ශී‍්‍ර ලංකාවේ සසප සහ සසජාශි මැයි දින රැලිය

Sri Lankan SEP and ISSE to hold May Day meeting

2013 අපේ‍්‍රල් 24

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සංවිධානය ජාත්‍යන්තර කම්කරු දිනය සමරනු වස් මැයි 1 දා දෙහිවල දී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි. එම රැලිය දකුනු ආසියාවේ හා ලොව පුරා කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡා කරනු ඇත.

1930 ගනන්වලින් මෙපිට ලෝක ධනවාදයේ දැවැන්තම ආර්ථික අර්බුදය, ජාතික එදිරිවාදුකම් හා සතුරුකම් උත්සන්න කරන තතු යටතේ ජාත්‍යන්තර පරිමානව කම්කරු පන්තිය හා පීඩිත මහජනයා වැඩෙන ලෝක යුද තර්ජනයකට මුහුන දී සිටිති. එමෙන්ම, රැකියාවන්ට, ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයක් මගින් ආන්ඩු ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තියේ කර මත පැටවීමේ ප‍්‍රයත්නයක යෙදී සිටිති.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සිය මිලිටරි බලය යොදාගැනීම මගින් තම ඓතිහාසික කඩාවැටීම ආපසු හරවා ගැනීමට උත්සාහ කරන අතර චීනයට එරෙහිව යුද්ධය සූදානම් කරයි. ඔබාමාගේ "ආසියාව දෙසට හැරීම”, වඩා ආක‍්‍රමනශීලී ආස්ථානයක් ගැනීමට ජපානය, දකුනු කොරියාව හා පිලිපීනය වැනි එක්සත් ජනපද සගයන් දිරිගැන්වීම මගින්, කලාපය පුරා ආතතීන් අවුලුවා තිබේ. කොරියානු අර්ධද්වීපයේ පටන් සාගර ප‍්‍රදේශ පිලිබඳ මතභේද දක්වා වන ජ්වලන ස්ථාන ගනනාවකින් ඕනෑම එකක් යුද්ධය කරා තල්ලු වී යාමේ අන්තරාය දරයි.

දකුනු ආසියාව එක්සත් ජනපද කූටෝපායන්ගේ වාසුලිය තුලට ඇද ගැනෙමින් පවතී. චීනයට එරෙහි ප‍්‍රතිභාරයක් ලෙස තමන් යොදාගැනීම වොෂිංටනයේ අභිප‍්‍රාය බව දැනගෙනම, ඉන්දියාව එක්සත් ජනපදය සමග මූලෝපායික හවුලක් ඇති කරගෙන තිබේ. ඩ්‍රෝන් ප‍්‍රහාර මගින් සිවිල් වැසියන් ඝාතනය වර්ධනය කරමින්, ඔබාමා, ඇෆ්ඝනිස්ථානය තුල එක්සත් ජනපද නායකත්වයෙන් ගෙනයන යුද්ධය දැන් පකිස්ථානය තුලට ද පුලුල් කර ඇත. ශී‍්‍ර ලංකා ආන්ඩුව, තම යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලන ලෙස එක්සත් ජනපදයෙන් එල්ල වන තර්ජන වලකාගැනීමේ මංමුලා සහගත ප‍්‍රයත්නයක යෙදී සිටී. එම තර්ජනයන්ගේ එල්ලය බෙයිජිං වෙතින් ඈත් වන ලෙස ශී‍්‍ර ලංකා ආන්ඩුවට බල කිරීමයි.

යුද්ධය, සමාජ ප‍්‍රතිවිප්ලවය, සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව උත්සන්න කෙරෙන ප‍්‍රහාර වලක්වා ගතහැකි එකම මාවත ධනවාදය අහෝසි කොට සමාජවාදය ගොඩනැගීම සඳහා වූ ජාත්‍යන්තරව ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමයි. මෙම විප්ලවවාදී ඉදිරිදර්ශනය සඳහා සටන් වදින්නේ සසප සහ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ එහි සහෝදර පක්ෂ පමනි. අපගේ රැස්වීමට එක්වෙමින් එම සාකච්ඡාවට සහභාගි වන ලෙස කම්කරුවන්ට, තරුනයන්ට හා බුද්ධිමතුන්ට අපි උනුසුම් ලෙස ඇරැයුම් කරමු.

දිනය සහ වේලාව: මැයි 1 වන බදාදා සවස 3ට

ස්ථානය: දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාව

ප‍්‍රධාන කථිකයා: සසප ප‍්‍රධාන ලේකම් විජේ ඩයස්

Share this article: