එක්සත් ජනපද මැතිවරනයෙන් පසුව සිරියාවට එරෙහි යුද තර්ජනය වැඩිවෙයි

After the US election, Syria war threats mount

13 November 2012

ජනාධිපති බරක් ඔබාමා යලි තේරීපත්වීමෙන් සතියක් ඉක්ම යත්ම සිරියාවට එරෙහි යුද බෙර වැයුම තියුනු ලෙස වේගවත්වෙයි.

ඊස්රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයට ඉබාගාතේ පතිතවූ ෂෙල්වෙඩි ප්‍රහාරයන්ට එකට එක කිරීමක් යයි පවසමින් සිරියානු හමුදාවට යලි යලිත් වෙඩි ප්‍රහාර එල්ල කිරීමත්, මැදිහත්වන බවට තුර්කියෙන් කෙරෙන තර්ජනත් සමග පසුගිය දෙදින තුල සිරියාවේ උතුරු හා ගිනිකොනදිග දේශසීමාවන්හි මිලිටරි තර්ජන උත්සන්නවී ඇත.

මේ අතරතුර වොෂින්ටනය "සිරියානු ජනතාවගේ එකම නීත්‍යනුකූල නියෝජිතයා” අලුතෙන් ගොනුකිරීමේ අධම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයයි. මෙය න්‍යායපත්‍රයට ඇතුලත් කරනු ලැබුවේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පසුගිය මාසය අවසානයේ, ඒ සා මට්ටමකින් උඩ අත්තේ තැබූ සිරියානු ජාතික කවුන්සිලය, නුපුහුනු පිටුවහලුන් කල්ලියක් බවට පත්ව ඇති බවත් එය වඩාත් නියෝජිත කමට සුදුසු අයගෙන් විස්ථාපනය කල යතු බවත් නිවේදනය කිරීමෙන් අනතුරුවය. ඔවුන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් එකතුකරගන්නවා ඇත.

කියන පරිදි නව හා වැඩිදියුනු කල මන්ඬලය සිරියානු විප්ලවවාදී විපක්ෂයේ ජාතික හවුල් බලවේගය ලෙස හඳුන්වා ඇත. වොෂින්ටනයේ නිලධාරීන් එය නග්න ආකාරයෙන් ඇමරිකානු විප්ලවයේ මහාද්වීපික කොන්ග්‍රසය සමග සසඳන අතර තර්ජනයේ, එම හවුල, අල්ලස් හා තර්ජනයේ ක්‍රමවේදයන් තුලින් එකට එකතුකල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පෙරමුනකට වැඩි දෙයක් නොවේ.

බොහෝකොටම, මුස්ලිම් සහෝදරත්වයේ සිරියානු ශාඛාව විසින් අධිකාරය දරන ලද පැරනි සිරියානු ජාතික කවුන්සිලය, සිය සංවිධානය තකහනියේ විසුරුවා හැරීමට දැඩිලෙස විරුද්ධ විය. කටාර් අගනුවර වන ඩෝහාහි සුඛෝපභෝගී හෝටලක් තුල දින ගනනාවක කඹ ඇදීම්වලින් පසුව, නායකත්වයේ සියයට 40ක පංඟුවක් ඔවුන්ට පිරිනමන බවට දුන් පොරොන්දුවකින් අනතුරුව ඔවුන්ද සභාගයට එක්කරගන්නා ලදී.

පාලන තන්ත්‍ර වෙනසක් සඳහා වන එක්සත් ජනපදයේ පිටුබලය ලබන යුද්ධයක් සඳහා පෙරමුනක් ලෙස සේවය කරන "හොඳින් නියෝජනය” කල හැකි එවන් සංවිධානයක් ඒකරාශී කිරීමට ක්ලින්ටන් වෙහෙස දැරූ අතර එම නව සභාගය, එම හොර කල්ලියෙන්ම, ඔත්තුකාර ඒජන්තයින්ගෙන් හා ඉස්ලාමීය දේශපාලඥයින්ගෙන් සමන්විත තරමක "විවිධත්වයක්” සහිත හවුලක්ම වන්නේය. ඊනියා කැරලිකරුවන්ට ද කාන්තාවන්ට ද එක පැහැර සතුරු අලවයිට් නිකාය ද ඇතුලු සුලු කන්ඬායම් සඳහා ද නායකත්වයේ තනතුරු වෙන්කර ඇත.

එම සභාගයෙහි නායකත්වය දරන්නේ, ෂීක් අහමඩ් මොආස් අල් කාලිබ් යන මුස්ලිම් පූජකයාය. එහි උප ජනාධිපතිවරුන් අතර, නව "එක්සත්” විපක්ෂ‍යේ වොෂින්ටන්හි පොදු භාරකරු ලෙස සේවය කල ඩැමස්කස්හි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ හිතවතෙකු වූ සිරියානු ව්‍යාපාරික රයිඩ් ෂෙයිෆ් ද වෙයි. එහි ප්‍රධාන ලේකම් වශයෙන්, කටාර් හා සවුදි අරාබිය සමග එක්ව සිරියානු "කැරලිකරුවන්ට” පඩි ගෙවන පිටුවහල් සිරියානු ධනපතියන්ගේ පෙරමුන වන සිරියානු ව්‍යාපාරික සන්සදයේ සභාපති වන මුස්තෆා අල් සබා කටයුතු කරයි.

සිරියාව තුල පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ගෙනයන සිවිල් යුද්ධයේ මූලික ක්‍රියාකලාපයක් ඉටුකරන කන්ඩායමික සටන්කරුවන්, ඉස්ලාමීය ජිහාඩ්වාදින්, විදේශ කුලී භටයින් හා සියදිවි නසාගන්නා බෝම්බකරුවන් මත පාලනයක් කෙසේ වෙතත් සැබෑ සම්බන්ධතාවන් හෝ මෙම පුද්ගලයින්ට ඇති බවට කිසිදු හාංකවිසියක් නැත. රටතුල මහජන සහයෝගයක පදනමක් පවා ඔවුන්ට තිබෙන බවට ඇත්තේ ඊටත් අඩු ආරංචිය.

කෙසේ වෙතත්, "විමුක්ත” කරගන්නා සිරියානු භූමිය තුල සංක්‍රමනීය ආන්ඩුවක් තුලට එම සභාගය හැරවීමේ පලමු පියවර වශයෙන්, වොෂින්ටනය හා එහි අනුචරයින්ගෙන් සැදුම්ලත් "සිරියාවේ මිතුරෝ” කන්ඬායමෙන් හා අරාබි සංඟමයෙන් පිලිගැනීමක් සෙවීම පිනිස ඔවුන් සංචාරයේ යොදවා ඇත.

නව සභාගය ගොඩනඟන්නාවූ අය අතර ඇතිකරගෙන තිබෙන "මූලධර්මාත්මක” එකඟතාවය නම්, ඩැමස්කස්හි "පාලන තන්ත්‍රය සමග කිසිදු සංවාදයකට හෝ සාකච්ඡාවකට සහභාගී නොවීමයි.” සිරියාවේ සිවිල් යුද්ධය නිමා කිරීමත්, අලුත් ව්‍යවස්ථා පරිපාටියක් කරා පරිවර්තනය වීමත් සඳහා "සාමකාමි සාකච්ඡා හා සංවාදයක් වෙනුවෙන්” පසුගිය ජූනි මාසයේදී ජිනීවාහිදී ඇතිකරගත් එක්සත් ජාතීන් විසින් කපුකම් කරන ලද ගිවිසුමට සහයෝගය දෙන බවට වොෂින්ටනය පොරොන්දුවූ නමුත්, එක්සත් ජනපදය එය සෘජුවම උල්ලංඝනය කිරීමක් මෙ මගින් ප්‍රකාකාශිත වෙයි.

එවන් සමථයක් වෙනුවෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට කිසිදු උන්න්දුවක් නැත. කලාපයේ සිය අවශ්‍යතා වෙනුවෙන් කැපවූ රූකඩ ආන්ඩුවක් ඇටවීමට සිරියානු ජනතාව මත පටවා ඇති රුධිර ස්නානය තවත් පුලුල් කිරීමටත් මිලිටරි බලය යෙදවිමටත් එක්සත් ජනපදය අධිෂ්ඨාන කරගෙන සිටියි. මෙම මිලිටරි මදාවියේදී එහි ප්‍රමුඛ අරමුන වන්නේ, ඉරානයටම එරෙහි ඊටත් වඩා ලේවැකි යුද්ධයක් සඳහා වන සිය සූදානමේදී, අරාබි ලෝකය තුල සිරියාවේ ප්‍රධාන අනුචරයා වන ටෙහෙරානය දුර්මුඛ කිරීමයි.

ඉරානයට එරෙහි යුද්ධයට යන ගමනේදී ඊස්රායලය වොෂින්ටනය සමඟ පෙලගැසී සිටින අතර දශක ගනනක් යන තෙක් ඊස්රායලයට අභියෝග කිරිමට අසාද් තන්ත්‍රයට ඇති හැකියාව අවම කරන සාධකයක් ලෙස ටෙල් අවිව් සිරියාවේ සිවිල් යුද්ධය දැකිය යුතු යයි එරට මාධ්‍යය මත පල කරයි. කෙසේ වෙතත්, ඊස්රායලය වාඩිලාගෙන සිටින සිරියාවට අයත් ගෝලාන් කඳුකර ප්‍රදේශයට ඉබාගාතේ යන ෂෙල්වෙඩි පතිතවීම කෙරෙහි ක්ෂනිකව එල්ලවූ මෙම ප්‍රතිප්‍රහාරය, උපායික මාරුවක් ඇඟවුම් කරන අතර සෑම අතින්ම පෙනෙන්නට ඇත්තේ එය වොෂින්ටනය සමග ඇතිකරගත් පූර්ව සම්බන්ධීකරනයක් බවයි. 11දා ඊස්රායල් මිලිටරිය මෙහෙයුම් මිසයිලයක් සිරියාව තුලට විදින ලද අතර පසු දිනයේ යුද ටැංකි ප්‍රහාර එල්ල කලේය. මේ මගින් සිරියානු හමුදාවන්ට "කෙලින්ම පහරවැදුනු” බව කියන ලදී.

උතුරට වන්නට තුර්කි එෆ්-16 ප්‍රහාරක ගුවන්යානා 12දා සිරියානු දේශසීමාව ඔස්සේ තර්ජනාත්මක ගුවන් ගමන්වල යෙදුනු අතර එය එම ප්‍රදේශයන්හි සිරියානු ආරක්ෂක හමුදා හා බටහිර පිටුබලය ලබන "කැරලිකරුවන්” අතර ඇතිවූ ගැටුම් වලට ප්‍රතිචාර දක්වන අනතුරු ඇඟවීමක් යයි කියන ලදී. සිය භූමියට පතිතවන සිරියාවේ කුමන හෝ ෂෙල් වෙඩි ප්‍රහාරයකට එරෙහිව මිලිටරිමය පියවර ගන්නා බව පසුගිය මාසයේදී ඇන්කාරාව දිව්රුම් දුන්නේය.

සිරියාව තුල මැදිහත්වීම් පුලල් කිරීම පිලිබඳව තුර්කිය, ඔබාමා පාලනය හා නේටෝව සමග සාකච්ඡා කරමින් සිටියි. 12දා නේටෝවේ ප්‍රධාන ලේකම් ඇන්ඩර්ස් ෆෝග් රස්මුසාන්, "තුර්කිය ආරක්ෂාකිරීම සඳහා වන සැලසුම්” ගැන සඳහන් කරමින් "තුර්කියට නේටෝව ගැන විශ්වාසය තැබිය හැකි” යයි නිවේදනය කලේය. උතුරු සිරියාව තුල ඊනියා මානවවාදී ස්වාරක්ෂක කලාපයක් කපා වෙන්කිරීමටත් "පියාසර තහනම් කලාපයක්” නම්කිරීමේත් පලමු පියවර වශයෙන් සිරියානු දේශසීමාවේ එක්සත් ජනපද පේට්‍රියට් මිසයිල් ස්ථානගත කිරීම පිනිස ඇන්කාරාව උත්සාහ දරමින් සිටින බවට වාර්තා පලවීමෙන් ඉක්බිතිව මෙම ප්‍රකාශය නිකුත් විය

මිලිටරි මැදිහත්වීමක් දිසාවට නොපමාව සිදුවන පෙලගැසීමක් ගැන ඉඟි කරමින් බ්‍රිතාන්‍ය ආරක්ෂක මන්ඬල ප්‍රධානී ජෙනරාල් ඩේවිඩ් රිචඩ් 11දා බීබීසී සේවයට පැවසුවේ, මානව ආධාර යන කඩතුරාව යටතේ බ්‍රිතාන්‍යය මෙම ශීත සෘතුවේදී සිරියාවට හමුදා යැවීමට සූදානම් වෙමින් සිටින බවයි. "යමෙක් එසේ නොකල යුත්තේ මන් ද යන්න පිලිබඳ මිලිටරිමය හේතුවක් ඇත්තේ නැත. එම සියලු විකල්ප ඉතා හොඳින් විමසීමට ලක්කර ඇති බව මම දනිමි.” ඔහු පැවසීය.

යලි වතාවක් ඇමරිකානු ජනතාව හා සමස්ත ලෝකයම මුසාවාද හා බොරු කඩතුරාවන් පදනම් කරගෙන ආක්‍රමනික යුද්ධයකට ඇද දැමෙමින් තිබේ. සිරියාවට එරෙහි යුද්ධයක් ගෙනයනු ඇත්තේ "මානවහිතවාදය” හා "ප්‍රජාතන්ත්‍රය” නඟාසිටුවීමට නොව බලශක්තියෙන් පොහොසත් මැද පෙරදිග ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අරමුනු හා සිය දේශීය පාලක මූල්‍ය හා ව්‍යාපාරික කතිපයාධිකාරයේ ලාභ අවශ්‍යතාවන් පෙරදැරි කර ගෙනය.

ඡන්දදායකයින්ට යුද්ධය කෙරෙහි සිය විරෝධය ප්‍රකාශ කිරීමේ සියලු මං අවුරන ලද මැතිවරන ව්‍යාපාරයක් ගෙන ගිය අතර ප්‍රධාන පක්ෂ දෙක විසින්ම එක්සත් ජනපද මිලිටරිවාදයේ තවත් උද්ගතයක සැලසුම් ජනතාවගෙන් වසං කලහ.

මිලිටරිවාදයට එරෙහි අරගලය එක්සත් ජනපදයේ පවත්නා ධනේශ්වර ද්වි පක්ෂ ක්‍රමයේ රාමුව තුල ගෙනයා නොහැකිය. තවත් යුද්ධයක තර්ජනය පරාජය කල හැක්කේ, කම්කරු පන්තිය සිය ස්වාධීන දේශපාලන ශක්තිය සමාජවාදය සඳහා සටන තුල බලමුලු ගැන්වීමෙන් පමනකි.

බිල් වැන් ඕකන්

Share this article: