ඔබාමා මිනීමරුවෙක් යයි හිටපු ඇමරිකානු ජනාධිපති වරයෙක් චෝදනා කරයි

Ex-US president indicts Obama as assassin

27 June 2012

ඇමරිකා එක්සත් ජනපදයේ 39 වන ජනාධිපති ජිමී කාටර් පසුගිය ජුනි 25 දින නිව් යෝක් ටයිම්ස් පුවත් පතේ පල කල ලිපිය ඔබාමා පාලනාධිකාරය ජාත්‍යන්තර නීතිය ද එක්සත් ජනපද ව්‍යවස්ථාව ද සාපරාධී ලෙස උල්ලංඝනය කර මිනීමැරුම් සහ වෙනත් අපරාධ සිදු කරන බවට කරන ලද අත්‍යසාමාන්‍ය අධිචෝදනයකි.

"කෘර අසාමාන්‍ය වාර්තාවක් " යනුවෙන් ලිපිය නම් කල කාටර් මෙසේ ලියයි: " ඉහල රාජ්‍ය නිලධාරීන්, අමරිකානු පුරවැසියන් ඇතුළු මිනිසුන් විදේශවල දී ඉලක්ක කර, මරන බව එළිදරව් කරනු ලැබ ඇත. මේ වනාහී අපේ ජාතිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම කොයිතරම් දුරට ගෙන ගොස් ඇත් ද යන්න ගැන පවත්නා සිත් සසල කරවන සාක්ෂ්‍යවලින් වඩාත් ම මෑතදී එලිදරව් කරන ලද එක වේ ."

පසු ගිය අවුරුද්දේ දෙසම්බර් 31 දා ඔබාමා අත්සන් කොට නීතිගත කල අපකීර්තිමත් ජාතික ආරක්ෂක අධිකාරී පනත (NDAA) ගැන සඳහන් කරන කාටර් මෙසේ ලියයි : " ළඟදී සම්මත කරනලද නීතියකින් ත්‍රස්තවාදී සංවිධාන හෝ ඒවාට 'සම්බන්ධ බලවේග' සමග සම්බන්දකම් පැවැත්වීමේ සැකය උඩ කෙනෙකු දිග කාල පරිච්චේදයකට අත්අඩංගුවේ පවත්වාගැනීම ට , අධිකරනයෙන් හෝ විධාකයෙන් මොනම අර්ථවත් අධීක්ෂනයකින් හෝ තොරව , අපයෝජනය කල හැකි පුලුල් සහ අසීමිත බලයක් ජනාධිපති වරයාට පවරාදී ඇත.

අනවසරයෙන්, දුරකථනවලට කන්දීම සහ විද්‍යුත් මාධ්‍ය දත්ත වලට පිවිසීම මගින් අපගේ අයිතීන් පෙර නුවූ විරු ආකාරයකට උල්ලංඝනය කරනු ලැබේ."

කාටර් සිය ‍ෙකාලම පල කලේ , සිය රටට එල්ල කෙරෙන එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාර හෙලා දකිමින්, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ඉදිරියේ එක්සත් ජාතීන් ගේ මන්ඩලයේ පකිස්ථාන තානාපතිවරයා සාක්කි දුන් දවසේ ම ය, එම ප්‍රහාර මගින් , ගැහැනුන් සහ දරුවන් ඇතුළු අහිංසක ජනයා දහස් ගණන් මරාදමා තිබෙන බව ද 2010 වර්ෂයේ පමණක් 957 ක් පකිස්ථාන වැසියන් සංඛ්‍යාවක් මරා ඇති බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

කියුබාවේ ගුවන්තනාමෝ වරායේ සිර කඳවුර දිගින් දිගටම පවත්වාගෙන යාම පිලිබඳව කාටර් ඔබාමා පාලනාධිකාරයට චෝදනා කරයි. එහි සිටින සිරකරුවන් 169 දෙනෙකුගෙන් "අඩක් නිදහස කිරීම අනුමත කර තිබෙන නමුත් , කවදා හෝ නිදහස ලබාගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොමැති" බව පෙන්වාදුන් ඔහු , ඉතිරි කොටසට " කවර කලෙක වත් චෝදනා ඉදිරත් කර නඩු විභාගයක් හෝ ලැබීමේ බලාපොරොත්තුවක් තැබිය නොහැකි " කියා සිටියේ ය .

සිරකරුවන් හමුදා උසාවි ඉදිරියට ගෙන එන ලද අවස්ථා කිහිපයේ දී පවා , කාටර් පෙන්වා දෙන්නේ එක එක විත්ති කරුවා, සිය වතාවකට වඩා " වෝටර් බෝඩිං" ( උඩු අතට බාවා, අත් පා බැඳ , මුහුනට නොනවත්වා වතුර වත් කිරීම) මගින් ද අර්ධ ස්වයංක්‍රිය අවි , විදුලි ඩ්‍රිල් , හෝ ඔවුන්ගේ අම්මලාට ලිංගිකව පහර දීමට කරන තර්ජන මගින්ද වදයට භාජන කර තිබෙන බව ය." කාටර් තව දුරටත් මෙසේ ද කියයි : "පුදුමාකාර කාරනය නම් , විත්තිකරු විසින් තම ආරක්ෂාව සඳහා උසාවියේ දී මෙම කරුනු මතු කල නොහැකි වීම යි , මන්ද යත් , ඒවා සියල්ල ජාතික 'ආරක්ෂාව තහවුරු කිරීම' සඳහා ආන්ඩුව කරපු දේවල් ය.”

කාටර් සදාචාර ප්‍රශ්න ගැන ඔහු උත්සුක බව සැක කිරීමට හෙතුවක් නැත; එහෙත් ඒවාට අමතරව එක්සත් ජනපද ආන්ඩුව කරගෙන යන ක්‍රියාවල නිර්ලජ්ජිත අපරාධකාරිත්වය එක්සත් ජනපද විදේශ පිලිවෙතට බාධාවක් වීම ගැන හිටපු ජනාධිපතිවරයා බරපතල කනස්සල්ලක් දක්වයි.

මෙම වැඩ ක්‍රම, භූගෝලය පුරා එක්සත් ජනපදය කෙරේ මහජන වෛරය අවුලුවනවා පමනක් නොව සිය පිලිවෙත්, 19 වන සියවසේ අග එක්සත් ජනපද අධිරාජ්‍යවාදය වැඩට බට තැන් පටන් සෑහෙන වාසි සහගතව යොදාගත් උපායක් වන , මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් නමැති රෙද්දෙන් වසා ගැනීමට වොෂිංටනයට බැරි තත්වයක් උද්ගත කරයි.

කාටර් ම ද , තම පාලන සමයේ දී ඉරානයේ ෂා ගේ වධක තන්ත්‍රයට රුකුල් දෙන ගමන්ම, සී අයිඒ ආධාරලත් ඉස්ලාමීය කැරලි කරුවන් ලවා ඇෆ්ඝනිස්ථානයේ සිවිල් යුද්ධය ආරම්භ කිරීම සඳහා 'මානව අයිතිවාසිකම්' ප්‍රශ්නය ගසාකෑ වේ ය. ඔහු පර්සියන් බොක්කේ තෙල් සම්පත් මත තම ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා යුදබලය පාවිච්චි කිරීමට එක්සත් ජනපදයට අයිතියක් තිබේ යයි තහවුරු කරන 'කාටර් සුත්‍රය’ ඉදිරිපත් කලේ ය .

හිටපු ජ්‍යෙෂ්ට නාවුක නිලධාරියෙකු සහ සබ්මැරින් විශේෂඥයෙකු වූ කාටර් ඩිමොක්‍රටික් පක්ෂය විසින් 1977 දී පත් කරන ලද්දේ වියට්නාමයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ලත් අන්ත පරාජයේ ද වෝටර් ගේට් සෝලියේ අපරාධකාරීත්වයේ ද අපකීර්තියෙන් ධවල මන්දිරය ගලවාගෙන ඇමරිකානු ජනාධිපති ධුරයේ විශ්වසනීයත්වය යලි තහවුරු කිරීමට ය. එහෙත් දශක හතරකට ආසන්න කාලයක් ඇතුලත දී ධවලමන්දිරය ගැලී සිටින ව්‍යවස්ථාවෙන් පිටස්තර විධි සහ අපරාධ රිචඩ් නික්සන් යටතේ කරනලද සියලු දේ ඉක්මවා යයි.

කාටර් සෑම වචනයක් ම ඉතා පරෙස්සමින් තෝරා ගෙන, අතිශයෝක්තිය මගහැර කතා කල බවට සැකයක් නැත. එක වතාවක් වත් ඔබාමා ගේ නම සඳහන් කර නැති වුව ද තම ලිපියතුල, තුලු ජුනි පළමුවෙනි දා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවූ , ඔබාමා සිය ඩ්‍රෝන් ප්‍රහාර මගින් අහිංසක සිවිල් වැසියන් මැරෙන බව දැනදැන ම පෞද්ගලිකව ගොදුරු තෝරාගෙන මිනීමරු ලැයිස්තු' සම්පාදනය මෙහෙයවන සැටි විස්තර කල දිග ලිපියක ට , තම ‍ෙකාලම ‘අන්තර්ජාල ලින්ක් එකක්’ මගින් සම්බන්ධ කර තිබුනි.

කාටර් වත්මන් සන්දර්භය තුල ඩ්‍රෝන් ප්‍රහාර "මිනීමැරීම" යන වචනයෙන් නම් කිරීම ඉතා පැහැදිලි අර්ථයක් දරයි. ඔහු කියා සිටින්නේ එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති යුද අපරාධ සහ මිනීමැරුම් වලට වැරදි කරුවෙකිය යන්න ය .

අසූ අට හැවිරිදි කාටර් දේශපාලන වාසියට වඩා , තමා තබා යන දායාදය ගැන උත්සුක , අනාසක්ත නිරීක්ෂකයෙකි. ඔහුගේ සාක්කි වඩාත් අත්‍යසාමාන්‍ය වන්නේ ඔහු දැන් ඔබාමා දරන පදවියම කලින් දරා සිටි කෙනෙක් ද ඔබාමා අයත් පක්ෂයේම කෙනෙකු ද ඔබාමා ගේ පත්වීම ට සහාය දුන් අයෙකු ද වීම නිසාය.

මීලඟ ජනාධිපතිවරනය ට මාස හතරකට යන්තමින් වැඩි කාලයක් තිබිය දී පක්ෂයේ අපේක්ෂකයා වූ ද දැන් ඉන්නා ජනාධිපති වරයා වු ද පුද්ගලයා ට මෙවන් පහර එල්ල කිරීමට කාටර් යොමු කොට තිබෙන්නේ කුමක් විසින් ද ?

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන සංස්ථාපිතය අපරාධකාරිත්වය තුලට කොතරම් ඇදවැටී ඇති දැයි කිවහොත් , එරට තුල පොලිස් රාජ්‍යක් පනනගීමේ තර්ජනය ඉතා ලංව ඇත. එහෙයින් තමා කතාකල යුතු යයි ඔහු විස්වාස කරනවා විය යුතු ය.

මෙම අපරාධ කාරී ක්‍රියා සිදු කර ඇත්තේ " විධායක සහ නීති දායක මන්ඩලතුල පක්ෂ දෙකේම ම විරෝධයකින් මුලුමනින්ම පාහේ තොරව පමනක් නොව, සහය ඇතිව ද ය" යන කාවදින කරුන කාටර් අවධාරනය කර ඇත .

මෙතරම් පුපුරන සුළු දේශපාලන අර්ථභාරයක් දරාසිටින ඔහුගේ ප්‍රකාශ ප්‍රසිද්ධ මාධ්‍යවිසින් බොහෝදුරට නිශ්ශබ්දව නොතකා හරිනු ලැබීමෙන් ම ඔහු මතුකල කරුන තහවුරු වේ. මෙමගින් , ඇමරිකානු දේශපාලන ජීවිතයේ කේන්ද්‍රීය සිද්ධියක් වන දෙදාහ වර්ෂයේ (බුෂ් ) හොරකම් කල ඇමරිකානු ජනාධිපති වරනයට පසු ව , එහි පාඩම පෙර කවර කලකටත් වඩා අද දින බලගතු ලෙස මෙසේ කාවද්දනු ලැබ ඇත; එහෙත් ඇමරිකානු දේශපාලන සහ මහාසංගත සංස්ථාපිතය තුල ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහ ව්‍යවස්ථානුකුල ක්‍රමවලට පක්ෂපාත වූ සැලකිය යුතු ඡන්දාශයක් ඇත්තේ ද නැත.

ගත වූ කාල පරිච්චේදය (1977 - ) තුල පාලක මුල්‍ය කතිපයාධිකරය වැඩ කරන මහජනතාවගෙන් වෙන් කරන අගාධය නොනැවතී උග්‍රව දැන් පෙර නුවූ විරූ මට්ටමකට ගැඹුරුව ඇත. එය ප්‍රජාතන්ත්‍ර අයිතීන් ද ව්‍යවස්ථානු කූල විධික්‍රම ද සමග මොනම පෑහීමකට වත් ඉඩ තබා නැත. කාටර් ගේ වචන බරපතල අනතුරු හැඟවීමකි. ඇමරිකාවේ පොලිස් රාජ්‍යයක් පැන නැගීමේ ද දැන් විදේශයන් තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යොදාගන්නා මිනීමරු ක්‍රමවිධි සියරට තුල කම්කරු පන්තියට විරුද්ධව යොදාගැනීමේ ද තර්ජනය සැබෑ එකකි; එය දිනෙන් දින උග්‍රවෙමින් පවතී . කම්කරු පන්තිය, මෙම තර්ජනයේ උල්පත වූ ධනේශ්වර පද්ධතියට එරෙහිව තමන්ගේ ස්වාධීන දේශපාලන බලය මෙහෙයවා ගනිමින් එයට නියම පිලිතුර සපයන්න ට සූදානම් විය යුතු ය.

බිල් වැන් ඔකන්

Share this article: