ඉරානයට එරෙහිව සම්බාධකවලට සහාය දෙන ‍ලෙස ක්ලින්ටන් ඉන්දියාවට බල කරයි

Clinton pressures India to support sanctions on Iran

By Sarath Kumara, 15 May 2012

ඉරානයට එ‍රෙහි ඇමරිකානු සම්බාධක සමඟ එක ‍පෙලට එන ‍ලෙස බලකිරීමට ඇමරිකානු රාජ්‍ය ‍ලේකම් හිලරි ක්ලින්ටන් පසුගිය සති‍යේ ඉන්දියාවට කල සිය තුන් දින සංචාරය පාවිච්චි ක‍ලාය. ඇය, ඉන්දීය අගමැති මන්මෝහන් සිං, පාලක කොන්ග්‍රස් පක්ෂ‍යේ නායිකා සෝනියා ගාන්ධි, වි‍දේශ කටයුතු අමාත්‍ය එස්.එම්. ක්‍රිෂ්න මුන ගැසුනි. බටහිර ‍බෙංගාල ප්‍රාන්ත‍යේ ප්‍රධාන ඇමතිනී මමතා බැනර්ජි ද ඇය මුන ගැසුනි.

ඉන්දියාවට ආනයන කරනු ලබන තෙල් ප්‍රමානයන් පහත වැටී ඇති බව ක්ලින්ටන් පිලිගන්නා ලදි. "පිරිපහදු විසින් ඔවුන්ගේ ඉල්ලුම් කපා ඇති බව සහ ඇත්ත මිලදී ගැනීම් අඩු කර ඇති බව ගැන අප දැනුවත්ය.ඉන්දියාව කර ඇති දේ ගැන අප ආඩම්බරය." යි ඇය සඳහන් කලාය. ඒ සමග ම “නමුත් ජාත්‍යන්තර ප්‍රජාව පීඩනය අඩුකලෙහාත් හෝ අප‍ෙග් අධිෂ්ඨාන‍ෙය් මඳ වැනීමක් දැක්වුව‍හොත්, න්‍යෂ්ටික අරමුනු අත්හැර දැමීම සඳහා ගනුදෙනු කිරීමට ඉරානය අඩු ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි" සඳහන් කරමින් කප්පාදු තවත් වැඩි කල යුතුයයි, ඇය කියා සිටියා ය.

තම ජාත්‍යන්තර ප්‍රතිරූපයන් මෙන්ම, ජූනි අග සිට ඉරාන බැංකු සමග ගනුදෙනු කරන ඉන්දියානු සමාගම් සහ බැංකු දැඩි දඩයන්ට මුහුන දීමට සිදුවීමට ඉඩ ඇත. යුරෝපියානු සම්බාධක සමග සම්බන්ධව, ඇමරිකානු නීති සම්පාදනය අරමුනු කර ඇත්තේ ඉරානයේ තෙල් අපනයනයන් හිර කර දමා ඉරාන ආර්ථිකය හිර කර දැමීමට ය.

දැඩි ආර්ථික සම්බාධක මෙන්ම, සිය සහකරුවා වූ ඊස්රායලය සමග එක්ව මිලිටරි ප්‍රහා‍රයේ තර්ජනය ද ඇමරිකාව ඉදිරිපත් කරයි. වොෂිංටන‍ෙය් ප්‍රකෝපකාරීත්ව‍යේ ප්‍රාථමික අරමුන වනුයේ ඉරාන න්‍යෂ්ටික වැඩ පිලි‍ෙවල නොව මැද පෙරදිග හා මධ්‍යම ආසියාව පුරා එක්සත් ජනපද ආර්ථික හා මූලෝපායාත්මක අරමුනුවලට වඩාත් අනුගත තන්ත්‍රයක් ටෙ‍හෙරාන‍‍යේ තහවුරු කිරීම යි.

ඉන්දියාව වඩ වඩාත් අමාරු වන තුලනයක යෙදී සිටී. එක අතකින් එක්සත් ජනපද දඩයන් මඟහැරීමට හා වොෂිංටනය සමග මූලෝපායාත්මක සම්බන්ධතාවය තහවුරු කර ගැනීමට නව දිල්ලිය මාන බලයි. අනෙක් අතින්, ඉරානය සමග සියලු සම්බන්ධකම් නවතා දැමීම වලක්වාගැනීමට උත්සාහ දරයි. ඉරානය ඉන්දියාවේ මූලික තෙල් සැපයුම්කරුවෙකු වන අතර ගෑස් සැපයීමට ද ධාරිතාවයක් දරයි. එය ප්‍රධාන ප්‍රදේශීය සහකරු‍‍වෙකු ද වේ.

සිය තෙල් ආනයනයන්ගෙන් සියයට 12ක් ගිය වස‍රේදී ලබාගත් ඉන්දියාව මේ වන විට එය සියයට 9 දක්වා අඩු කර ඇත. ඉන්දියානු ආන්ඩුව සිය විදේශ පිලිවෙත ද එක්සත් ජනපද අවශ්‍යතාවයන්ට අනුගත කරමින් සිටී. මාස කිහිපයක දෙගිඩියාවකින් පසුව, පසුගිය පෙබරවාරියේ දී ඉරාන‍යේ ප්‍රධාන ප්‍රදේශීය සහකරුවා වන සිරියානු ජනාධිපති බශ්හාර් අල් අසාඩ් ගේ තන්ත්‍රයට එරෙහිව බටහිර රටවල් විසින් සහාය දෙනු ලැබූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩල යෝජනාවට ඉන්දියාව ඡන්දය දුන්නාය.

කෙ‍සේ වෙතත්, ඉන්දියාව ඉරානය සමග සම්බන්ධකම් පවත්වාගෙන යයි. ක්ලින්ටන් ඉන්දියාවේ සංචාරය කරන අතරතුර ඉරාන වෙලඳ නියෝජිත කන්ඩායමක් ද ඉන්දියාවේ සංචාරය ක‍ලේය. ඉන්දියාවෙන් සෝයා බෝංචි, සීනි සහ සහල් මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කෙරුනි. ඇමරිකානු සම්බාධක මගහැරීමේ උත්සාහයක් ලෙස ඉන්දියාව ලබා ගන්නා තෙල්වල වටිනාකමින් සියයට හතලිස් පහක් ඉන්දියානු රුපියල්වලින් ලබා ගැනීමට ඉරානය කලින් එකඟ වූහ.

ක්ලින්ටන් සමග පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී, ඉන්දියානු විදේශ ඇමති ක්‍රිෂ්න සඳහන් ක‍ලේ, ඉරානය ඉන්දියානු ඉන්ධන අවශ්‍යතාවල “ප්‍රධාන රටක්” බවයි. වොෂිංටනය විකල්ප සැපයුම් මාර්ග ලෙස සවුදි අරාබිය හා ඉරාකය සලකා බලන ලෙස යෝජනා ක‍ෙල්ය. නමුත් මේ වන විටත් ඉන්දියානු තෙල් ආනයනයන්ගෙන් බාගයකට වග කියන්නේ මේ රටවල්ය. ඉන්දියාවේ ප්‍රදේශීය ප්‍රතිමල්ලයා වන පකිස්ථාන‍යේ හිතවාදි‍යෙකු වන සවුදි අරාබිය මත දැඩි ලෙස රැඳීමට ඉන්දියාවේ වැඩි කැමැත්තක් නැත.

පකිස්ථානය සමග පවතින සතුරු සම්බන්ධතාවය නිසා, ඇෆ්ඝ්ගනිස්ථානය හා මධ්‍යම ආසියාව කරා වන වැදගත් මාවතක් ලෙස ඉන්දියාව ඉරානය සලකයි. ඉන්දියාව, නැගෙනහිර ඉරාන‍යේ චබාහා වරාය පාවිච්චි කිරීමට පටන්ගෙන ඇති අතර මෙහි සිට බටහිර ඇෆ්ඝ්ගනිස්ථානය දක්වා දුම්රිය මාර්ගයක් ගොඩ නැගීමට ආධාර කිරීමට ඉන්දියානු සමාගම් ඉදිරිපත්ව ඇත. එක්සත් ජනපද වාඩිලාගැනීම යට‍ෙත්, ඇෆ්ඝනිස්ථාන‍ෙය් ප්‍රධාන නය සම්පාදකයා ලෙස ඉන්දියාව බලගතු ලෙස පෙනීසිටියි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2014දී එක්සත් ජනපදය සක්‍රීය හමුදා ඉවත්කරගැනීමෙන් පසුව, මධ්‍යම ආසියාවට වැඩි ප්‍රවිෂ්ටයකුත් හා පකිස්ථාන‍යේ බලපෑම සීමා කිරීමටත් ඉන්දියාව බලාපොරොත්තුවේ.

බටහිර බෙංගාල‍යේ අගනගරය වන ‍කොල්කටා‍වේ සංචාර‍යේදී ටීස්ටා ග‍ඟේ වතුර ඉන්දියාව හා බංග්ලා‍දේශය අතර බෙදා ගැනීම සඳහා යෝජිත ගිවිසුමට බැනර්ජී‍ගේ සහාය ලබාගැනීමට ක්ලින්ටන් උත්සාහ කලාය. ගිනිකොනදිග ආසියාවට තම රට හරහා ගොඩබිම් මාර්ගයක් ඉන්දියාවට ලබා දීමට පෙර වතුර බෙදා ගැනීමේ ගිවිසුම අත්සන් කල යුතු යයි බංග්ලාදේශ ආන්ඩුව අවධාරනය කරයි. මෙමගින් ඉන්දියානු අපනයනකරුවන්ට මෙම ප්‍ර‍ෙද්ශය කරා සෘජු හා අඩු වියදම් මාර්ගයක් විවෘත වනු ඇත. සිං ආන්ඩුව, බංග්ලාදේශයට වැඩි වතුර ප්‍රමානයක් ලබාදීම සඳහා එකඟව ඇතැයි යන්න මත බැනර්ජි මෙම ගිවිසුමට විරුද්ධත්වය දක්වයි.

ප්‍ර‍දේශය පුරා චීන බලපෑම සීමා කිරීමේ ප්‍රයත්නයක් ලෙස ඉන්දියාව හා බංග්ලා‍දේශය අතර සමීප සම්බන්ධතාවයක් ගොඩනැගීමට එක්සත් ජනපදය උත්සාහ දරයි. ගිනිකොනදිග ආසියාව සමග වෙලඳ සම්බන්ධකම් වර්ධනය වීමෙන් වන වාසිය පෙන්වා දුන් ක්ලින්ටන් ප්‍රකාශ ක‍ලේ, නැගෙනහිර, දකුනු සහ මධ්‍යම ආසියාව සම්බන්ධ කරන නව සේද මාර්ග මුලෝපායක මධ්‍යස්ථානය බවට ‍කොල්කටාව පත්වනු ඇති බවයි.

සිල්ලර වෙලඳාම් අංශය, ඍජු විදේශ ආයෝජන සඳහා විවෘත කර ගැනීමට බැනර්ජි එකඟ කර ගැනීමට ක්ලින්ටන් උත්සාහ දැරීය. ඊලඟ වසර 25දී මෙම අංශය ඩොලර් බිලියන 26 සිට බිලියන 314 දක්වා වර්ධනය වනු ඇතැයි ගනන් බලා ඇති මෙම අංශයේ අයෝජනය කිරීමට වොල්-මාර්ට් වැනි ඇමරිකානු සුපිරි වෙලඳ සමාගම් බලාපො‍‍රොත්තු වේ. මෙම අංශය විදේශ වෙලඳාම සඳහා විවෘත කිරීමට සිං ආන්ඩුව පසුගිය වස‍රේ දැක්වූ උත්සාහය සභාග ආන්ඩුවට සම්බන්ධ බැනර්ජිගේ ත්‍රිනමූල් කොන්ග්‍රසය සහ අනෙකුත් පක්ෂ විසින් වලක්වන ලදි.

එක්සත් ජනපදය සමග පවතින මූලෝපායාත්මක සම්බන්ධතාව‍යේ වටිනාකම සහ එය ගැබ්කරගත් අනතුරු ගැන ඉන්දියානු පාලක ප්‍රභූව තුල පවතින මත‍භේද ක්ලින්ටන් සංචාරය මගින් සමස්තයක් ‍ලෙස වැඩි දියුනු ක‍ලේය.

තම ප්‍රතිවාදීන් වන චීනයට හා පකිස්ථානයට එරෙහිව ඉන්දියානු ප්‍ර‍දේශීය බලපෑම වොෂිංටනයේ සහාය මගින් ශක්තිමත් කෙරුනි. ඉන්දියානු මිලිටරිය සමග සටන් කරන පකිස්ථානය මත පදනම් වූ කාශ්මීර බෙදුම්වාදීන් ද ඇතුලත් “ත්‍රස්තවාදය මැඩීම” සඳහා වැඩි යමක් කරන ලෙස ඉල්ලා සිටීම මගින් ක්‍රිෂ්නා සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ක්ලින්ටන් ඉන්දියාවට යම් සහායක් දැක්වීය.

නමුත් ඒ සමග ම, ඉරානය සමග ඔබාමා පරිපාලන‍ෙය් ගැටුම හා සම්බන්ධවීමෙන් ඉන්දියාවේ අවශ්‍යතාවයන්ට හානි කර ගෙන ඇතැයි කනස්සල්ලක් ද ඉස්මතු වුනි. තම කතුවැකිය මඟින්, ඔබාමා පරිපාලනය සෘජුව කියා සිටියේ, “සෘජුව ම සඳහන් කරන්නේ නම්, ජාත්‍යන්තර නීතිය තුල පදනමක් නැති අධි-දේශසීමා සම්බාධකවලට එකඟවීම මගින් ටෙ‍ෙහරානය සමඟ අනෙකුත් වෙලඳ ගනුදෙනු හා තෙල් ආනයනයන් කපා හැරීම මඟින් නව දිල්ලිය තම ආර්ථික හා මූලෝපායාත්මක අවශ්‍යතාවලට වල කපා ඇති බවයි.” ඉන්දියානු ආන්ඩුව “වැඳ වැටීම මගින් එක්සත් ජනපද පීඩනය පිලිගත යුතු නැත” යයි එය ප්‍රකාශ කලාය.

සම්බාධකවල සහ මිලිටරි ප්‍රහාර‍යේ තර්ජනය ඉදිරිපත් කරන අතර තුර, ඉරානයට එ‍රෙහි පීඩනය සියලුම අංශයන්හි දැඩි කිරීම මඟින් එන සති‍යේ බැග්ඩෑඩ්හි පවතින සාකච්ඡාවල දී ප්‍රධාන සහනයන් ලබා ගැනීමට ඔබාමා පරිපාලනය බලාපො‍රොත්තු වේ. ක්ලින්ටන්ගේ ආසියානු සංචාරය පැහැදිලි කල ආකාරයට, ඇමරිකානු ප්‍රකෝපකාරීත්වය මැද පෙරදිග පමනක් නොව දකුනු ආසියාව තුලද ආතතීන් වැඩි දියුනු කරයි.

Share this article: