ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා බන්ධනාගාර රැඳවියන් දුසිම් ගනනක් ඝාතනය කරති

Sri Lankan security forces kill dozens of prison inmates

By Sampath Perera, 12 November 2012

09දා කොලඹ වැලිකඩ බන්ධනාගාරය තුල සිදුකල සෝදිසි මෙහෙයුමක් අතරතුර විශේෂ ආරක්ෂක හමුදාව ප්‍රකෝපකාරී ගැටුමක් ඇවිලවීමෙන් පසුව අඩු වශයෙන් රැඳවියන් 27දෙනෙකු ඝාතනය කලහ. මාධ්‍ය වාර්තාවන්ට අනුව සිරිකරුවන් 43 ඇතුලු ව පුද්ගලයන් 59දෙනෙක් තුවාල ලදහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මරන සඳහා වග කිව යුතු ය. රටේ විශාලත ම බන්ධනාගාරය තුල සිදුකල මෙම ප්‍රහාරය අවධාරනය කරන්නේ පොලිස් -රාජ්‍ය පියවර මත ආන්ඩුව තබා ඇති විශ්වාසයයි.

1983 කලු ජූලිය ලෙස දන්නා දෙමල විරෝධී සංහාරය අතරතුර දී බන්ධනාගාර අධිකාරීන්ගේ ද සහාය ඇතිව සිංහල වර්ගවාදී රැඳවියන්, මෙම පරිශ්‍රය තුල දී ම දෙමල දේශපාලන සිරකරුවන් 53දෙනෙකු ඝාතනය කරනු ලැබීමෙන් පසුව සිදුවූ මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා බන්ධනාගාරයක් තුල සිදු කල දරුනුම ප්‍රහාරය විය.

ජංගම දුරකතන හා මත්ද්‍රව්‍ය වැනි තහනම් භාන්ඩ සෙවීම සඳහා බවට ප්‍රකාශිත මෙහෙයුමක් සඳහා පොලිස් කොමාන්ඩෝ විශේෂ කාර්ය බලකාය (එස්ටීඑෆ්) සිකුරාදා පස්වරුවේ බන්ධනාගාරයට යවන ලදී.

බීබීසී සිංහල සේවය පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී සිරකරුවෙක්, කොමාන්ඩෝ භටයන් සිරකරුවන් සමග ගැටුම ඇවිස්සුවේ කෙසේ දැ යි විස්තර කලේ ය."ඔවුන් හිරකරුවන්ට මාංචු දාලා පිටට ගෙනියන්න පටන් ගත්තා. හිරකරුවන් මාංචු දානවාට විරුද්ධවුනාම ඔවුන් හිරකරුවන්ට පහර දුන්නා. ඔවුන් ආපසු හිරකරුවන් කූඩුවලට දාලා වහලා කඳුලු ගෑස් ගැහුවා. ඒ වෙලාවෙයි පිටත හිටපු අනෙක් අය කෑ ගසන්ටත් ගල්වලින් ගහන්ටත් පටන් ගත්තේ.”

කොමාන්ඩෝ භටයෝ සිරකරුවන් මරා තුවාල සිදුකලහ. පසුව පිටතට ගොස් මුලු බන්ධනාගාරයට ම කඳුලු ගැස් ගැසූහ. පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ද තුවාල ලැබූහ.

තවත් සිරකරුවෙක් ඉන්දියාවේ දිනපතා හින්දු පත්‍රයට මෙසේ පැවසී ය: "රිමාන්ඩ් සිරකරුවන් නිරුවත් කර පහරදුන් නිසා ඔවුන් නොංසුන් වුනා. ”

පොලීසියට අනුව එක් අවස්ථාවක දී සිරකරුවන් බන්ධනාගාර ආයුධ ගබඩාවෙන් තුවක්කු පැහැර ගත්හ. පැය කීපයක් ගතවන තෙක් හිරගෙදර පාලනය ඔවුන් අතේ පැවතුනි. ගිනි අවි එකක් හෝ දෙකක් සහිතව සිරකරුවන් වහල නැඟ සිටියේය. විශාල පොලිස් බල ඇනියක් මෙන් ම හමුදා භට කන්ඩායම් ද මුලු බන්ධනාගාරයම වටලා තිබුනි. ඉදිරි දොරටුව අභියස දී ත්‍රිරෝද රථයකින් පලායාමට උත්සාහ කල බව පවසමින් සිරකරුවන් පස්දෙනෙකු හෝ හයදෙනෙකු ආරක්ෂක හමුදාව විසින්මරා දමන ලදී.

10දා උදෑසන, අඳුර විනි විදින උපකරන හා තුවක්කුකරුවන් සහිත හමුදා කොමාන්ඩෝ ඒකකයක් සන්නද්ධ රථ තුනකින් පරිශ්‍රයට ඇතුල් වී පාලනය සියතට ගත්තේ ය.

උදෑසන සිරකරුවන්ගේ මෘතදේහ 11ක් සොයා ගැනුන බව පොලීසිය පැවසී ය. මෘත ශරීර මහ රෝහලට නො ව කෙලින් ම පොලිස් මෘත ශරීරාගාරයට යවන ලද බව මාධ්‍ය වාර්තා ඇඟවුම් කල අතර ඒ අධිකරන මරන පරීක්ෂනයක් මගහැරීම සඳහා බවට සැක මතුකරයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු වන පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරන ඇමති චන්ද්‍රෙස්න ගජධීර 10දා පාර්ලිමේන්තුව හමුවේ මෙම අපරාධය ආරක්ෂා කල අතර එයට සුදුහුනු ගෑවේ ය. සෝදිසි මෙහෙයුමට ප්‍රචන්ඩ ලෙස විරෝධය දැක්වීම සහ ආරක්ෂක හමුදාවන්ට හා සිවිල් වැසියන්ට පහරදීම ගැන චෝදනා කරමින් ඔහු සිරකරුවන්ට දොස් පැවරී ය.

10දා බන්ධනාගාරයට පිටත දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ බස්නාහිර පලාතේ ‍ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන අනුර සේනානායක, බරපතල අපරාධකරුවන් කැරල්ල සංවිධානය කල බවට චෝදනා කල අතර සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වූ බව පැවසී ය. කෙසේ නමුත්, පොලීසිය සමග සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට සිරකරුවන් 10දෙනෙකු ගිනිඅවි භාරදුන් බව ඔහු පිලිගත්තේ ය.

ඇමතිගේ හා පොලිස් නිලධරුවාගේ මෙම ප්‍රකාශ සිරකරුවන් ඝාතනය කිරීම යුක්තිසහගත කිරීමේ උත්සාහයකි. ඒ වන විටත් මැදිරිවල සිරකර සිටි සිය ගනනක් ද ඇතුලු නිරායුධ සිරකරුවන් හා හිසේ සිට දෙපතුලටම සන්නද්ධව සිටි පොලිස් කොමාන්ඩෝ භටයින් අතර ගැටුම හටගත්තේ කෙසේ දැ යි දෙදෙනාගෙන් එක් අයෙකුවත් විස්තර කලේ නැත.

වැලිකඩ සිරකරුවන් නියෝජනය කරන නීතිඥ සුරංග බන්ඩාර, එස්ටීඑෆ් සෝදිසි මෙහෙයුමේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක් කරමින් මාධ්‍යය සමග කතා කලේ ය. "උසාවි නියෝගයකින් තොර ව එවැනි සෝදිසියක් සඳහා බන්ධනාගාර පරිශ්‍රයට ඇතුල්වීමට පොලීසියටවත් හමුදාවටවත් අයිතියක් නැතැ” යි ඔහු පැවසී ය. "මේක නීතිවිරෝධී ක්‍රියා පටිපාටියක්.” එස්ටීඑෆ් එක ඇතැම් සිරකරුවන් මැරූ බව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ බන්ඩාරට පැවසා තිබුනි.

විශේෂ කාර්ය බලකාය "කිසියම් අනවශ්‍ය ඝාතනයක්” සිදු කරන ලද දැ යි සොයා බැලීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව පරීක්ෂනයක් අරඹා ඇතැ යි පොලීසිය පැවසී ය. ඊට අමතරව 10දා සවස මහේස්ත්‍රාත් පරීක්ෂනයක් පැවත් වූ අතර සිද්ධිය පරීක්ෂා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවක් පත්කලේ ය.

අතීතයේ පැවති එවැනි සිද්ධීන් පිලිබඳව පවත්වා ඇති පූර්ව නිල පරීක්ෂන ගැන සලකන විට, මෙම පරීක්ෂන කරනු ඇත්තේ සිදුවූයේ කුමක් ද යන්න හා ආන්ඩුව ද ඇතුලු අදාල බලධරයන්ගේ වගකීම වසං කිරීමට ය.

සිරකරුවන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය යොදාගැනිම ශ්‍රී ලංකාවට අළුත් දෙයක් නො වේ. 2009දී එල්ටීටීයේ පරාජයෙන් අවසන්වුන දිග්ගැස්සුන සිවිල් යුද්ධය නිමාවීමත් සමග සැබවින් ම එය තීව්‍ර විය. ඉහල ම මට්ටමේ නිල අනුමැතියකින් තොර ව එවැනිදේ සිදුවීමේ හැකියාවක් ද නොමත.

ඥාතීන් හෝ මිතුරන් පිටතින් ආහාර ගෙන ඒම තහනම් කිරීමට එරෙහිව සිරකරුවන් පසුගිය ජනවාරියේ මුල විරෝධය දැක් වූ විට බන්ධනාගාර නියාමකයෝ සිරකරුවන්ට වෙඩි තැබූහ. අඩු වශයෙන් සිරකරුවන් 19ක් තුවාල ලැබූහ. ජූනියේ දී, තිදෙනෙකු ඝාතනය කරමින් විශේෂ කාර්ය බලකාය උතුරේ වව්නියාව බන්ධනාගාරයේ දෙමල රැඳවියන්ට ප්‍රහාර එල්ල කලහ. ඒ එහි රැඳවියෙකුට වධදීමට එරෙහිව සිරකරුවන් උපවාසයක යෙදී සිටිය දීය.

බන්ධනාගාර තුල තදබදය සිරකරුවන් අතර අසහනය වැඩිකරයි. වැලිකඩ බන්ධනාගාරයේ 1,500කට ඉඩකඩ ඇතත් එහි රැඳවියන් 3,621ක් ඇති බව බන්ධනාගාර ඇමති ගජධීර ප්‍රකාශ කර ඇත. වෙනත් වාර්තාවන්ට අනුව, සැබෑ සංඛ්‍යාව 4,000ත් 5,000ත් අතර ය.

පසුගිය වසර මැද දී බන්ධනාගාර ගතකර සිටි සම්පූර්න සංඛ්‍යාව 30,933ක් වූ අතර ඒවායේ ඉඩකඩ ඇත්තේ රැඳවියන් 11,000ට පමනක් යයි එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන ඇඟවුම්කර ඇත. සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත්තේ මරන පෝලිමේ සිටින 500කට වඩා සිරකරුවන්ගෙන් තුන්දෙනෙකු රැඳවීම සඳහා සැලැසුම් කල කුටියක, හයදෙනා බැගින් තදබද වී සිටින බව යි.

බන්ධනාගාර නඩත්තුව සඳහා දරන ආන්ඩුවේ වියදම් කප්පාදු කිරීම මෙන් ම සුලු අපරාධවල නැගීමට හේතු වී ඇති කම්කරු ජනතාව හා දුප්පතුන්ගේ සමාජ තත්වයෙහි පොදු පරිහානි‍යේ ප්‍රතිඵල වශයෙන් මේ තත්වය ඇතිව තිබේ.

සියල්ලටමත් වඩා 9දා සිරකරුවන්ට එල්ල කල ප්‍රහාරය, ආන්ඩුව සිය පාලනය ගෙනයාමට වැඩි වැඩියෙන් මර්දනකාරී ක්‍රමවේදයන් යොදාගැනීමත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශිත කප්පාදු වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතු වන ඕනෑ ම විරුද්ධවයක් මැඬීමත් පිලිබඳව කම්කරු පන්තියට කෙරෙන තවත් අනතුරු ඇඟවීමකි.

Share this article: