රියෝ+20 දේශගුනික සමුලුව: “වීර කාව්‍යයක අසාර්ථකත්වය”

Rio+20 climate conference: “An epic failure”

By Nicholas Russo, 28 June 2012

පසුගිය සිකුරාදා බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරයේ දී අවසාන්වූ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය පිලිබඳ සමුලුව, “රැවටිල්ලක්” හා “වීර කාව්‍යයක අසාර්ථකත්වය” ලෙස පාරිසරික විශේෂඥයන්ගේ හෙලා දැකීමට ලක්ව ඇත. ආරම්භ වීමට පෙර සිට ම පැවති මඳ බලාපොරොත්තු මධ්‍යයේ පැවති එම සමුලුව, සමීප වන දේශගුනික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගන්නා ගෝලීය වෑයමෙහි එකතැන පල්වන ස්වභාවයට දෙස් දෙයි.

බ්‍රසීලියානු අගනුවර දී ම පවත්වන ලද එක්සත් ජාතීන්ගේ ප්‍රථම මිහිතල සමුලුවෙන් වසර 20කට පසුව පැවැත්වුනු හෙයින් මෙම දේශගුනික සමුලුව රියෝ+20 නමින් ප්‍රචාරය කරන ලදී. එම මිහිතල සමුලුවේ දී හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම, පාරිසරික පද්ධති හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ කාන්තාර පැතිරයාම වැලැක්වීම වැනි පුලුල් අරමුනු ගැන සාකච්ඡා විය. විශාල වසයෙන් අභිලාෂවත් වුවත්, නිශ්චිත ඉලක්ක හෝ නීති රීති රහිත වූ මෙම පොරොන්දු පසුව පැමිනි දශක දෙකක කාලය තුල ඉටු කරනු නොලැබුනි.

එල‍්බී ඇති පාරිසරික අර්බුදයේ ගුරුත්වය වඩ වඩාත් පැහැදිලි ප්‍රකාශ මගින් හෙලිදරව් කරන ලද ‍ෙද්ශගුනික විද්‍යාවේ 20 වසරක කාලයකින් පසුව පවා පසුගිය සතියේ පැවති සමුලුව, 1992 ලියවිල්ලේ දුර්වලකම් තහවුරු කිරීමකට වැඩි කිසිදු එකඟතාවකට එලැඹීමට අසමත් විය.

රැස්වුනු නියෝජිතයින්ගේ එකඟත්වය පලවූ පිටු 58කින් යුත් "අපට අවැසි අනාගතය” යන ලියවිල්ල, ලෝකයේ මූල්‍ය ප්‍රභූ තන්ත්‍රයේ යෝධ දේශපාලන බලය ප්‍රදර්ශනය කිරීම පමනක් විය. ඊනියා "ධරනීය තිරසාර සංවර්ධනය” හා "හරිත ආර්ථිකය” මත කේන්ද්‍රීය වන එකඟතා ලියවිල්ල, "ජනතාව, ආන්ඩු, සිවිල් සමාජය හා පුද්ගලික අංශයේ පුලුල් සංධානයක” රාමුවක් තුල අනාගතයේදී පාරිසරික කරුනු සාකච්ඡා කිරීම‍ට කැඳවුම් කරයි.

පරිසර දූෂනය හා දේශගුනි විපරියාස යන ගැටලුවලට ආමන්ත්‍රනය කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක්, විශේෂයෙන් ම එක්සත් ජනපදයේ ප්‍රභූව ඇතුලු සංගත ප්‍රභූවේ අවශ්‍යතාවල‍‍ට ය‍ටත් ය යන යථාර්ථය, රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සමුලුවට කල අදහස් දැක්වීම්වල දී අවධාරනය කලා ය. "මෙම සමුලුවේ වඩාත් ම බලගතු නිමැවුම් වන්නේ, නව චින්තනයේ ආදර්ශයන්” යයි ඇය අවධාරනය කලා ය. ක්ලින්ටන් ද ඇය නියෝජනය කරන ඔබාමා පරිපාලනය ද සිතේ තබාගෙන සිටින්නේ කවර නව චින්තනයක් ද?

ඇපල් සමාගමේ මියගිය ප්‍රධාන විධායක නිලධාරී ස්‍ටීව් ජොබ්ස් පිලිබඳව සඳහන් කිරීමෙන් පසු ක්ලින්ටන් සිය කතාවේ දී, පැමින සිටියවුන් "වෙලඳපොලේ බලය ඒකාබද්ධ කිරීම” ගැන සිතීමට දිරිගැන්වූ අතර "ඉලක්කගත සම්පත් හා සුදුසු පිලිවෙත් භාවිතා කරන පුද්ගලික අංශයේ ආ‍යෝජන, වඩා සමබර, සියල්ල අඩංගු කරගත් තිරසාර වර්ධනයක් උත්ප්‍රේරනය කර ඇතැ”යි කියා සිටියා ය.

වෙනත් වචනවලින් කිවහොත්, ඔබාමා පරිපාලනයේ දේශගුනික ප්‍රතිපත්තිය, "හරිත ආර්ථිකයට” සහයෝගය දීමේ කඩතුරාවට මුවා වී කරන සංගතමය නාස්තියකට වැඩි යමක් නො වේ. "අප්‍රිකාවේ හා ඉන් ඔබ්බෙහි, පිරිසිදු බලශක්ති ව්‍යාපෘතිවලට ඩො‍ලර් මිලියන සිය ගනනක පෞද්ගලික මූල්‍ය සම්පාදනය දිරිගැන්වීම පිනිස, එක්සත් ජනපද ආන්ඩුව දෙන ඩොලර් මිලියන 20ක අරමුදල” වෙත අවධානය යොමුකල ක්ලින්ටන්, "පාරිහෝගික පර්යේෂනයන්ට සහයෝගය දීම සහ නිෂ්පාදකයින් දිරිගන්වන කොන්දේසි නිර්මානය කිරීමට වෙලඳපොල සතු බලය” ගැන ද අදහස් දැක්වූවා‍ය.

වැදගත් ආයෝජන අවස්ථාවක් ලෙස ඉදිකිරීම් ක‍්ෂේත්‍රයට අවධානය යොමු කල ඇය “අප කම්කරුවන්ගේ අවශ්‍යතා හඳුනාගන්නේ කෙසේ ද යන්න කෙරෙහි වෙනත් පැත්තකින් (එසේමැයි) සිතන ලෙස” හා "පුද්ගලික අංශය සතුව තිරසාර සැපයුම් දාම, නිවැරදි වර්ගයේ යෝජනා හා වෙලඳාම පවතින බව තහවුරු කිරීමට ඔවුන් - විශේෂයෙන් ම පාරිභෝගික භාන්ඩ සමාගම්- එකඟ වී ඇති හෙයින්, පුද්ගලික අංශය භාවිතා කරන ලෙස” සිය ශ්‍රාවකයට උපදෙස් දුන්නා ය.

එවැනි කතාවක් කරන්නේ දේශගුනික සමුලුවකට නොව ආයෝජකයින්ගේ මන්ඩපයකට යයි යමෙක් සිතීමට බොහෝ දුරට ඉඩ තිබේ.

"ලාභය පසුපස නොදුවන, සිවිල් සමාජ සංවිධාන, බැතිමත් කන්ඩායම්, තනි පුද්ගලයන් හා අප සියලු දෙනා” අතර නව වර්ගයක සහයෝගිතාවකට කැඳවුම් කරමින් ක්ලින්ටන් සිය අදහස් දැක්වීම් සමාප්ත කලා ය. ගෝලීය පාරිසරික අර්බුදය සමග පොරබැදී‍මේ වගකීම මෙලෙස ප්‍රාදේශීය සංවිධානවලට හා තනි පුද්ගලයන් වෙත මාරු කිරීම, ඇමරිකානු ධනේශ්වරය ඒ පිලිබඳව මොනම වගකීමක් හෝ දැරීම ප්‍රතික්ෂේප කරන්නේය යන්න හැර නියෝජනය කරන්නේ වෙන කුමක් ද?

"රැවටීමක්” හා "වීර කාව්‍යයක අසාර්ථකත්වය” ලෙස ඔක්ස්ෆෑම් හා ග්‍රීන්පීස් විසින් සමුලුව හෙලා දකිනු ලැබුව ද සුලු-ධනේශ්වර "හරිත” ව්‍යාපාරයේ ධනේශ්වර ගැති දේශපාලනය මගින් පක්ෂාඝාත කරන ලද මෙම සංවිධානවලට, අර්බුදය සඳහා කිසිදු විසඳුමක් ඉදිරිපත් කල නො හැක. ප්‍රතිමල්ලව ජාතික රාජ්‍ය අතර සාකච්ඡාවන්ගේ බංකොලොත්කම‍ට මුහුන දී සිටින ලෝක වනජීවී අරමුදලේ ජිම් ලීප් "ප්‍රජා ගනයන්, නගර, ජාතික ආන්ඩු හා සමාගම්” ආදී සෑම තැනකම "වෙනසක් සෙවීම” සඳහා කැඳවුම් කරමින් සාරාත්මකව ක්ලින්‍ටන්ගේ අදහස් ම පුනරුච්චා‍රනය කරයි.

යථාර්ථය වන්නේ, දේශගුනික විපර්යාස පිලිබඳ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කිරීම‍ දිරිගැන්වීමට හා ශක්තිමත් කිරීමට ඇමරිකානු ආන්ඩුව අසමත්ව ඇතිවා පමනක් නොව, සංගත අවශ්‍යතාවලට හරහ‍ට හිටින්නේ නම්, එලඹෙන පාරිසරික අර්බුදයට විසඳුම් වශයෙන් යෝජනා වන ඕනෑම ගැඹුරු උත්සාහයකට වලකැපීමට ද එය ක්‍රියාකාරී ලෙස වැඩකරමින් සිටින්නේය යන්න යි.

රියෝ+20 සමුලුව සූදානම් කිරීමේ සාකච්ඡාවල දී, සාගරවල යම් යම් ක්ෂේත්‍ර කැනීමෙන් ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර විසින් මානව හිමිකම් ආරක්ෂා කරන බව‍ යලි සහතික කිරීමට යෝජනාවක් ගෙන ආ ‍විට, එක්සත් ජනපද නියෝජිතයෝ එය ඉවත් කිරීම සඳහා කටයුතු කලහ.

දේශගුනික විපරියාසයන්ට වැඩි වසයෙන් දායක වී ඇති සංවර්ධිත ර‍ටවල් මත එය‍ විසඳීමේ වගකීම පවරන, "පොදු එහෙත් එකිනෙකින් වෙනස් වගකීම” පිලිබඳ බස් වහර වෙනස් කිරීමට එක්සත් ජනපද නියෝජිතයෝ සමුලුවේ දී උත්සාහ කලහ. වගකීම පිලිබඳ එවැනි අංශයක්, සංවර්ධනය වන ජාතීන්ගේ සහයෝගී ක්‍රියාකාරිත්වය මත පැ‍ටවීමට‍, ඇමරිකානු සාකච්ඡාකරුවන්ට අවශ්‍ය කල ද එම වාක්‍ය ඛන්ඩ වෙනස් කිරීම ප්‍රතික්ෂේප කෙරුනි.

සංවර්ධිත රටවල් විසින් නිර්මානය කරන ලද පාරිසරික ගැටලු විසඳීමෙහිලා එම රටවලට ඇති සුවිශේෂී වගකීම පිලිබඳව සඳහන්වූ තැන් හලා දැමීම‍ට අසමත් වීම, සමුලුවේ ප්‍රමුඛ සාර්ථකත්වය ලෙස ඉදිරිපත් කරන ලදී.

දේශගුනික විපර්යාස පිලිබඳ ගැටලුවට මුහුන දීමේදී තමන් එයට දී ඇති සුලු ප්‍රමුඛත්වය පෙන්නුම් කරමින් ජනාධිපති බැරැක් ඔබාමා, රියෝ ද ජැනයිරෝ සමුලුවට සහභාගි වීම ප්‍රතික්ෂේප කලේ ය. පූර්ව සාකච්ඡාවල දී ඔබාමා ඉට‍ු කර ඇති භූමික‍ාව පිලිබඳ පැහැදිලි උදාහරනයක්, 2009 වසරේ කෝපන්හේගන්හිදී පැවැත්වූ දේශගුනික සමුලුවේදී ඉස්මතු විය.

එක්සත් ජනපද පාලනයන් විසින් අත්සන් තැබීම යලි යලිත් ප්‍රතික්ෂේප කර ඇති කි‍යෝතෝ සම්මුතිය ‍විස්ථාපනය කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය පාලනය කරන ‍බද්ධ ගිවිසුමක් කෙටුම්පත් කිරීමට කෝපන්හේගන් සමුලුව කැඳවනු ලැබිනි. "අප සියලු දෙනාගේ ම අවධානය යොමු විය යුතු වැදගත් වෙනත් බොහෝ දේ තිබෙනවා” යයි කියමින් ඔබාමා දේශගුනික ගිවිසුමක් පිලිබඳ රාජ්‍ය නායක සාකච්ඡා රැස්වීමක් හදිසියේ ම බිඳ දැමී ය. මේ නිසා විමෝචන අඩු කිරීමක‍ට කිසිදු සැබෑ කැපවීමකින් තොර, පිටු තුනක කෙටි සම්මේලන ප්‍රකාශයක් පමනක් නිකුත් කෙරුනි.

දේශගුනික විපර්යාස ගැටලුව විසඳීමේ ජාත්‍යන්තර පරිමාන පියවරක් කෙරෙහි ඔබාමා පාලනයේ වගකීම් විරහිත භාවය හා ව්‍යාපාර ගැති ආස්ථානය, ආර්ථික අර්බුදය කෙරෙහි එහි ප්‍රතිචාරය සමග මොනවට ගැලපේ. අනෙකුත් සියලු සලකා බැලීම් ඇමරිකාවේ සංගත හා මූල්‍ය ප්‍රභූතන්ත්‍රයේ අවශ්‍යතාවලට යටත් කරනු ලැබිය යුතු ය.

ප්‍රතිමල්ලව ජාතික රාජ්‍ය අතර ගැටුම් ආධිපත්‍යය දරන ධනේශ්වර ලෝක ආර්ථිකයක සන්දර්භය තුල, දේශගුනික අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් තිබිය නො හැක. සියලු දේශපාලනික හා ආර්ථික තීන්දු ධනේශ්වර පාලනයට ය‍ට‍ත් ය යන්නේ අර්ථය වන්නේ, විරැකියාවේ සිට‍ දේශගුනික විපර්යාසය දක්වා වන සියලු මූලික කාරනා කෙරෙහි ආන්ඩු දක්වන්නේ අර්බුදය තවදුරටත් ගැඹුරු කරන ව්‍යාපාර ගැති ව්‍යාජ උත්සුකයන් පමනක් බව යි.

පාරිසරික දූෂනය හා දේශගුනික විපර්යාස පිලිබඳ ගැටලුවලට ගැඹුරින් ආමන්ත්‍රනය කරනු ඇත්තේ, කම්කරු පන්තියේ ඒකාබද්ධ හා දේශපාලනිකව සවිඥානික ව්‍යාපාරයක් මගින් ධනවතුන්ගේ දේශපාලන ග්‍රහනය බිඳින්නේ නම් පමනි.

Share this article: