ස්පාඤ්ඤ බැංකු අර්බුදය ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් කලඹවාලයි

Spanish banking crisis roils global financial markets

By Andre Damon, 31 May 2012

යුරෝපීය මධ්‍යම බැංකුව (ඊසීබී), දැන් එය ස්පාඤ්ඤයේ බැංකියා බැංකුව ප්‍රතිප්‍රාග්ධනකරනය සඳහා එරට මූල්‍ය සම්පත් යෙදවීමට අවසර දෙන බව පැහැදිලි කිරීමෙන් පසුව ආයෝජකයෝ, ස්පාඤ්ඤ හා ඉතාලි බැඳුම්කර වෙතින් පලාගියහ. එය ස්පාඤ්ඤයේ හතරවන විශාලතම බැංකුව වන අතර පසුගිය සතියේදී එය ආන්ඩු‍ෙවන් යුරෝ බිලියන 19ක ඇප දීමක් බලාපොරොත්තු වන බව පැවසීය.

ඊසීබීයේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ස්පාඤ්ඤ ආන්ඩුව, බැංකුවට ඇප දීම පිනිස තමන් අතිරේක යුරෝ බිලියන 19ක් සොයාගත යුතුව ඇතැයි ප්‍රකාශ කලේය.

ස්පාඤ්ඤයේ දස අවුරුදු බැඳුම්කර පොලිය සියයට 6.64 දක්වා සියයට 0.23න් ඉහලට පිනූ අතර, ග්‍රීසියට හා පෘතුගාලයට යුරෝපීය සංගමයේ ඇප පිහිට පැතීමට බල කෙරුනු සියයට 7 අනුපාතයට අනතුරුදායක ලෙස සමීප විය.

ඉතාලි ආන්ඩුවේ නය සඳහා පොලිය මේ වසරේ ප්‍රථම වතාවට සියයට 6 ඉක්මවා ඉහල නැගීමත් සමග ආන්ඩුවට, යුරෝ බිලියන 6.25ක බැඳුම්කර අලෙවියේ ඉලක්කය සපුරා ගැනීම වැලකී ගියේය. දැන් ඉතාලි ආන්ඩුව සිය නය සඳහා ජර්මනියට වඩා සියයට 4.65ක පොලියක් ගෙවිය යුතුය.

ඉතිහාසයේ පලමු වතාවට ජර්මානු ආන්ඩුවේ වසර දෙකේ බැඳුම්කර පොලිය මඳකට ශුන්‍යයෙන් පහතට ගියේය. සැබවින්ම දැන් ආයෝජකයෝ, තමන්ගේ මුදල් නයට ගැනීම වෙනුවෙන් ආන්ඩුවට පොලියක් ගෙවති. දිනය අවසානවූයේ, ජර්මානු වසර දෙකේ බැඳුම්කර පොලිය සියයට 0.007 මට්ටමෙහි පිහිටුවමින්ය. එය දිනය තුල සියයට 0.04ක පහත වැටීමකි. ඒ හා සමානව වසර දහයේ බැඳුම්කර පොලිය සියයට 1.261ක වාර්තාගත අවමයක් කරා ගමන් කලේය.

බැංකියා ස්පාඤ්ඤ ආන්ඩුවේ ආධාර ඉල්ලා සිටියේ, පසුගිය 25දා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් නය වර්ගීකරන ආයතනය, තවත් බැංකු ගනනාවක් ද ඇතුලුව එහි වර්ගීකරනය පහත හෙලීමෙන් පසුවය. 30දා වන විට බැංකුවේ කොටස් අගය සයවන දිනටත් සියයට 8.6න් පහත වැටුනි.

ස්පාඤ්ඤ බැංකුවල ඉතිරුම් ඛාදනය වීමට පටන් ගෙන තිබේ. සමස්ත ස්පාඤ්ඤ බැංකු තැන්පතුවල මට්ටම යුරෝ බිලියන 31.44න් හෙවත් යුරෝ අර්බුදය ආරම්භවූ තැන් පටන් එහි පහතම මට්ටම කරා සියයට 2.4න් හැකිලී ගියේය.

ස්පාඤ්ඤ මධ්‍යම බැංකුව 30දා නිවේදනය කලේ එහි අධිපති මිගුවෙල් ඔර්ඩොනෙස් ලබන සති අන්තයේ තනතුරෙන් ඉවත්වන බවයි. ඒ මීට පෙර නිවේදනය කර තිබුනාට වඩා මාසයක් කලින්ය. 30දා වෙලඳපොලවල් වසා දැමුවාට පසුව ඊගන් ජෝන්ස් වර්ගීකරන සමාගම විසින් ද ස්පාඤ්ඤයේ නය වර්ගීකරනය බීබී රින අගයක සිට බී අගය කරා පිරිහෙලමින් එරට රිනාත්මක තත්වයක තැබීය.

මෙම වර්ධනයන් හමුවේ යුරෝපය පුරා කොටස් මිල කඩා වැටුනි. ස්පාඤ්ඤ අයිබෙක්ස් දර්ශකය සියයට 2.5න් ද ස්ටොක්ස් යුරොප් දර්ශකය සියයට 1.5න් ද වැටුනි. එක්සත් ජනපද හුවමාරුව ද යුරෝපීය කොටස් විකිනීම පසු පස ඇදී ගියේය. එස්ඇන්ඩ්පී 500 සියයට 1.43න් ද ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 160න් එනම් සියයට 1.28න් ද පහත ගියේය.

එක්සත් ජනපදයේ කොටස් විකුනා දැමීම පෙරට තල්ලුවූයේ, ගෝලීය ඉල්ලුමේ උච්චාවචනයන්ට ඉහලින්ම නිරාවරනය වන සමාගම් රූටා යාමත් සමග ය. ඇලුමිනියම් නිෂ්පාදකයෙක් වන ඇල්කෝ සියයට 3.43න් ද ඉදිකිරීමේ මෙවලම් නිෂ්පාදක කැටපිලර් සියයට 2.5න් ද පහත ගියේය.

ආයෝජකයෝ ඩොලරයේ අධිකාරය සහිත සුරක්ෂිත වත්කම් මිලට ගැනීමට පොරකෑමත් සමග ඩොලරයට සාපේක්ෂව යුරෝව වසර දෙකක් තුල එහි පහලම අගය වූ ඩොලර් 1.24 දක්වා සියයට 0.8න් පහල වැටුනි.

පසුගිය වසරේ ආර්ථිකය සියයට 6.2න් හැකිලුනු ග්‍රීසියේ පිලිවෙලට අනුව, තොගය පිටින් ස්පාඤ්ඤ ආර්ථිකයේ කඩාවැටීම පිලිබඳ බිය පලවීම, ස්පාඤ්ඤයේ අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 දක්වා පහත හෙලීම සඳහා එරටට දී තිබුනු අවසන් දිනය 2013 වසර දක්වා පසු පසට ගෙනයාම ගැන "සලකා බැලීමට සූදානම් බව” 30දා නිවේදනය කිරීමට යුරෝපීය කොමිසමට බල කලේය.

යුරෝපීය සංගමයේ විධායක හස්තය වන එම සංවිධානය, නිදසුනක් ලෙස ස්පාඤ්ඤය ගැන සඳහන් කරමින්, සාමාජික රටවල අසාර්ථක බැංකුවලට සාමුහිකව ආධාර කිරීමට ඉඩ සලසන "බැංකු සංගමයක්” පිහිටුවීම පිලිබඳ හැකියාවක් ද ඉස්මතු කලේය.

නය කලබැගෑනිය ඇතිව තිබෙන්නේ, ආර්ථික පහත වැටීමක් පිලිබඳ වැඩෙන සලකුනු හමුවේය. පසුගිය සතියේ නිකුත්කල සංඛ්‍යා අනුව, වසර තුනකට පසුව යුරෝ කලාපයේ ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකය එහි වේගවත්ම අනුපාතයකින් පහත වැටුනි. දර්ශකයේ ප්‍රකාශනයකට අනුව යුරෝ කලාපීය ආර්ථිකය දෙවන කාර්තුවේදී සියයට 0.5න් හැකිලීමේ ඉඩ කඩ ඇත.

ලේමන් බ්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳ වැටීමේ තැන් පටන් ද බ්‍රිතාන්‍ය සිය ආර්ථිකය පලමු කාර්තුව තුල සියයට 0.3න් හැකිලී ඇති බව නිවේදනය කිරීමෙන් පසුව ද දෙවන මාසයටත් ජර්මනියේ ව්‍යාපාරික විශ්වාසනීයත්වය තියුනු ලෙස හැකිලී ගියේය.

මේ වසර තුල යුරෝ කලාපීය ආර්ථිකය හැකිලෙනු ඇති බවට ද ලබන වසරේ තත්වය ඊටත් වඩා නරක් වන බවට ද පොදු එකඟත්වයක් ඇති වෙමින් තිබේ.

ස්පාඤ්ඤයේ හා ඉතාලියේ වර්ධනය වන නය අර්බුදය, මෙම රටවල් ද ඉක්මනින්ම බැදුම්කර වෙලඳපොලින් තමන්ට අවශ්‍ය නය සපයා ගැනීමට අසමත්වනු ඇති බවට බලාපොරොත්තු දැල්වෙමින් තිබේ. ග්‍රීසිය හා ස්පාඤ්ඤය සාපේක්ෂව කුඩා වන අතර යුරෝ කලාපීය ආර්ථිකයෙන් උසුලන්නේ පිලිවෙලින් සියයට 1.7 හා 1.3කි. ස්පාඤ්ඤය හා ඉතාලිය, යුරෝපීය සංගමයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.4ක හා සියයට 12ක පංඟුවක් දරයි.

Share this article: