ශී‍්‍ර ලංකාවේ සසප වතු කම්කරු සම්මේලනයක් පවත්වයි

Sri Lanka: SEP holds plantation workers’ congress

By W.A. Sunil, 25 May 2012

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ මැයි 20 හැටන් හි දී සාර්ථක වතු කම්කරු සම්මේලනයක් පැවැත්වීය. මෙම එක් දින සම්මේලනයට නුවර-එලිය හා බදුල්ල දිස්ත‍්‍රික්කවලින් කම්කරුවන් දුසිම් ගනනක් ඇතුලූව, යාපනය, නුවර හා කොලඹින් තරුනයෝ සහ ශිෂ්‍යයෝ සහභාගී වුහ.

සම්මේලනයට පෙරාතුව සසප, සසජාශි සහ සසප ආධාර කරුවන් විසින් වතුකම්කරුවන් අතර සති කිහිපයක බලගතු උද්ඝෝෂනයක් ගෙන යන ලදී. "ශ‍්‍රී ලංකාවේ සසප වතු කම්කරු සම්මේලනයක් කැඳවුම් කරයි” යන සසප ප‍්‍රකාශයේ පිටපත් දහස් ගනනක් හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වෙනත් ලිපි ප‍්‍රදේශයේ කම්කරුවන් අතර බෙදා හරිනු ලැබීය.

සසප සාමාජික ඒ. සාන්තකුමාර් විසින් සමමේලනයේ මුලසුන හෙබවූ අතර සසප දේශපාලන කමිටු සාමාජික එම්. දේවරාජා විසින් ආරම්භක වාර්තාව ඉදිරිපත් කලේය. සම්මේලනය සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා අරගලයේ කොටසක් බව දේවරාජා සඳහන් කලේය. 2011 වර්ෂය, ජාත්‍යන්තරව ධනපති ආන්ඩු විසින් ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරවලට එරෙහි අරගලයේ නව කාල පරිච්ඡේදයක් සලකුනු කල බව ඔහු සඳහන් කලේය.

Part of the congress audienceසම්මේලනයට සහභාගි වූ අයගෙන් කොටසක්

වතු කම්කරුවන් ඇතුලූ කම්කරු පන්තියේ සහ ගම්බද දුගීන් ඇතුලූ පුලූල් ස්ථර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට විරෝධය පෑම සඳහා පෙරට පැමින සිටින බව දේවරාජා කීවේය. "මෙම ශාලාවේ සිටින බොහෝ කම්කරුවන් වැඩ ප‍්‍රමානය ඉහල දැමීමට හා වැටුප් කැපීමට විරුද්ධව මෑත මාස කිහිපය තුල කටුක අරගලයක යෙදී සිටි” බව ඔහු කීවේය.

මෙම අත්දැකීම්වලින් කිහිපයක් කථිකයා පැහැදිලි කලේය. "පලදායිතාව ඉහල දැමීමේ සමාගම්වල උත්සාහයට එරෙහිව, බගවන්තලාවේ කොටියාගල වත්ත, හැටන් ප‍්‍රදේශයේ වැලිඔය සහ ෂැනන් වතු ඇතුලූ වතු කිහිපයක විරෝධතා පැන නැගුනා. වසර කිහිපයකට පෙර ගොතන ලද ඉතා තුනී චෝදනා කිහිපයක් මත කොටියාගල වත්තේ කම්කරුවන් 14 දෙනෙකු උසාවිය විසින් පසුගිය සතියේ රිමාන්ඞ් කලා. මෙම චෝදනා අරගලයේ පෙරමුනේ සිටි සටන්කාමි කම්කරුවන් දඩයම් කිරීමේ උත්සාහයක්.

"ලංකා කම්කරු කොංග‍්‍රසය (සීඩබ්ලිව්සී) වර්ජනයට විරුද්ධ වුනා. කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), ලංකා කම්කරු සන්ධානය (සීඩබ්ලිව්ඒ) සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොංග‍්‍රසය (ඞීඩබ්ලිව්සී) වැනි සෙසු සමිති විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දෙන බව බොරුවට පෙන්නුම් කල අතර සමාගම්වලට සහ ආන්ඩුවට "බලපෑම්” දමන ලෙස කම්කරුවන්ට කිව්වා.

"මෙම සංවිධාන කම්කරුවන් මත දරිද‍්‍රතා මට්ටමේ දෛනික වැටුප් ක‍්‍රමයක් ක‍්‍රියාවට දැමීමේ සහ පහත් ජීවන කොන්දේසි පවත්වාගෙන යාමේ උපකරන බවට පත්වෙලා. ඔවුන් එසේ කරන්නේ සමාගම්වල ලාබය උපරිම කිරීම සඳහා. ආන්ඩුවට සහයෝගය දෙන සීඩබ්ලිව්සී, යූපීඑෆ්, එන්යූඩබ්ලිව් සහ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) සමග පෙලගැසී සිටින සෙසු වෘත්තීය සමිති ඇතුලූ සියලූම වෘත්තීය සමිති කැපවී සින්නේ ධනපති ක‍්‍රමය රැකීමට” බව දේවරාජා පැවසීය.

වෘත්තීය සමිතිවල යකඩ සැට්ටයෙන් මිදෙන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටි දේවරාජා ධනේශ්වර ක‍්‍රමය තුල ශ‍්‍රී ලංකාවේ හෝ ජාත්‍යන්තරව විසඳුමක් සොයා ගත නො හැකි බව ප‍්‍රකාශ කලේය, "සමාජවාදය සඳහා අරගලය තුල දකුනු ආසියාවේ සමාජවාදී සමුහාන්ඩු සංගමයක කොටසක් කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා ලංකාවේ කම්කරුවන් සටන් කලයුතුයි” ඔහු අවධාරනය කලේය.

කම්කරුවෝ ගනනාවක් ඉතා උද්වේගයෙන් සමුලූව ඇමතූහ. වතු තරුනයෙකු මෙසේ පැවසීය. "ඡන්දෙ කාලෙට අපි අපේ නායකයන්ට ඡන්දෙ දෙනවා, ඔවුන්ට සහයෝගය දෙන්න අපට බල කරනවා. නමුත් අපේ ඉල්ලීම් සඳහා අපි ඔවුන් මුන ගැසුන විට ඔවුන් අපෙන් අහනවා ‘තමුසෙලා කවුද’ කියල. අපේ ලයින් කාමර අවුරුදු 150 ක් පරනයි. නිතරම අපේ නිවාස ගිනි ගන්නවා. ධනපති පක්ෂවලට ඡන්දය දෙන්න අපට නැවත නැවත බල කෙරෙනවා නම් අපට ගැලවීමේ මාවතක් නැහැ.”

තමන් සාමාන්‍ය පෙල දක්වා ඉගෙන ගත් බවත් අනතුරුව ඇඟලූම් කම්හලක වැඩ කල බවත් කම්කරු කාන්තාවක් පැවසුවාය. විවාහයෙන් පසුව ගෙදර නැවතුන ඇය රෙදි මැසීමෙහි නියැලූනාය. ආන්ඩුව පදික වෙලඳාම තහනම් කිරීම නිසා ඇගේ සැමියාගේ රැකියාව අහිමි විය. ඔහු කොලඹ රැකියාවක නිරත වන අතර රෙදි මැසීමෙන් ජීවිකාව ගෙන යාමට නොහැකි නිසා ඇයට වත්තක වැඩට යාමට සිදුවීය.

"වත්තේ වැඩ ප‍්‍රමානය ඉහල දැමීමට විරුද්ධව අප වැඩ නතර කලා, නමුත් සීඩබ්ලිව්සී එක අපේ වර්ජනයට විරුද්ධ වුනා” ඇය පැවසුවා ය. කිරි පිටි මිල ඉහල යාම පවුලේ වියදමට බෙහෙවින් බලපා ඇති බවත් ඇගේ දරුවන් පාසල් යැවීම "විශාල ප‍්‍රශ්නයක්” බවත් ජීවන තත්වයන් පහත වැටීම ගැන සඳහන් කරමින් ඇය විස්තර කලාය.

"මට මෑත දී රැකියා විරහිත කාන්තාවක් මුන ගැසුනා. තවමත් රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූ බවත් ඉගෙනීම වෙනුවෙන් විශාල කාලයක් වැය කලේ ඇයි දැයි තමන්ට දැන් හිතෙන බවත් ඇය ප‍්‍රකාශ කලා” යයි කම්කරු කාන්තාව පැවසුවා ය. "අපේ ප‍්‍රශ්න විසඳා ගැනීමට නම් අපට නිසි නායකත්වයක් අවශ්‍යයි” ඇය අවධාරනය කලාය.

M. Thevarajahඵම්.දේවරාජා

වැඩ ප‍්‍රමානය ඉහල දැමීම ගැන ආන්ඩුවේ ඇමතිවරුන්ට සහ කම්කරු කොමසාරිවරුන්ට පැමිනිලි කල බව වැලිඔය වත්තේ කම්කරුවෙකු පැවසුවේ ය. "ඔවුන් අපව ආපසු එව්වා වතු සමාගම් එක්ක කතා කරන්න කියල. නමුත් පලක් වුනේ නැහැ. අප දිගටම අරගලයේ යෙදීගෙන ඉන්නවා, අප එකමුතු විය යුතුයි. අප ජාත්‍යන්තර කම්කරු පන්තියත් සමග එකමුතු වෙන්න ඕන කියන අදහසට මා එකඟයි” ඔහු ප‍්‍රකාශ කලේ ය.

"ශ‍්‍රී ලංකාවේ සමාජය තුල වතු තරුනයන් වඩාත් ම පීඩිත කොටස වුවත් ඔවුන් රාජපක්ෂ ආන්ඩුවේ අධ්‍යාපන වියදම් හා සමාජ සුබසාධන කප්පාදුවේ ඉලක්ක බවට පත්ව තිබෙනවා” යයි සසජාශි වෙනුවෙන් කතා කල කල්ප ප‍්‍රනාන්දු කීවේය. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට හා විරැුකියාවට එරෙහිව සටන් කිරීමේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීම සඳහා සසජාශි සමග එකතුවන ලෙස ඔහු වතු තරුනයන්ට සහ ශිෂ්‍යයන්ට ආරාධනා කලේය.

බැංකු සේවකයන් හා වතු කම්කරුවන් අතර වෙනස්කම් පැවතුනත් "අප සියලූ දෙනාම එකම ප‍්‍රහාරයකට මුහුන දී සිටින” බව මහ බැංකු සේවක සංගමයේ සභාපති එම. ඩබ්ලිව්. පියරත්න පැවසුවේය. "අපට මෙම ප‍්‍රහාරයන් ජය ගත හැක්කේ ධනපති ආන්ඩුවට එරෙහි ඒකාබද්ධ දේශපාලන අරගලයක් මගින් ම පමනක්” බව ඔහු වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ ය.

"කම්කරු පන්තිය තුල බෙහෙවින් ම අයිවාසිකම් අහිමි කොටස වතු කම්කරුවන් බව සත්‍යයක් නමුත් වර්තමාන අර්බුදය තුල කම්කරු පන්තියේ සෑම කොටසක් ම මුහුන දී සිටින්නේ එක හා සමාන ප‍්‍රහාර වලට” බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෙකු වන දේහින් වසන්ත ප‍්‍රකාශ කලේය. ”වතුකරයේ වේවා, නාගරික ප‍්‍රදේශවල වේවා, වෘත්තීය සමිතිවල ප‍්‍රතිගාමී ක‍්‍රියා කලාපයේ වෙනසක් නැහැ” ඔහු වැඩිදුරත් පැවසුවේ ය.

Wije Dias speaking with M. Thevarajah translatingවිජේ ඩයස් කතා කරමින්
දේවරාජා පරිවර්තනය කරමින්

සම්මේලනයේ පිලිතුරු කතාව පවත්වනු ලැබුවේ සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස් විසිනි. "කම්කරු පන්තිය තුල ජාතික පරිමානව හා වැදගත් ගැඹුරු දේශපාලන පරිවර්තනයක් සිදුවෙමින් පවතින බව සම්මේලනය මගින් ඇඟවුම් කෙරෙන” බව ඔහු පැවසුවේය.

2011 පැන නැගි මහා ජන අරගලවල අර්ථභාරය ඩයස් පෙන්වා දුන්නේය. "විප්ලවවාදී මහජනතාවට ඊජිප්තුවේ හා ටියුනීසියාවේ දශක ගනනාවක ඒකාධිපති පාලන තන්ත්‍රයන් පෙරලා දැමීමට හැකි වුනත් එම අරගල සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වූ සවිඥානික දේශපාලන ව්‍යාපාරයන් නොවුන නිසා එම රටවල ධනපති පන්තීන් ට, අධිරාජ්‍යවාදයේ පිටුබලය ඇතිව සිය පාලනයන් පවත්වාගෙන යන්න පුලූවන් වෙලා තියෙනවා” ඩයස් පැවසුවේය. "කම්කරු පන්තිය මෙම අරගලවලින් දේශපාලන පාඩම් උකහා ගත යුතුයි” ඔහු කීවේය.

තමන් මුහුන දෙන වර්තමාන කොන්දේසි යටතේ ඔවුන්ට තව දුරටත් ජීවත්විය නොහැකි බව සම්මේලනය තුල කතා කල කම්කරුවන්ගේ කතාවලින් පැහැදිලි වූ බව කථිකයා සඳහන් කලේය. "එයින් ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ මනෝගතිය ප‍්‍රකාශයට පත් කරන” බව ඔහු කීවේය. "වෘත්තීය සමිතිවලට එරෙහිව දේශපාලන පිපිරීමක කොන්දේසි වර්ධනය වන” බව ඩයස් පැහැදිලි කලේය. "රාජපක්ෂ ආන්ඩුව ඒ ගැන දැනුවත්. ඒ නිසයි ආන්ඩුව මුලූ රටම මිලිටරීකරනය කරමින් සිටින්නේ. දශක තුනක සිවිල් යුද්ධයකින් පසුව ආන්ඩුව දැන් කම්කරු පන්තියට විරුද්ධව පන්ති යුද්ධය මුදා හැරල තියෙනවා” ඔහු පැවසුවේය.

"වෘත්තීය සමිති නියෝජනය කරන්නේ ධනපති ආන්ඩුවේ සහ වතු හාම්පුතුන්ගේ වුවමනාවන්. එම නිසයි කම්කරු පන්තියට විකල්ප සංවිධාන අවශ්‍ය. ඔවුන් වෘත්තීය සමිතිවලින් බිඳී තම අයිතීන් රැකගැනීම සඳහා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට සෑම වත්තකම ක‍්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතුයි.

"වතු කම්කරුවන් ඇතුලූ සමස්ත කම්කරු පන්තිය මුහුන දෙන තත්වය වෙනස් කල හැක්කේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරන සංවිධානයකට පමනයි. කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමේ මුලධර්මාත්මක අරගලයක යෙදී ඇති එකම පක්ෂය සසප පමනයි.

"අපේ පක්ෂයේ විප්ලවවාදී උරුමය 1917 රුසියානු ඔක්තෝබර් විප්ලවය දක්වා දිවෙනවා. අප පදනම් වෙන්නේ ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිගේ අරගලය මත. සසප පෙරගමන්කරු වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පිහිටෙව්වේ ලංකා සම සමාජ පක්ෂය 1964 බන්ඩාරනායකගේ ධනේශ්වර සභාගයට සම්බන්ධ වෙමින් කල පාවාදීමට එරෙහි දේශපාලන අරගලයක් මගිනුයි.” ඩයස් සිය කතාව සමාප්තියට ගෙන එමින් ප‍්‍රකාශ කලේය.

සසපට බැඳෙමින් එය කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට පෙරට එන ලෙස ඩයස් සම්මේලනයට පැමින සිටි අයගෙන් ඉල්ලා සිටියේ ය.

කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා අරගලය, වතු කම්කරුවන් සඳහා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්, උතුරින් හා නැගෙනහිරින් සියලූ හමුදා ඉවත් කරනු! සහ සියලූ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරනු! යන යෝජනා හතර සම්මේලනය විසින් ඒකමතිකව සම්මත කරන ලදි.

තම වතුවල ක‍්‍රියාකාරී කමිටු ගොඩ නැගීමටත් සම්මත කල ඉදිරිදර්ශනය මත අරගලය වර්ධනය කිරීමටත් සම්මේලන නියෝජිතයෝ එකඟ වුහ.

Share this article: