ශ්‍රී ලංකාවේ ඝාතනය කරනු ලැබු ධීවරයාගේ අවමඟුලට දහස්ගනනක් සහභාගී වෙති

Thousands attend slain fisherman’s funeral in Sri Lanka

By Our reporters, 21 February 2012

පෙබරවාරි 16 වන දින පොලීසිය විසින් මරා දමනු ලැබූ වර්නකුලසූරිය ඇන්ටනි ප‍්‍රනාන්දු ධීවරයාගේ අවමඟුල හලාවත එගොඩවත්ත සුසානභූමියේ දී පසුගිය 18 වන සෙනසුරාදා දින සිදු කෙරිනි.

Antony Warnakulasuriya ඇන්ටනි වර්නකුලසූරිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) කප්පාදු වැඩපිලිවෙල යටතේ ආන්ඩුව විසින් ඉන්ධන මිල ඉහල නැගීමට එරෙහිව හලාවත - වැල්ල ධීවර ජනතාව පැවැත්වූ විරෝධතාවය තුලදී ඇන්ටනි වෙඩා තබා ඝාතනය කරනු ලැබිනි. වෙඩි තැබීමෙන් තවත් තිදෙනෙක් බරපතල තුවාල ලැබූ අතර ඔවුන් දැනට කොලඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

අහස උසට නැංගූ තෙල් මිල මගින් පීඩනයට පත් ධීවර ජනතාව, විශේෂයෙන් වයඹ දිග මුහුදු තීරයේ ධීවර ජනතාව පෙබරවාරි 12 සිට නිතිපතා විරෝධතා දියත් කරමින් තිබිනි.

අවමගුල් දින අලුයම සිටම 30,000 ක් පමන ජනයා ඇන්ටනි ප‍්‍රනාන්දුගේ නිවසට පැමිනියේ ඔවුන්ගේ අවසන් ගෞවරය දැක්වීමට සහ ආන්ඩුවට තම විරෝධය පල කිරීම සඳහා ය. 20,000 ක් පමන සුසාන භූමියට රැස්ව සිටියහ. හලාවත නගරයට එවැනි විශාල ජන පිරිසක් එකට එකතුවීම දුලභ සිද්ධියකි. වයඹදිග වෙරල සීමාවේ මීගමුව සිට කල්පිටිය දක්වා සෑම ගමකම ධීවර ජනතාව බස් පිටින් අවමගුලට පැමිනියේ ය.

A section of the crowd at the cemetryසුසාන භූමියට රැස්ව සිටි පිරිසෙන් කොටසක්

අවමගුලට දිනකට පෙර "මෘත ශරීරය කිසිදු ප‍්‍රචන්ඩ ක‍්‍රියවක් සඳහා භාවිතා කිරීම තහනම් කරන” නියෝගයක් පොලීසිය විසින් හලාවත මහේස්ත‍්‍රාත් උසාවිය මගින් ලබාගෙන තිබුනි. විශාල වශයෙන් අරක්ෂක අංශවල සහභාගීත්වය සහ කුමන හෝ ආකාරයක විරෝධතාවයක් ක‍්‍රියාකාරී ලෙස තහනම් කරනු ලැබීම සාධාරනීකරනය කිරීම සඳහා මෙම නියෝගය යොදා ගනු ලැබිනි. 1,500 ක් පමන පොලීසිය හලාවත නගරය තුල හා ඊට ආසන්න ප‍්‍රදේශවල සීරුවෙන් තබා තිබිනි. හමුදා භටයන් සිය ගනනක් පමන යොදවා තිබුනු අතර ආයුධ සන්නද්ධ රථ සූදානමින් තබා තිබිනි.

ධීවරයන් විසින් විරෝධතා පවත්වනු ඇතැයි යන්න පිලිබඳව දැනුවත්ව මිලිටරිය හා පොලීසිය අවමගුල සිදු වූ ස්ථානයෙන් ඈත් වී සිටියේ ය. අවමගුල් සංවිධාන කටයුතු පාලනය කිරීම කතෝලික පූජකයන් වෙත පැවරී තිබුනු අතර ජනතාවගේ කෝපය ප‍්‍රකාශයට පත් කිරීමක් ඉන් වලකා තිබුනි.

Warnakulasuriya's grieving wife (right) and two children සොවින් තැවෙන වර්නකුලසූරිය‍ගේ බිරිඳ (දකුනේ) සහ දරුවන් දෙදෙනා

හලාවත බිෂොප් වැලන්ස් මෙන්ඩිස්ගේ උපදෙස් පිට ප‍්‍රහාරයට අසුවූ අයගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුගේ දේහය සවස 2.30 ගෙදරින් පිටට ගනු ලැබු අතර භූමදානය සවස 4.00 ට සිදු කරනු ලැබිනි. ආන්ඩුව සහ ආරක්ෂක බලකායන් විවේචනයට ලක් කෙරෙනු ඇතැයි යන බියෙන් යුතුව පවුලේ සාමාජිකයන්ට, ධීවර වෘත්තීය සමිතියකට හෝ දේශපාලන පක්ෂයකට අවමංගල්‍ය සභාව ඇමතීම අහුරා තිබුනි.

සමාජවාදී සමානතා පක්ෂයට (සසප) කතාවක් පැවැත්වීමට ඉඩදීමට ගමේ තරුන ජනතාව සහයෝගය දක්වනු ලැබූ නමුදු ක්ලෝඩ් හයිසින් පූජකවරයා එය වලක්වාලූයේ "එයට ඉඩ දිය නො හැකියි. අද මෙම ස්ථානය සාමකාමීව පැවතිය යුතු යි” යනුවෙන් ප‍්‍රකාශ කරමිනි.

මහජන ක්‍රෝධය පිලිබඳව පැහැදිලිව දැන සිටි නිසා කිසිදු ආන්ඩුවේ ඇමතිවරයෙකු හෝ ප‍්‍රාදේශී දේශපාලකයෙක් අවමගුලට සහභාගී වූයේ නැත. පසුගිය සිකුරාදා ආන්ඩුවේ ඇමති මිල්රෝයි ප‍්‍රනාන්දු සහ තවත් ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඇන්ටනි ප‍්‍රනාන්දුගේ නිවසට පැමිනි අවස්ථාවේ ජනතාව ඔවුනට ‘හූ කියනු’ ලැබූහ.

අවසාන චාරිත‍්‍ර ඉටු කිරීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහ පැමිනි අතර ඇන්ටනිගේ පවුල සඳහා වන්දි ලබාදීම පිලිබඳ කාරනාව ඉස්මතු කිරිමට පොරොන්දු විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පිලිවෙත්වලට එරෙහි ජනතා ක්‍රෝධය තම වාසියට හරවා ගැනීමේ අවස්ථාවක් කර ගනිමින් වික‍්‍රමසිංහ සහ යූඇන්පීය ඉන්ධන මිල ඉහල දැමීමට හේතුව ආන්ඩුවේ නාස්තිය හා දූෂනය බවට ඉස්මතු කර දක්වමින් ධනේශ්වර පද්ධතියේ යටින් දිවෙන ගැඹුරු අර්බූදය වෙත ජනතා අවධානය යොමු වීම අවමංගත කරමින් සිටී. බලයේ සිටිය දී යුඇන්පීය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහගත කිරීමේ න්‍යාය පත‍්‍රය සඳහා උද්‍යෝගීව කටයුතු කලේ ය.

Funeral processionඅවමගුල් පෙරහැර

ඉන්ධන මිල ඉහල දැමීම ආන්ඩුව විසින් ජනතාව මත පටවා ඇති එක් පියවරක් පමනි. එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාන කිරීම, බස්ගාස්තු හා විදුලි බිල්පත් ගාස්තු ඉහල දැමීම හා සමාජ සේවා සඳහා ආන්ඩුවේ වියදම් කපා හැරීම අනෙක් කප්පාදුවලට අයත් වන අතර මේ සියල්ලම කම්කරු ජනතාවගේ ජීවන තත්වයන් පහත හෙලීමට බලපාදුන ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 800 ක නය වාරිකයක් නිදහස් කිරීම සඳහා මෙම පියවරයන් ක‍්‍රියාත්මක කල යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලකර තිබේ.

පොලීසිය විසින් නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහිව ජීව උන්ඩ යොදා ගැනීම ආන්ඩුවේ ඉහලම තලයේ අනුමැතියකින් තොරව සිදුවිය නො හැකිය. මෙය ආන්ඩුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එරෙහිව පැනනගින කුමන හෝ විරුද්ධත්වයක් නො ඉවසන බවට කම්කරු පන්තිය වෙත ගනන්බලා සිදු කල අනතුරු ඇඟවීමකි. එලෙසම එය දේශපාලන පිරිවැය කුමක් වූවද ආන්ඩුව විසින් කප්පාදු වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කරනු ලබන බවට මහා ව්‍යාපාරිකයන් හා ජාත්‍යන්තර ආයෝජකයන්ට සහතික වීමකි.

විරෝධතාවයේ යෙදුනු ධීවරයන් වෙත කල ප‍්‍රහාරය පසුගිය මැයි මාසයේ වැටප් හා විශ‍්‍රාම වැටුප් සම්බන්ධව කටුනායක නිදහස් වෙලඳ කලාපයේ සේවකයන් වෙත එල්ල කල පොලීසියේ ප‍්‍රචන්ඩත්වයට සමාන වූවකි. එහිදී පොලිසිය උද්ඝෝෂකයන් එලවා දැමීම සඳහා ජීව උන්ඩ භාවිතා කල අතර රෝෂාන් චානක නම් කම්කරුවා මරා දමනු ලැබී ය.

හලාවත නගරයේ එක් පුද්ගලයෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ප‍්‍රකාශ කලේ "ඇන්ටනී මියගියේ හුදෙක් ධීවරයන්ට පමනක් බලපාන ප‍්‍රශ්නයකට නොවේ. ඉන්ධන මිල සමස්ථයක් ලෙස සියලුම ජනතාවට බලපානවා. ඊයේ විදුලි බිල් ගාස්තු ඉහල දමා තිබෙනවා. මේ ඔක්කොම වෙන්නේ ආන්ඩුවට අභියෝග කල හැකි ප‍්‍රබල විපක්ෂයක් නොමැති නිසා.”

සසප මීට පූර්වයෙන් ප‍්‍රදේශයේ උද්ඝෝෂනයේ යෙදුනු අතර අවමගුල් දිනයේ දී "උද්ඝෝෂනයට එල්ල කල පොලිස් ප‍්‍රහාරයෙන් ධීවරයෙක් මරනයට පත් වෙයි” යන ලෝසවෙඅ ලිපිය බෙදා හරිමින් සිටියේ ය. එම ලිපිය කම්කරුවන් හා තරුනයන් වෙතින් ඉහල ප‍්‍රතිචාරයක් දිනා ගත්තේ ය.

එම උද්ඝෝෂනයේ දී පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හලාවත ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් සසප සාමාජිකයන්ට තර්ජනය කලේ "ආන්ඩු විරෝධී පත‍්‍රිකා බෙදා හැරීමට ඉඩ නොදෙන බවට දක්වමිනි. ඔහු පොලීසිට දන්වන බවට අනතුරු හැඟවීමක් කලේ ය. එක් තරුන ධීවර කන්ඩායමක් ඉදිරියට විත් සසප සමාජිකයන් ආරක්ෂා කල අතර උද්ඝෝෂනය දිගටම කරගෙන යන ලෙස ඉල්ලා සිටියේ ය.

ලෝසවෙඅට අදහස් පලකරමින් බොහෝ ධීවරයෝ හා ගෘහනියෝ පහත ආකාරයේ මනෝභාවයන් පල කලෝ ය. "මෙම ඝාතනයට ආන්ඩුව වගකිව යුතුයි. ආන්ඩුවේ ඉන්ධන සහන සැපයීම පිලිබඳ අපට විශ්වාසයක් නෑ. අපිට මුල් මිලට ම ඉන්ධන අවශ්‍යයි. ඇන්ටනි තම ජීවිතය කැප කලේ සම්ස්ථ ධීවර ප‍්‍රජාව වෙනුවෙන්මයි.”

හලාවත ප‍්‍රදේශයේ එක් තරුන ධීවරයෙක් ප‍්‍රකාශ කලේ "අපි සටන් කරන්නේ හුදෙක් ඉන්ධන සහනාධාරයක් සඳහා නොවේ. අපේ රස්සාව කරගෙන යන්න නම් ඉන්ධන මිල පැරනි මිලට ගෙන ආ යුතුයි. අපි ඒ දක්වා සටන් කරනවා. අපි මාධ්‍යයට කියන්නේ අපේ සහායට ඉන්න කියලයි.”

වෙඩි තැබීම සම්බන්ධ ප්‍රෝඩාකාරී පරීක්ෂනයක් පැවැත්වීමට නියෝග කිරීමෙනුත් ඔහුගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවීමට එකඟ වීමෙනුත් පොලීසිය ඇන්ටනිගේ මරනය සම්බන්ධ ජනතා වෛරය යටපත් කිරීමට උත්සාහ දරයි. ඒ අතර ම විරෝධතාකරුවන් වෙත චෝදනා එල්ල කිරීම සඳහා පොලීසිය කියා සිටින්නේ වෙඩි තැබීම කල ස්ථානයේ තිබී කඩු, පෙට‍්‍රල් බෝම්බ හා මුගුරු ආදිය සොයාගත් බවයි. කොලඹ මාධ්‍යය ද මෙම චෝදනාවලට නිසි පරිදි සහාය දක්වා ඇත්තේ "ධීවරයන් ප‍්‍රචන්ඩකාරී වීම” පිලිබඳ වාර්තා පල කරමිනි.

සත්‍ය වශයෙන් ම ජීවන කොන්දේසි මත ආන්ඩුව ගෙනයන ප‍්‍රහාරයට එරෙහි විරෝධතාවයේ යෙදෙන අනතුර දී අහිංසක ධීවරයෙකු මරා දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට ක‍්‍රියාවට දැමීමේ දී ආන්ඩුවට එරෙහිව වර්ධනය වන ජනතාවගේ ගැඹුරු වෛරයේ රලපහරට එක්ව ඇත.

Share this article: