මුස්ලිම් විරෝධතා ව්‍යාපාරවලට ප‍්‍රතිචාරයක් ලෙස

යුරෝපය රාජ්‍යයේ මර්දනකාරී බලයන් ශක්තිමත් කරයි

In response to Muslim protests
Europe strengthens repressive powers of the state

26 September 2012

දී ඉනොසන්ස් ඔෆ් මුස්ලිම්ස් (මුස්ලිමුන්ගේ අවිහිංසකත්වය) නමින් නිපදවා ඇති මුස්ලිම් විරෝධී චිත‍්‍රපටයට විරුද්ධව අග්නිදිග ආසියාවේ ඉන්දුනීසියාවේ සිට වයඹදිග අපි‍්‍රකාවේ ටියුනීසීයාව දක්වා පැතුරුන විරෝධතා කුනාටුවක් පැනනංවා තිබේ. විරෝධතා ව්‍යාපාරවල දැවැන්ත විශාලත්වය පෙන්නුම් කරන්නේ ඒවා හුදෙක් පුද්ගලික ආගමික මායාවන් පිලිබඳ උමතු දෙඩවීම්වලට දක්වන ප‍්‍රතිචාරයක් නොව: අදාල රටවල් යුද්ධයට ඇද දමා තිබෙන, ඒවායෙහි ජනතාවට අවමන් කරනු ලබන හා ලාබ ශ‍්‍රමිකයන් ලෙස ඔවුන්ව සුරා කනු ලබන ඇමරිකා එක්සත් ජනපදයට හා එහි යුරෝපීය සගයන්ට එරෙහි පුලුල් මහජන විරුද්ධත්වයක ප‍්‍රකාශනයකි.

යුරෝපීය පාලක කවයන් විරෝධතා ව්‍යාපාරවලට ප‍්‍රතිචාර දක්වා තිබෙන්නේ, මෙම වර්ගවාදී ප‍්‍රකෝපකාරිත්වයන්ට එරෙහි විරෝධතා මර්දනය කිරීම හා ස්වකීය රාජ්‍ය සංවිධාන ශක්තිමත් කිරීම කරන අතර අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසේ නාමයෙන් ඉස්ලාම් විරෝධී ප‍්‍රචාරයන් ආරක්ෂා කිරීමෙන් ය. උපහාසාත්මක සඟරාවක් වන චාර්ලී හෙබඩො විසින් මහම්මුද් අපහාසයට ලක්කරන කාර්ටූන් පල කිරීමට එරෙහි සියලු විරෝධතා ආන්ඩුව විසින් තහනම් කල ප‍්‍රන්සය ඒ සඳහා වඩාත් සිත් කාවදින උදාහරනය යි.

මෙම රාජ්‍ය බලය ගොඩ නැගීම යොමු කෙරී ඇත්තේ මුලුමහත් කම්කරු පන්තියට එරෙහිව යි. පාලක පන්ති ප‍්‍රචන්ඩ පන්ති අරගල අපේක්ෂා කරති. යුරෝ අර්බුදය තීව‍්‍ර වීම හා නව අවපාතයක කොදේසි වර්ධනය වෙද්දී යුරෝපය තුල සමාජ පරස්පර විරෝධයන් හා ආතතීන් වේගයෙන් උග‍්‍ර වෙමින් තිබේ.

අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස තමන් ආරක්ෂා කරන බව ප‍්‍රන්ස ආන්ඩුව කියයි. එහෙත්, විකට රූප මගින් සිත් තැවුලට පත් හා අවමානයට පාත‍්‍ර වූවන්ට එය අහිමි කරන අතර මෙම අයිතිය දෙන්නේ උපහාසාත්මක සඟරාවට පමනි. සෙසු රටවල ද අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස අපහාසාත්මක කාටූන් යුක්තිසහගත කිරීමට යොදා ගනු ලබන නමුදු ඒවාට එරෙහි විරෝධතා අපරාධකරනය කරනු ලබයි.

ජර්මනියේ දී "ආගමික විකට රූපවලින් මාධ්‍ය දෝරේ යවන්න” යැයි ලේඛක ගුන්තර් වෝල්රාෆ් ඉල්ලා තිබේ. "ඊනියා ආගමික දේවල් අවමානයට ලක්කරන විකට රූප හා ලිපි අධි-සංතෘප්තියක් සහිතව ක‍්‍රමානුකූලව පවත්වාගෙන ගියහොත්, මාධ්‍ය, කලාව, සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා ප‍්‍රජාතාන්ති‍්‍රක ආස්ථානයන් පැහැදිලිව ශක්තිමත් කිරීමක් සඳහා එය නිසි ලෙස වැඩ කරනු ඇත” යි වොල්රාෆ් ටගිස්පීග පුවත්පතට කීවේ ය. "ඩෙන්මාර්ක් කාර්ටූන් ශිල්පී කුවර්ට් වෙස්ටගෝ සම්බන්ධ කාරනයේදී වඩාත් වැදගත් දේ වූයේ සෙසු මාධ්‍ය ඔහුගේ කාර්ටූන් ප‍්‍රතිමුද්‍රනය කිරීමට තීන්දු කිරීම” බව ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

වෙස්ටගෝඩ්, මුස්ලිමුන් ප‍්‍රකෝප කිරීමේ අරමුන ඇතිව ජිලන්ඩ් පෝස්ටන් නම් දක්ෂිනාංශික ඩෙන්මාර්ක් පුවත්පත විසින් 2006 දී පලකල කුප‍්‍රකට මහම්මුද් කාටූන් ඇඳි ලේඛකයන් ගෙන් කෙනෙකි.

සමාජමය වසයෙන් විවේචනශීලී පර්යේෂනාත්මක මාධ්‍යවේදියෙකු ලෙස වොල්රාෆ් වරක් කීර්තියක් ලබා ගත්තේය. අද ඔහු ජර්මන් කි‍්‍රස්ටියන් ඩිමොක‍්‍රටික් නායිකා ඇන්ජලා මර්කල් හා සෙසු ප‍්‍රතිගාමීන් සමග පෙල ගැසී සිටී. වසර දෙකකට ඉහත දී යුරෝපීය මාධ්‍ය ත්‍යාගය පිරිනමමින් මර්කල් වෙස්ටගෝඩ් ට ගෞරව දැක් වී ය. ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ දී ඒ වෙනුවෙන් කතාව පවත්වනු ලැබුවේ වර්තමාන ජර්මන් ජනාධිපති දක්ෂිනාංශික ජෝහිම් ගෝක් විසිනි. ත්‍යාගය "සියලු දෙනාටම, ස්ථීරසාරව, නීතිගරුකව හා ධෛර්යමත්ව නැගී සිටීමට කල කැඳවුමක්” ලෙස ඔහු විස්තර කලේ ය.

ලෝක සමජාවාදී වෙබ් අඩවිය 2006 දී ලියු ආකාරයට "මුස්ලිම් ආගමික හැගීම්වලට අවමන් කිරීමට සහ ඒවා ඇවිස්සීමට අරමුනු කර ගත් මෙම අශිෂ්ට විකට රූප දේශපාලන ප‍්‍රකෝපකරනයක් මිස අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා අනාගමිකවාදය ආරක්ෂා කිරීම සමග මෙලෝ සම්බන්ධයක් නැත.” (බලන්න "යුරෝපීය මාධ්‍ය මුස්ලිම් විරෝධී කාටූන් පල කරති: කැත සහ ගනන් බැලූ ප‍්‍රකෝපකරනයක්). එම තර්කයේම පදනම මත, එනම්, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස, මත යමෙකුට නාසි කඩමාල්ලක් වූ ඩි ස්ටෝයෝමා හි පලකල යුදෙව් වීරෝධී කාටූන් ද ආරක්ෂා කල හැකිය.

ජිලන්ඩ්-පෝස්ටන් හි වසර හයකට පෙර ප‍්‍රති-මුද්‍රනය කල, චාර්ලි හෙබඩෝ විසින් මෑත දී පලකල විකට රූප, ප‍්‍රන්ස පාසල්වල මුස්ලිම් හිස්වැසුම් (පර්දාව) ඇඳීම තහනම් කිරීම, ජර්මනියේ දී තිලෝ සරාසින් විසින් මුස්ලිම් විරෝධී අධානග‍්‍රාහිත්වයන් පතුරුවා හැරීමේ ස්වරූපයෙන් හා සුන්නත් කිරීම තහනම් කිරීම ගැන ජර්මනියේ මෑත දී සිදු වූ විවාදය මැදිකර ගත් මුස්ලිම්වරුන්ට එරෙහි උද්ඝෝෂනයක කොටසකි.

වසර ගනනාවක් පුරා යුද්ධයට ඇද දමා සිටින, නියමුවන් රහිත ගුවන් ප‍්‍රහාරවල ඉලක්කයන් බවට පත් කරනු ලැබ සිටින හා අධිරාජ්‍යවාදී බලයන් විසින් අවමානයට පත් කරනු ලැබූ හා බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා ශිෂ්ටාචාරයේ සාරධර්ම ආරක්ෂා කිරීමට යයි මාධ්‍ය විසින් මුද්‍රනය කරන ලද වර්ගවාදී විකට රූප විසින් අපහාසකරනු ලැබූ ලොව පුරා මුස්ලිම්වරුන්ට ඇතිවන කෝපය තේරුම් ගැනීමට ඉස්ලාම් දහමේ අනුගාමිකයෙකු වීම අවශ්‍ය නොවේ.

මෙම ඉස්ලාම් විරෝධී උද්ඝෝෂනයේ අරමුන කම්කරු පන්තිය බෙදීම, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි විරුද්ධත්වය මැඩීම, දක්ෂිනාංශික බලවේග ඇවිස්සීම හා වර්ධනය වන සමාජ ආතතීන් වර්ගවාදී ඇලමංවලට හැරවීම ය.

නව ෆැසිස්ට්වාදී ජාතික පෙරමුනේ නායිකා ලූ මුන්දු නම් දිනපතා ප‍්‍රන්ස පුවත්පතට දුන් දීර්ග සම්මුඛ සාකච්ඡුාව මෙය පැහැදිලිව පෙන්නුම් කරයි. පාලක සමාජවාදී පක්ෂය විසින් මුස්ලිම් ජනයාගේ විරෝධතාවලට එරෙහි ප‍්‍රහාරවලට මරීන ලූ පෙන් සහයෝගය දෙන්නීය. ඇය පවසන ආකාරයට එකී උද්ඝෝෂන අදහස් ප‍්‍රකාශ කිරීමේ හා මාධ්‍ය නිදහසට මෙන්ම ප‍්‍රන්ස සමූහාන්ඩුවේ මූලධර්ම හා සදාචාරයන්ට එරෙහි ප‍්‍රහාරයකි. අනාගමිකවාදය හා නිදහස ආරක්ෂා කල හැක්කේ ශක්තිමත් රාජ්‍යයක් විසින් පමනක් බව ඇය කියයි. ”රාජ්‍යය තහවුරු කල යුතු ආරක්ෂාව” ගැන කතාකරමින් ”අධිකාරිය සඳහා අවශ්‍යතාවයක් ඇති” බව ලූ මුන්දු පුවත්පතට ඇය කියයි.

එහි තර්කානුකුල නිගමනය කරා එය ගෙන ගිය විට මුස්ලිම් සංකේතය පමනක් නොව යුදෙව් සංකේතය ද මර්දනය කිරීමත් මෙම ආස්තානයෙන් ඉල්ලා සිටියි. පාසල්වල කොෂර් හා හලාල් මුස්ලිම් ආහාර සැපයීමත්, මුස්ලිම් හිස්වැසුම් (පර්දාව* සහ යුදෙව් හිස්වැසුම් ප‍්‍රසිද්ධියේ ඇඳීමත් තහනම් කිරීම ලූ පෙන්ට උවමනාය. මුස්ලිම් විරෝධය යුදෙව් විරෝධයේ නිවුන් සහෝදරයා බවට පත්වන අතර තනි අරමුනක් තිබේ: පසුගාමීත්වය, වාර්ගික ආතතීන් හා ආගමික වෛරයන් ඇවිස්සීම.

අපහාසාත්මක මහම්මුද් කාටූන් ප‍්‍රතික්ෂේප කිරීම, සමාජ කැලඹීම්වලට බියෙන් ජර්මානු ආන්ඩුවට සම්බන්ධ පක්ෂවල නායක තැනැත්තන් විසින් ඉල්ලා ඇති ආකාරයට ආන්ඩු තහනමකට සහයෝගය දීමක් අදහස් නොකරයි. පූජක ප‍්‍රතිගාමිත්වයේ කුප‍්‍රකට ආයුධයක් ලෙස අතීතයේදී සේවය කල අපරාධ නීතිය තුල පැවති ආගම්වලට අපහාස කිරීම සම්බන්ධ වගන්ති යලි කි‍්‍රයාත්මක කල යුතු බවට මෙම දක්ෂිනාංශිකයෝ ගනනාවක් ම තර්ක කර තිබේ. මෙය මහම්මුද් කාටූන් ආරක්ෂකයන් විසින් රාජ්‍ය ආයතන ශක්තිමත් කරන ලෙස කර ඇති ඉල්ලීමේ අනෙක් පැත්තයි.

වර්ගවාදයට එරෙහි හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් සඳහා අරගල සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය ස්වාධීනව බලමලූ ගැන්වීම සමග අත්‍යන්තයෙන් ම බැඳී තිබේ. දේශපාලන ප‍්‍රතිගාමිත්වයේ හා ආගමික බුද්ධි විරෝධයේ පදනම අහෝසි කල හැක්කේ ධනේශ්වර සුරාකෑම, මර්දනය හා යුද්ධයට එරහිව ජාතික හා වාර්ගික සීමාවන් ඉක්මවා යමින් කම්කරු පන්තිය එකමුතු කිරීම මගින් පමනි.

පීටර් ස්වාෂ්

Share this article: