9/11 සංවත්සරය: ත‍්‍රස්ත ප‍්‍රලාපය බිඳ වැටෙයි

9/11 anniversary: The terror pretext in tatters

12 September 2012

එදින සිදු වූ ඛේදජනක මරනයන් වොෂින්ටනයේ නිමක් නැති යුද්ධ සඳහා ගසා කෑමේ උත්සාහයන් වඩ වඩා හිස් කබොල්ලක් බවට පත්ව ඇති හෙයින් සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරයේ සංවත්සරය අඟහරුවාදා පැවැති ඉතා සුලු නිල සැමරුමකින් කෙලවර විය.

නිවුන් කුලුනු කඩා වැටීමෙන් 2,700 මරනයට පත් වූ නිව් යෝර්ක් නගරයේ කිසිදු දේශපාලනඥයෙකු කතා කලේ නැත. මිය ගිය අයගේ දිගු ලැයිස්තු කියවන සහ අහිමි වූ දෙමාපියන්, දරුවන්, ඥාතීන් හා කලත‍්‍රයා පිලිබඳ මතකයට යාඥා කරන පවුලේ සාමාජිකයන්ගෙන් අනුස්මරනය සමන්විත විය.

වොෂින්ටනයේදී, 125 දෙනෙකු මරනයට පත් වූ පෙන්ටගනයෙන් පිටත ජනාධිපති බැරක් ඔබාමා සහ ආරක්ෂක ලේකම් ලියොන් පැනෙට්ටා වැදගැම්මකට නැති කුහක කතා පැවැත් වූ හ. "ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග මගින් අප ජීවත් වන වර්තමාන ඇමරිකාව-වඩාත් ශක්තිමත්ව ඉස්මතු වී ඇති ඇමරිකාවක් ගොඩ නැගීමට ඔවුහු අපට උපකාර වූ හ” යයි ප‍්‍රකාස කරමින් 9/11 ප‍්‍රහාරයට ගොදුරු වුවන් වර්නනා කලේ ය.

ඇමරිකාව ශක්තිමත් වී ඇත්තේ කවර මිම්මට අනුව ද? "ඉතිහාස පොත් ලියනු ලබන විට දී” 9/11 උරුමය "වඩා ආරක්ෂිත" සහ "වෙන කවරදාටත් වඩා එකමුතු වූ" රටක් ගැන වනු ඇති බව ඔබාමාගේ කතාවේ සෑම තැනකම සඳහන් කෙරින.

හිස් අතිශයෝක්ති මගින් පමනක් මවාපාන, ඔහුගේ ඇමරිකාව, ගැඹුරු අර්බුදයකින් අලලා ගත්තු, රැකියාවක් සොයාගත නොහැකි දසලක්ෂ සංඛ්‍යාතයන් සිටින සහ ඔහු නියෝජනය කරන මුල්‍ය කතිපයාධිපතියන් හා ජනගහනයේ අති මහත් බහුතරය වන කම්කරු පන්තිය අතර බෙදීම් වෙන කවරදාටත් වඩා පැහැදිලිව පෙනෙන නියම රටට වඩා වෙනස් එකකි.

ඉතිහාස පොත් සම්බන්ධයෙන් ගත් විට ද, ඔවුන්ගේ ප‍්‍රථම කාර්ය වන්නේ දසකයකට පසුවත් අභිරහස සහ වසන් කිරීම තුල සඟවා තිබෙන සැප්තැම්බර් 11 සිද්ධීන් විස්තර කිරීම ය. දෘෂ්‍යමානයේදී, එක්සත් ජනපදය තුල රහස් තොරතුරු අංශය පෙන්නුම් කල වඩාත් විනාසකාරි අසාර්ථකත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද බුද්ධි අංශය, මිලිටරිය හෝ බුෂ් හෝ ක්ලින්ටන් පරිපාලනයේ කිසිවෙකු මෙතෙක් වගකීම බාර ගෙන නැත.

නිල තොරතුරුවලට අනුව එක්සත් ජනපදයට ඇතුල් වූ අල්කයිඩා සාමාජිකයන් 19 දෙනෙකු මාස ගනනක් එහි ගත කල අතර ඔවුන් කරමින් සිටියේ කුමක් දැයි වෙෂින්ටනයේ දැවැන්ත බුද්ධි තොරතුරු අංශ වලට මොනම අවබෝධයකින්වත් තොරව, ඉන් සමහරෙක් ගුවන් නියමුවන් ලෙස පෘතුල පුහුනුවක් ලැබූ හ. මෙම පුද්ගලයින් ගෙන් කිහිප දෙනෙකු බුද්ධි අංශවල නිරීක්ෂන යටතේ සිටීමත් හා බුෂ් පරිපාලනයට අනතුරු ඇඟවීම් ගනනාවක් කර තිබීමත් සමග පරස්පර විරෝධී වන මෙම විස්තරවලට අනුව කෙරෙන් එය බෙහෙවින් ම නොසිදු විය හැක්කකි.

9/11 ප‍්‍රහාරයට ගොදුරු වුවන් "වඩාත් ශක්තිමත්” ඇමරිකාවක් නිර්මානය කිරීමට ජීවිත පරිත්‍යාග කල බවට ඔබාමා කරන සඳහන අසාමාන්‍ය කියමනකි. ජීවිත පරිත්‍යාගය යනුවෙන් ඇඟවෙන්නේ ප‍්‍රහාරයට ගොදුරුවුවන්ගෙන් කොටසක් හෝ වෙනත් කෙනෙක් නිශ්චිත අරමුනුවලින් පෙලඹවීම මගින් සවිඤ්ඤානික කි‍්‍රයාවකි. ජනාධිපතිගේ වචන තෝරා ගැනීම ඔහු අදහස් කලාට වැඩි දෙයක් කියා පායි.

2001 සැප්තැම්බර් 11 උදේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයට හෝ පෙන්ටගනයට වැඩට යමින් සිටි කිසිවෙකු තමන් මැරෙන්න යන බව දන සිටියේ නැත. එමෙන්ම, එකී මරන දශකයක යුද්ධයක් තුල, ඉරාකයේදී මිලියනයක්, ඇෆ්ගනිස්තානයේ දසදහස් ගනනකගේ ජීවිත බිලි ගැනීම හා එක්සත් ජනපද සොල්දාදුවන් 6,600 මියයාම යුක්තිසහගත කිරීමට ඔවුන්ගේ ජීවිත යොදා ගනු ඇතැයි ඔවුන් දැන සිටියේ ද නැත.

එහෙත් එක්සත් ජනපද ආන්ඩුවේ, මිලිටරියේ හා බුද්ධි අංශවල ඉහල නිලධාරීහු මිලිටරයේ වාඩිලා ගැනීම් සඳහා කලින් සකස් කල සැලසුම් කි‍්‍රයාවට දැමීමට කාලය අපතේ නො යැවූ හ.

බලශක්ති ඉන්ධන බහුල පර්සියානු ගල්ෆ් ප‍්‍රදේශය සහ මධ්‍යම ආසියාව මත එක්සත් ජනපදයේ ආධිපත්‍යය තහවුරු කරගැනීම මගින් ඇමරිකානු ධනවාදයේ ආර්ථික බිඳවැටීම සමහන් කර ගැනීම ඉලක්ක කර ගත් ආක‍්‍රමනකාරී යුද්ධ සාධාරනීකරනය කිරීමට ඔවුහු 9/11 ගසාකෑහ.

මෙම යුද්ධයන් කරනු ලැබුවේ අල් කයිඩාව පරාජය කිරීමට යයි නිරන්තරව කෙරෙන ප‍්‍රකාශය කිසිසේත්ම තියුනු පරීක්ෂාවකට භාජනය කෙරුනේ නැත. "ජන නාශක අවි” හා නො පැවති ත‍්‍රස්තවාදී සම්බන්ධකම් ගැන බොරු ගෙතීමෙන් පසුව අල් කයිඩාවේ සතුරෙකු වූ සදාම් හුසේන් තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා එක්සත් ජනපදය එරට ආක‍්‍රමනය කලේ ය. රට තුල අල් කයිඩාව කි‍්‍රයාත්මක නොවීම ගැන එකසත් ජනපද මිලිටරිය සහ බුද්ධි අංශ නිලධාරින් දැන සිටයදී ම ඔබාමා ඇෆ්ගනිස්තානය තුල එක්සත්ජනපද වාඩිලා ගැනීමේ හමුදාවේ ප‍්‍රමානය තෙගුන කලේ ය.

පසුගිය දසකයේ කල හා ඉදිරියේදී කරනු ලබන අපරාධ සාධාරනීකරනය කිරීම සඳහා 9/11 ගැන කෙරෙන යාදින්න පතුරු ගැසී ඇත. බොරු මත පදනම් වූ යුද්ධ හා ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන්ට අතොරක් නැතිව එල්ල කෙරෙන ප‍්‍රහාර සම්බන්ධ අත්දැකීම් හරහා ඇමරිකානු ජනතාව ගමන් කර තිබේ. හැමතැනම පවතිනවායි කියන ත‍්‍රස්තවාදයෙන් ඔවුන්ව ත‍්‍රස්ත කිරීමට දැරෙන නිමක් නැති උත්සාහයන් තිබිය දී ම, ජනතාවගෙන් බහුතරයක් ජීවත් වන්නේ ඇමරිකානු මුල්‍ය හා සංගත පාලකයන්ගේ ආර්ථික හා සමාජීය ත‍්‍රස්තය ගැන බියෙනි.

අද, ඇමරිකානු මිලිටරිවාදයේ ගෝලීය මෙහෙයුම් එල්ල කෙරී ඇත්තේ අල් කයිඩාව නැති කිරීමට යයි කෙරෙන මවා පෑම පැහැදිලිව ම විකාරයකි. ලිබියාවට එරෙහිව පසුගිය වසරේ දියත් කල යුද්ධ හා සිරියාවට එරෙහි වාර්තාමාන උද්ඝෝෂනය යන පාලන තන්ත‍්‍ර මාරු කිරීම සඳහා දියත් කෙරුන යුද්ධ දෙකේදීම, අල් කයිඩාවට සම්බන්ධ බලකායන්ට අරමුදල් සැපයීම, පුහුනු කිරීම හා සන්නද්ධ කිරීම වොෂින්ටනය අධීක්ෂනය කලේ ය. අරාබි ආන්ඩු පෙරලා දැමීමට හා ඉරානයට එරෙහි ලේවැකි යුද්ධයකට මග පැදීම සඳහා එක්සත් ජනපදය මෙම සංවිධාන සමග වැඩ කරමින් සිටි. මෙම අතිධාවනකාරී කි‍්‍රයාවන්හි දී, ඇෆ්ගනිස්තානය තුල පැවති සෝවියට් පක්ෂපාති පාලන තන්ත‍්‍රය පෙරලා දැමීමට නිර්මානය කල අල් කයිඩා හා සීඅයිඒ අතර පැවති සම්බන්ධකම් ප‍්‍රතිනිෂ්පාදනය කිරීම කරා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මුලූමනින් ම යලි එලඹ තිබේ.

ආරක්ෂක ලේකම් පෙනෙට්ටා යුද්ධය හා මිලිටරිවාදය අසීමිතව හුවා දක්වමින් අඟහරුවාදා කල ප‍්‍රකාශයන් ඕනෑම තැනක දී ඕනෑම කෙනෙකුට එරෙහිව කෙරෙන යුද්ධය සාධාරනීකරනය කිරීමේ ඒකායන අරමුනක් ලෙස 9/11 සේවයේ යොදවා ගැනීම, මෙම මාරුව පිලිබිඹු කරයි.

සැප්තැම්බර් 11, "ආපසු හැරී සටන් කිරීමේ හා අපගේ ජීවන ක‍්‍රමය ආරක්ෂා කිරීමේ බලගතු අධිෂ්ඨානයක් උද්දීපනය කල” බව ඔහු ප‍්‍රකාස කලේ ය. යේමනයේ, සෝමාලියාවේ හා උතුරු අපි‍්‍රකාවේ මිලිටරි මෙහෙයුම් දිගටම කරන බවට සපත කල ඔහු "ඔවුන් කොහේ ගියත්, ඔවුන් කොහේ සැඟවුනත්, ඔවුන් කොහේ අනාත රැකවරන ගැනීමට උත්සාහ කලත් අප සතුරන් හඹා යමින් අපි ඔවුන්ට විරුද්ධව සටන් කරන්නෙමු. ඇමරිකාව ආරක්ෂිතයි අපට සහතික වන තුරු අප එය නතර නොකරන්නෙමු” යයි පැවසුවේ ය.

දල වසයෙන්, අවුරුදු හතරකට ඉහතදී ඔබාමා මැතිවරන ය දිනුවේ බුෂ් ආන්ඩුව විසින් කල අපරාධවලට එරෙහි යුද විරෝධී මනෝගතිය හා මහජන පිලිකුලේ රැල්ලක් මතින් ය. නව හා වඩාත් භයානක යුද්ධ මුදා හැරීමට පොරොන්දු වෙන ගමන්, ඔහුගේ පුර්වගාමියාගේ යුද්ධ හා අපරාධ ඇමරිකාව වඩා "ශක්තිමත්” හා වඩාත් "එකමුතු” කලබව ඔහු අද කියයි.

මිලිටරිවාදයට එරෙහිව ගැඹුරට මුල් බැස ගත් ඔවුන්ගේ වෛරය ප‍්‍රකාශයට පත් කිරීමේ කවර හෝ මාධ්‍යයකින් තොරව ඇමරිකානු ජනතාව මැතිවරනයකට මුහුන දෙති. නව මිලිටරි ආක‍්‍රමනයන් පිලිබඳ තර්ජනය සහ අන්තිමේදී, නව යුද්ධයක පැනනැගීම සිදුවන්නේ හුදෙක් ඩිමොක‍්‍රටිකයන්ගේ හා රිපබ්ලිකානුවන්ගේ ප‍්‍රතිගාමී පිලිවෙත් නිසා නොවේ: එය 1930 ගනන්වල මහා අවපාතයෙන් මොබ ලෝක ධනවාදයේ ගැඹුරුතර අර්බුදයේ අනිවාර්ය නිෂ්පාදනයකි.

මෙම තර්ජනයට එරෙහි සාර්ථක අරගලයක් කිරීමට නම් එහි මූලයට එනම් ධනේශ්වර ලාබ පද්ධතියට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම ඉල්ලා සිටියි. සමාජවාදී සමානතා පක්ෂය සහ එහි ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් හා උප ජනාධිපති අපේක්ෂක ෆිලිස් ෂෙරර් සටන් කරනු ලබන ඉදිරිදර්ශනය මෙයයි.

බිල්වෑන් ඕකන්

Share this article: