ඇමරිකාවේ මරනාසන්න හමුදා නිලධාරියා "නීතිවිරෝධී" ඉරාක යුද්ධය හෙලා දකී

Dying US army veteran denounces “illegal” Iraq War

ඬේවිඞ් වොල්ෂ් විසිනි, 2013 මාර්තු 22

මේ වන විට මිසූරි ප‍්‍රාන්තයේ කැන්සාස් ප‍්‍රදේශයේ පිහිටි තම නිවසේ මරනාසන්න ව ප‍්‍රතිකාර ලබමින් සිටින ඉරාක යුද්ධයට සහභාගී වූ හමුදා නිලධාරීයකු වන තෝමස් යන්ග් හිටපු ඇමෙරිකානු ජනපති ජෝජ් ඩබ්ලිව්. බුෂ් හා උප ජනාධිපති ඩික් චෙනි වෙත අප‍්‍රසාදය පල කරන සිය ‘‘අවසන් ලිපිය’’ ලියා Truthdig.com (ටෘත්ඩිග්ඩොට්කොම්) මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

තමන් මේ ලිපිය ලියන්නේ ඉරාක යුද්ධයේ 10 වන සංවත්සරයේ දී, එම යුද්ධයට තමන් සමග සහභාගී වූ සිය සගයන් වෙනුවෙන් බව, බොඩි ඔෆ් ද වෝ නමින් 2007 වසරේ දී විකාශනය කෙරුනු වාර්තා චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපෑ යන්ග් පැහැදිලි කලේ ය. ”මා මේ ලිපිය ලියන්නේ ඉරාකයේ දී මියගිය 4,488ක් වූ සෙබ`ලුන් හා නාවික භටයන් වෙනුවෙනි. ශාරීරික ව හා කායික ව ආබාධවලට ලක් වී තම ජීවිත විනාශ වූ දස දහස් සංඛ්‍යාත සෙබලුන් වෙනුවෙනි. මම රුදුරු ලෙස ආබාධයට ලක් වූවන් අතුරින් කෙනෙකි. මම 2004 සැන්ඩ‍්‍රා නගරයේ දී සැඟවී සිට එල්ල කෙරුනු ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට ලක් ව අංශභාගයට ගොදුරු වූයෙමි.”

යන්ග් තවදුරටත් මෙසේ පවසයි: ”මා මෙය ලියන්නේ ඉරාකයේදී තමන්ම සාක්ෂි දරන හා ඉවසා සිටි දේ සම්බන්ධව කම්පනයෙන් සහ ආත්ම පිලිකුලෙන් පසුවන හිටපු හමුදා නිලධාරින් වෙනුවෙන් හා දිනකට එක් අයෙකු බැගින් සියදිවි නසා ගැනීමට යොමු වන ක‍්‍රියාන්විතයේ නිරත සෙබ`ඵන් හා නාවිකයන් වෙනුවෙනි. මා මෙය ලියන්නේ මිලියනයක් පමන වූ මියගිය ඉරාක ජාතිකයන් හා ගනනය කල නො හැකි තරම් වූ ආබාධිත ඉරාක ජාතිකයන් වෙනුවෙනි. මා ලියන්නේ අප සියලු දෙනා වෙනුවෙනි - ඔබගේ යුද්ධය විසින් ඉවත දැමුනු මිනිස් සුන්බුන් හා තම ජීවිත කාලය ම වේදනාවෙන් හා දුකින් ගෙවන සියලුදෙනා වෙනුවෙනි.”

බොඩි ඔෆ් වෝ 2007 තෝමස් යන්ග් ග‍්‍රවුන්ඞ් සීරෝ දැක බලා ගනියි [Credit: Ellen Spiro / Mobilus Media]

"ඔබගේ මුසාවාද, උපාමාරු, ධනයට හා බලයට ඇති පිපාසාවේ භයංකර මානුෂික හා සදාචාරාත්මක ප‍්‍රතිවිපාක ඔබ වටහාගෙන ඇතැ යි මා සිතන නිසා නොවේ. මා ද හමුදා සේවයේ නිරත ව සිටි දස දහස් ගනනක් වූ මාගේ සගයන් හා හිතවත් පුරවැසියන් මෙන් ම ඉරාකයේ හා මැද පෙරදිග සිටින තවත් මිලියන ගනනක් දෙනා ඔබ කවරෙක් ද කලේ කුමක් ද යන්න වටහාගෙන සිටින බව මගේ මරනයට පෙර පැහැදිලි කිරීමට මට අවශ්‍ය නිසා ය.”යි බුෂ් හා චෙනි අමතමින් යන්ග් ලියුවේ ය. ෆිල් ඩොනහෝ හා එලන් ස්පිරෝ සම අධ්‍යක්ෂනය කල බොඩි ඔෆ් වෝ චිත‍්‍රපටය යන්ග්ගේ අතිශය භයානක සෞඛ්‍ය තත්වය හා ඔහු තුල ඉරාක යුද්ධය පිලිබ`දව ඇති වෛරය පිලිබ`ද කථාව ප‍්‍රති නිර්මානය කරයි. ඔහු තම මෑත ලිපියේ දී ස`දහන් කරන පරිදි "අපේ රට ප‍්‍රහාරයට ලක් වී තිබුන” නිසා යන්ග් 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් අනතුරුව එක්සත් ජනපද හමුදාවට බැඳුනේය.

බොඩි ඔෆ් වෝ (2007): ඉරාක යුද්ධයේ දී තම දරුවන් අහිමි වූ ගෝල්ඩ් ස්ටාර් සංවිධානයේ මව්වරු වොෂින්ටන් ඞීසී හි සාම පාගමනේ දී තෝමස් යන්ග් ස්පර්ෂ කරති [Credit: Ellen Spiro / Mobilus Media]

ඉරාකයට ගොඩබැස දින පහක් ගතවූ තැන, බැග්ඩෑඞ් හි සදර් සිටි නගරයේ හම්වී සන්නද්ධ රථයක ගමන් ගනිමින් සිටිය දී යන්ග් ඉහල තැනක සිට එල්ල කල ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට ලක් විය. උන්ඩය යන්ග්ගේ පිටකොන්ද විනිවිද ගියේ ය. බොඩි ඔෆ් වෝ නිපදවන කාලයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා කල පරිදි "ඔහු හුදෙක් රෝද පුටුවකට සීමා වූවා පමනක් නො ව, ඔහුගේ ජීවිත කාලයට ම බලපාන කැස්ස පිට කිරීමේ නො හැකියාව, ශරීර උෂ්නත්ව යාමනයේ ගැටලූ මානසික ව්‍යාකූලත්වය, මුත‍්‍රා ප‍්‍රදේශය ආශ‍්‍රිත ආසාදනවලින් හා ලිංගික අඩපනවීම වැනි දෙයින් ද පීඩා වින්දේ ය.

0

2008 දී ඇනොක්සියා රෝගයෙන් මොලයට හානි සිදුවීමෙන් අනතුරු ව "මගේ සිරුරේ ඉහල කොටසේ බොහෝ හැකියාවන් හා ශක්තිය මට අහිමි වුනා. ඒ නිසා මට ම වෙඩි තබා ගැනීමට හෝ වැඩි මාත‍්‍රාවකින් බෙහෙත් ලබා ගැනීමට බෙහෙත් බෝතලය ඇරගන්නවත් බැහැ” යි දැන් වයස 33 ක් වන යන්ග් ටෘත්ඩිග් හි කි‍්‍රස් හොජ්ට පැහැදිලි කලේ ය. ”මගේ ජීවිතයේ අවසානය ලඟා වී ඇති බව මට දැනුනා ........ තවදුරටත් ගිලන් ඇඳ මත හිඳිමින් නොකා නොබී මැරී යාමට මම තීරනය කලා.”

ඩොනාහෝ-ස්පිරෝගේ වාර්තා චිත‍්‍රපටය, සෙසු ආබාධිත සෙබලූන් හා ඉරාක යුද්ධයේ දී මියගිය සෙබලූන්ගේ පවුල්වල සාමාජිකයන් ද සමග යන්ග් යුද විරෝධී උද්ඝෝෂනවලට සහභාගි වීම ද ඇතුලූ සිත් කම්පා කරවන සිදුවීම් ගනනාවක් අඩංගු කරගනී. 2005 අගෝස්තුවේ දී යන්ග් තම බිරිඳ සමග කැසී කඳවුරට ගියේ ය. ඒ ජෝර්ජ් බුෂ්ගේ ටෙක්සාස්හී ක්‍රෝෆර්ඞ් ගොවිපල ඉදිරිපිට කූඩාරම් ගසාගෙන විරෝධය පෑමේ යෙදී සිටි සින්ඩි ෂිහාන් මුනගැසීමට ය.

අවාසනාවන්ත ලෙස චිත‍්‍රපටය නිර්මානය කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරුන්ගේ චේතනාව අව්‍යාජ නැත. බොඩි ඔෆ් වෝ චිත‍්‍රපටය ඩිමොක‍්‍රටික් පක්ෂය හා එහි යුද විරෝධී මවා පෑම් වෙනුවෙන් කල නින්දිත හුවා දැක්වීමක් ලෙස අවසන් වෙයි. චිත‍්‍රපටයේ වීරයා වන්නේ හිටපු සෙනට් සභිකයෙකි. එහි අවසන් ජවනිකාවේ ප‍්‍රමුඛ චරිතය වන්නේ බටහිර වර්ජිනියාවේ ඩිමොක‍්‍රටිකයෙකු වන රොබට් බ‍්‍රයඞ් ය.

උත්ප‍්‍රාසාත්මක ව, හිටපු රූපවාහිනී වැඩසටහන්කරු ඩොනල්ඞ්හෝ වැනි අය ඇතුලත් කරගත් නිල යුද විරෝධී ව්‍යාපාරය බොඞී ඔෆ් වෝ චිත‍්‍රපටය නිර්මානය හා මුදාහැරීම සිදු වන අවස්ථාවේ දී එය දියාරු කිරීමේ සංතතිය තුල වූයේය. 2006 නොවැම්බරයේ ඩිමොක්‍රොටිකයන්ගේ මැතිවරන ජයග‍්‍රහනයෙන් ක්ෂනික ඉක්බිත්තෙහි, බුෂ්ට එරෙහි දෝශාභියෝග ගෙන නොඑන බවටත්, ඉරාක සහ ඇෆ්ගන් යුද්ධ සදහා මුදල් වෙන් කිරීම නතර නොකරන බවටත් එම පක්ෂයේ නායකයන් විසින් සහතික කිරීම අනුයමින් මෙම ක‍්‍රියාවලිය බරපතල ලෙස ඇරඹූයේ ය. බැරක් ඔබාමා බලයට පැමිනීම එය සම්පූර්න කලේ ය.

"ඉරාක යුද්ධය ඇමෙරිකානු ඉතිහාසයේ විශාලත ම මූලෝපායික නොමග යෑම" ය යන දැක්ම සමග යන්ග් එකඟ වෙයි. "9/11 ප‍්‍රහාරය දියත් කල බලවේගයන්ට එරෙහි ව ඇෆ්ගන්ස්ථානයේ දී සටන් වැද" ආබාධයට ලක් වූයේ නම් මෙබඳු අපේක්ෂා භංගත්වයක් තමන්ට නො දැනෙනු ඇතැයි ඔහු අවධාරනය කරයි.

විය යුතු පරිදි ම, ලේ වැකි අධිරාජ්‍යවාදී පක්ෂයක් වන ඩිමොක‍්‍රටික් පක්ෂයේ මෙබඳු අත්‍යන්තයෙන් අවංක හා සත්‍යවාදී වචන ප‍්‍රකාශකල කිසිවෙකුත් නැත: "ඉරාකය ‘නිදහස්’ කර ගැනීමට හෝ මිත්‍යාවක වූ ජනඝාතක අවි විනාශ කිරීමට හෝ ඔබ නරුම ලෙස පවසන පරිදි බැග්ඩෑඩයේ හා මැදපෙරදිග ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට මම හමුදාවට බැදුනේ නැත. ඉරාකයේ තෙල් ආදායමෙන් ඉරාකය යලි ගොඩනැගිය හැකි බව එවකදී ඔබ අපට පැවසූ අතර, එරට ගොඩනැගීම සඳහා හමුදාවට බැඳීමට මට උවමනා වූයේ නැත. ඊට විපරීතව, යුද්ධය සඳහා එක්සත් ජනපදයට ඩොලර් ටි‍්‍රලියන 3ක් පමන වියදම් වී ඇත. විශේෂයෙන්ම මා පූර්ව භංග යුද්ධයක් සඳහා හමුදාවට බැඳුනේ නැත. පූර්ව භංග යුද්ධය ජාත්‍යාන්තර නීතියට අනුව අනීතික ය. ඉරාකයේ සිටි සොල්දාදුවෙකු වශයෙන් මම ඔබේ මුග්ධත්වයට හා අපරාධයන්ට අනුබල දී ඇති බව දැන් දනිමි.’

තම සිරුර "වේදනා නාශකවලින් පිරී දුබල වෙමින් තිබෙන" බව යන්ග් පැවසීය. "කුඩා ලමුන් මෙන් ම මම ද ඇතුලූ ලක්ෂ ගනන් මිනිසුන්ල තෙල් සමාගම්වල පෙරේතකම, සෞදි අරාබියේ තෙල් සමාගම් සමග ඔබට ඇති ගිවිසුම් හා ඔබගේ සිහිවිකල් අධිරාජ්‍යවාදී දර්ශනය වෙනුවෙන් ඔබ විසින් බිල්ලට දී ඇත" යි යන්ග් විස්තර කලේ ය.

ඔහුගේ ලිපිය අවසානයේ දී "අනෙකුත් බොහෝ ආබාධිත හිටපු හමුදා නිලධාරීන් මෙන් ම මම ද හිටපු හමුදා නිලධාරීන් විසින් කලමනාකරනය කරන ලද අදක්ෂ හා නො සෑහෙන උපස්ථානයන් නිසා දුක් වින්දෙමි. අනෙකුත් බොහෝ ආබාධිත හිටපු හමුදා නිලධාරීන් මෙන් ම මම ද අපගේ මානසික හා කායික පීඩාවන් ඔබගේ හෝ අන් කිසිදු දේශපාලඥයකුගේ අවධානයට ලක් වී නොමැති බව තේරුම් ගතිමි. අප මූනිස්සම් කර ගෙන තිබේ. අප පාවා දී තිබේ. අප අත්හැර දමා තිබේ. දෙවියන් ඉදිරියේ පාපෝච්චාරනය කිරීමේ මගේ දිනය දැන් උදා වී ඇත. ඔබේ දිනය ද පැමිනෙනු ඇත. ඔබ නඩු විභාගයකට ඉදිරිපත් කෙරෙනු ඇතැ යිි මම බලාපොරොත්තු වෙමි" යනුවෙන් ලිවීය.

යන්ග්ගේ ලිපිය තුල අඩංගු දෑ පෘථිවි ගෝලය පුරා ඇමෙරිකානු අධිරාජ්‍යවාදී ආධිපත්‍යය පැතිරවීම සඳහා ලක්ෂ ගනනක් - සමහරවිට මිලියන ගනනක් - ජීවිත නාස්ති කල හා විනාශ කල ඉරාක හා ඇෆ්ගන් යුද්ධ මගින් ඇතිකල භයානක ඛේදවාචකය අමතයි. ඇමෙරිකානු ප‍්‍රභූ පැලැන්තියේ පාපොච්චාරනය කිරීමේ දිනය ද සැබවින් ම එලඹෙනු ඇත.

Share this article: