර දැමීම යි.

3. ස්ට‍්‍රැට්ෆෝර් නම් එක්සත් ජනපද පුද්ගලික බුද්ධි සමාගමෙන් ලබාගන්නා ලද අභ්‍යන්තර ඊ-මේල්වලින් පැහැදිලි වන්නේ ඔබාමා පාලනාධිකාරය 2010 දෙසැම්බර් පටන් අසාන්ජ්ට විරුද්ධව රහස් ග‍්‍රෑන්ඩ් ජුරි (මහ ජුරි) අධිචෝදනාවක් ලබාගෙන ඇති බව ය. අවුරුද්දකටත් වැඩි කාලයක් බි‍්‍රතාන්‍යය තුල රඳවාගෙන තිබෙන ඔහු පදනම් රහිත ලිංගික චෝදනා උඩ ස්වීඩනයට පිටමං කරනු ලැබීමේ තර්ජනයට මුහුන දී සිටී. මෙම සම්පූර්න අවනඩුව ම මානා තිබෙන්නේ ඔහුව එක්සත් ජනපදයට බාරකරවා ගැනීමට ය. එහිදී 1917 ඔත්තු පනත යටතේ ඔහුට විරුද්ධව නඩු ඇටවීමට සැලසුම් ගත කර ඇත.

4. විකිලීක්ස් ආරම්භකයාට සූදානම් කර ඇති දෙය දැනට ම විකිලීක්ස් තොරතුරු මූලාශ‍්‍රය වන සෙබල බ‍්‍රැඩ්ලි මැනිංට සිදු කර ඇත. දැන් අවුරුදු දෙකක් තිස්සේ මැනිං එක්සත් ජනපද මිලිටරි සිර ගෙයක බලහත්කාරයෙන් නිරුවත්ව, නිදි වරවා හුදෙකලා කොට තබාගෙන වෙනත් වධයන්ට ද භාජන කරනු ලැබේ. පාලකයින්ගේ සැලසුම මැනිං වරද පිලිගැනීමේ සම්මුතියකට යට කොට එය අසාන්ජ්ට එරෙහි නඩුවේ පදනම ලෙස යොදාගැනීම ය.

5. අසාන්ජ් පිටට අපරාධ පවරා විකිලීක්ස් වෙබ් අඩවිය විනාශකිරීමට වොෂිංටනය ක‍්‍රියා කරන්නේ, එය එක්සත් ජනපදය විසින් ඇෆ්ඝනිස්තානය සහ ඉරාකය තුල කරන ලද මෙතෙක් ලෝකය දැන නොසිටි සිවිල් ඝාතන සහ වධ බන්ධන දහස් ගනනක් ද වෙනත් අනන්ත අපරාධ ද එලිදරව් කල නිසා ය. විකිලීක්ස් විසින් එලිදරව් කරනු ලැබූ ලිපි අතර කෙවින් රඩ් අගමැති වරයා බලයෙන් පහකොට දමා ජුලියා ගිලර්ඩ් බලයට පත් කල, බල තැරැව්කාරයන් එක්සත් ජනපද තානාපති කාර්යාලය සමග 2010 මැද දී ගෙනගිය සමීප සම්බන්ධතා පිලිබඳ ලියවිලි ද ඒවාට ඇතුලත් ය.

6. ගිලාඩ් මුල පටන් ම අසාන්ජ්ට එරෙහි මර්දනයට සහාය දුනි. ඈ 2010 දෙසැම්බරයේ දී -එක්සත් ජනපද ග‍්‍රෑන්ඩ් ජුරිය රහසින් කැඳවා තිබුනු තතු තුල "මොනම සාක්කියක් වත් නැතිව, නීතියුක්ත භාවයකින් තොරව - විකිලීක්ස් ප‍්‍රකාශන "නීති විරෝධී” යයි ප‍්‍රසිද්ධියේ කියා සිටියා ය. ඇගේ ආන්ඩුව ඕස්ටේ‍්‍රලියානු බුද්ධි අංශ සමග ආන්ඩුවේ පොලිසියට අසාන්ජ්ට එරෙහිව පාවිච්චි කල හැකි මොකක් හෝ හාරා අවුස්සා ගැනීමට නියම කරමින් එක්සත් ජනපද අපරාධයට ආධාරදීමට හැකි සෑමදෙයක් ම කලා ය.

7. ලේබර් පක්ෂය අසාන්ජ් බිලිදීමෙන් බලාපොරොත්තු වන්නේ වොෂිංටනයේ අපරාධ සහ ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුව ඒවා පිලිබඳව ඉටු කල භූමිකාව පමනක් නොව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ගෙනයන ඉමහත් යටි කූට්ටු වැඩ සටහන් සහ කම්කරු පන්තියට ඒවා බලපාන අන්දම ද ඒවා පිලිබඳව ඕස්ටේ‍්‍රලියානු ආන්ඩුවල භූමිකාව ද වසන් කර තබාගැනීම යි. දැන් ගිලාඩ් ආන්ඩුව ඉටු කරමින් සිටින්නේ බුෂ්ගේ ආන්ඩුව ජිනීවා සම්මුතීන් සහ ජාත්‍යන්තර නීති නොතකා ඩේවිඩ් හික්ස් සහ මම්දුත් හබිබ් යන ඕස්ටේ‍්‍රලියානු පුරවැසියන් දෙදෙනෙක් කියුබාවේ ගුඅන්තනාමෝ කඳවුරේ තවත් එබඳු ම සිරකරුවන් සිය ගනනාවක් ද සමග සිරභාරයේ තබා ගැනීමට එකල හොවාඩ් ආන්ඩුව ඉටු කල දුෂ්ට භූමිකාවට නොදෙවෙනි භූමිකාවකි .

8. මෙම තිදෙනාට ම විරුද්ධ මෙහෙයුම් දිගින් දිගටම කරගෙන යන "ත‍්‍රස්ත විරෝධී” යයි ව්‍යාජ ලෙස හඳුන්වනු ලබන යුද්ධයේ අංශයකි. ඇෆ්ඝනිස්ථාන් සහ ඉරාක යුද්ධවලින් අරඹා, පිටරට ආක‍්‍රමන සඳහා ව්‍යාජයක් ලෙස යොදාගනු ලැබ ඇති මෙම යුද්ධය එක්සත් ජනපදය තුලම පොලිස් නීති තොගයක් පැනවීම සඳහා හේතුව ලෙස ද ඉදිරිපත් කරගෙන ඇත. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සහ පූර්වාදර්ශයන්ට එරෙහිව බුෂ් දියත් කල ප‍්‍රහාරය තවදුරටත් උග‍්‍රකර තිබෙන ඔබාමා පාලනාධිකාරය මෙන් ම ලේබර් ආන්ඩුව ද සිය පෙරගමන්කරු පාලනය ආරම්භ කල අධිකාරවාදී "ත‍්‍රස්ත-විරෝධී” පියවර උත්සන්න කර ආයතනගත කර ඇත.

9. දෙගොල්ල එකතුව ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව ගෙනයන ප‍්‍රහාරය හරිතයන් ද ඇතුලු මුලුමහත් දේශපාලන සංස්ථාපිතය විසින් ම අනුමත කරනු ලැබ ඇත. සුලුතර ලේබර් ආන්ඩුව හරිතයන් රුකුල් දී 2000 පටන් තහවුරු කරන ලද සෑම දරුනු පියවරක්ම, නඩු විභාගයකින් තොරව රඳවා තැබීම, රහසේ ප‍්‍රශ්න කිරීම, හමුදාව යෙදවීමේ නීති, උතුරු ප‍්‍රදේශවල ආදිවාසී ප‍්‍රජාවන් තුලට පෙර නුවූ විරූ හමුදා කඩාවැදීම් සහ වඩාත් දරුනු සරනාගත විරෝධී නීති දිගින් දිගටම පවත්වාගෙන යනු ලැබේ.

10. වාර්තාව පෙන්නුම් කරන්නේ අතිමූලික ප‍්‍රජාතන්ත‍්‍ර සහ නෛතික අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ඕස්ටේ‍්‍රලියානු පාලක කවයන් තුල කිසිදු සැලකියයුතු කොටසකගේ සහයක් නොමැති බවය. ඇමරිකානු මූලිකත්වයෙන් කෙරෙන වධබන්ධන, රෙන්ඩිෂන් (සිරකරුවන් නීති විරෝධී ලෙස රහසේ රටින් රටට මරුකර යැවීම) සහ ගුවන්තනාමෝ කඳවුරේ සිරකර තැබීම් ද බලහත්කාර පිටුවහල් කිරීම් ද සරනාගතයන්ට ආරක්ෂක හේතු උඩ තහංචි පැනවීම සහ ඕස්ටේ‍්‍රලියානු පුරවැසියන්ගේ ගමන් බලපත‍්‍ර තහනම් කිරීම යනාදී ක‍්‍රියා පිලිබඳව කැන්බරා පාලනය ට එරෙහි නීතිමය පියවර මාධ්‍යවල කෙඳිරියක්වත් නැතිව, ලේබර් පක්ෂය විසින් වලකනු ලබයි.

11. මෙම පියවරවල මුල පවතින්නේ ධනේශ්වර පද්ධතියේ ගැඹුරු වන අර්බුදයයි. යුදවාදය, උග‍්‍ර අසමානතාව, සහ සමාජ සහ සේවා තත්වයන් දිගින් දිගටම ප‍්‍රහාරයට ලක් කිරීම තවදුරටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවලින් කරගෙන යාමට එන්න එන්නම අමාරු තත්වයක් පැනනැග තිබේ.

12. අසාන්ජ් ද විකිලීක්ස් ද ගෙන ඇති ධෛර්ය සම්පන්න ආස්ථානයට ආචාර කරන මෙම සම්මේලනය ඔවුන්ගේ ආරක්ෂාව සඳහා සටන් වදිනු ඇත.

අසාන්ජ් සහ විකිලීක්ස් මුලු ලෝකය පුරා දසලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ඇස් ඉදිරියේ එක්සත් ජනපද ආන්ඩුව ද එපමනක් නොව ඕස්ටේ‍්‍රලියානු සහ ලෝකයේ වෙනත් ආංඩුවල ද හැසිරීම සහ ස්වභාවය එලිදරව් කිරීමට ක‍්‍රියාකර තිබේ.

13. මෙම සම්මේලනය අසාන්ජ් සහ මැනිං යන දෙදෙනාම වහාම නිදහස් කල යුතු යයි කියා සිටී. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම ලේබර් ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් තොරව කල නොහැකි බව ද එය පෙන්වා දෙයි. ලේබර් ආන්ඩුව කම්කරු පන්තියට එරෙහිව වොෂිංටන් කුමන්ත‍්‍රනයේ ඍජු හවුල් කරුවෙකි. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකගැනීම දිරාපත් පාර්ලිමේන්තු මූනත මගින් ඉටු කර ගත හැක්කක් නොවේ. එය කල හැක්කේ සමාජය පුද්ගලික ලාභය මත නොව මානුෂික අවශ්‍යතාවයට අනුව ප‍්‍රතිසංවිධාන කරගැනීමට ද ආර්ථික, දේශපාලන, සහ සමාජ ජීවිතයේ සෑම ක්ෂේත‍්‍රයක ම සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රය තහවුරු කිරීම් සඳහා ද කැප වූ කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයකිනි.

Share this article: