ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ සෙනේට් සභා අපේක්ෂකයා ශ්‍රී ලංකාවේ හා නවසීලන්තයේ ප්‍රසිද්ධ රැස්වීම් අමතයි

එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම”: සමාජවාදය, යුද්ධය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය

Australian SEP Senate candidates to address public meetings in Sri Lanka and New Zealand The US “pivot” to Asia: Socialism, War and the International Working Class

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 අගෝස්තු 06

සැප්තැම්බර් 07 පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියානු මහ මැතිවරනයට ඉදිරිපත්වී සිටින සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයින්, මේ මාසයේදී ශ්‍රී ලංකාවේ හා නවසීලන්තයේ ප්‍රසිද්ධ රැස්වීම් අමතනු ඇත. චීනයට එරෙහි එක්සත් ජනපදය මූලිකත්වය ගන්නා යුද්ධයක වැඩෙන අන්තරායට එරෙහිව, ආසියා-ශාන්තිකර කලාපයේ මෙන්ම ජාත්‍යන්තරව ද කම්කරු පන්තිය හා තරුනයින් ඒකාබද්ධ දේශපාලන ව්‍යාපාරයක් තුල බලමුලු ගැන්වීම යන සසප මැතිවරන උද්ඝෝෂනයේ මූලික තේමාව රැස්වීම් තුල මතු කරනු ඇත.

1930 ගනන් වලින් මෙපිට ඇතිවූ අසාධ්‍යම ගෝලීය අර්බුදය මධ්‍යයේ ඔබාමා පාලනය, තම එදිරිවාදීන්ට විරුද්ධව මිලිටරි බලය යොදාගැනීම මගින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඓතිහාසික අර්බුදය මඟහැර ගැනීමට උත්සාහ දරයි. අදූරදර්ශී රාජ්‍යතාන්ත්‍රික ප්‍රකෝපකරනයන් ද ඉන්දියානු-ශාන්තිකර කලාපය පුරා එක්සත් ජනපද මිලිටරි බලය තරකිරීම ද දැනටමත් ඔබාමාගේ “ආසියාවට හැරීම” තුල ක්‍රියාත්මක කෙරේ. මෙය තුලින් කොරියානු අර්ධද්වීපය වැනි අන්තරායකාරී පිපිරුම් ලක්ෂයන් බිහි කරන අතර ආතතීන් උත්සන්න කෙරේ. ශ්‍රී ලංකාව හා නවසීලන්තය ද ඇතුලු කලාපයේ සෑම රටක්ම විවෘත යුද්ධයක් තුලට වේගයෙන් ඇදී යා හැකි භූ දේශපාලනික එදිරිවාදිකමේ සුලිය තුලට ඇද ගනිමින් තිබේ.

2013 ඕස්ට්‍රේලියානු මහ මැතිවරන ව්‍යාපාරයට මැදිහත්වීම තුලින් සසප, මෙම වැඩි දියුනු යුද සූදානම වටකරගත් නිහඬතාවයේ කුමන්ත්‍රනය බිඳීම සඳහා සටන් වදියි. ඕස්ට්‍රේලියාවේදී ලේබර් ආන්ඩුව, ඔබාමාගේ හැරීම සමඟ කොන්දේසි විරහිතව පෙලගැසෙමින්, ඩාවින්හි එක්සත් ජනපද මැරීන් කාර්ය සාධක බලකාය ස්ථානගත කිරීම ද ඇතුලු ඕස්ට්‍රේලියානු මිලිටරි කඳවුරු, ඇමරිකානු සේනාංකයන්ගේ ප්‍රයෝජනය සඳහා වේගයෙන් පුලුල් කරමින් සිටියි. මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පයින් ගැප් වැනි ඔත්තු බලන කඳවුරු, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ සිදු කරන ඩ්‍රෝන් ඝාතන සඳහා දැනටමත් ඔබාමා පාලනය විසින් ප්‍රයෝජනයට ගනිමින් සිටියි.

යුද්ධයේ මූලාශ්‍රය වන ධනවාදය හා එහි ප්‍රතිගාමී ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කිරීමේ සටනක් තුලින්, මිලිටරිවාදී ම්ලේච්ඡත්වයේ නව අවධියක් තුලට (මානව වර්ගයා) ඇද වැටීම වැලැක්වීමට සමත් එකම සමාජ බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව ඕස්ට්‍රේලියාවේ සසප, ශ්‍රී ලංකාවේ හා ලෝකය වටා ඇති එහි සහෝදර පක්ෂ සමඟ එක්ව අවධාරනය කරයි. ශ්‍රී ලංකාවේ හා නවසීලන්තයේ රැස්වීම් තුලදී සසප අපේක්ෂකයෝ, කම්කරු පන්තිය විසින් ගොඩනැඟිය යුතු නව යුද විරෝධී ව්‍යාපාරයක සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සාකච්ඡා කරනු ඇත. රැස්වීම් වලට සහභාගී වන ලෙස අපි කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකාව

1) කොලඹ, ග්‍රීන් පාත්හි නව නගර ශාලාව

අගෝස්තු 15වන බ්‍රහස්පතින්දා සවස 4.30

2) ගාල්ල ක්‍රීඩා සංකීර්නයේ (පැවිලියන්) උඩු මහල

අගෝස්තු 17වන සෙනසුරාදා සවස 3.00

නවසීලන්තය

වෙලිංටන්, සෙන්ට් ජෝන්ස් ඉන් ද සිටි, සම්මන්ත‍්‍රන ශාලාව, මැකෙන්සි කුටිය.

අගෝස්තු 24 වන සෙනසුරාදා සවස 1.30

Share this article: