ඉරානය හා ප්‍රමුඛ බලවතුන් නව සාකච්ඡාවලට එකඟතාව පල කිරීමත් සමඟම ඔබාමා යුද තර්ජන යලි ඉස්මත්තට ගෙන එයි

Obama reiterates war threats as Iran, major powers agree to new talks

By Barry Grey, 7 March 2012

පසුගිය 4දා ඊස්රායල හිතැති සංවාද කවයක් හමුවේ ඉදිරිපත් කල යුදකාමී කතාවකින් ‍ හා 5දා ඊස්රායල අගමැති බෙන්ජමින් ‍ෙනතන්යාහු සමග පැවැත් වූ ධවල මන්දිර හමුවකින් අනතුරුව ජනාධිපති බැරැක් ඔබාමා ඉරානයට එරෙහිව යුද්ධයකට යාම සඳහා එක්සත් ජනපදයේ සූදානම පිලිබඳව 06දා පැවැති පුවත්පත් සාකච්ඡාවක දී යලි අවධාරනය කලේ ය.

එලෙස ම, ටෙහෙරානය වොෂිංටනයේ හා එහි යුරෝපියානු සගයන්ගේ ආඥාවන් ප්‍රතික්ෂේප කරන්නේ නම් හදිසි මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඉරානයේ සංචිත අත්හිටුවමින්, රට දුබල කරන සම්බාධක පනවමින් ඉරාන පාලන තන්ත්‍රය මත අනවරත රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලනික පීඩනය යෙදීමේ සිය පිලිවෙත ඔබාමා එහිදී ආරක්ෂා කලේය.

2012 වසරේ පැවැත්වූ ප්‍රථම පුවත්පත් සාකච්ඡාව අරක්ගෙන තිබුනේ ඉරානය හා සිරියාව පිලිබඳ ප්‍රශ්නවලින් ද එක්සත් ජනපදය හා ඊස්රායලය අතර උපායාත්මක වෙනස්කම් ද පිලිබඳ ගැටලු විසිනි. ඔබාමා සමග පැවැති සාකච්ඡාවලදී හා 5දා රාත්‍රියේ දී වොෂිංටනයේ ඇමෙරිකා ඊස්රායල් පොදු කටයුතු කමිටු (ඒඅයිපීඒසී) සංගමයට ඉදිරිපත් කල කතාවක දී ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එරෙහිව ඒකපාර්ශවීය මිලිටරි ප්‍රහාර දියත් කිරීමට ඊස්රායලය සූදානම් බව ‍ෙනතන්යාහු පැහැදිලි කලේ ය. ටෙහෙරානය සහ පී පහ හා එක ( P5+1) රටවල් - එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ප්‍රන්සය, රුසියාව හා චීනය සහ ජර්මනිය-- අතර තවදුර සාකච්ඡාවන්ට ඊස්රායලයේ විරුද්ධත්වය ද ඔහු එහි දී පල කලේ ය.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිලිවෙල පිලිබඳ සාකච්ඡා යලි ඇරඹීමට ඉරානයෙන් කෙරුනු ඉල්ලීමක් පී5+1විසින් පිලිගෙන තිබෙන බව යුරෝපියානු සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිලිබඳ ප්‍රධානී කැතරින් ඈෂ්ටන් 06 වෙනිදා නිවේදනය කලාය. ආතතීන් ඉහිල් කිරීමත් සාකච්ඡාවන් සඳහා පහසුකම් සැපයීමටත් ඉරානය විසින් අරමුනු කෙරුනු අනෙකුත් පියවරයන්‍ දෙකක් සමඟ නිවේදනය සමපාත විය.

එක්සත් ජනපදය වෙනුවෙන් ඔත්තු බැලීම පිලිබඳ වැරැදිකරුවෙකු වීමෙන් මරන දඬුවම පනවා සිටි එක්සත් ජනපදයේ හිටපු නාවික භටයෙකු වූ අමීර් මිර්සායි හෙක්මාටිගේ දඬුවම පසුගිය 05 වෙනිදා ඉරාන ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ඉවත් කලේ ය. ඊට පසු දින ඉරාන අර්ධ-රාජ්‍ය පුවත් සේවයක් කියා සිටියේ, ටෙහෙරානයෙන් සැතපුම් 18ක් ගිනිකොන පැත්තේ පිහිටා තිබෙන පර්චින් මිලිටරි සංකීර්නයේ කොටස් වෙතට ප්‍රවේශවීමට ඉරානය, ජාත්‍යන්තර න්‍යෂ්ටික බලශක්ති ආයතනයේ (අයිඒඊඒ) විමර්ශකයන්ට අවසර ලබා දෙනු ඇති බවයි.

අයිඒඊඒ පාලනයට නතු නො වන එමෙන් ම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් නොවන පර්චීන් සංකීර්නයට ප්‍රවේශ වීමට ඉඩ දෙන ලෙස වොෂිංටනය වෙනුවෙන් එම ආයතනය ඉරානයට අනවා තිබින. මීට කලින් ටෙහෙරානය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම්වලට ආයතනය ප්‍රතිචාර දැක්වුයේ සංකීර්නය රහසිගත න්‍යෂ්ටික ආයුධ වර්ධනය කිරීමට යොදා ගනිමින් තිබෙන බවට චෝදනා කරමිනි.

6දා ඒඅයිපීඒසී සම්මේලනය අමතමින්, ඉරානයට පහර දීමේදී ප්‍රමානවත් තරම් ඊස්රායලයට පිටුබලට දීමට අසමත් වීමටත් එය ප්‍රමාද කරමින් සිටීම ගැනත් ඔබාමාට චෝදනා කල රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රකාශවලට පුවත්පත් සාකච්‍ඡාවේ දී ඔබාමා විරුද්ධ විය. ඔහු ඒඅයිපීඒසීට හා‍‍ ‍නෙතන්යාහුට ලබා දුන් ප්‍රකාශය ඔබාමා එහිදී පුනරුච්ඡාරනය කලේ ය: " මගේ පිලිවෙත වන්නේ ඔවුන් [ඉරානය] න්‍යෂ්ටික අවියක් අත්කර ගැනීමෙන් වැලක්වීම මිස එය සීමා කිරීම නෙවෙයි ."

අනතුරුව ඔහු සිය විරුද්ධවාදීන්ට ඔවුන් දේශපාලන ඉදිරි පුටුවලට පැනීමට දැඟලීම ගැනත් යුද්ධය පිලිබඳ "නොසැලිකිලිවන්ත" ආකල්පයක් ගැනීම පිලිබඳවත් චෝදනා කලේ, ඉරානයට කරන ප්‍රහාරයක දී දැරීමට සිදුවනු ඇති ඇතැම් වියදම් හා ඒ හා බැඳි අනතුරු ගැන සඳහන් කරමිනි. ඉරානය මත වැඩෙන බලපෑමක් ඇති කරමින් තිබෙන කෲර ආර්ථීක සම්බාධක පැනවී‍මේ දී සහ එරට තන්ත්‍රය රාජ්‍යතාන්ත්‍රිකව හා දේශපාලනිකව හුදකලා කිරීමේ දී තමන්ගේ ම “සාර්ථකත්වය” පිලිබඳව ඔහු පුරසාරම් දෙඩීය.

යුද්ධයට වඩා රාජ්‍ය තාන්ත්‍රිකභාවයට මුද්‍රා තැබීමක් ලෙස පොදුවේ මාධ්‍ය මගින් නිරූපනය කර තිබෙන දෙය අයුරින් ම ඔබාමා ප්‍රකාශ කලේ, "මෙය රාජ්‍ය තාන්ත්‍රික අයුරින් විසඳා ගැනීමට තවමත්ඇති තරම් ඉඩ ප්‍රස්ථාවක් අපට තිබෙන බව ම‍ගේ විස්වාසය යි... මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට ඉරානය සාකච්ඡා මේසයට පැමිනීම අවශ්‍ය යි. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිලිවෙලේ අරමුනු සාමකාමී ඒවායැයි ජාත්‍යන්තර ප්‍රජාවට ඔප්පු කිරීමට පැහැදිලි හා අවංක ආකාරයකින් සාකච්ඡා කල යුතු යි."

යථාර්තයේදී ගත් කල, ‍ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ආරක්ෂා කිරීම යයි කියනු ලබන දෙය පිලිබිඹු කරන්නේ මිලිටරි ක්‍රියාදාමය කරා වඩ වඩා හැරී ගැනීම ය. මිලිටරි මෙහෙයුමක් කිසියම් ආකාරයක දූරස්ථ ශක්‍යතාවක් වසයෙන් සලකා කතා කිරීමේ සිට එය වලක්වා ගැනීමට "තවමත්" සෘජු අවස්ථාවක් පවතින බවට ඉඟි කිරීම දක්වා ඔබාමා පාලන තන්ත්‍රය ගමන් කර තිබේ.

සාධනය කල නො හැක්කක් - එනම් එහි න්‍යෂ්ටික වැඩපිලිවෙල මිලිටරි අරමුනු සඳහා ගෙන යන්නක් නොවේ යන්න- ඔප්පු කිරීමට ඉරානය සඳහා "අවස්ථාවක්" පැවතීම පිලිබඳ ඔබාමාගේ සඳහන් කිරීම සහ ''යුද්ධයේ වියදම්" සඳහා ඔහුගේ සැලකිල්ල පිලිබඳ ප්‍රකාශය ගොරතර ලෙස සිහියට නංවන්නේ ඉරාකයට එරෙහිව එක්සත් ජනපද ප්‍රහාරයක් සූදානම් කරමින් එ‍රටේ "මහජන සංහාරක අවි" පිලිබඳව ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වැමෑරූ ප්‍රකාශයන් ය.

මැතිවරනය නිමවන තෙක් ඉරානය වෙත මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීම පමා කිරීමට ඔබාමා පාලානාධිකාරියට අවශ්‍යව තිබෙන බවට බොහෝ සලකුනු තිබේ. ඒ, තෙල් මිල ගනන් පුපුරා යාමෙන් ඇතිවිය හැකි මැතිවරන හානිය වලක්වා ගැනීමේ කොටසක් ලෙසත්, ටෙහෙරානයට අවසන් නිවේදනයන් නිකුත් කිරීමට සාකච්ඡා යොදා ගැනීමේ හා අනතුරුව මිලිටරි ආක්‍රමනයක් සඳහා යුක්තිසහගත කිරීමක් වසයෙන් ඉරානය “ජාත්‍යන්තර ප්‍රජාවට අවනත නොවීම” යන කාරනය යොදා ගැනීමේ උපායක කොටසක් ලෙසිනුත් ය. එයින් ප්‍රතිඵල වන යුද්ධයේ ඉලක්කය වනු ඇත්තේ වත්මන් පාලන තන්ත්‍රය පෙරලා දමා ඇෆ්ගනිස්ථානයේ‚ ඉරාකයේ හා ලිබියාවේ මෙන් රූකඩ ආන්ඩුවක් ස්ථාපනය කිරීම යි.

මෙම අරමුන වෙනුවෙන්, 4 වෙනිදා ඒඅයිපීඒසීයට පැවැත්වූ ඔහුගේ දේශනයේ දී හා ඊට පසුදින ‍ෙනතන්යාහු සමඟ පැවැති සාකච්ඡාවන්ට පූර්වයෙන් ඔහු කල ප්‍රකාශවල දී ඔබාමා හැඟුම්බර වූයේ ඊස්රායලය වෙත ඔහුගේ අපරිමිත සහාය අවධාරනය කරමින් සහ ගාසා හා අන් තැන්වල එහි අරාබි අසල්වැසියන්ට එරෙහි ඊස්රායල ආක්‍රමනයට ඔහුගේ ආධාරකිරීම් පිලිබඳ වාර්තාව හුවා දක්වමිනි. ඉරානය න්‍යෂ්ටික අවි අත්කර ගැනීම වැලක්වීමේ පිලිවෙත වෙනුවෙන් න්‍යෂ්ටික-සන්නද්ධ ඉරානයක් මෙල්ල කර ගැනීමේ පිලිවෙතක් ඔහු පැහැදිලිව ම ප්‍රතික්ෂේප කල අතර අවශ්‍ය වන්නේ නම් මිලිටරි ක්‍රම යොදා ගැනීමට වොෂින්ටනයේ අදිටන නොවලහාම ප්‍රකාශ කලේ ය. එලෙසින් ම ඔහු ඉරානයට හෝ වෙනත් ඕනෑම රටකට ඒකපාර්ශවීය ප්‍රහාර එල්ල කිරීමට ඊස්රායලට ඇති "ස්වෛරී අයිතියට" තම සහාය පල කලේ ය.

"ඉරානයට පීඩනය යෙදීමටත් එය න්‍යෂ්ටික අවියක් අත්කර ගැනීමෙන් වැලක්වීමටත් ඇමෙරිකන් බලයේ සියලුම උපාංග යොදා ගැනීමට" ඔහුගේ පාලානාධිකාරිය කැප වී සිටින බව ඔබාමා ඒඅයිපීඒසී සමුලුවට කීවේ ය. මේ වනාහි වත්මන් ක්‍රියාමාර්ගයන් වන ආර්ථික යුද කෙලිය, ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් එල්ල කොට කෙරෙන ත්‍රස්තවාදී ප්‍රහාර හා ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත කෙරෙන සයිබර් ප්‍රහාරවලින් නො නැවතී මිසයිල, හමුදා භට ඛන්ඩ හා න්‍යෂ්ටික ආයුධ පවා ඇතුලත් කරගත හැකි අසීමාන්තික සූත්‍රයකි. 2009 වසරේදී හිලරි ක්ලින්ටන් සඳහන් කලේ, ඉරානය ඊස්රායලට පහර දුන්නොත් ටෙහෙරානය "මුලිනුපුටා දැමීමට" ඇය සහය දෙනු ඇති බව යි.

මෙම ප්‍රකාශය පෙනී යන්නේ ඉරානයට එරෙහි “අපරිනත” ප්‍රහාරයක් වසයෙන් ඔබාමා සඳහන් කර ඇති ප්‍රහාරයක් දියත් කිරීමෙන් වැලක්වීමේ තහනම් පදයක් ලෙස ‍ෙනතන්යාහු ඒත්තු ගැන්වීමට ඉලක්ක කල එකක් ලෙස ය. ඒ අතරතුර, ඉරානයට පහර දීමේ සැලසුම් සමඟ වොෂින්ටනය ඉදිරියට යමින් සිටී. එය, යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන් හා යූඑස්එස් කාල් වින්සන් යන ගුවන් යානා දරන නැව් දෙකම පර්සියානු ගල්ෆ් කලාපය වෙත දියත් කරමින් කලාපය තුල ස්ථානගත කර ඇති ගුවන් යානා දරන නාවුක සටන් කන්ඩායමේ සංඛ්‍යාව දෙගුනයක් කර තිබේ. පසුගිය සතියේ මාධ්‍ය වෙත දැක්වූ අදහස්වලදී එක්සත් ජනපද ගුවන් බලකා කාර්ය මන්ඩල ප්‍රධානී ජෙනරාල් නෝටන් ෂ්වාට්ස් තහවුරු කලේ, ඉරානයට පහර දීමේ සැලසුම් සූදානම් කර ඇතිව පමනක් නොව ඒවා ජනාධිපතිට හා ආරක්ෂක ලේකම් වෙත පවා යවා ඇති බවයි.

“කලාපය තුල ඔබට අවශ්‍ය නොවනු ඇති දෙය අපට කල හැකිය,” ෂ්වාට්ස් සඳහන් ක‍ලේ ය. ඉරාන මිලිටරිය, ආරක්ෂක හා රහස් තොරතුරු මන්ඩලවල සෑම පාර්ශවයකට ම පුලුල්-පරිමාන ප්‍රහාරයන් ද විසඳුම්වලට ඇතුලත් බව පෙන්ටගන් නිලධාරීහු කීහ.

කලාපය තුල එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් අධීක්ෂනය කරන මධ්‍යම මෙහෙයුම් මධ්‍යස්ථානය ඉරානයට එරෙහි යුද මෙහෙයුම් උත්සන්න කිරීම සඳහා ඩොලර් මිලියන 100ක අමතර මිලිටරි වියදම් ප්‍රති-සම්පාදනය කරන ලෙස ඉල්ලා ඇතැයි පසුගිය සතියේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කලේ ය.

Share this article: