සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් පිලිබඳ ප්‍රසිද්ධ දේශනයක්

Socialist Equality Party (Sri Lanka), 30 October 2012

book

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශී‍්‍ර ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ, පසුගිය වසරේ මැයි මස පැවැත්වුනු සසප ආරම්භක සම්මේලනයේ දී ඒකමතිකව සම්මත කරගන්නා ලද පක්ෂයේ ප‍්‍රධාන ඉදිරිදර්ශන යෝජනාව වන ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති ග‍්‍රන්ථය හඳුන්වා දීමේ ප‍්‍රසිද්ධ දේශනයක් පවත්වනු ඇත.

එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කරමින් 1996 දී සසප පිහිටුවන ලද්දේ, ස්ටැලින්වාදී, ප‍්‍රතිසංස්කරනවාදී සහ සුලු ධනේශ්වර ව්‍යාජ-වාම හා රැඩිකල් පක්ෂවලට විරුද්ධව ශී‍්‍ර ලංකාව හා දකුනු ආසියානු කලාපය තුල කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වයක් සම්පාදනය කිරීමේ දේශපාලන මූලිකත්වය ගනු පිනිස ය.

1968 දී විකොස පිහිටුවන ලද්දේ, දකුනු ආසියාව පුරා මහජනතාව වෙත ඛේදනීය ප‍්‍රතිවිපාක ගෙන එමින් 1964 දී සිරිමා බන්ඩාරනායකගේ ධනේශ්වර ආන්ඩුවට එකතු වීම මගින්, තමන් ට්‍රොට්ස්කිවාදී යයි හඳුන්වාගත් ලංකා සමසමාජ පක්ෂය (ලසසප) කල මහා පාවාදීම විසින් නිර්මිත කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ අර්බුදය ජයගනු සඳහා ය. කලාපය පුරා අතිමහත් දුෂ්කර කොන්දේසි යටතේ, විශේෂයෙන්ම ශී‍්‍ර ලංකාවේ දෙමල විරෝධී සිවිල් යුද්ධය මධ්‍යයේ, වසර 28ක් පුරා විකොස ගෙන ගිය සප‍්‍රතිපත්තික හා ධෛර්ය සම්පන්න අරගලය, සසප ඉදිරිදර්ශන යෝජනාව තුල එහි ඓතිහාසික හා ජාත්‍යන්තර සන්දර්භය තුල බහාලා සාකච්ඡා කෙරෙයි.

ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පාදකව සහ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස, කම්කරු පන්තිය තුල සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා ද කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්ගේ හා පීඩිත සුලුතර ජනකන්ඩායම්වල විප්ලවවාදී සන්ධානයක් සඳහා ද වසර 43ක් තිස්සේ විකොස/සසප ගෙන යන අරගලයේ අකලංක වාර්තාව සහ ඒ පිලිබඳ විශ්ලේෂනය, අද ලොව පුරා දිගහැරෙන විප්ලවවාදී අරගලවලට මගපෙන්වීමක් ලෙස අතිමහත් වැදගත්කමක් අත්පත් කරගනී.

මෙම දේශනයට සහභාගි වන ලෙස සෑම ජනකන්ඩායමකටම අයත් කම්කරුවන්ගෙන්. ගෘහනියන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

ස්ථානය - කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය

දිනය හා වේලාව - නොවැම්බර් 8 වන බ්‍රහස්පතින්දා සවස 4ට

දේශක - සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්

Share this article: