සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් -- 4 වන කොටස

The Historical and International Foundations of the Socialist Equality Party (Sri Lanka)—Part 4

By the Socialist Equality Party (Sri Lanka), 10 May 2012

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මේ සමග පල කරන්නේ, 2011 මැයි 27-29 දිනවල කොලඹ දී පැවති පක්ෂයේ ආරම්භක සමුලුවේ දී ඒකමතිකව සම්මත කෙරුනු සමාජවාදී සමානතා පක්ෂයේ (ශී‍්‍ර ලංකාව) ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ලියවිල්ලයි. එය කොටස් 12කින් පල කෙරෙනු ඇත. මෙහි 1 වන කොටස , 2 වන කොටස හා 3 වන කොටස පිලිවෙලින් මැයි 3,5 හා 9 දිනවල පල කෙරින.

9. ඉන්දියාව බෙදීම

9-1 දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ ඉන්දියාව තුල පැන නැගි මහාජන අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය ගබ්සා කිරීමේ දී සහ දකුනු ආසියාව පුරා ධනේශ්වර පාලනය යලි තහවුරු කිරීමේ දී කොන්ග‍්‍රසය, ස්ටැලින්වාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ සහයෙන් කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කලේ ය. යලිත් වරක් ක්විට් ඉන්දියා ව්‍යාපාරයක් පැනනැංගොත් එය තම පාලනයෙන් ඉවතට පනිනු ඇතැයි ද වැඩෙන්නා වූ කම්කරු පන්ති සහ ගොවි ජන අරගල ද මහාරාජාවරුන් විසින් පාලනය කරනු ලැබූ රාජ්‍යයන්හි වැඩෙන අසහනය ද ඉදිරියේ භ‍්‍රාන්ත වූ කොන්ග‍්‍රස් නායකයෝ, ඉන්දියා-අධිරාජ්‍යයට තවදුරටත් එල්බ සිටිය නො හැකි යයි ඒ වන විටත් අවබෝධ කරගෙන තිබුනු බි‍්‍රතාන්‍යයන් සමග සම්මුතියකට එලඹීමට ඉක්මන් වූහ. එසේ කිරීමේ දී, කොන්ග‍්‍රසය, තමන්ම මෙතුවක් කල් ඉදිරිපත් කර තිබුනු කි‍්‍රයා මාර්ගයේ තීරනාත්මක අංශ අත්හැර දමා බි‍්‍රතාන්‍යයන් සමග පමනක් නොව ඉන්දියාවේ ප‍්‍රජාගනවාදී කොටස් වන මුස්ලිම් ලීගය සහ හින්දු මහා සභාව සමග ද යටත් විජිත රාජ්‍යයේ තත්වාරක්ෂක පදනම ලෙස පැවතුනු මහඉඩම් හිමි සමින්දාරියන් හා ප‍්‍රාන්ත රාජ්‍ය වල මහා රාජාවරුන් සමග ද සම්මුතියකට ප‍්‍රයත්න දැරීය.

9-2 ඉන්දියාවේ මුස්ලිම් ඉඩම්හිමියන්ගේ සහ ධනපතියන්ගේ ආසක්තයන් නියෝජනය කල මුස්ලිම් ලීගය, 1940 දී ම රටේ මුස්ලිම් බහුතරයක් වාසය කල ප‍්‍රාන්ත ඇතුලත් පකිස්ථානය නමැති වෙනම රාජ්‍යයක් සඳහා ඉල්ලීම, ඉදිරිපත් කර තිබුනි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනයයේ ප‍්‍රධාන උපකරනයක් ලෙස ප‍්‍රජාගන ප‍්‍රවර්ගයන් යොදාගෙන වෙන් වූ දේශපාලන බලවේගයක් හැටියට සංවිධානය හා වර්ධනය කර තිබුනු මුස්ලිම් ප‍්‍රභූන් භීතියට පත් වූයේ ඒකාබද්ධ ඉන්දියානු රාජ්‍යයක් තුල තමන් කොන්වේ ය යන කාරනය නිසා පමනක් නො වේ. ඔවුහු වැඩෙන සමාජ අසහනය පිලිබඳව ද බියට පත් වූහ. වෙනම මුස්ලිම් රාජ්‍යයක් සඳහා ඉල්ලීම වනාහි, යුද්ධයෙන් පසු සමයේ දකුනු ආසියාවේ අපේක්ෂිත ප‍්‍රතිසංවිධානය තුල දී දේශපාලන බලයෙන් සැලකිය යුතු කොටසක් තමන්ගේ අතට ගැනීමට ද එන්න එන්න ම අසහනශීලි වන්නා වූ ජනතාව බෙදා නොමග යැවීම පිනිස වර්ගවාදය අවුලූවාලීමට ද මුස්ලිම් ප‍්‍රභූව යොදාගත් උපක‍්‍රමය විය. හින්දු මහා රාජාවරු, ඉඩම් හිමි හා මහා ව්‍යාපාරික කොටස් මත පදනම් වූ හින්දු මහා සභාව, මුස්ලිම් බලපෑමට ප‍්‍රතිරෝධය දැක්වීමේ විධික‍්‍රමයක් ලෙස වර්ගවාදී අර්ථයකින් බි‍්‍රතාන්‍යයන් සමග ගෙන යන ස්වකීය සහයෝගිතාව යුක්තියුක්ත කල අතර මුස්ලිම්වරුන් "සන්සිඳීමට” කටයුතු කරන්නේ යයි කියමින් කොන්ග‍්‍රසයට බැන අඬගසමින්, මුස්ලිම්වරුන් "හින්දු ජාතියට” පිටස්තරයන් යයි ද ඔවුන්ට පූර්න පුරවැසි අයිතිය නොදිය යුතු යයි ද තර්ක කලේ ය. ඇත්ත වශයෙන් වර්ගවාදයට එරෙහිව දේශපාලන වශයෙන් සටන් කිරීමේ එකම මාවත වූයේ කම්කරුවන් සහ ගම්බද ජනයා ඔවුන්ගේ පොදු සමාජ අවශ්‍යතා වටා බලමුලූ ගැන්වීම ය. සමස්තයක් ලෙස ඉන්දියානු ධනපති පන්තියේ අවශ්‍යතාවලට තර්ජනය කරන එවන් මූලෝපායකට ඓන්ද්‍රීයව ම සතුරු කොන්ග‍්‍රසය, වර්ගවාදයට වැඩි වැඩියෙන් අනුගත වූයේ, මහජනතාව වාර්ගික භේදවලට නිසැකයෙන් ම අභියෝග කල සමාජ අරගල පාලනය කිරීමට හා මැඩීමට කටයුතු කරමිනි. එය 1945-46 මැතිවරනයේ දී බෙංගාලයේ දී හින්දු මහා සභාව සමග මැතිවරන ගිවිසුමක් ඇති කර ගැනීම ගැන සලකා බැලූ අතර, තවත් තැන්වල දී හින්දු මහා සභාවේ සාමාජිකයින් තම සාමාජිකත්වයට ඇතුල් කර ගති.

9-3 පශ්චාත් යුද අධිරාජ්‍ය-විරෝධී නැගිටීම ප‍්‍රථමයෙන් ම ගත්තේ, ක්විට් ඉන්දීය ව්‍යාපාරය මුර්ග ලෙස මර්දනය කිරීමටත්, සුභාෂ් චන්ද්‍ර බෝස්-නීත ඉන්දියානු ජාතික හමුදාවේ (අයිඑන්ඒ) නායකයන් ට විරුද්ධ නඩුවටත් එරෙහි අරගලයක රූපයයි. සටන්කාමී කොන්ග‍්‍රස් නායකයෙකු වූ සුභාෂ් චන්ද්‍ර බෝස්, ගාන්ධිට විරුද්ධ වුව ද, බි‍්‍රතාන්‍ය පාලනයට විරුද්ධ අරගලය සඳහා කම්කරු පන්තිය වෙත හැරීම ප‍්‍රතික්ෂේප කොට ඒ වෙනුවට ප‍්‍රතිමල්ල අධිරාජ්‍ය බලවතෙකු වූ ජපන් නායකත්වය යටතේ යුද්ධ කිරීමට එකඟ විය. ඔහු ජපන් හමුදාව විසින් සිරයට ගෙන තිබූ ඉන්දියානු හේවායන්ගෙන් සැදුම් ලත් ඉන්දියානු ජාතික හමුදාවේ (අයිඑන්ඒ) නායකත්වය ගෙන බි‍්‍රතාන්‍යයන්ට එරෙහිව මෙහෙය විය. නොමග ගිය අරමුනු තිබිය දී ම, අයිඑන්ඒ නායකයන්ට ඉන්දියාව තුල පුලූල් පරිමානව සලකන ලද්දේ වීරයන් හා දේශපේ‍්‍රමීන් ලෙස ය. ඔවුන් පිලිබඳව සානුකම්පිතව සලකා බැලිය යුතු යයි ඉල්ලා ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය විරෝධතා හින්දු, මුස්ලිම් හා සික් ජනයා ඒකාබද්ධ කලේ ය. 1945 නොවැම්බරයේ හා 1946 පෙබරවාරියේ දී බීඑල්පීඅයි කල්කටාවේ ශිෂ්‍ය සංවිධාන සමග මෙම ඉන්දියානු ජාතික හමුදාවට එරෙහි නඩුවලට විරුද්ධ මහා ජනතා පෙලපාලිවලට සමීප ලෙස සම්බන්ධ වූහ. මෙම විරෝධතාවන් පොලිසිය සහ හමුදාව විසින් ප‍්‍රචන්ඩ ලෙස මැඩලන ලද අතර අවිනයට හා වියවුලට එරෙහි අරගලයේ නාමයෙන් විරෝධකයන් විසුරුවා හරිනු පිනිස සීපීඅයි කොන්ග‍්‍රසය සමග අත්වැල් බැඳගති.

9-4 1946 පෙබරවාරියේ දී බොම්බායේ සහ කරච්චියේ ඉන්දියානු නාවුක හමුදාවේ අයිආර්එන් කොටස් වැටුප් හා සේවා තත්වයන් උඩ කැරලි ගැසූහ. එහි දී ඔවුහු, සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කරනු, බි‍්‍රතාන්‍ය ඉන්දියානු හමුදා ඉන්දුනීසියාවෙන් ඉවත් කරගනු බි‍්‍රතාන්‍යයන් ඉන්දියාව හැර යනු (ක්විට් ඉන්ඩියා) යනාදිය ඇතුලත් රැඩිකල් දේශපාලන ඉල්ලීම් මාලාවක් ද මතු කලහ. ඔවුන්ගේ කි‍්‍රයාව සෙසු ඉන්දියානු යුද ඒකකයන් තුල සහයෝගය හා කැරලි අවුලුවාලමින් අන්තිමේ දී බොම්බායේ මහා කම්කරු අරගල ද වීදි සටන් ද ඇති කලේ ය. මෙම සටන් මැඩපැවැත්වීමට බි‍්‍රතාන්‍ය ආන්ඩුව බලය පාවිච්චි කල අතර කොන්ග‍්‍රසය සහ මුස්ලිම් ලීගය එම මර්දනයට මුලූමනින්ම සහාය දුනි. ආර්අයිඑන් කැරලිකරුවන් නපුරු ලෙස හෙලා දැකීමට ද ඔවුන්ගේ අරගලයේ ගුනාංගයක් ලෙස දක්නට ලැබුනු වාර්ගික-සමගිය හෙලා දැකීමට ද උත්සුක වූ ගාන්ධි, "මෙම හැඩි රැල දිනනවාට වඩා ගින්නට පැන මිය යනු යෙහෙකැයි” කියා සිටියේ ය. ඔහු මෙසේ ද කී ය."ප‍්‍රචන්ඩ කි‍්‍රයා සඳහා හින්දුන් ද මුස්ලිමුන් ද වෙනත් අය ද එකට එකතුවීම අශුද්ධ කි‍්‍රයාවකි.” බීඑල්පීඅයි මෙම කැරලිකරුවන්ට සහාය දෙමින් විරෝධතා සහ මහා වැඩවර්ජනයක් කැඳවන ලෙස ඉල්ලා සිටි අතර, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය මෙම "මහජන උන්මාදය” හෙලා දැක හමුදා කැරැල්ලට පක්ෂව පැන නැගි මහජන සහයෝගය බිඳීමට කි‍්‍රයා කලේ ය. වෙනත් සෑම අවස්ථාවක දී මෙන් මෙවර ද කොන්ග‍්‍රසය, මහජන ව්‍යාපාරය පස්සට අදිනවාත් සමග ම, කැරැල්ලේ පරාජයෙන් ඉක්බිතිව, ප‍්‍රජාගන භේදවාදය පුපුරා ගියේ ය. 1946 අගෝස්තුවේ දී තම "පකිස්තාන්” ඉල්ලීමට සහාය පිනිස "සෘජු කි‍්‍රයාමාර්ග” සඳහා මුස්ලිම් ලීගය කල කැඳවුම, කල්කටාවේ මුස්ලිම්වරුන් සහ හින්දූන් අතර ඇතිවූ දරුනු ගැටුම් තුලින් 6,000ක් මරනයට පත්කොට එයට ප‍්‍රතිචාර වසයෙන් ඉන්දියාව පුරා ම මුස්ලිම් වරුන්ට එරෙහි හින්දු වාර්ගික ප‍්‍රහාරයන්ට මග පෑදුවේ ය.

9-5 පශ්චාත් යුදකාලීන නැගිටීම කම්කරු වැඩවර්ජන මාලාවක් ද බිහි කලේ ය. එම අරගලවලට ආක‍්‍රමනශීලිව මැදිහත් වූ බීඑල්පීඅයි වැදගත් ජයග‍්‍රහන ලබා ගති. මැඩ්රාස් ලේබර් යූනියන් (එම්එල්යූ) සමිතියේ බලය දිනා ගෙන තිබූ බීඑල්පීඅයි, 1946 ජුනි මාසයේ ද 1947 මාර්තු සිට ජුනි ද ක්වා ද මදුරාසියේ බකිංහැම් සහ කර්නාටික් (බීඇන්ඩ්සී) රෙදිමෝලේ ප‍්‍රධාන වැඩවර්ජන ගනනාවක් මෙහෙයවිය. ඉන්දියාවේ විශාල කර්මාන්ත ශාලාවක් ව පැවති මෙහි 1947 වැඩවර්ජනය කටුක ලෙස මාස තුනක් පුරා පැතිර ගිය අතර ජනතා පෙලපාලි ද කම්කරුවන් සහ කුඩා ව්‍යාපාරිකයන් ලක්ෂයකට වඩා අධික සංඛ්‍යාවක් සහභාගි වූ හර්තාලයක් ද සංවිධාන කරන ලදි. ජුනි මාසයේ දී සමිතිය නීති විරෝධී කර එහි අරමුදල් රාජ්‍යසන්තක කර නායකයන් අත්අඩංගුවට ගත් නමුත් බීඇන්ඩ්සී මෝල විවෘත කිරීමට රජයට නො හැකි විය. එම මාසය අග දී එම්එල්යූ වෘත්තීය සමිතිය වැඩ වර්ජනය අවසන් කලත් වැදගත් සහන මාලාවක් ම දිනා ගැනීමට සමත් විය.

9-6 වර්ගභේදවාදී දේශපාලනයට එරෙහිව සප‍්‍රතිපත්තික ආස්ථානයක් ගත් බීඑල්පීඅයි, වෙනම මුස්ලිම් පකිස්තානයක් පිහිටුවීමේ සටන් පාඨයට විරුද්ධ විය. ඒ පිලිබඳව 1944 බීඑල්පීඅයි සමුලුවේ යෝජනාවක් මෙසේ ප‍්‍රකාශ කලේ ය: "මෙම සටන් පාඨය දේශපාලන වසයෙන් ප‍්‍රතිගාමී ය. න්‍යායික ව වැරදි ය. එය දේශපාලන වසයෙන් ප‍්‍රතිගාමී වන්නේ වර්ගභේදවාදී හැඟීම්වලට ආමන්ත‍්‍රනය කිරීම මගින්, මුස්ලිම් ජනතාවගේ වැඩී එන අතෘප්තිය ඔවුන්ගේ නියම සතුරාගෙන්, එනම් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් හා එහි දේශීය හවුල්කරුවන්ගෙන් ඉවතට හරවා, හින්දූන්ට එරෙහි ව යොමු කරන හෙයිනි. එය න්‍යායික ව සාවද්‍ය වන්නේ, ඉන්දියාවේ මුස්ලිම්වරුන් ජාතියක් වන්නේ ය යන පදනම් විරහිත සාවද්‍ය තර්කයක් මත පදනම් වෙමින් එම ජාතිය, හින්දු ජාතියක් විසින් මඩිනු ලබන්නේ යයි ප‍්‍රකාශ කරන හෙයිනි. පොදු ඓතිහාසික සම්ප‍්‍රදායේ, භාෂාවේ, සංස්කෘතියේ හෝ වර්ගයේ මෙන්ම භූගෝලීය හා ආර්ථික සාධක පිලිබඳව සලකා බලන විට පවා සුවිශේෂී මුස්ලිම් ජාතිකත්වයක් නැගී ඒම සඳහා පිලිගත හැකි කිසිදු පදනමක් ඇත්තේ නැත. ආගම (සත්තකින් ම, එහි අඩංගු විය හැකි මොන යම් හෝ පොදු සංස්කෘතික අංගයක් සමග ගත් කල) ඒකාබද්ධ කිරීමේ සාධකය පමනක් වන අතර එය, සියලුම ඓතිහාසික අත්දැකීම්වල පදනම මත සැලකූ කල, ජාතික සවිඥානකත්වයක් අන්තර්ගත කරගත හැකි මොනයම්ම හෝ හැඟීමක් උත්පාදනය කිරීමට පැහැදිලිව ම අසමර්ථය. ඤඅඅඅගප්රංසිඑිගදරට%

9-7 කෙසේ වෙතත් මේ වන විට කොන්ග‍්‍රසය, බි‍්‍රතාන්‍යය ද එහි මහාරාජා වරුන් හා ඉඩම් හිමි සහකරුවන් ද සමග සම්මුතියක් කරා වේගයෙන් ගමන් කරමින් තිබුනි. කොන්ග‍්‍රසය ක්විට් ඉන්ඩියා නැගිටීම සමග තමන්ට පැවති සම්බන්ධතාවය තම සහයෝගය වැඩිකර ගැනීම සඳහා යොදා ගති. ගාන්ධි සහ අනෙකුත් කොන්ග‍්‍රස් නායකයන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ක්විට් ඉන්දියා ව්‍යාපාරය රැගෙන තිබූ රැඩිකල් නැම්ම ට සහ පශ්චාත් යුදකාලීන සමාජ අරගලයන් වැඩී ඒමට බිය වූ කොන්ග‍්‍රසය බි‍්‍රතාන්‍ය පාලනයට එරෙහිව කුමන හෝ මහජන අභියෝගයකට නායකත්වය දීමට අකමැති වූ අතර ධනේශ්වර පාලනය වහාම ස්ථාවර කිරීම සඳහා යටත් විජිත පාලනය සියතට ගැනීමට අධිෂ්ඨාන කර ගෙන සිටියේ ය. මේ නිසා කොන්ග‍්‍රස් නායකයෝ පූර්න ස්වාධීනතා ඉල්ලීම අතහැර දමා දිගින් දිගටම බිතාන්‍යයන්ට බැඳීම් ඇතිව ඩොමීනියන් තත්වය පිලිගත්හ. පූර්න සර්වජන ඡන්දයක් මත පදනම් වූ ව්‍යවස්ථාදායක මන්ඩලයක් පිලිබඳ ඉල්ලීම ඉවත දැමූ ඔවුහු, මහා රාජාවරුන්ගේ හා වැඩවසම්වාදයේ පාලනයට රැඩිකල් ලෙස අභියෝග කිරීම වැලක්වීමට වෑයම් කලෝය. අතිමූලිකව ම ගත් කල, එක්සත්, නිර්-ආගමික ඉන්දියාවක් පිලිබඳ තම කි‍්‍රයාමාර්ගය අත්හැර දැමූ කොන්ග‍්‍රසය, උපමහාද්වීපය වාර්ගිකව බෙදීම පිලිගෙන එය කි‍්‍රයාවට ද දැමීය. බෙංගාලය සහ පන්ජාබය සම්පූර්නයෙන්ම පකිස්ථානයට ඇතුලත් කරන ලෙස මුස්ලිම් ලීගය ඉල්ලා සිටි අතර, කොන්ග‍්‍රසය කියා සිටියේ, මෙම ප‍්‍රාන්ත දෙක වාර්ගික පදනමක බෙදාලන ලෙස ය. මෙහි දී හින්දු මහා සභාවේ නායකයා වූ ද අනාගත ජනසාංග් (පසුකලෙක බීජේපී) ආරම්භකයා වූ ද එච්.පී. මුඛර්ජි ඇතුලූ අන්ත වර්ගෝත්තමවාදී කොටස් සමග වැඩ කිරීමෙහි ලා තම සූදානම එය ඔප්පු කලේය. පන්ජාබයේ සහ බෙංගාලයේ හින්දු හා සීක් ජනයා "මුස්ලිම් ආධිපත්‍යයෙන් ගලවා ගැනීමට” යයි කොන්ග‍්‍රසය දියත් කල ව්‍යාපාරය, 1947 ඉන්දියාව බෙදීමෙන් පසුව මිලියන දෙකක් තරම් ජනයා මරා දැමුවා වූ ද මිලියන 12-14 අතර සංඛ්‍යාවක් සරනාගතයින් බවට පත් කලා වූ ද වර්ගවාදී ප‍්‍රචන්ඩත්වය මුදාහැරීමේ ප‍්‍රධාන සාධකයක් විය.

9-8 මුලින් කොන්ග‍්‍රසයට ද පසුව බි‍්‍රතාන්‍ය පාලනයේ අවසන් වසරවල දී වර්ගෝත්තමවාදයේ නැගීමට ද එමෙන්ම මුස්ලිම් ලීගයට ද අනුගත වෙමින්, යටත් විජිත විරෝධී ව්‍යාපාරය ධනපති පන්තියට යටත් කර දැමූ ස්ටැලින්වාදී ඉන්දියානු කොපය, මෙම පාවාදීමට ආධාර උපකාර කලේය. මුස්ලිම් ස්වයං-නිර්නයේ යුක්තිසහගත ප‍්‍රකාශනය ලෙස පාකිස්ථාන් සටන් පාඨය හඳුන්වමින් එයට දේශපාලන යුක්තියුක්තභාවයක් සම්පාදනය කල සීපීඅයි, මුස්ලිම් මහජනයා අතර සමාජ පදනමක් ගොඩනඟා ගැනීමට මුස්ලිම් ලීගයට උදව් කිරීමට තම සාමාජිකයන් එම සංවිධානය තුලට යැවීය. 1945-47 අතරතුර දී කොන්ග‍්‍රසය සහ මුස්ලිම් ලීගය වාර්ගික ගිනිදැල් අවුලුවද්දී, සීපීඅයි, ඒකාබද්ධ වී ජාතික විප්ලවය මෙහෙයවන ලෙස ප‍්‍රතිමල්ලව ධනපති පක්ෂවලට නිෂ්ඵල ආයාචනා ඉදිරිපත් කලේය.

9-9 ඉන්දියාව බෙදීම, ධනේශ්වර ඉන්දියාවේ සහ පකිස්තානයේ නිරූපිතව පවත්නා ඊනියා, "නිදහස” සහ "ස්වාධීනත්වයේ” සැබෑ අර්ථය අද ද පෙන්නුම් කරයි. ඉන්දියාව සහ පකිස්තානය බෙදීමත් සමග පැනනැගි වාර්ගික සංහාර, ප‍්‍රජාතන්ත‍්‍ර විප්ලවය ගබ්සා කිරීමේ අතිශයින් ම ලේවැකි වූ ද වහාම පෙනීයන්නා වූ ද ප‍්‍රතිවිපාකය වේ. අලුතින් තනන ලද රාජ්‍ය දෙක ම සමින්දාර්වරුන්ගේ, මහා රාජාවරුන්ගේ හා මහා ව්‍යාපාරිකයින්ගේ ධන සම්භාරයන් ද වෙනත් ආකාර දේපල සහ වරප‍්‍රසාද ද ආරක්ෂා කල අතර, බි‍්‍රතාන්‍ය යටත් විජිත රාජ්‍යයේ ප‍්‍රධාන සංස්ථා සහ නීති තවදුරටත් පවත්වා ගත්තේය. වැඩිම වුනොත් යම් සුලූ හෝ ප‍්‍රතිසංස්කරන කඩින්කඩ සිදු කරන ලද්දේ, ධනේශ්වර සංවර්ධනයට පිටුබලය සැපයීමේ අරමුනින් යුතුව ය. දැන් දශක 6ක් ගත වූ පසුව ද මහජනතාවගේ දැවෙන ප‍්‍රජාතන්ත‍්‍රීය සහ සමාජ ගැටලු එකක් වත් විසඳා නැත. මෙයට ප‍්‍රතිකූලව සිදු වී ඇත්තේ මහා ඉඩම් හිමිකම, කුල පීඩනය සහ අනිකුත් වැඩවසම් අංග ධනේශ්වර සූරාකෑම සමග වඩ වඩාත් එකට බැඳීමයි.

9-10 ඉන්දියාව බෙදීම "ජනවාර්ගික ගැටලුව” විසඳනවා වෙනුවට සිදු කලේ, දකුනු ආසියාවේ රාජ්‍ය ව්‍යුහය තුල ජනවාර්ගික භේද නිදන්ගත කරමින් තවදුරටත් අවුල් කිරීම ය. වී. ඩී. සවර්කාර් නම් හින්දු අන්තවාදියාගේ අනුගාමිකයකු විසින් 1948 ජනවාරියේ දී ගාන්ධි ඝාතනය කිරීමෙන් අනතුරුව කල්කටාවේ ශිෂ්‍යයින් ඇමතූ බීඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා මෙසේ පැහැදිලි කලේ ය: "බෙදීමේ ශෝකාන්තය එහි නිර්මාතෘවරුන්ගේ ප‍්‍රකාශිත අරමුනුවලින් ම ගලා ආවේය. එක් අතකින් ඉන්දියාව නමැති ජීවමාන ශරීරය කුරිරු ලෙස කපා ලීමත් අනික් අතින් ජීවමාන ජාතිකත්වය දෙකක් (පන්ජාබ් හා බෙංගාලි) කපා වෙන් කිරීමත් ඉදිරිපත් කරන ලද්දේ එක් පැත්තකින් වර්ගවාදී ගැටලූවට විසඳුමක් ද තවත් පැත්තකින් නිදහසට මග විවර කිරීමක් ද වසයෙනි. දෙකම බොරු බව දැන් ඔප්පු වී ඇත. බෙදීම එක පැත්තකින් මහජනතාව මත අධිරාජ්‍ය වහල්භාවය අලූතින් තහවුරු කිරීමේ මාර්ගය කි. අනික් පැත්තෙන් එහි අරමුනවන්නේ අභ්‍යන්තර වර්ගවාදී හැඟීම් සිවිල් කම්පනයන් ඇති නොකොට ඉවතට හැරවීම සඳහා රාජ්‍ය දෙක අතර යුද ඇවිලවීම යොදා ගත හැකියයි රැවටීමට බව ද ඔප්පු වී ඇත. යුද්ධය (දැනටමත් කාශ්මීරයේ හා ජුනාගාද්හි එලඹ නැත්නම්) එලඹෙනු ඇත එහෙත් සිවිල් කම්පන දැනට ම විනාශකාරී අකාරයකින් එලඹ ඇත.” (1948, පි. 5, කම්කරු මාවත ප‍්‍රකාශනයකි)

9-11 ද සිල්වාගේ අනතුරු හැඟවීම් අනාවැකි සැබවින්ම තහවුරු විය. ඉන්දියාව බෙදාලීම ඉන්දියාව සහ පකිස්තානය අතර ඇති කල ප‍්‍රතිගාමී භූ දේශපාලන අරගලය, යුද්ධ තුනක් සහ ගනන් නැති යුද අර්බුද නිර්මානය කරමින්, ප‍්‍රානසම ආර්ථික සම්පත් විනාශ කර දමමින්, අද මුලුමහත් දකුනු ආසියාවේ ම ජනතාව න්‍යෂ්ටික වහ්නි ජාලාවක් තුල වැනසීයාමේ තර්ජනයට ලක්කර ඇත. 1947-48 ප‍්‍රථම ඉන්දු-පකිස්තාන් යුද්ධය කාශ්මීරය බෙදා කාශ්මීර ජනතාව කෲර ලෙස භේද කර ඇත. එහි විපාකය වූයේ වාර්ගික ගැටලුව ජනවාර්ගික වසයෙන් බෙදන ලද උපමහාද්වීපයේ රාමුව තුල නො විසඳිය හැකි දේශපාලන ගැටලුවක් බවට පත්වීම ය. ගනන් නැති සමාජ ආතතීන්ගෙන් එකක් වත් විසඳාලීමට අසමත් මෙම රටවල් දෙකේ ම පාලක ප‍්‍රභූන්, තම රට තුල නැග එන විරුද්ධත්වය නොමග යැවීම සඳහා සිරිතක් වසයෙන් වාර්ගික ජන කැලඹීම්වල පිහිට සොයා ඇත. ඉන්දියාව බෙදීම, ජල සම්පත් පරිහරනය කිරීම ඇතුලු තර්කානුකූල ආර්ථික සංවර්ධනයක් වැලැක්වීම ද එක් රාජ්‍යයක් හා එහි පාලක ප‍්‍රභූව අනෙකාට එරෙහිව පිහිටුවීම පිනිස එක්සත් ජනපදයට හා අනෙකුත් මහා බලවතුන්ට දේශපාලන යාන්ත‍්‍රනයක් සම්පාදනය කිරීම ද මගින් දකුනු ආසියාවේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට දොරටු විවර කර දී තිබේ. අද දකුනු ආසියාව, ලෝකයේ දුප්පතුන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් සහිත ආර්ථික වශයෙන් අඩුවෙන් ම ඒකාග‍්‍රිත ප‍්‍රදේශය යි.

10. ලංකාවේ නිල නිදහස

10-1 ලංකාවට ස්වයං පාලනය ප‍්‍රදානය කිරීමට බි‍්‍රතාන්‍ය තීන්දු කලේ ලංකා ජාතික සංගමය (ලජාස) ගෙනගිය ව්‍යායාමයක ප‍්‍රතිඵලයක් ලෙස නො වේ. ඉන්දියානු සාගරය තුල මෙම දිවයිනට පැවති කේන්ද්‍රීය මූලෝපායික තත්වයේ ප‍්‍රතිඵලයක් ලෙස එය අග්නිදිග ආසියාවේ මිත‍්‍ර පාක්ෂික යුද්ධ ප‍්‍රයත්නයේ අනදෙන මූලස්ථානය බවට පත් විය. අමාත්‍ය මන්ඩලයේ ප‍්‍රධානියා වූ ඩී.එස්. සේනානායක පශ්චාත් යුදකාලීන ස්වයං-පාලනය සඳහා රහසිතගතව කේවල් කිරීමට මෙම තත්වය යොදා ගත්තේය. සේනානායක සහ ඔහුගේ සගයෝ ඩොමීනියන් තත්වයට වඩා වැඩි දෙයක් කිසිසේත්ම අපේක්ෂා නොකලහ. ඒ වනාහී දිවයිනේ සමස්ත විදේශීය සහ ආරක්ෂක පිලිවෙත් ලන්ඩනය විසින් තීන්දු කරන, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කනිෂ්ට හවුල්කාරකමකි. මෙම සාකච්ඡාාවල දී සේනානායකගේ ප‍්‍රධාන අරමුන වූයේ ඇති කෙරෙන ඕනෑම සමථයක දී දිවයින තුල සිංහල ප‍්‍රභූවේ දේශපාලන ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම ය. බි‍්‍රතාන්‍යය ලංකාවේ විදේශ පිලිවෙත පාලනය කිරීම ගැන ඔහු විරුද්ධ නො වීය. එහෙත් දිවයිනේ දෙමල කතා කරන වතු කම්කරුවන්ගේ අයිතිය පිලිබඳ ව ඉන්දියාව සමග කෙරෙන සාකච්ඡාා ශ‍්‍රී ලංකාව අත තබා ගත යුතු යයි ඔහු කියා සිටියේ ය. 1944 දී නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා බි‍්‍රතාන්‍යය පිහිටු වූ සෝල්බරි කොමිසමේ සාමාජිකයින්, දෙමල හා මුස්ලිම් නියෝජිතයින් සමග ද සාකච්ඡාා පැවැත්වීම ගැන සේනානායක විරුද්ධ විය. සෝල්බරි කොමිසම සීමිත ස්වයං පාලනයක් යෝජනා කොට ඩොමීනියන් තත්වය පවා ප‍්‍රමාද කල අවස්ථාවේදී වුවත් සේනානායක සහ ලජාස නායකයෝ, 1945 සැප්තැම්බරයේ දී කොමිසමේ නිර්දේශ පිලිගනිමින් ඊට පක්ෂ ව ඡන්දය දුන්හ.

10-2 ලංකාවේ බීඑල්පීඅයි නායකයන් සිරගෙන් එලියට ආවේ, යුද්ධයට විරුද්ධ වූ ද ජාතික ස්වාධීනත්වය සඳහා සටන් වැදුනා වූ ද එක ම නායකත්වය හැටියට සැලකිය යුතු කීර්තියකින් යුතුව ය. එසේ වුව ද යුද සමයේ දී පිලිප් ගුනවර්ධන සහ එන්.එම්. පෙරේරා ඉදිරිපත් කල අවස්ථාවාදී යොමුව, යුද්ධයෙන් පසු ඉක්මනින් ඉස්මත්තට එමින් පක්ෂයේ විවෘත භේදයක් ඇති කලේ ය. ගුනවර්ධන සහ පෙරේරා ශ‍්‍රී ලංකාවේ බීඑල්පීඅයි ප‍්‍රාදේශීය කමිටුව පිලිගැනීම ප‍්‍රතික්ෂේප කොට, තමන්ගේ ම පක්ෂ යක් පිහිටුවා ගෙන ලංකා සමසමාජ පක්ෂය යන යුද්ධයට පෙර නාමය පාවිච්චි කිරීමට පටන් ගත්හ. 1941 දී ලංකාව සඳහා බීඑල්පීඅයි විසින් සම්මත කරන ලද කි‍්‍රයාමාර්ගය කරා ආපසු ගිය ලසසප ය, 1942 බීඑල්පීඅයි පිහිටුවීමෙන් පසු ව සම්මත කරන ලද සියලූ ලියවිලි හා තීන්දු ප‍්‍රතික්ෂේප කලේ ය. ගුනවර්ධන සහ පෙරේරා ලංකා සමසමාජ පක්ෂයේ දොර, කලින් හිටපු සාමාජිකයින්ට ද භ‍්‍රෂ්ටයින්ට ද විවෘත කොට, විවිධ ධනේශ්වර සංවිධාන සමග සන්ධාන ඇති කර ගත්තේය අතර අලුත් පක්ෂය, තමන් "හතර වන ජාත්‍යන්තරය සඳහා” යයි නම්කර ගෙන එහෙත් හතර වන ජාත්‍යන්තරයට බැඳීමට උත්සාහ නො කලේ ය. මෙම ජාතිකවාදී යොමුව, ට්‍රොට්ස්කිවාදයෙන් අතිමූලික බිඳීමක් වූ අතර යුද්ධයට පෙර තිබූ සමසමාජ රැඩිකල්වාදය කරා ආපසු යාමක් විය. "ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය” කට්ටිවාදී ගමනාන්තයක. නමැති 1947 ප‍්‍රකාශයක් මගින් ගුනවර්ධන, බීඑල්පීඅයි ව්‍යාපෘතිය සහ ට්‍රොට්ස්කිවාදය හුදෙක් අසාර්ථක වූ රොමෑන්ටිකවාදී වික‍්‍රමයක් ලෙස පමනක් සලකන බව පැහැදිලි කලේ ය.

10-3 ඉන්දියාවේ සිටි බීඑල්පීඅයි මධ්‍යම කාරක සභාව ගුනවර්ධන සහ පෙරේරා පක්ෂයෙන් පන්නා දමමින් සම්මත කල යෝජනාව මෙසේ ප‍්‍රකාශ කලේ ය: "මෙම භේදය අහඹු ප‍්‍රපංචයක් නො වේ. එය වනාහි සුලු ධනේශ්වර බලවේගයන්ගේ පීඩනය යටතේ වැඩී ආ කම්කරු නො වන ප‍්‍රවනතාවයක ප‍්‍රකාශනය යි.... අද මතභේදයන් පැහැදිලි ව දැකගත හැක්කේ සංවිධානමය තලයේ වන නමුත් දේශපාලන තලයේ ද වැඩී එනු ඇත.” 1946 දී ඇති කරන ලද තාවකාලික යලි එක්සත් කිරීමක් ඉක්මනින් බිඳවැටුනු අතර එය දේශපාලන මතභේදයන්ගේ අතිමූලික ස්වභාවය අවධාරනය කලේ ය.

10-4 බීඑල්පීඅයි (ලංකා ශාඛාව) සහ ලසසපය, යුද්ධයෙන් පසු පැනනැගි සටන්කාමී වර්ජන ව්‍යාපාරවල මූලික භූමිකාව ඉටු කලේ, වෘත්තීය සමිති යාන්ත‍්‍රනයක් ගොඩ නැගීමට යුද කාලීන වැඩවර්ජන තුල හොරිකඩකම්වලින් තත්වය හදාගෙන තිබූ කොමියුනිස්ට් පක්ෂයේ බලපෑම ඛාදනය කරමිනි. 1946 අගෝස්තුවේ දී බැංකු සේවක ලිපිකරුවන්ගේ වැඩ වර්ජනයක් සමග පුපුරා ගිය මහා වැඩවර්ජනය ඉක්බිති දෙමස තුල වෙනත් කම්කරු කොටස්වලට පැතිරී යමින් යම් ආර්ථික ඉල්ලීම් ගනනාවක් දීමට බි‍්‍රතාන්‍ය ආන්ඩුකාරයාට සිදු කලේය. වර්ජකයෝ බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස යන දේශපාලන ඉල්ලීම ද ඉදිරිපත් කලහ. කම්කරු පන්තියට කුමන හෝ සහනයක් දීමට විරුද්ධ වූ ලජාස ඇමතිවරු, ඉල්ලීම් දීමේ පොරොන්දු බිඳිමින්, 1947 මැයි-ජූනි දෙවන වර්ජනයක් ඇති කිරීමට හේතුවන සේ කි‍්‍රයා කලහ. එම වර්ජනය ප‍්‍රචන්ඩ ලෙස මර්දනය කොට ආන්ඩුවේ සහ පුද්ගලික අංශයේ කම්කරුවෝ දහස් ගනනක් දඬුවම්වලට භාජනය කරන ලද හ. රැකියාවලින් දොට්ට දමන ලදහ. වැඩ වර්ජනය අවසාන දිනවල පොලීසියට විශාල බලයක් දෙමින් ආන්ඩුව හදිසියේ ම මහජනාරක්ෂක පනතක් සම්මත කර ගත්තේ ය.

10-5 1947 ජූනි වැඩ වර්ජනය ඉක්බිත්තේ බි‍්‍රතාන්‍ය ආන්ඩුව, ඉන්දියාවට හා බුරුමයට මෙන් ම ලංකාවට ද පූර්න ඩොමීනියන් තත්වයක් පිරිනමන බව ප‍්‍රකාශ කලේ ය. එක් ඉතිහාසඥයෙක් ප‍්‍රකාශ කල පරිදි, ”සේනානායක සහ ලජාස මධ්‍යස්ථ මතධාරියෝ, අනෙකුත් විවේචකයන් පමනක් නොව, වාමාංශික බලවේගයන්ගේ ද උග‍්‍ර වන පීඩනයකට මුහුන දෙමින් සිටින බව වයිට් හෝල්හි පැහැදිලි වැටහීම විය. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන පන නල සහතික කිරීමට නම් ලංකාවට ඩොමීනියන් තත්වයක් වහාම ලබා දීම දැන් හදිසි අවශ්‍යතාවයක් බවට පත් විය.” [18] 1947 අගභාගයේ දී එලඹුනු පාර්ලිමේන්තු මැතිවරනයේ දී, ලංකා ජාතික සංගමය සහ වෙනත් ධනේශ්වර සංවිධාන එකතු කොට සේනානායක විසින් අලුතින් පිහිටු වූ එක්සත් ජාතික පක්ෂය (එජාප) ආසන වැඩි සංඛ්‍යාවක් දිනා ගෙන හවුල් ආන්ඩුවක් පිහිටුවූයේ ය. ලසසප සහ බීඑල්පීඅයි දෙපක්ෂය ම සැලකිය යුතු ආසන ගනනක් දිනා ගති.

10-6 සිංහල ධනේශ්වරය කෙරෙහි ලසසපයේ අවස්ථාවාදී අනුගතවීම ඉක්මනින් ම පැහැදිලි විය. එය එජාප නායකත්වය ලද පාර්ලිමේන්තු සන්ධානයේ ප‍්‍රධාන නායකයෙකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරනායක මුල් කොට ගත් පාර්ලිමේන්තු හවුල් ආන්ඩුවක් ගොඩනැගීමට උපාමාරු දැමුවේ ය. බන්ඩාරනායක 1919 දී සිංහල බහුතරය පැහැදිලි වර්ගවාදී, ආගම්වාදී පදනමක එක්සත් කිරීම අරමුනු කොට ගත් සිංහල මහා සභාව පිහිටුවා එහි නායකයා වී තිබුනි. 1939 දී කොල්වින් ආර්. ද සිල්වා, සිංහල මහා සභාව "දුඹුරු ෆැසිස්ට්වාදයේ දේශීය ශාඛාවක්” ගොඩනැගීමේ විභවය අන්තර්ගත කර ගත් "භයානක ප‍්‍රතිගාමී සංවිධානයක්” යයි අනතුරු හඟවා තිබුනි. [19] බන්ඩාරනායක යටතේ ආන්ඩු හවුලකට සහාය දීමට ලසසප ය ගත් ප‍්‍රයත්නය, සිංහල ජනතාවාදය ප‍්‍රගතිශීලි විකල්පයක් ලෙස හුවා දැක්වීම සඳහා වූ භයානක ප‍්‍රවනතාවයක ප‍්‍රථම පියවර විය. ඉහත සඳහන් ප‍්‍රතිගාමී ප‍්‍රයත්නයට සහාය දීම බීඑල්පීඅයි විසින් ප‍්‍රතික්ෂේප කරන ලද තතු තුල ලසසපයේ උපාමාරු බිඳ වැටුනි.

10-7 බීඑල්පීඅයි සහ ලසසපය අතර පන්ති යොමුවේ අතිමූලික වෙනස්කම් වඩාත් තියුනු ආකාරයකට ඉස්මතු වූයේ 1948 පෙබරවාරි 4 දා බි‍්‍රතාන්‍යයන් දුන් "නිදහස” පිලිබඳ ප‍්‍රශ්නය උඩ ය. එදින නිකුත් කරන ලද "නිදහස සැබෑ ද බොරු ද” නමැති ප‍්‍රකාශනයෙන් මෙම ඊනියා නිදහස් උත්සවවල, ලංකා ජනතාවට සන්තෝෂ විය හැකි කිසිවක් නොමැති බව කොල්වින් ආර්. ද සිල්වා ප‍්‍රකාශ කලේ ය. "ඔවුන් ලබා ගෙන තිබෙන නව තත්වය "නිදහස” නොව සැබවින්ම නම් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට ලංකාව බැඳ ඇති දම්වැල් අලූතින් වාත්තු කිරීමකි. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයේ එම පාලන විධිය දිගින් දිගට ම පවත්වාගෙන යාමකි.... ලංකාවේ "තත්වයේ වෙනසක් නැතැයි” තර්ක කරනවා ඇත්තේ මෝඩයන් පමනි. මෙහි වෙනසක් තිබේ. එහෙත් මෙම වෙනසේ සාරය පවතින්නේ, ශී‍්‍ර ලංකාව යටත් විජිත තත්වයේ සිට ස්වාධීනතා තත්වය කරා කුමන හෝ මාරුවීමක් තුල නො වේ. ලංකාවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය සෘජු ක‍්‍රමවල සිට වක‍්‍ර ක‍්‍රම කරා මාරුවීම තුල ය.” [20] - බීඑල්පීඅයි පාර්ලිමේන්තුව තුල ආන්ඩුවේ යෝජනාවලට විරුද්ධ ව ඡන්දය දුන්නා පමනක් නො වේ. නිල උත්සවවලට එරෙහි ව කොලඹ නගර මධ්‍යයේ ගාලූ-මුවදොර පිටියේ පනස් දහසක මහා ජනතා රැලියක් ද සංවිධානය කලේ ය. බීඑල්පීඅයි පාර්ලිමේන්තු විවාදයේ දී ව්‍යාජ නිදහසට එරෙහිව ඡන්දය පාවිච්චි කලේ ය. පනත සීමාසහිත වුවත් ඉදිරි පියවරක් යයි ප‍්‍රකාශ කල ලසසප ය ඡන්දය වර්ජනය කලේ ය. බීඑල්පීඅයි රැලිය, "පිලිසඳර ශාලා බොල්ශෙවිකයන්ගේ” "ප‍්‍රදර්ශනවාදය, අතිවාමවාදය සහ අතිධාවනකාරීත්වය” යයි ප‍්‍රසිද්ධියේ හෙලා දුටු ලසසප නායකයෝ, මෙම රැලියට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කලෝ ය.

10-8 එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ප‍්‍රථම පියවරක් ඊනියා "නිදහසේ” ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය තුලින් හොඳින් ම පැහැදිලි විය: එය වනාහි දෙමල කතා කරන වතු කම්කරුවන්ගෙන් අති මහත් බහුතරය ට පුරවැසියන් ලෙස සිය මූලික අයිතිවාසිකම් නැති කල පනත් සම්මත කිරීමට ගත් තීන්දුවයි. බීඑල්පීඅයි මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පනතට සාකල්‍යයෙන් ම විරුද්ධ විය. 1948 අගෝස්තු මාසයේ කොල්වින් ආර්. ද සිල්වා කල කතාවක දී "රාජ්‍යය ජාතිය සමග ද ජාතිය වර්ගය සමග ද සමසීමිත විය යුතු ය” යන උපකල්පනය "යල් පිනූ අදහසක් හා බිඳවැටුනු දර්ශනයක්” යයි ප‍්‍රකාශ කලේය. ඔහු මෙසේ ද කීය: "ජාතිය වර්ගය සමග සමසීමිත කොට රාජ්‍යය ගොඩනැගීමේ දී ජනවර්ගය තීරනාත්මක සාධකය කරන ලද්දේ ද නිශ්චිතව ම ෆැසිස්ට්වාදය යටතේ ය... මෙම ආන්ඩුව මෙම ප‍්‍රශ්නයට ප‍්‍රවිෂ්ට වන්නේ ධනපති පන්තියේ දෘෂ්ටිකෝනයෙන් නම් අප පක්ෂය - හතර වන ජාත්‍යන්තරයේ අප - මෙම ප‍්‍රශ්නයට ප‍්‍රවිෂ්ට වන්නේ නිර්ධන පන්තියේ, එනම් කම්කරු පන්තියේ දෘෂ්ටිකෝනයෙනි. එහි තේරුම නම් මෙම ප‍්‍රශ්නයට පන්ති දෘෂ්ටිකෝනයකින්, වාර්ගික ප‍්‍රශ්නවලින් ස්වාධීන හා වාර්ගික ප‍්‍රශ්නවලට ඉහලින් පිහිටි දෘෂ්ටිකෝනයකින් අප පිවිසෙන බවයි. මේ රටේ වැඩ කරන ජනතාව අතර එක් මිනිසෙකු සහ අනෙක් මිනිසෙකු අතර වෙනසක් ඔවුන්ගේ වාර්ගික උපත මත පදනම්ව තහවුරු කිරීමට අප සූදානම් නැත. අප කියන්නේ කම්කරුවෙක් නම් ප‍්‍රථමයෙන් සහ ප‍්‍රමුඛව කම්කරුවෙක් ය කියා ය.” අර්ථභාරීව සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය විසින් (ද්‍රසං) නියෝජනය කරනු ලැබූ දිවයිනේ උතුරේ සහ නැගෙනහිර දෙමල ප‍්‍රභූව, දෙමල කතා කරන සංක‍්‍රමනික කම්කරුවන්ගේ අයිතීන්ට විරුද්ධව තමන්ගේ පන්ති සම්බන්ධතාවය පෙන්නුම් කලේ මෙම පනතට පක්ෂව ඡන්දය දීමෙනි. ද්‍රවිඩ සංගමයේ සුලූතරයක් මෙම පනතට විරුද්ධව කැඩී ෆෙඩරල් පක්ෂය සෑදීය.

10-9 පශ්චාත් යුදකාලීන ස්වාධීනතා සමථයන්ගේ ස්වභාවය පිලිබඳව බීඑල්පීඅයි විසින් කරන ලද, ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය මත පදනම් වූ, දූරදර්ශී විශ්ලේෂනය කාලයාගේ පරීක්ෂනය තුල සනාථව ඇත. ඇමරිකා එක්සත් ජනපදය බි‍්‍රතාන්‍ය වෙනුවට ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතා බවට පත් විය. මේ අතර සෝවියට් සංගමයේ ද නැගෙනහිර යුරෝපයේ ද චීනයේ ද ස්ටැලින්වාදී තන්ත‍්‍රයන්ගේ පැවැත්ම අලූතින් "නිදහස ලත්” ආසියාවේ සහ අප‍්‍රිකාවේ ධනේශ්වර පාලන තන්ත‍්‍රයන්ට යම් ප‍්‍රමානයකට උපාමාරු දැමීමට ඉඩ සැලසුවේ වුව ද ඒවා එක්සත් ජනපදය විසින් පිහිටුවන ලද පශ්චාත් යුදකාලීන ආර්ථික රාමුවට ද අධිරාජ්‍යවාදයට ද යටත්ව පැවතිනි. නේරු, ඉන්දුනීසියාවේ සුකර්නෝ, ඊජිප්තුවේ නසර් සහ ටැන්සානියාවේ නියරේරේ ට "අධිරාජ්‍ය විරෝධීන්” හෝ "සමාජවාදීන්” ලෙස පෙනී සිටීමට හැකි වීම රැඳී පැවතුනේ ප‍්‍රථමයෙන් ම සෝවියට් සහ චීන ස්ටැලින්වාදීන්ගෙන් ලද අවිවේචනාත්මක සහාය සහ දෙවනුව ආනයන සීමා කිරීම්, සීමිත ජනසතු කිරීම් සහ ආර්ථික සැලසුම්කරනයේ ජාතික ආර්ථික පරිපාලන පිලිවෙත් උපයෝගී කර ගනිමිනි. ඊනියා ස්වාධීනත්වයේ රැවටිලි සහගත ස්වභාවය පශ්චාත් යුදකාලීන උත්පාතය බිඳ වැටීම ද බි‍්‍රට්න්වූඞ්ස් පද්ධතිය බිඳ වැටීම ද ඒ සමග ජාතික ආර්ථික පිලිවෙත්වල පදනම බිඳ වැටීම ද තුලින් පැහැදිලිව ඉස්මත්තට ආවේ ය. ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ මෙන් රටින් රට සෑම ජාතික ධනේශ්වර පන්තියක් ම මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී කර්තව්‍යයන් ඉටු කිරීමට අසමත් බැව් සනාථ කර තිබේ. ජනවාර්ගික, භාෂාමය සහ සංස්කෘතික සබඳතා හරහා කපා ගෙන හිටපු යටත් විජිත පාලකයින් පිහිටුවන ලද මෙම රාජ්‍යයන්හි දේශසීමා නොවෙනස්ව පවතින අතර, නව රාජ්‍ය වනාහී කලින් පැවතුනු ඒවා ම ය. යටත් විජිත පාලකයින් ගේ ආර්ථික අවශ්‍යතාවන්හි සුරක්ෂිත පැවැත්ම සහතික කර ගැනීම සඳහ මෙම නව රාජ්‍යයන්හි පාලක කල්ලි කිසිදු වෙනසකින් තොරව පදනම් වී ගත්තේ, සෙසු ජනවර්ගික, ගෝත‍්‍රික හෝ ආගමික කන්ඩායම්වල වියදමෙන් එක් ජනවාර්ගික, ගෝති‍්‍රක හෝ ආගමික කන්ඩායමක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආධිපත්‍යය මත ය.

මතු සම්බන්ධයි

සටහන්:

[17] ඉන්දියානු බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂයේ ”පකිස්ථානය ගැන යෝජනා”: New International (නව ජාත්‍යන්තරය), වෙලූම12, නො. 10, 1946 දෙසැම්බර්, පිටු 300-301.http://www.marxists.org/history/etol/newspape/ni/vol12/no10/blpi.htm.

[18] කොල්වින් ආර්. ද සිල්වා, 1948 කම්කරු මාවත ප්‍රකාශනයකි, 5 පිටුව.

[19] Britain, World War 2 and the Samasamjists", (බි‍්‍රතාන්‍යය, දෙවන ලෝක යුද්ධය සහ සම සමාජවාදියෝ), (කොලඹ: යංග් සෝෂලිස්ට් ප‍්‍රකාශන,1996), පි. 63.

[20] Blows Against the Empire: Trotskyism in Ceylon the Lanka Sama Samaja Party, 1935-1964, (අධිරාජ්‍යවාදයට එරෙහි ප‍්‍රහාරය: ලංකා සමසමාජ පක්ෂය, ලංකාව තුල ට්‍රොට්ස්කිවාදය 1935-1964 (ලන්ඩන්: පොර්කුපයින් ප්‍රෙස්, සෝෂලිස්ට් ප්ලැට්ෆෝම්, 1997) පි. 127.

Share this article: