යුද්ධයට සහ කප්පාදුවට එරෙහිව ලෝකය පුරා කම්කරුවන් එක්සත් කරනු!

එක්සත් ජනපද ජනාධිපති වරනයේ සසප අපේක්ෂක ජෙරී වයිට් ගේ මැයි දින ප්‍රකාශය

May Day 2012: Unite workers around the world against austerity and war

Statement by Jerry White, SEP candidate for US president, 1 May 2012,

එක්සත් ජනපද 2012 ජනාධිපතිවරනයේ සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් මෙම මැයි දින ලෝකය පුරා ම කම්කරුවන් සමග මගේ සහෝදරත්වය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. 1889 ගනන්වල දී පැය අටේ වැඩ දිනය දිනා ගැනීම සඳහා ඇමරිකානු කම්කරුවන් කල කටුක අරගලයෙන් ආරම්භ වූ මෙම දිනය සැමරීම මෙම වර්ෂයේදී විශේෂ වැදගත් කමක් දරයි.

2012 මැයි දිනයේදී ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දී සිටින්නේ ලෝක ධනේශ්වර පද්ධතියේ පෙර නුවූ විරූ අර්බුදයකට ය . ලෝකය පුරා ම කම්කරුවෝ සමාජය විප්ලවකාරීව පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය මතු කරන්න වූ අරගලයන්ට පිවිසීම අරඹා සිටිති.

මෙයට අවුරුදු හතරකට තරම් පෙර වෝල් වීදියේ ලෙහ්මන් බ්‍රදර්ස් නම් ආයෝජන ආයතනය බිඳවැටීම භූ තලය හරහා මූල්‍ය වීභීතියක් ඇරඹූ තැන සිට ලෝකය ඇද වැටී පවතින්නේ 1930 ගනන්වල දී ඇති වූ මහා අවපාතයෙන් පසුව ඇති වූ නරකම ආර්ථික බිඳවැටීමට ය.

ලෝකය පුරා ධනේශ්වර ආන්ඩු මුල්‍ය සමපේක්ෂකයන් බේරා ගැනීමට ගත් පියවරයන්ට 2008 මහා ආර්ථික බිඳවැටීම ට තුඩු දුන් පරස්පර විරෝධයන් එකක් හෝ විසඳාලීමට හැකිව නැත. සීමා රහිතව ද තනිකර නිදහසේ ද බැංකුවලට මුදල් බෙදාහැරීම මගින් ලෝකය පුරාම ආන්ඩු බංකොලොත් ව තිබේ. ගෝලිය මූල්‍ය වෙලඳ පොල සැනසීම ට ඔවුන් යොදාගත් කප්පාදු පියවර අර්බුදය තවදුරටත් උග්‍ර කර තිබේ.

ආර්ථික තත්වය සුවවෙනවා වෙනුවට සිදුව ඇත්තේ තවත් රවුමක් පහත වැටීම ඇරඹීම ය. එක්සත් රාජ්‍යය ද බ්‍රිතාන්‍යය ද දැන් එක පිට එක දෙවතාවක් අවපාතයට වැටී පවතී. චීනයේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැටෙමින් පවතී. යුරෝපයේ ද ජපානයේ ද එක්සත් ජන පදයේ ද විරැකියාව චිර පවත්නා තත්වයකට වැටී ඇත. ලෝක කොටස් වෙලඳපල සහ මහා සංගතවල ලාභ පිම්මක් ගෙන ඇති නමුත් , කම්කරු පන්තියේ තත්වය දියුනු වී නොමැත. ඊට ප්‍රතිකුලව ධනපති පන්තිය විසින් අර්බුදය යොදාගෙන ඇත්තේ ශතවර්ෂයකට වැඩි කාලයක් තිස්සේ කරනලද අරගලවලින් කම්කරු පන්තිය දිනාගෙන ඇති ජයග්‍රහන ද මුලුමනින්ම විනාශ කිරීම අරමුනු කරගත් සමාජ -ප්‍රතිවිප්ලවයක් කිරීමට ය. මේ සඳහා මේ වන තෙක් ආදර්ශය වී ඇත්තේ ග්‍රීසිය යි. එහි කම්කරු පන්තියට එල්ල කර ඇති ප්‍රහාරවලින් සැබෑ වැටුප් සියයට 65 කින් ද නිල තරුන විරැකියාව සියයට 50 කින්ද සිඳ දමා ඇති අතර හොදි කුස්සි ද නවාතැන් පොළවල ද පින් බෙහෙත් සල් ද ඉස්සරහා දිග්ගැසුනු පෝලිම් දක්නට ලැබේ. 2012 ජනපති වරනය බරක් ඔබාමා හෝ මීට් රොම්නි යන දෙදෙනා ගෙන් කවුරු දිනුවත්, මහා ධනපතියන් ගේ මේ පක්ෂ දෙක ම මුර්ග කප්පාදු පැටවීමට සැරසී සිටිති. මෙයට මෙඩි කෙයර් (වෛද්‍ය සහන ) සහ වෙනත් සමාජ වැඩ සහන පිළිවෙල කප්පදුකිරීම ද ඇතුලත් ය.

ඔවුන්ට "රැකියා පිලිවෙතක්" ඇතොත් ඒ බදු අඩුකර දී මහා ජාවාරම් පරිපාලනය ලිහිල් කිරීම ද කම්කරුවන් ගේ ජීවන තත්ත්වයන් කප්පාදු කිරීම ද ය. එක්සත් ජාතීන් ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අලුත් ම ( I LO) වාර්තාවකට අනුව 2008 අර්බුදය ඇරඹුනු තැන පටන් ලෝකය පුරා මිලියනයකට අධික රැකියා අහෝසි ව තිබේ. "ලෝක රැකියා අර්බුදය දැන් අලුත් ව්‍යුහාත්මක අවධියක ට ඇතුලත් ව තිබේ ය" යි අනතුරු අඟ වූ අයිඑල්ඕ සංවිධානය , 2012 වසරේ විරැකි සංඛ්‍යා ව මිලියන 202 කටද 2014 දී මිලියන 210 ට ද ඉහල යන බව දකියි. දියුනු ආර්ථිකවල සිටිනා රැකියා සොයන්නන් ගෙන් සියයට 36 ක් ම අවුරුද්දකට වඩා රැකියාවක් නැතිව සිටින ගනයට් අයත් විය. සරසවි අධ්‍යාපනය ලත් ශිෂ්‍යන්ට යහපත් වැටුපක් තබා කුමන හෝ රැකියාවක් වත් නොමැති තතු තුල ඊළඟ පර පුරේ කම්කරුවන් ඉදිරියේ පවත්නා භයංකර තත්වය පෙන්නුම් කල අයිඑල්ඕ වාර්තාව ජාත්‍යන්තරව 'සමාජ ඝට්ටනය' සහ 'කැරලි ' පැනනැගීමේ අන්තරාය ගැන අනතුරු හඟ ව සිටයේ ය. ....... සමාජ අසමානතාවයේ මෙම උග්‍ර කම්පක තත්වයන් ට අමතරව , ලාභ ගරන ධනේශ්වර පද්ධතියේ බිඳවැටීම යලිත් වරක් එක්සත් ජනපදය ද වෙනත් රටවල් ද ලෝක වෙලඳපල, අමු ද්‍රව්‍ය සහ , බල වැයික්කි නතු කර ගැනීමේ වියරු පොරයක ට ඇද දමා තිබේ. සෝවියට් සංගමයේ බිඳ වැටීමේ පටන් ම, ඇමරිකා එක්සත් ජනපදය සිය ආර්ථික පිරිහීම වලක්වාගැනීම සඳහා ලෝකයේ භූ -මූලෝපායික ව තීරනාත්මක ප්‍රදේශ මත සිය ග්‍රහනය තද කර ගැනීම සඳහා සිය යුද්ධමය ප්‍රබලතාවය යොදාගැනීම ට උත්සාහ කරමින් සිටී.

මැද පෙරදිග ද මධ්‍යම ආසියාවේද තෙල්-බහුල ප්‍රදේශවල යුද්ධයන් ට ද සිරියාව, ඉරානය වැනි රට්වල ට ද අන්තිමේදී රුසියාවට සහ චීනයට ද එරෙහි අලුත් යුද්ධ සැලසුම්වලට පිටිපස්සෙන් ඇත්තේ එයයි. ඒ සමග ම යුරෝපීය බලවත්තු අප්‍රිකානු සහ මැද පෙරදිග පැරනි යටත් විජිතවල තම අධිරාජ්‍ය ආසක්තතා යලි තහවුරු කරගැනීම සඳහා බලපෑම් උග්‍ර කරමින් සිටිති.

පලමුවන සහ දෙවන ලෝක යුද්ධවලට පෙරාතු වර්ෂ වල මෙන් දැනුදු කරලිය සැකසෙමින් පවතින්නේ භූගෝල පරිමාන යුද ගිනි ජාලයකට ය. මෙවර න්‍යෂ්ටික අවිවලින් කරගනු ඇති මෙවන් ඝට්ටනයක් මුලුමහත් මානව වර්ගයාගේ ම ජීවිතය නැති කිරීමට තර්ජනය කර සිටී.

නව අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක රනබිම් තුල එකිනෙකා මරාගැනීම ට උවමනාවක් කම්කරුවන්ට ඇත්තේ ගැන උනුන් කාගැනීම ට ද උවමනාවක් ද නැත.

සාම රටකම කම්කරුවන් මුහුන දී සිටින්නේ එකම පීඩකයා ට ය; එනම් -දැවැන්ත ගෝලීය බැංකු ද මහා සංගත ද වලට ය. එහෙයිනි ඔවුන් ලෝක ධනේශ්වර පද්ධතිය ට එරෙහි පොදු අරගලයක් තුල ට එක්සත් විය යුතු වන්නේ.

වර්තමාන සමාජයේ යෝධ ගැටලු - දිලිඳු කම සහ රෝ බිය උග්‍රවීම , ගෝලීය උෂ්නත්වය අධික වීම සහ පාරිසරික තර්ජන විසඳා ,මෙම ග්‍රහලෝකයේ සිටිනා බිලියන හතකට අධික ජනයාට ආහාර , නිවාස , සෞඛ්‍ය හා අධ්‍යාපන පහසු කම් සැපයීම යන මේ සියලු කර්තව්‍යයන්ට මුහුන දීමට නම් සාමුහික ප්‍රතිචාරයක් ද වඩවඩාත් සැලසුම් කරනය ද, සහයෝගය ද උවමනාය. එහෙත් ධනවාදය යටතේ සම්පත් විවිධ අංශයන්ට හේතු සහගත ව බෙදාලීම කල නොහැක්කකි ; ඒ මන්ද යත් සියලු ආර්ථික තීන්දු ඇබිති සුලුතරයක ලාභ ගැරිල්ලට යටත් කර තිබෙන නිසා ය.

හැම ධනේශ්වර දේශපාලකයෙකු ම කියාපාන , සමාජයේ අවශ්‍යතා සපුරාලීමට ඇති තරම් සම්පත් නැති ය යන්න, අතිශයින්ම පිලිකුල් සහගත බොරුවකි. ඊනියා ශුද්ධ වටිනාකම ඩොලර් තිස් මිලියනයක් හෝ ඊට් වැඩි , අති-උච්ච ශුද්ධ ධනවතුන් (Ultra-High Net Worth Individuals) පිලිබඳ මෑත වාර්තාවක් අනුව එම කොටසේ සම්පුර්ණ වටිනාකම ඩොලර් නව ට්‍රිලියනයක් ($ 9,000,000,000,000 ) වේ. වෙනත් වචනවලින් කිවහොත් 186,000 ක් (ලෝක ජනගහනයෙන් සියයට .002 ) තැනැත්තෝ වර්ෂයකට ලෝකයේ නිපදවන සියලු භාන්ඩ සහ සේවාවන් ට සමාන ප්‍රමානයක් ධනය ගොඩ ගසාගෙන සිටින්නෝය !.

ධනපති ප්‍රභුවේ සුලුතරයක් අතට ධනය ක්‍රමානුකුලව මාරු වීයාම ,2008 වර්ෂයේ සිට තව තවත් උග්‍රව ඇති අතර එය මහා ජනයා තුල පළල් කෝපයක් ජනිත කොට තිබේ.

මාධ්‍ය හා ශාස්ත්‍රාලික බක පන්ඩිතයන් සහ කොඳු කැඩුනු හිටපු වාමාංශිකයන් යන මේ සියලු දෙන දැන් ඉතින් පන්ති අරගලය අවසානයයි ප්‍රකාශ කල දශක ගනනාවකට පසු 2011 දී අප දුටුවේ ලෝක පරිමාන සමාජ මහපෙරලි යලි පැන නැග ආ සැටිය ය.

ටියුනීසියාවේ සහ ඊජිප්තුව සිට . ග්‍රීසිය, ස්පාඤ්ඤය. ඉස්ර‍ායෙලය සහ බ්‍රිතාන්‍යය හරහා ඇමරිකා එක්සත් ජනපදය දක්වා කම්කරු පන්තිය යලිත් වරක් මහා විරෝධතාවන්ට, වැඩ වර්ජනවලට සහ අනෙකුත් සටන් වලට බැස ගෙන ඇත.

මේ සෑම අවස්ථාවකදීම එම අරහලවිසින් එළිදරව් කරනු ලැබූ වේ, ලියොන් ට්‍රොට්ස්කි මෙයට දශක හතකට පෙර හතර වන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ලේ පෙන්නුම් කල පරිදි ,"මිනිස්වර්ගයා ගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බව ට සින්දවී" ඇති බව ය.

ඇමරිකා එක්සත් ජනපදය තුල ම, පසු ගිය වසරේ විස්කොන්සින් හි මහා ජන පෙලපාලි ද රට පුරා පැතිර ගිය වෝල් වීදි විරෝධ රැල්ල ද ඩිමෝක්‍රටික පක්ෂයට සහ ධනේශ්වර දේශපාලනයට බැඳ දැමු වෘත්තීය සමිති සහ ව්‍යාජ වාම කන්ඩායම් විසින් පාවදෙනු ලැබින.

ඩිමොක්‍රටික ධනපති දේශපාලනයෙන් කම්කරු පන්තිය ගලවා ගැනීමට දේශපාලන අරගලයක් කිරීම ප්‍රතික්ෂේප කල වෝල් විදිය වාඩිලා ගැනීම් ව්‍යාපාරයෙන් ඉතුරුව ඇති කොටසේ නායකයෝ මේ මැයි දින විවිධ විරෝධතා වෙට්ටු සංවිධානය කරති.

ඒ එෆ් එල්- සී අයි ඕ වෘත්තීය සමිති වලට යටකොට ඇති මෙම විරෝධතා ඔබාමා යලි පත් කර ගැනීමේ ව්‍යායාමයට බොහෝදුර ඒකාග්‍ර කර ගනු ලැබ ඇත.

ගිය අවුරුද්දේ අති බරපතල අරගල පන නැංවූ සමාජ සහ ආර්ථික බලපෑම් කිසිවක් හෝ ඉවත්ව ගොස් නැත. සිදු වී ඇත්තේ ඒවා වඩාත් ශක්තිමත් වීම පමනි. එහෙත් සිය අයිතීන් සඳහා අරගලයක් කිරීමට නම් කම්කරු පන්තිය තමන් ධනපති පතියේ ලාභ ආසක්තයට යට කරන දේශපාලන පක්ෂ , වෘත්තීය සමිති, සහ ඉහල මධ්‍යම පන්ති සංවිධානවලින් බිඳිය යුතුය.

සමජවාදී සමානතා පක්ෂයෙන් ජනාධිපති පදවියට තරග කරන ජේරී වයිට් වන මා ද උපජනාධිපති පදවියට තරග කරන ෆිලිස් ෂරර්ද මෙම තරඟයට ඉදිරිපත් වන්නේ ප්‍රාථමිකව හුදෙක් ඡන්ද දිනා ගැනීමට නොවේ; මහා කොම්පැනිවලට යටත් මෙම දේශපාලන පද්ධතිය විසින් නොතාකා හරිනු ලැබ ඇති වැඩකරන මහා ජනතාවට නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා ය. ගත වූ වර්ෂයේ අපේ ව්‍යායාමය මුලපටන් ම අවධාරනය කර ඇත්තේ කම්කරු පන්තිය මුහුන දී සිටින ගැටලුවලට ජාතික විසඳුමක් නැති බවය.

අවශ්‍යව ඇත්තේ ලාභ ගරන පද්ධතිය පෙරලා දමා සමාජවාදය පිහිටුවීම සඳහා ලෝකය පුරාම කම්කරුවන් ඒකාබද්ධ කිරීම ය. සැබෑ සමාජ සමානතාවය සහ සාමය ද ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කිරීම ද දිනාගැනීමට කම්කරුවන් සමත් වනු ඇත්තේ මේ මගින් පමනි.

වැඩිදුර තොරතුරු සඳහාsocialequality.com

Share this article: