ඔබාමාගේ රැකියා වැඩපිලිවෙල: සංගතවලට වරදාන මාලාවක්

Obama’s jobs program: A laundry list of corporate handouts

9 May 2012

යලි තේරී පත්වීමේ සිය මැතිවරන ව්‍යාපාරය නිලවශයෙන් ආරම්භ කිරීමෙන් පසුව , එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා "රැකියා නිර්මානය කිරීමේ" නාමයෙන් සංගතවලට වරදාන ලැයිස්තුවක් නියම කරන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලා සිටිමින් ආර්ථික පිලිවෙත් පිලිබඳ ඔහුගේ ප්‍රථම කතාව අඟහරුවාදා පැවැත් වූයේය.

"මෙරට තුල රැකියා නිර්මානය කිරීමේ සැබෑ එන්ජිම පුද්ගලික අංශය මිස වොෂින්ටනය නොවේය" යන ඔහුගේ මන්ත්‍රය පුනරුච්චාරනය කරමින්, ලාබ පද්ධතියට දක්ෂිනාංශික බුහුමනක් සහිතව ඔබාමා ඔහුගේ යෝජනා ඉදිරිපත් කලේය.

සම්පුර්න කතාව ම ගොඩනගා තිබුනේ රාජ්‍ය වියදම් මහ ජනතාවට රැකියා සැපයීමේ සාධාරන ක්‍රමයක් නොවන බව අවධාරනය කිරීම මතය. සිය පාලන කාලය "අවපාතයක් තුල දී රාජ්‍ය රැකියා නියුක්තිය පහත වැටුන එකම අවස්ථාව" යයි වහසි බස් දෙඩීමට තරම් දුර ඔහු ගියේය.

මෙම කතාව කෙරෙන්නේ එක්සත් ජනපද ආර්ථිකය අප්‍රේල් මාසයේ දී අලුතින් නිර්මානය කලේ රැකියා 115,000 ක් බව කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාස කිරීමෙන් දින හතරකට පසුවය. වෙසෙසින් ම, එය ජනගහන වර්ධනයට සමානුපාතිකව රැකියා සම්පාදනය කලයුතු ප්‍රමානයට වඩා අඩු ප්‍රමානයකි.

රැකියා වාර්තාව චිත්‍රනය කරන්නේ අසතුටුදායක පින්තුරයකි. නිල විරැකියා රේට්ටුව පහත වැටුනේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ශ්‍රම බලකාය ඇත හැර යාම නිසා පමනි. එක්සත් ජනපදය තුල නිල වසයෙන් රැකියා විරහිත ජනයා මිලියන 12.5 ක් සිටිති. එනම් වසර පහකට පෙර සිටි සංඛ්‍යාවට වඩා මිලියන 5.5 වර්ධනයකි. රැකියාවක් නැතිව සිටීමේ සාමාන්‍ය කාලය සති 39.1 කි. එය 2006 ට වඩා දෙගුනයක වැඩි වීමකි.

මේ අතර මේ වසර මුල දී ඔබාමා විසින් අත්සන් කල නීති‍ෙය් ප්‍රතිපලයක් ලෙස දිගුකරන ලද රාජ්‍ය ප්‍රතිලාබ කල් ඉකුත් වීම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනයා විරැකියා ලැයිස්තුවලින් ඉවතට තල්ලු කරනු ලැබ සිටිති. සෙනසුරාදා කැලිෆෝර්නියාවේ පමනක් 93,000 ට ප්‍රතිලාබ අහිමි වනු ඇත.

මෙම සන්දර්භය තුල දී, බාමාගේ අඟහරුවාදා කතාව දේශපාලන විකට රංගනයකි. ඔහු ඔහුගේ යෝජනා ඉදිරිපත් කලේ අල්බනිහි නිව් යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ නැනෝස්කෙල් සයන්ස් ඇන්ඩ් එන්ජිනියරින් විද්‍යාලයේ දී ය. සම්මත වුනොත්, මෙම පියවරයන් එක්සත් ජනපදය තුල ලක්ෂ සංඛ්‍යාත රැකියා විරහිතයන්ගේ තත්වය වර්ධනය කිරීමට කිසිදු සෙතක් නොවනු ඇත.

ඔබාමාගේ යෝජනා පහෙන් තුනක් හුදෙක් ම ව්‍යාපාරිකයන්ට බදු ප්‍රදානය කරන ඒවාය. එකක් 2012 "නව රැකියා නිර්මානය කරන" සමාගම්වලට සියයට 10 ක ආදායම් බදු සහන ප්‍රදානය කරනු ඇති අතර දෙවැන්න මගින් "පිරිසිදු බල ශක්ති නිෂ්පාදනය කිරීමේ ආයෝජන" සඳහා දෙන වර්තමාන බදු සහනාධාරය පුලුල් කෙරෙනු ඇත.

නිවාස අත්පත් කර ගැනීමට මුහුන දී සිටින නිවාස හිමියන්ට සහන සැලසීමේ මුවාවෙන් උකස් කර්මාන්තය තව දුරත් නිර්නියාමනය කිරීමට පවතින "බාධා සියල්ල ඉවත් කිරීමට" ඔබාමා යෝජනා කරයි. මෙය සිදු කෙරෙන්නේ නිවාස මිල වේගයෙන් පහත වැටීම දිගටම සිදුවන හා දස ලක්ෂ සංඛ්‍යාත පවුල් සිය නිවාස අත්පත් කර ගැනීමේ අන්තරායට මුහුන දී සිටින කොන්දේසි තුලය.

ඔහුගේ යෝජනාවලින් සංගතවලට වරදානයක් නොවන්නේ එකක් පමනි. එමෙන් ම, පෙරදැකිය හැකි ලෙසම එය නො වැදගත් එකකි: සේවාමුක්ත හමුදා භටයන් 20,000 ට පාරිසරික සංරක්ෂන වැඩපිලිවෙලක වසර පහක් වැඩ කිරීමට හා 10,000 ට "සුලු ව්‍යාපාර හිමිකම පිලිබඳ මූලික කරුනු සම්බන්ධව අන්තර් ජාලගත පුහුනු වැඩපිලිවෙලක්" සම්පාදනය කරන ලෙස ඔහු ඉල්ලා තිබේ.

එක්සත් ජනපදයේ රැකියා "මුලාශ්‍ර" වන සංගතවල බදු කප්පාදු කරන ලෙසද ඔබාමා ඉල්ලා සිටියි. එක්සත් ජනපදය තුල නිෂ්පාදන පහසුකම් පිහිටුවීම සඳහා වන ඔවුන්ගේ සියලුම වියදම් කටුගා දැමීමට එමගින් ඔවුන්ට ඉඩ සැලසෙයි. ඊට අමතරව රට තුල කෙරෙන ආයෝජන මත සියට 20 ක බදු සහනයක් ද ලබා දෙයි.

මෙය චීනය හා මෙක්සිකෝව වැනි රටවලට වඩා ලාබදායක ලෙස එක්සත් ජනපදය තුල දී කම්කරුවන් සුරාකනු ලැබිය හැකි මට්ටමට වැටුප් පහතට තල්ලු කිරීමේ එල්ලයක් සහිත ඔබාමාගේ සමස්ත ආර්ථික වැඩපිලිවෙලේ කොටසකි.

ඔබාමා එය ඉදිරිපත් කල ආකාරයට "ඇමරිකානු කම්කරුවන් වඩාත් කාර්යක්ෂම වෙමින්, සමාගම් වඩ වඩා තරඟකාරී වෙමින්, ඇත. ඒ අනුව ව්‍යාපාර රාශියකට රැකියා ආපසු රටතුලට ගෙන ඒමේ අදහසක් ඇතිවීමට පටන් ගෙන තිබේ."

"කාර්යක්ෂමතාවය" යනුවෙන් ඔබාමා අදහස් කරන්නේ ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාකයක් ලෙස ඇමරිකානු ශ්‍රම බලකාය සුරාකෑම තීව්‍ර කිරීමට වැඩි දෙයක් නොවේ. අවපාත කාල පරිච්චේදය තුල ශ්‍රම බලකාය මිලියන ගනනින් හැකිලී ඇතත්, කාර්මික නිෂ්පාදනය 2007 මට්ටම ඉක්මවා තිබේ.

ආරම්භයේ සිටම ඔබාමා පාලනයේ පිලිවෙත වී ඇත්තේ මෙයයි. රථ වාහන කර්මාන්තය අර්බුදයෙන් ගොඩ දැමීමේ කාල පරිච්චේදය තුල, ඔවුන් කම්කරුවන්ගේ වැටුප් හා ප්‍රතිලාභ කැපීම් ක්‍රියාවට දමන්නේ නම් මහා රථවාහන කර්මාන්ත තුනට ආන්ඩුවේ අරමුදල් සම්පාදනය කරන බව ඔබාමා කියා සිටියේය.

විරැකියා අර්බුදය විසඳීමේ කිසිදු අර්ථාන්විත පියවරයන් නැතිකම මෙම වැඩපිලිවෙලේ කොටසකි. විරැකියාව සමාජ නපුරක් ලෙස දැකීම වෙනුවට, ආන්ඩුව, එය නියෝජනය කරන සංගත සමග එක්ව වැටුප් පහතට තල්ලු කිරීමට, ප්‍රතිලාබ කැපීමට හා වැඩ වේගවත් කිරීම් ක්‍රියාවට දැමීමට මහජන විරැකියාව උපයෝගී කරගෙන තිබේ.

එහි ප්‍රතිපලයක් ලෙස, ශ්‍රම බලකායේ සහභාගිත්ව රේට්ටුව 1980 ගනන්වලින් පසුව එහි අවම මට්ටමට පහත වැටෙද්දී සංගත ලාබ ඉතිහාසය තුල ඒවායේ ඉහලම මට්ටම්වලට නැග තිබේ.

පාලක පන්තිය ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ කම්කරු පන්තියේ සමාජ තත්වයන්ට නිර්දය හා පෙර නො වූ විරූ ප්‍රහාර එල්ල කිරීමෙනි. මෙම ප්‍රහාරයේ හීතුඩ බවට පත්ව ඇත්තේ වෘත්තීය සමිති සහ ඔවුන්ගේ ආධාර කරුවන් සමග වැඩ කරන ඔබාමා ආන්ඩුව ය.

ඔබාමාගේ කතාව, ඇමරිකානු දේශපාලන ක්‍රමයේ දැඩි හා මහජනයා නියෝජනය නොකරන ස්වභාවයේ පරමාදර්ශී ප්‍රකාසනයකි . විරැකියාව හා දුප්පත්කම වර්ධනය වීම මධ්‍යයේ, රොම්නි සහ ඔබාමා දෙදෙනාම ලාබ පද්ධතියට ප්‍රසංශා කරන ගී ගයන අතර ප්‍රධාන සන්ගතවලට හා සුපිරි ධනපතියන්ට ඍජු වරදාන නො දෙන පිලිවෙත් යෝජනා නොකරති.

මුලුමනින් ම වෙනස් ප්‍රතිචාරයක් ඉල්ලා සිටිනු ලබයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන සංවිධානය සහ එය ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය තමන්ගේ ම සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කල යුතුය. මහජනතාවට රැකියා සම්පාදනය කිරීම සඳහා ක්ෂනික පියවර ගත යුතු ය. යටිතල පහසුකම් යලි ගොඩ නැගීමේ හා සංකීර්න සමාජයක සියලුම උවමනාවන් සපුරන ඩොලර් බහු-ට්‍රිලියන මහජන වැඩ නිර්මානය කිරීමේ වැඩ පිලිවෙලක් මෙයට ඇතුලත් ය.

ප්‍රධාන ප්‍රශ්නය ධනපති ක්‍රමයමයි. පුද්ගලික ලාබ උවමනාවන් සඳහා ආර්ථිකය හසුරුවන හා මුල්‍ය ප්‍රභුව ආර්ථික හා දේශපාලන ජීවිතය මත ආඥාදායක පාලනයක් පවත්වා ගෙන යන තාක් දුරට රැකියාවක් සඳහා අයිතිය ඇතුලු කම්කරු පන්තියේ අතිශය මුලික අයිතීන් පිලිබඳ ගැටලු විසඳිය නො හැකිය.

ඇමරිකානු කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වයක් ගොඩ නැගීම සඳහා සටනේ කොටසක් ලෙස 2012 මැතිවරනයේ දී, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිය අපේක්ෂකයන් ඉදිරිපත් කරනු ලැබ ඇත. සසප මැතිවරන ව්‍යාපාරය අධ්‍යයනය කරමින් අදම එයට මැදිහත් වන ලෙස මෙම අරගලයට උරදීමට උනන්දු සියලු දෙනාගෙන් ම අපි ඉල්ලා සිටිමු.

අන්ඩෲ ඩෙමොන්

Share this article: