සමාජවාදී සමානතා පක්ෂය ( ඕස්ටේ‍්‍රලියාව) ආරම්භක සම්මේලනය

යෝජනා 7: සමාජවාදී සමානතා පක්ෂය ගොඩනගනු!

Resolution 7: Build the SEP!

9 may 2012

පහත දැක්වෙන්නේ 2012 අපේ‍්‍රල් 6 සිට 9 දක්වා සිඞ්නි නගරයේදී පැවැත්වුනු සමාජවාදී සමානතා පක්ෂය (ඔස්ට්රේලියාව) ප‍්‍රථම සම්මේලනයේ දී සම්මත කරගන්නා ලද යෝජනා හතෙන් අවසාන එකයි.

1. සමාජවාදී සමානතා පක්ෂයේ මෙම ප‍්‍රථම ජාතික සමුලුව පැවැත්වෙන්නේ එහි පෙරගමන්කරු සෝෂලිස්ට් ලේබර් ලීගය (එස්එල්එල්) පිහිටුවීමෙන් සතලිස් වන සංවත්සරයේ දී ය. එස්එල්එල් ආරම්හක සම්මේලනය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට (ජා .ක.), එහි ඕස්ටේ‍්‍රලියානු ශාඛාව ලෙස, බැඳීමට ඓතිහාසික තීන්දුවක් ගත්තේ ය. මෙම තීන්දුව ගනු ලැබුවේ ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික අඛන්ඩතාවය නියෝජනය කරන බවත් තම ජාත්‍යන්තර සහෝදරයන්ට මෙන් ම ඕස්ටේ‍්‍රලියානු කම්කරු පන්තියට ද සිය ඓතිහාසික අවශ්‍යතා තහවුරු කර ගත හැක්කේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම මගින් පමනක් බවත් වටහාගැනීම මත ය.

2. සසප පදනම් වන්නේ ලේබර්වාදයට, ස්ටැලින්වාදයට, සහ වෘත්තීය සමිතිවාදයට එරෙහිව පමනක් නොව, ලේබර් පක්ෂයට හා එමගින් ධනේශ්වර රාජ්‍යයට කම්කරු පන්තිය යටත් කිරීමට කි‍්‍රයා කරන විවිධ ප‍්‍රති-මාක්ස්වාදී ”වාම” ප‍්‍රවනතාවයන්ගේ ජාතික අවස්ථාවාදයට ද එරෙහිව දශක හතරක් තිස්සේ කලා වූ ප්‍රෞඪ අරගලයක් මත ය.

3. 1985-86 භේදයේ දී, බි‍්‍රතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ ජාතික අවස්ථාවාදීන්ට ද එස්.එල්.එල්. තුල ම සිටි ඔවුන්ගේ සහකරුවන්ට ද එරෙහිව ජාත්‍යන්තර කමිටුවේ බහුතරය සමග එක් වූ එස්.එල්.එල්. සංවිධානයට ඉක්බිතිව එලඹුනු මාක්ස්වාදයේ පුනර් ජීවනයේ දී සිය භූමිකාව ඉටු කිරීමට පදනම සැකසුනේ ලෝක සමාජවාදී විප්ලවයේ ට්‍රොට්ස්කිිවාදී කි‍්‍රයාමාර්ගය සඳහා කල ඉහත අරගලයෙනි.

4. එතැන් පටන් ජාත්‍යන්තර කමිටුව ද එස්එල්එල් - සසප ද විසින් කරගෙනයන ලද අප‍්‍රතිහත අරගලය දැන් බලගතු වෛෂයික සන්තතීන් සමග අන්තර්ඡේදනය වෙමින් පවතී. 2011 පුපුරා ගිය සමාජ අරගල ජාත්‍යන්තර කමිටුවේ කේන්ද්‍රීය ඉදිරිදර්ශන දෙකක් සනාථ කර තිබේ. පලමුවෙනුව, නිෂ්පාදනයේ ගෝලීය එකාග‍්‍රිතවීම පන්ති අරගලයේ මීලඟ මහා නැග්ම අන්තර්ගතයෙන් පමනක් නොව රූපයෙන් ද ජාත්‍යන්තර වනු ඇති බව ය. දෙවනුව, ධනේශ්වර නිෂ්පාදන මාධ්‍යයේ වෛෂයික පරස්පර විරෝධතා ලෝක දේශපාලනයේ හරි මැදට යලිත් වරක් පන්ති අරගලය ගෙන’වුත් ඇති බව ය.

5. ගිය දශක හතර තුල ඇති වූ ලෝක ආර්ථිකයේ සුවිසල් වෙනස්කම් 2008 මූල්‍ය අර්බුදය සමග ඇරඹුනු ධනේශ්වර පර්යායේ බිඳවැටීම ද සමග මුදුන්පත්ව, දශක ගනනාවක් තිස්සේ කම්කරු ව්‍යාපාරය තුල ආධිපත්‍යය දැරූ පැරනි ජාතික පාදිත සංවිධාන සහ පක්ෂ බිඳ දමා තිබේ. ඕස්ටේ‍්‍රලියානු ධනේශ්වර පර්යායට වාරු දීමේ ලා එතරම් ම තීරනාත්මක භූමිකාවක් ඉටුකල ලේබර් පක්ෂය ද ඇතුලත්ව සියලු ඊනියා කම්කරු පක්ෂ, අද දින මිලියන සංඛ්‍යාත ජනයාගේ ඇස් ඉදිරිපිට, තරයේ ම අවමානව ඇත. විවෘතව ඇත්තේ දේශපාලන රික්තයකි. වෛෂයික තත්වයේ පරිවර්තනය දේශපාලන විඥානයේ ප‍්‍රගාඪ මාරුවක සාධක එලිපිටම සම්පාදනය කර තිබේ.

6. ලෝකයේ අන් සියලු රටවල් මෙන්ම ඕස්ටේ‍්‍රලියාව ද ගෝලීය අර්බුදයේ මහා සුලියට ඇද දමනු ලැබ ඇත. සිය ජාත්‍යන්තර සගයන් මෙන්ම ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය ද මෙයට ප‍්‍රතිචාර දක්වා ඇත්තේ කම්කරු පන්තියේ ජීවන තත්වයන් වඩවඩා උග‍්‍ර වන ප‍්‍රහාරයකට ලක් කිරීම මගිනි. වාර්තාගත ප‍්‍රමානයකින් ඛනිජ සහ ස්වභාවික ගෑස් අපනයනය කිරීම මගින් අන්තර්ජාතික ඛනිජ සංගත පෙර නුවූවිරූ ලාභ ගරා ගන්නා අතර ආර්ථිකයේ අනෙකුත් සෑම අංශයක් ම ඕස්ටේ‍්‍රලියානු මුදලේ වටිනාකම (ඛනිජ අපනයන ලාභ නිසා) අපාලිතව ඉහල නැගීම නිසා අවපාත තත්වයන්ට ආසන්නව පවතී. විදේශ නය මත රඳවා තිබෙන ප‍්‍රධාන බැංකු ලෝක ආර්ථිකයේ අලුත් මූල්‍ය දියවීමක් ඇතිවුවහොත් ගෝලීය නය අරමුදල්වලින් නය ගැනීමේ මං ඇහිරී ගොස් බංකොලොත් වීමේ තර්ජනයට ලක්ව සිටිති. ආර්ථිකය උත්තේජනය කිරීම සඳහා වියදම් ඇනහිටුවා සිටින මධ්‍යම ආන්ඩුව සහ ප‍්‍රාන්ත ආන්ඩු අයවැය අතිරික්ත ඉල්ලා බල කරන මහා සංගත සනසනු වස්, නිෂ්පාදනය උත්තේජනය කරන සකල වියදම් ම නවතා දමා ඇත. දැනට ඩොලර් බිලියන හතලිහක් තරම් වන හිඟය 2013 මැද වනවිට අතිරික්තයක් බවට ප‍්‍රතිවර්තනය කරන බවට ගිලාඩ්ගේ ලේබර් ආන්ඩුව දී ඇති පොරොන්දුව ඉටු කිරීම සඳහා කලයුතුව ඇති සැත්කම දල ජාතික නිෂ්පාදනයට අනුපාත වශයෙන් ගත හොත් වත්මන්හි ස්පාඤ්ඤයේ කම්කරු පන්තිය බඳුන් කර ඇති කප්පාදුව ද පරයා යයි.

7, පැරනි ඕස්ටේ‍්‍රලියානු ”ව්‍යාපාර ආකෘති” තවදුරටත් ජාත්‍යන්තරව තරඟකාරී නැති බව, බැංකු සහ ආයෝජන අරමුදල් විසින් නියෝජිත මූල්‍ය ප‍්‍රාග්ධනය අවධාරනය කරයි. කර්මාන්තයෙන් කර්මාන්තයට රැුකියාවේ ආරක්ෂාව, නිශ්චිත වැඩ පැය, අසනීප හා නිවාඩු ගෙවීම් අයිතිය ඇතුලූ ස්ථිර, පුර්න කාලීන කම්කරුවන් සතු අයිතීන් නොමැති අනියම් සහ කොන්ත‍්‍රාත් කම්කරුවන් එන්නෙන්නම වැඩි ප‍්‍රමානයක් යොදාගැනීමට අසීමිත බලය ද සහිත ඊනියා නම්‍යතාවය ඇතිකිරීමට සංගත පාලනය සමග වෘත්තීය සමිති එක්වී සිටිති. රාජ්‍ය අංශයේ බැංකුවල ද ගුවන් ප‍්‍රවාහනයේ ද වානේ සහ කාර් කර්මාන්තවල ද තවත් එවැනි කර්මාන්ත ගනනාවක ද පූර්න කාලීන රැකියා විනාශ කොට නිර්දය ලෙස වියදම් කැපීම කරගෙන යනු ලැබේ. ශ‍්‍රම බලකායෙන් සියයට හතලිහක් පමන දැන් ලබන්නේ සතියකට පැය 18 කට අඩු තාවකාලික හෝ කොන්ත‍්‍රාත් වැඩ ය.

8. 2011 ශුද්ධ රැකියා වැඩිවීම අවුරුදු 20 කින් අඩුම වේගයට වැටී ඇති අතර විරැකියාව ඉහල යමින් තිබේ. රැකියා සොයන සියලු දෙනා ඇතුලත් සැබෑ විරැකි අනුපාතය 2012 ජනවාරියේ දී සියයට 10.3 දක්වා ඉහල නැගුනි. මේ වනාහී ආන්ඩුවේ නිල සංඛ්‍යාව මෙන් දෙගුනයකි. යන්තමින් ලක්ෂ දහයකට (මිලියනයකට) නොවැඩි කර්මාන්ත අංශයේ රැකියා සංඛ්‍යාවෙන් ලක්ෂ තුන සිට හතර දක්වා අඩමාන තත්වයකට වැටෙන බව ගනන් බලා තිබේ. රාජ්‍ය අංශයේ ද ගොඩනැගිලි හා දේපල සංචාරක, බැංකු, මූල්‍ය, තොරතුරු සහ අධ්‍යාපන අංශවල ද කෘෂිකර්මයේ සහ ආධාරක අංශවල ද තවත් ලක්ෂ ගනනක් රැකියා තර්ජනයට ලක්ව ඇත. 2012 ආරම්භයේ දී සැබෑ විරැකියාව ද අඩ විරැකියාව ද ඒකාබද්ධව ගත් කල එය සියයට 17.8 ක් තවත් මිලියන 2.2 (ලක්ෂ 22 ක්) කරා නැග තිබුනි.

9. දැනට ම ඉතිහාසයේ පෙර නුවූ විරූ මට්ටමකට නැග ඇති කප්පාදුව ද රැකියා සහ සේවා තත්වයන්ට එල්ල කර ඇති ප‍්‍රහාරය ද මගින් සමාජ අසමානතාවය තවදුරටත් ඉහල දැමෙනු ඇත. 1980 සහ 2007 අතර කාලයේ දී ඕස්ටේ‍්‍රලියාවේ කුටුම්බයන්ගෙන් පොහොසත් ම සියයට එකේ ආදායම සියයට 189 කින් ඉහල නැගුනි. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ පවත්නා තත්වය හා සමාන ය.

2008 වර්ෂයේ දී වාර්ෂික ආදායම ඩොලර් 197,000 ට වැඩි ඉහලම ආදායම් ලබන සියයට එකක් දෙනා සමස්ත ජාතික ආදායමෙන් සියයට දහයක් අත්පත් කරගත් හ. 1980 දී මෙම තට්ටුව විසින් අත්පත් කරගන්නා ලද්දේ සියයට පහක් පමනි. ඉහල ම සියයට .01 දෙනා සමස්ත වාර්ෂික ආදායමේ සිය පංගුව 1980 දී සියයට 1 සිට, 2008 දී සියයට 4 දක්වා වැඩි කර ගති. මෙවන් වැඩිවීමක් සිදුවුයේ 1950 න් පසු ප‍්‍රථම වතාවට ය.

ඕස්ටේ‍්‍රලියානු කුටුම්බයන්ගෙන් ඉහලම සියයට 20, 2003-04 ජාතික ආදායමින් සියයට 58.6 ක් අත්පත් කරගෙන තිබුනු අතර 2009-10 අතර මෙය සියයට 62.2 දක්වා ඉහල නැගුනි. මේ අතර දුප්පත්ම පවුල් සියයට 20 ක අදායම තිබුනේ සියයට එකක මට්ටමේ ය.

ධනේශ්වර ප‍්‍රභූවේ මුදුනේ බිලියන පතියන් ද බහු-මිලියන පතියන් ද දෙසීයක් සිටිති. මොවුන්ගේ පුද්ගලික වටිනාකම 2010 වර්ෂයේ දී සියයට 23 කින් ඉහල නැග මිලියන 167.3 කට ලඟාවිය. තරාදියේ අනික් තට්ටුවේ දුප්පත්කමේ ගැලුනු මිලියන 3.8 ක් ඕස්ටේ‍්‍රලියානුවෝ වූ හ. සංඛ්‍යා ලේඛන සහිත අවසාන අවුරුද්ද වන 2006 දී මධ්‍යංකයට අඩු අදායමක් ලබන්නවුන් හැටියට සැලකුනු සියයට 60 ක් යුරෝපා සංගමය සහ එක්සත් රාජධානියේ දී මෙන් ඕස්ටේ‍්‍රලියාවේ දී ද දිලින්දන් ලෙස සලකන ලදහ. එම වර්ෂයේ දී යුරෝපා සංගමයේ දී සහ එක්සත් රාජධානියේ දී එය සියයට 6.5 ක් විය. ඕස්ටේ‍්‍රලියාව අඩු ආදායම් ලාභීන් සඳහා ආධාර ලෙස වියදම් කල මුදල දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3.2කි. එනමුත් ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රම බලකායෙන් විරැකි කුටුම්බයන් තුල ජීවත් වූ ප‍්‍රතිශතය ඉහත සඳහන් ඕඊසීඩී රටවල ප‍්‍රතිශතයට වැඩි ය.

10. මෙම සම්මේලනය මෙසේ නිගමනය කරයි: සසපය කම්කරු පන්තියේ ම වෛෂයික ඓතිහාසික ආසක්තයන් ප‍්‍රකාශිත කරන්නාවූ මාක්ස්වාදයේ විද්‍යාත්මක සමාජවාදී කි‍්‍රයාමාර්ගය මත පදනම්ව, කම්කරු පන්තියේ පැනනැගෙමින් පවත්නා සමාජ, ආර්ථික සහ දේශපාලන අරගලවලට තීරනාත්මකව මැදිහත් වනු ඇත. මාක්ස්වාදය සකල ආකාර ජාතික අවස්ථාවාදයෙන් වෙන්වී ගන්නේ සමාජයේ එකම ස්ථිරසාර විප්ලවවාදී බලවේගය කම්කරු පන්තියය යන්න ද මාක්ස්වාදීන්ගේ අතිමූලික කර්තව්‍යය වන්නේ දේශපාලනිකව, න්‍යායිකව සහ ප‍්‍රායෝගිකව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය පවත්වාගැනීම ය යන්නද පිලිබඳව කරන අවධාරනයෙනි. සමාජවාදී විප්ලවය වනාහි මෙම සම්මුති විරහිත වැඩකටයුතුවල අවසාන ප‍්‍රතිඵලයයි. උපායාත්මක කෙටි මාවත් ඇත්තේ නැත. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය අත්පත් කරගත හැකි වන්නේ එහි වඩාත්ම සවිඥානික තට්ටු ගිය සියවසේ මූලෝපායික අත්දැකීම්වලින් උගන්වා ගැනීමෙන් ම පමනි.

11. ලෙනින් සහ ට්‍රොට්ස්කි අවධාරනය කල පරිදි සමාජවාදී විප්ලවය සූදානම් කිරීමේ දී පක්ෂයේ කර්තව්‍යය වන්නේ "ඉවසිලිවන්තව පැහැදිලි කිරීම ය.” මෙය වනාහී කිසිසේත්ම අනුක‍්‍රමවාදයක් නොවේ. මින් අදහස් වන්නේ සෑම තත්වයක් තුලදී ම පක්ෂය තම විප්ලවවාදී කි‍්‍රයාමාර්ගය සහ මුලධර්ම සඳහා සටන් කලයුතු බව ද ධනවාදය පෙරලා දමා, දේශපාලන බලය සියතට ගැනීමෙන් තොරව ඉදිරි ගමනක් නැති බවද යන මෙම සත්‍යය කම්කරුවන්ට කීමෙන් නොපැකිලිය යුතු ය යන්න යි. "ඉවසිලිමත්ව පැහැදිලි කිරීම” වනාහී කම්කරු පන්තිය තුල සිය දේශපාලන කර්තව්‍යයන් කෙරේ ඓතහාසික භෞතිකවාදී වැටහීමක් අප විසින් වර්ධනය කලයුතුය යන්නයි. පන්තිය තුල පවත්නා ක්ෂනික මනෝගතීන් සහ විඤ්ඤානය සමග ගැටෙමින් වුව අප මෙය ඉටු කල යුතුව ඇත.

12. ස්වයංසිද්ධ ව්‍යාපාරය කෙතරම් ඉමහත් වුවත් එහි රුපාකාරය කෙතරම් බලගතු වුවත් එයට ඉදිරියට යා හැක්කේ කම්කරුවන් ඔවුන්ගේ වෛෂයික ඓතිහාසික අවශ්‍යතා හා කර්තව්‍යයන් පිලිබඳව දැනුවත් වූ තරමට පමනක් ය යන ලෙනින්වාදී වැටහීම මත සසපය ද එහි සාමාජිකත්වය ද සිය වැඩකටයුතු පදනම් කරගැනීම මත ම පමනක් බව මෙම සම්මේලනය අවධාරනය කර සිටී. වෙනත් වචනවලින් කිවහොත් සසප යොමුවන්නේ කම්කරු පන්තිය එහි අතිමූලික ස්වභාවයෙන් ම ගැබ් කර ගෙන සිටින්නා වූ ද එහෙත් තවමත් නොදැනුවත් වූ ද විභව ය වන, අධිරාජ්‍යවාදී යුද්ධය, සූරාකෑම, මර්දනය සහ අසමානත්වය අවසන් කිරීමට ද සමාජය සැබවින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සමනතාවාදී පදනම් මත ප‍්‍රතිනිර්මානය කිරීමට ද පවත්නා ගතිකය පිලිබඳව එම පන්තිය ම දැනුවත් කිරීමට ය. තත්වයේ ක්ෂනික දුෂ්කරතා කුමක් වුවද පක්ෂයේ දේශපාලන, න්‍යායික සහ ප‍්‍රායෝගික ආරම්භකත්වයන් ම පමනක් කම්කරු පන්තියේ යථා ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමේ දී ද බලය අල්ලා ගැනීම සඳහා සැබවින් විප්ලවවාදී තත්වයක් වර්ධනය කිරීමේ දී ද තීරනාත්මක භූමිකාව ඉටු කරනු ඇත.

13. වඩාත්ම දේශපාලන වශයෙන් දැනුවත් කොටස් සමාජවාදය කරා දිනාගැනීමට සසප සටන් වදිනු ඇත. කම්කරු පන්තිය බංකොලොත් පාර්ලිමේන්තු රටාව තුල ද ජාතික රාජ්‍යය තුල ද සිරකර තැබීම සඳහා ලේබර් පක්ෂය, වෘත්තීය සමිති සහ හරිතයන් පිලිබඳව මිථ්‍යා වැපිරීමට මධ්‍යම පන්තික ව්‍යාජ වම දරන්නාවූ ප‍්‍රයත්නයන්, සසප නිර්දයව එලිදරව් කරනු ඇත.

කම්කරු පන්තියේ ස්වාධීන, සමාජවාදී මහා ව්‍යාපාරයක් පැනනැගීම වැලැක්වීම එල්ල කරගත් ‘යලි කාන්ඩ ගැසීම’ ට ඔවුන් දරන ප‍්‍රයත්නයන් ද සසප එසේම එලිදරව් කරනු ඇත. එවැනි ප‍්‍රයත්නයක අරමුන වනු ඇත්තේ ප‍්‍රතිවිප්ලවය සූදානම් කිරීම සඳහා ධනපති පන්තියට කල් ලබාදීමයි.

14. මෙම සම්මේලනය සමාජවාදය සඳහා අරගලයේ දී තරුනයින්ගේ තීරක භූමිකාව අවධාරනය කරයි. ලෝකය පුරා ඔවුන්ගේ සමානයන් සේ ම ඕස්ටේ‍්‍රලියාවේ තරුනයෝ ද අර්බුදයේ දරුනුම ප‍්‍රහාරයට ලක්වී සිටිති. ධනවාදය යටතේ ඔවුන් මුහුන දී සිටින්නේ මහා පරිමාන විරැකියාවට සහ යුද්ධයට ය. සරසවි ද තාක්ෂනික විද්‍යායතන ද විද්‍යාල ද තුල සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ (සසජාශි) ශාඛාවන් පිහිටුවීමට සසප කි‍්‍රයාත්මකව සටන් වදිනු ඇත. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ ශාඛාවන්හි වර්ධනය සඳහා සටනේදී සසපය එම ආයතනයන්හි ශිෂ්‍යයන් සහ තරුනයන් ජාත්‍යන්තර කමිටුවේ ඉතිහාසය, කි‍්‍රයා මාර්ගය සහ ඉදිරිදර්ශනය කරා ද කම්කරු පන්තිය දෙසට ද යොමු කිරීමට සටන් වදිනු ඇත. මෙම සටන් එල්ල වනු ඇත්තේ පස්චාත් නුතනවාදය ද ඇතුලත් සකලාකාර ආත්මීය විඤ්ඤානවාදය ට එරෙහිවය. ජාත්‍යන්තරව වාඩිලාගැනීමේ ව්‍යාපාරතුලට වැදී ව්‍යාජ වම්මුන් විසින් වගා කෙරෙන ප‍්‍රති විප්ලවවාදී දේශපාලනයට එරෙහිව සසපය, ධනේශ්වර දේශපාලන ආධිපත්‍යය පවත්වා ගැනීමට එල්ල වූ ද පන්ති අරගලයේ ප‍්‍රමුඛත්වය ප‍්‍රතික්ෂේප කිරීමට යත්න දරන්නා වූ ද "අනන්‍යතා දේශපාලනයේ” හා අරාජකවාදී "දේශපාලනය එපා” සටන් පාඨයේ ප‍්‍රතිගාමී භූමිකාව පැහැදිලි කරනු ඇත.

15. සසපයේ කි‍්‍රයාමාර්ගයේ පාදක ගල වන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමගිය ගොඩ නැගීම බව මෙම සම්මේලනය ප‍්‍රකාශකර සිටී. ධනවාදයේ අර්බුදය විසින් ජනනය කරනලද සමාජ ආතතීන් අවමංගත කිරීම සඳහා, සරනාගතයින් ද රට තුලම ආදිකාලීන ජනකාය ද ආගමනිකයන් ද ඇතුලු සමාජයේ වඩාත් ම අසරන කොටස්වලට එරෙහිව ජාතිවාදය, ජාත්‍යෝත්තමවාදය සහ වර්ගවාදය වැනි ධනේශ්වරය හා එහි දේශපාලන - මාධ්‍ය සංස්ථාපිතය විසින් හාරා අවුස්සනු ලබන සකලාකාර දෘෂ්ටීන් මෙම සමේලනය විසින් හෙලා දකිනු ලැබේ.

16. සසපය කම්කරු පන්තියේ සියලු අරගල තුලදී වෘත්තීය සමිති ඇතුලු නිල දේශපාලන සංස්ථාපිතයෙන් මුලුමනින් ම ස්වාධීන වූ ද ඒවාට ප‍්‍රතිවිරුද්ධ වූ ද නව සංවිධාන වර්ධනය කර ගැනීමට දිරිදෙයි. ඒවාට රැකියා, වැටුප්, සහ වැඩ තත්වයන් රැක ගැනීම සඳහා වැඩපල වල සමාන්‍ය සාමාජික කමිටු මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, සහ සුරැකි පරිසරයක් වැනි සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ කි‍්‍රයාකාරී කමිටු ද ඇතුලත් ය. කර්මාන්ත, වැඩපොල, සහ ප‍්‍රදේශතුල ද ජාත්‍යන්තරව ද රැකියා සහිත සහ රහිත, තරුන සහ වැඩිමහලු, ඕස්ටේ‍්‍රලියාවේ උපන් හෝ විදේශයකින් පැමිනි යනාදී සෑම කම්කරු කොටසක් කරා ම ලඟා වන්නාවූ පොදු ව්‍යාපාරයක් ලෙස මෙම සියලු අරගල පතුරුවාලීමට මෙම සංවිධාන සටන් වදිනු ඇත.

17. සසප මෙම අරගල සඳහා සංක‍්‍රමන ඉල්ලීම් කි‍්‍රයාමාර්ගයක් වර්ධනය කොට සම්මත කරගනු ඇත. එවන් කි‍්‍රයාමාර්ගයක් කම්කරු පන්තියේ ක්ෂනික ඉල්ලීම්වලින් අරඹා සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ කම්කරුවන්ගේ ආන්ඩුවක් පිහිටුවීම මගින් දේශපාලන බලය අල්ලා ගැනීම කරා මෙහෙයවෙනු ඇත. එවන් කි‍්‍රයාමාර්ගයක අරමුන වන්නේ ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, "දෛනික අරගලයේ සන්තතිය තුල දී වත්මන් ඉල්ලීම් සහ විප්ලවයේ සමාජවාදී ඉල්ලීම් අතර පාලම සොයාගැනීමට ආධාර කිරීම ය.” මෙම කි‍්‍රයාමාර්ගය පදනම් වනු ඇත්තේ කම්කරු පන්තියට අති මූලික සමාජ අවශ්‍යතා පවතී ය යන සංකල්පය මතය. මෙම ඉල්ලීම් වනාහී වත්මන් සංකීර්න ගෝලීය මහා සමාජය තුල අත්‍යවශ්‍ය වූ ද එහෙයින් කේවෙලට භාජන කල නොහැකි වූ ද ඒවාය. පූර්න කාලින මනා වැටුප් සහිත රැකියාවක්, මනා නිවසක් සහ නිදහස් සප‍්‍රමිත සෞඛ්‍යසේවා සහ අධ්‍යාපනය එයට ඇතුලත් ය. ඒවා දිනාගත හැක්කේ බලය අල්ලා ගෙන ලාභ ගරන ක‍්‍රමය පෙරලා දමා සමාජ, ආර්ථික සහ දේශපාලන ජීවිතයේ සෑම අංශයකම පලල්ම ප‍්‍රජාතන්ත‍්‍රය පිහිටුවීම මගින් පමනක් ය යන්න කම්කරු පන්තියට පැහැදිලි කිරීම සඳහා මෙම සමාජ අයිතීන්ට සටන් කිරීමේ අත්දැකීම විප්ලවවාදීන් ට ආධාර වනු ඇත.

18. ලෝක සමාජවාදී වෙබ් අඩවිය තවදුරටත් පුලුල් කිරීමේ දී ද වර්ධනය කිරීමේ දී ද ජාත්‍යන්තර කමිටුව සහ එහි සියලු ශාඛා සමග සමීපතම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට මෙම සමුලුව සපථ කරයි. 1998 දී වෙබ් අඩවිය ආරම්භ කිරීමේ ලා ජාත්‍යන්තර කමිටුව අදහස් කල පරිදිම එය මෙම කම්කරු පන්තිය නව සමාජවාදී ජාත්‍යන්තර ව්‍යාපාරයක ද ජාත්‍යන්තර කමිටුව නව ශාඛාවන්ගේ ද සැකිල්ල බවට පත්ව ඇත.

19. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ඉහලම මට්ටමින් ප‍්‍රකාශිත වන්නේ සසපයට කම්කරුවන් හා තරුනයන් බඳවා ගැනීම තුලින්ය යි මෙම සමේලනය ප‍්‍රකාශකර සිටී. විප්ලවවාදී මහා පෙරලියක තතු තුල ධනේශ්වරය සහ එහි ඒජන්තයින් විසින් ජනනය කෙරෙනු ඇති දැවැන්ත පීඩන ජය ගැනීමට ඉදිරියේ එන මහා ජනතා ව්‍යාපාරය සමත්වනු ඇත්තේ සිය ව්‍යාපාරය සමාජවාදී විඥානයෙන් සන්නද්ධ කරගත් තරමට ය: එනම් මාක්ස්වාදී කාර්යධරයක් විසින් දේශපාලන වශයෙන් නායකත්වය සැපයුනු පමනට ය. සසප වැඩ කටයුතු ද එහි ශාඛා සහ සාමාජිකයන් ද පක්ෂයට නව බලවේග දිනා ගැනීමට සහ ඔවුන් සමාජවාදී සමානතා පක්ෂයේ සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් මත පුහුනු කිරීමට යොමු කරන බවට මෙම සම්මේලනය සපථ කර සිටී.

Share this article: