"ප‍්‍රතිසංස්කෘතියට එරෙහිව විද්‍යාත්මක සමාජවාදය”

ශී‍්‍ර ලංකාවේ සසප පියසීලි විජේගුනසිංහ අනුස්මරන දේශනයක් පැවැත්වීමට යයි

“Counterculture or Scientific Socialism”
Sri Lankan SEP to hold Piyaseeli Wijegunasingha commemorative lecture

25 September 2012

ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි), දිගු කාලීන ට්‍රොට්ස්කිවාදියකු වූ පියසීලි විජේගුනසිංහගේ අභාවයේ සංවත්සරය සමරනු වස් කොලඹ දී දේශනයක් පවත්වනු ඇත. ඇය 67 වන වියේ දී 2010 සැප්තැම්බර් 2 දා අභාවප‍්‍රාප්ත වූවාය.

පියසීලි සමස්ත පරම්පරාවකට ම සාහිත්‍යය අධ්‍යයනය ඉගැන්වීය. විශ්වවිද්‍යාල දේශකයකු ලෙස ඇයගේ වෘත්තීය තුල දී, ඇය සාහිත්‍යය හා සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් මාක්ස්වාදී ප‍්‍රවිෂ්ටයක් විස්තාරනය කලාය. 1982 දී පල වූ ඇයගේ පලමු කෘතිය වන, සාහිත්‍යය භෞතිකවාදී අධ්‍යයනයක් ශී‍්‍ර ලංකාවේ සාහිත්‍ය විචාරය මත ආධිපත්‍යය දැරූ දාර්ශනික විඥානවාදයට හා ආගමික සංකල්පට අභියෝග කලේය. ඇය එම විෂය පිලිබඳ තවත් පොත් ගනනාවක් ලිවීය. ඇයගේ වැඩකටයුතු සසප සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) මාක්ස්වාදය ආරක්ෂා කරනු පිනිස ගෙන ගිය අරගලයේ කොටසක් විය.

ඇය "ප‍්‍රතිසංස්කෘතික චින්තකයන්ගේ” නියෝජිතයකු ලෙස, නිරූපනය කරමින් සාහිත්‍ය විචාරයට පියසීලි කල ප‍්‍රතිපදානයන් විකෘත කල, ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් මෑත දී කල ප‍්‍රකාශ මත, දේශනය මූලික අවධානය යොමු කරනු ඇත. සසප කතිකයා පියසීලිගේ ලේඛන පිලිබඳ මෑත පශ්චාත්-නූතනවාදී විකෘති කිරීම්වලට පිලිතුරු දී ඇයගේ විප්ලවවාදී මාක්ස්වාදී ආස්ථානය පැහැදිලි කරනු ඇත.

මෙම සාකච්ඡාවට සහභාගි වන ලෙස කම්කරුවන්ට, තරුනයන්ට හා බුද්ධිමතුන්ට අපි උනුසුම් ලෙස ආරාධනා කර සිටිමු.

දේශක: සසප දේශපාලන කමිටු සාමාජික පානිනී විජේසිරිවර්ධන

ස්ථානය: ජාතික පුස්තකාල ශ‍්‍රවනාගාරය, නිදහස් මාවත, කොලඹ 07.

දිනය හා වේලාව: සැප්තැම්බර් 30 වන ඉරිදා සවස 3.00

Share this article: