අයිසැක් කුනාටුව ... හා කැත්‍රිනා කුනාටුවෙන් පසු අවුරුදු හත

Hurricane Isaac … and the seven years since Hurricane Katrina

31 August 2012

ගල්ෆ් වෙරල කලාපය තුල අයිසැක් කුනාටුව විසින් ඇති කෙරුනු උපරිම හානිය කුමක් වුවත් නව චන්ඩ මාරුතය ඇමරිකාවේ සමාජ අර්බුදයේ ගැඹුර හා එහි දේශපාලන පද්ධතියේ නාටකාකාර ආසාර්ථකත්වය යලි වතාවක් අවධාරනය කර ඇත.

“පෘතුවිය මත පොහොසත් ම රටට” පලමුවැනි කාන්ඩයේ කුනාටුවකින් එහි මහජනතාව ආරක්ෂා කිරීමට නොහැකි ය යන්න සිතන මතන මනුෂ්‍ය‍ෙයකුට අවංකව විශ්වාස කල නොහැක. එහෙත් නැවත වතාවක් ලුවිසියානා හා මිසිසිපි ප්‍රාන්තවල බොහෝ කොටස් ජලයෙන් යට ව පවතින අතර මිනිසුන් 900,000කට විදුලිය නැති අතර ගල්ෆ් වෙරල බඩ වැසියන් දස දහස් ගනනක් ඉවත් කිරීමට මුහුන දී සිටිති.

අවුරුදු හතකට පෙර කැත්‍රිනා කුනාටුව සම්බන්ධ සිදුවීම් ඇමරිකානු ධනවාදයේ දෝෂය තහවුරු කරන විනාශකාරී අධිචෝදනා පත්‍රයක් විය. ගරාවැටෙන පොදුකාර්ය පහසුකම්, ආරක්ෂක ඉවුරු පද්ධතිය පිලිබඳ අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන්දීම නිලවශයෙන් ප්‍රතික්ෂේප කිරීම, සූදානම්වීමේ පූර්න අඩුව හා ජනතාවගේ දුප්පත් ම කොටසේ තත්වයන්ගේ සංයෝගය බියකරු මානව ශෝකාන්තයකට මෙහෙය වුනි. අඩුවශයෙන් 1,800ක් මියගි‍ෙය්ය. නිව් ඕර්ලියන්ස් ප්‍රාන්තයෙන් සියයට 80ක් ජලයෙන් යටවීමත් සමග එහි නිවාස ඒකකවලින් සියයට 70කට හානි වූ අතර දස දහස් ගනනක් ආහාර, බීමට ජලය හා පිලිසරනක් නොමැතිව දින ගනනාවක් නගරයේ කොටුවූහ.

ඇත්ත වශයෙන් ම, 2001 සැප්තැම්බර් 11වැනිදා කැලඹීම තුල “මව්බිමේ ආරක්ෂාව” සමග උපකල්පිතව ග්‍රස්ත වූ ඇමරිකානු පාලක ප්‍රභූව, සැසඳිය නොහැකි පොහොසත් සංස්කෘතික හා සමාජ ඉතිහාසයක් සහිත එහි ප්‍රධාන නගරවලින් එකක් පෘතුවි පෘෂ්ඨයෙන් අතුරුදහන්වීමට ඉඩදීමට කැමැත්තෙන් සිටි බව පෙන්වී ය. සිදුවූයේ කුමක් ද යන්න සඳහා වගකීම භාරගැනීමට එක්සත් ජනපදය තුල ජනාධිපතියෙක් නොවී ය.

නිව් ඕර්ලියන්ස් හා ගල්ෆ් වෙරලබඩ බහුතරයකගේ දෘෂ්ටිකෝන‍නේ 2005 සිට “ප්‍රතිසාධනයක්” තිබී නැත.

ව්‍යවසායක ගිජුලිහිනියන් ධනසම්පත් රැස් කර ගැනීමට අර්බුදය වාසියක් කර ගත් අතර දුප්පතුන්ගේ අතිවිශාල සංඛ්‍යාවක්, වැඩිවශයෙන් ම කලුජාතික නිවැසියන්, ස්ථීරව ම නිව් ඕර්ලියන්ස්වලින් පිටතට පලවා හැරුනි. යලි ඉදිකරන ලද නගරයේ දැන් සිටිනුයේ වසර 2000 සිටි පුද්ගලයන්ට වඩා 125,000කින් අඩු සංඛ්‍යාවකි. එහි ලිපිනයන්ගෙන් සියයට 20ට වඩා පාළු වී හෝ අතහැර දමා හෝ ඇත. ආදායම් අසමානතාව හා නිවාස අහිමි රේට්ටුව යන දෙකෙන් ම නිව් ඕර්ලියන්ස් දෙවැනි ශ්‍රේනියට වැටෙ යි. නගරයේ ලමුන්ගෙන් සියයට හතලිස් දෙකක් දරිද්‍රතාවේ ජීවත් වෙති.

ලෝකයේ සිරගතකර ඇති වැඩිම මිනිසුන්ගේ අනුපාතය හිමිවන්නේ නිව් ඕර්ලියන්ස් හා ලුවිසියානා ප්‍රාන්තයන්ට ය. ලුවිසියානාව ඉරානයට වඩා පස් ගුනයකින් ද, චීනයට වඩා 13න් ගුනයකින් ද මිනිසුන් හිර ගතකර තිබේ. නිව් ඕර්ලියන්ස් තුල සෑම කලු පිරිමින් හත්දෙනෙකුගෙන් එක් අයෙකු බන්ධනාගාර ගත ය. නැතිනම් අනියම් සේවයේ ය. නැතහොත් පරිවාසය මත ය.

එක්සත් ජනපද ආන්ඩුව, 2001 සිට ඉරාකය හා ඇෆ්ගනිස්තානය විනාශ කිරීමට කල වියදමින් අංශුවක් (සමහර ඇස්තමේන්තුවලට අනුව සියයට 3ක්) පමනක් ගල්ෆ් වෙරලබඩ ප්‍රදේශ “යලි ඉදිකිරීම” සඳහා වැය කර ඇත. ලුවිසියානා වෙරල ආරක්ෂක පද්ධතිය වර්ධනය කිරීම සඳහා වෙන් කෙරුනු ඩොලර් බිලියන 14 එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානය තුල යුද්ධයට මාස දෙකක් තුල වැයකරන මුදලටත් අඩු ය. 2008 සැප්තැම්බර් මස මූල්‍ය අර්බුදයෙන් පසු, සාරභූතව කිසිදු කොන්දේසියකින් තොර ව ඩොලර් ට්‍රිලියන ගනනක් බැංකුවලට ලබා ගත හැකි විය.

මෙම සංඛ්‍යා තුල යමෙකු එක්සත් ජනපදයේ සමාජ සම්බන්ධතාවල සැබෑ තත්වයේ මාත්‍රයක් ග්‍රහනය කර ගනු ඇත: සංස්ථාපිත දේශපාලන බලය තමන්ම ආඪ්‍යවීමට, තමන්ගේ අධර්මිෂ්ට ජයග්‍රහන හා සිය ගෝලීය විහිදීම ව්‍යාප්ත කිරීමට ඕනෑතරම් අන්තයන්ට යනු ඇත. ජනගහනයේ පුලුල් ස්ථරයන්ගේ මූලික අවශ්‍යතාවන්ට “මුදල් නැත” යි අපට දිනපතා සිහිපත් කරවනු ලැබේ.

ඇමරිකානු පාලක ප්‍රභූවේ ක්‍රියාවන් තුල දක්නට ඇති වියදම් කප්පාදුව, උදාසීනත්වය, අදූරදර්ශනය, සාපරාධී නොසැලකීම හා සම්පූර්න සොරකම් අතර වෙනස්කම් හඳුනාගැනීම හැම විට ම දුෂ්කර ය. කැත්‍රිනා කුනාටුවේ විනාශයේ වෙලෙමින් 2008 පිපුරුනු ආර්ථික කඩාවැටීම, 2010 බීපී තෙල් කාන්දුව හා දැන් නව කුනාටුවක් ඇතුලු සියල්ල ගල්ෆ් වෙරලබඩ නපුරු සිහිනයෙහි විද්‍යමාන ය.

ප්‍රදේශයේ කම්කරු පන්තිය අත්විඳින පීඩාව සමස්තයක් වශයෙන් ජනතාවට පහරදුන් දුර්භාග්‍යයේ විශේෂයෙන් සංකේන්ද්‍රිත ස්වරූපයකි. මිනිය හැකි පරිදි 2005 සිට එක්සත් ජනපදයේ ජීවිතය පිලිබඳ සාමාන්‍යකරනය වූ තත්වයන් වඩාත් නරක අතට හැරී ඇත. කුටුම්භ ආදායම කඩාවැටී ඇත, යහපත් රැකියා මුලුමනින් ම පාහේ අතීතයට අයත් දෙයකි. පවුල් මිලියන ගනනාවකට ආහාර, නිවාස හෝ වෛද්‍ය රැකවරනය සඳහා වන වියදම් අතර තෝරාගැනීමක් කිරීමට සිදුව ඇත.

2008 මූල්‍ය බිඳවැටීම ආසන්නයේ ධවල මන්දිරය හා කොන්ග්‍රසය වෝල් වීදිය සමග වඩාත් කුලුපග, ව්‍යභිචාරී සම්බන්ධතාවයකට පැමින ඇතුවා පමනි. නූතන එක්සත් ජනපද ඉතිහාසයේ මොන ම ආන්ඩුවකටවත් වෙනස් ලෙස ඔබාමා පාලනය මූල්‍ය ප්‍රභූව හා එහි උත්සුකයන් සමග අනන්‍ය වේ. ආන්ඩුවේ සෑම වැදගත් තීරනයක් මත ම බැංකු කරුවන් නිෂේධ බලය යොදන බැවින් තනි බැරෑරුම් සමාජ ප්‍රශ්නයක් හෝ විසඳීම අපහසු ය.

රිපබ්ලිකානු හා ඩිමොක්‍රටික් ජාතික රැස්වීම් මෑත ම ව්‍යසනයේ සෙවනැල්ල යට පැවත් වේ. මෙම දේශපාලකයෝ ඉහල ම සියයට එක නැතහොත් ජනගහනයෙන් සියයට එකෙන් දහයෙන් එක වෙනුවෙන් කතාකරති.

සාපරාධී හෘදය සාක්ෂිය මෙම පක්ෂවල හා ඒවායේ ප්‍රධාන පුද්ගලයන්ගේ සදාචාරාත්මක දරාගැනීමේ හැකියාවෙන් ඈත නමුත් අයිසැක් කුනාටුවේ පැමිනීම සැකයකින් තොරවම ඔවුන් අසහනයට පත්කලේ ය. ඔවුන්ගේ අසංවේදීකම හා නො හැකියාව ගිනිය නොහැකි මරනවලට හා තවත් දහස් ගනනකගේ ජීවිත විනාශ කිරීමට මග පෑදූ බුෂ් පාලනයේ 2005 කාර්යසාධනය නැවත මතක් කරනු ඇත යි මිට් රොම්නි හා රිපබ්ලිකානුවෝ යුක්ති සහගත ලෙස බියට පත් කෙරුනි. ලෝසවෙඅ හැඳින් වූ ලෙස “ජාතික අවමානය ” 2008 මැතිවරනයේ දී රිපබ්ලිකානු පරාජයට නිශ්චිතව ම දායක විය.

2009 සිට රටෙහි පොදුකාර්ය පද්ධතිය ප්‍රතිසංස්කරනය සඳහා කිසිවක් කර නැති බැවින්, ඔවුන්ගේ පැත්තෙන් ඔබාමාට හා ඩිමොක්‍රටිකයන්ට නව කුනාටුව ගැන අසහනය පමනක් හැඟෙනු ඇති අතර ඔවුන්ගේ ඇස් පනාපිට තවත් කත්‍රිනාවක් සපුරා ම ශඛ්‍ය වන බව ඔවුහු හොඳින් දනිති.

ද්වි පක්ෂ ක්‍රමය සමග පුලුල් ව පැතිරුනු හා සාධාරන මහජන පිලිකුලක් පවතී. පිව් නම් පර්යේෂන ආයතනයේ මෑත මත විමසුමක් බහුතරය එක් පක්ෂයකවත් ජාතික සමුලුව ගැන උනන්දුවක් නැති බව නිගමනය කලේ ය. සමීක්ෂනයට ලක්වූවන්ගෙන් සියයට තිස්අටක් අගෝස්තුවේ එක්සත් ජනපද ආර්ථිකය ගැන ඉතා කිට්ටුවෙන් විපරම්කරමින් සිටින බව පැවසූ අතර හතරෙන් එකකට තරමක් වැඩි සංඛ්‍යාවක් විශාල උනන්දුවකින් මැතිවරන ප්‍රවෘත්ති අසන බව පැවසුවේ ය. විය හැකි ලෙසම සාපේක්ෂකව සුලු පිරිසක් විශ්වාස කලත් ඔබාමා තනතුරෙහි තබාගැනීම හෝ රොම්නි හරහා ඔහු වෙනස්කිරීම හෝ සැලකිය යුතු වෙනසක් ඇතිකරනු ඇතැ යි කිසිවෙකු විශ්වාස කල යුතු නැත.

1904දී, රුසියානු-ජපාන යුද්ධයේ දී රුසියාවේ පරාජයට ප්‍රතිචාර ලෙස ප්‍රමුඛ යුරෝපීය පුවත්පතක් මෙසේ පැවසී ය, “සමස්ත දේශපාලන පද්ධතිය මත තීන්දුව නියම කෙරී ඇත....දැඩි, මෘග සත්‍යය සියලු සම්ප්‍රදායානුකූල බොරු කුඩුකර දම යි.” වැඩිකල් යාමට මත්තෙන් සාර් ආන්ඩුව විප්ලවවාදී ප්‍රකම්පනයකට මුහුන දෙනු ඇත. එක්සත් ජනපදය තුල දේශපාලන පද්ධතිය සෙලවෙන, සම්බන්ධයක් නැති හා අරටුවට ම කුනු වූ එකකි.”

ඩේවිඩ් වොල්ෂ්

Share this article: