එක්සත් ජනපදය යේමනයට එරෙහිව තව තවත් ප්‍රහාර එල්ල කරමින්, ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් පකිස්ථානය තෙක් විහිදුවයි

US launches more strikes against Yemen, expands terror alert to Pakistan

තෝමස් ගයිස්ට් විසින්, 2013 අගෝස්තු 10

යේමනයේ මිලිටරි තොරතුරුවලට අනුව පසුගිය දෙසතියේ එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාර වලින් අඩුම තරමින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇත. ජූලි 27දා සිට වැඩි වර්ධනය කල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් පසුව දිනපතාම එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාර යේමනයේ ඉලක්ක වෙත එල්ල කරනු ලැබේ.

ගෝලීය භූ මූලෝපායික කලාපයන්ගේ එක්සත් ජනපද පාලනයට හරස්ව පිහිටන කුමන හෝ රටකට කෙරෙන අනතුරු ඇඟවීමක් ලෙස, එක්සත් ජනපද මිලිටිරි බලයේ විනාශකාරී ශක්තිය ප්‍රදර්ශනය කිරීම, ඩ්‍රෝන් මිසයිල් වරුසාවේ මූලික අරමුනයි.

පසුගිය 07දා සිට එක්සත් ජනපද ඩ්‍රෝන් යොදාගෙන අඩු තරමින් ප්‍රහාර තුනක් එල්ල කොට තිබේ. 08දා වාඩි උබයිඩාහිදී එක් ප්‍රහාරයකින් ත්‍රස්තවාදීන් ලෙස නම්කල 06 දෙනෙක් මිය ගියේය. හඩ්රමාව්ට් පලාතේදී එල්ල වූ දෙවන ප්‍රහාරයෙන් එවැනිම පුද්ගලයින් තිදෙනෙක් ද එම පලාතේදීම එල්ල කල තුන්වන ප්‍රහාරයෙන් තවත් තිදෙනෙක් ද මරා දැමුනි. නිලධාරීන් පවසන පරිදි ප්‍රහාර තුනම එල්ල කර ඇත්තේ, අන්තවාදී සටන්කරුවන් ප්‍රවාහනය කල වාහන වලටය.

යේමන් නිලධාරීහු 09දා කියා සිටි පරදි අඩුම තරමින් මියගිය දෙදෙනෙක්වත් සිවිල් වැසියන්ය. ගාඩියන් පුවත්පතට අනුව, ඩ්‍රෝන් ප්‍රහාරයන්ට ගොදුරුවූවන්ගේ මල සිරුරු හඳුනාගැනීමට පවා නොහැකිවන අයුරින් විකෘතිවී තිබීම නිසා නිශ්චිතව හඳුනාගැනීම බෙහෙවින් දුෂ්කරවී ඇත. යේමනයේ මාරෙබ්හි වගතුග හෙලි නොකල ආරක්ෂක නිලධාරියෙකු පැවසුවේ, “මාරෙබ්හි සැකකටයුතු අල් කයිඩාවරුන්ට ඩ්‍රෝන් යොදාගෙන පහර දීමේදී සිවිල් වැසියන් මිය යාම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. පහරදීමෙන් මියගිය අයගේ නම් හෙලිකිරීම කලාතුරකින් සිදුවන්නේ එබැවින්ය ”

යේමන් අගනුවර වන සානාහි මුලුමනින්ම පාහේ පවතින්නේ රාජ්‍ය ගල ග්‍රහනයකි. විදේශ තානාපති කාර්යාල, ගුවන් තොටුපල හා ආනකුත් රාජ්‍ය ආයතන සන්නද්ධ රථ හා සෙබලුන් විසින් වටකරගෙන ඇත. සානාහි නිවැසියන් කියන බවට මාධ්‍යවල පලවන වාර්තා වලට අනුව අමුතු තාලයේ “බ්ස්” යන හඬින් පියාසර කරන ඩ්‍රෝන් යානාවල හඬ දවස පුරා අසන්නට ලැබේ.

යේමනයේ ඩ්‍රෝන් මෙහෙයුම් සිදුකරනු ලබන්නේ සීඅයිඒ හා විශේෂ මෙහෙයුම් ඒකාබද්ධ අනදෙන මධ්‍යස්ථානය විසිනි. 2012 වසරේදී පමනක් එක්සත් ජනපදය යේමනයේ ඉලක්ක වලට නිල වශයෙන් ප්‍රහාර 54ක් එල්ල කර ඇති අතර මේ හැම මෙහෛයුමක්ම ක්‍රියාත්මක වන්නේ ජිබුටි හා සව්දි අරාබියාවේ සිටයි. රට තුල යේමන් නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් එක්සත් ජනපදය මෙහෛයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර එහිදී පහරදිය හැකි ඉලක්ක අගැයීමට ලක් කර තෝරාගනු ලැබේ. එක්සත් ජනපදයේ ඩ්‍රෝන් වැඩසටහන්වල ස්වභාවය හා ඒවා පවත්වාගෙන යෑම පිලිබඳව කථාකිරීම පවා එක්සත් ජනපද නිලධාරීහු එක දිගට ප්‍රතික්ෂේප කරති.

යේමන් ජනාධිපති අබ්ඩෝ හාඩි, එක්සත් ජනපදයේ ජනාධිපති ඔබාමා, ආරක්ෂක ලේකම් චක් හේගල් හා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවීමෙන් පසුව මේ සතියේ එක්සත් ජනපදයේ සිට ආපසු පැමිනියේය. යේමනය තුල එක්සත් ජනපදයේ ඩ්‍රෝන් ප්‍රහාරයන්ට ප්‍රසිද්ධියේ සිය සහාය පල කල හාඩි, ඔබාමාගේ ප්‍රසංශාට ලක් විය. “නියමිත කාර්ය ඉටුකරන, ජනතා අපේක්ෂාවන් ඉටුකරන පූර්න ප්‍රජාතන්ත්‍ර ආන්ඩුවක් දෙසට” එරට මෙහෙයවීම පිලිබඳවය ඒ තුතිය ඔහු වෙත පලවූයේ.

ජනතාවට නැවත නැවතත් කියා පාන පරිදි, යේමනයේ මෙහෙයුම් අවශ්‍යව ඇත්තේ, අරාබි උප මහාද්වීපයෙන් අල් කයිඩාව අතුගා දැමීමටය. ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම ජේ කානි 09දා මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය. “ජාතික ආරක්ෂක කන්ඬායම, විශේෂයෙන්ම AQAP සංවිධානය, අල් කයිඩාවට අනුබද්ධ වඩාත්ම ක්‍රියාශීලී කන්ඬායම වන අතර එක්සත් ජනපදයට බරපතලම විභව අනතුර බවට පත්ව ඇති බව හඳුනාගෙන තිබේ”

අබාඩ් පරියේෂන මධ්‍යස්ථානයේ අබ්දුල් සලාම් මොහමඩ්‍ට අනුව, යේමනය අභ්‍යන්තරයේ එක්සත් ජනපද මෙහෙයුම් වැඩිවීමට තල්ලුව සැපයෙන්නේ, දේශපාලන ගනන් බැලීම් වලට අනුකූලවය. අරාබි උප මහාද්වීපයේ අල් කයිඩාවට විරුද්ධව සටන් කිරීම යනු හුදු කඩතුරාවක් පමනි. “අද දවසේ අල් කයිඩාව ඊයේ පැවති බලගතු ජාලයම නො වේ. ඔවුන් බෙහෝ දුරකට දුබලවී ඇත.”යනුවෙන් මොහමඩ් පැවසීය.

නිසැකවම යේමනය තුල මෙහෙයුම් වල අරමුන, එම රටෙහි මෙන්ම කලාපය පුරාත් එක්සත් ජනපද පාලනය විස්තාරනය කිරීම ය.

සැප්තැම්බර් 11 සිදුවීම් වලින් පසුව, අල් කයිඩාවට හා රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, එක්සත් ජනපදයේ පාලක පැලැන්තිය තම යුද සැලසුම් යුක්තිසහගත කිරීමට දරන උත්සාහයේදී හොඳම දෘෂ්ටිමය කඩතුරාව බවට පත්කරගෙන තිබේ. කෙසේ වුව ද සාමයට ඇති සැබෑ තර්ජනය එල්ල වන්නේ, පක්ෂ දෙකේම පූර්න සහාය ලැබෙන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අසීමිත මිලිටරිවාදී අරමුනු වලිනි.

කැලිෆෝනියාවේ රිපබ්ලිකානු නියෝජිත ඩානා රෝරාබාචර් සී-ස්‍පෑන් නාලිකව සමඟ පැවති හමුවකදී මෙසේ පැවසුවාය. “ඩ්‍රෝන් ප්‍රහාර සම්බන්ධයෙන් මට කිසිදු ගැටලුවක් ඇත්තේ නැත. ත්‍රස්තවාදීන් හඳුනාගෙන මරාදැමීම පිනිස ඩ්‍රෝන් යොදාගැනීමේදී ආන්ඩුව කරන්නේ නරක වැඩක් යයි මම නොසිතමි.”

“අවශේෂ ලෝකය එය වටහාගත යුතුය. එසේ නොවන්නේ නම් ඔවුන් අපේ සතුරන්ය.”

සීබීඑස් සන්ධ්‍යා විකාශනයේ ඇතුලත්ව තිබූ “එක්සත් ජනපදය යේමනයේ ඩ්‍රෝන් ප්‍රහාර සමග මානසික පනිවිඩයක් යවයි” යන්න සැලකිය යුතුය. ආරක්ෂක වාර්තාකාර බොබ් ඕර් වැඩසටහන තුලදී මෙසේ පැවසීය. “එක්සත් ජනපදය හොඳටම පැහැදිලි මානසික පනිවිඩයක් යවයි. එනම්, ඩ්‍රෝන් යානා සැරිසරමින් ඇත. ඒවා ඉලක්ක තොරා ගැනීමට ඔත්තු බලයි.”

“මානසික පනිවිඩය” යැවෙන්නේ අල්කයිඩාවට බව ‍ඕර්ගේ තර්කය වුවත්, සැබවින්ම එයින් අරමුනු කෙරෙන්නේ ඇමරිකාවේ මූලෝපායික එදිරිවාදීන්ය. යේමනය තුල ඩ්‍රෝන් ප්‍රහාර පැතිර යද්දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, සිය මධ්‍යස්ථාන වලට ත්‍රස්තවාදී තර්ජන එල්ලවී ඇති බව පවසමින්, පකිස්ථානයේ ලාහෝර්හි පිහිටි තම තානාපති කාර්යාලය වසා දමා එහි “අත්‍යවශ්‍ය නොවන කාර්ය මන්ඬලය” ඉස්ලමාබාදයට පිටත්කර හැරියේය. එසේම ආන්ඩුව පකිස්ථානයේ සංචාරය නො කරන ලෙස සිය පුරවැසියන් වෙත සංචාර අනතුරුදායක බවට උපදෙස් සහිත නිවේදනයක් නිකුත් කලේය.

අනතුරු ඇඟවීම නිකුත්වූයේ, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය, යේමනයේ තානාපති පරිශ්‍රයන්හි සේවකයින් ඉවත් කිරීමට කටයුතු කිරීමත්, මැද පෙරදිග හා අප්‍රිකාවේ තානාපති මධ්‍යස්ථාන වසාදැමීමට එක්සත් ජනපදය පියවර ගැනීමත් සමග ය.

පකිස්ථාන ආන්ඩුව පැවසුවේ ඉස්ලමාබාදය පුරා ඉලක්ක වලට එරෙහිව ප්‍රහාර සූදානම්ව ඇති බවය. ආන්ඩුව නගරය දැඩි පරීක්ෂාව යටතේ තබා ඇත.

09දා මාධ්‍ය සමුලුවේදී කානි, ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් යුක්තිසහගත කිරීමට නොපැහැදිලි හා බහුභූත කරුනු ගෙනහැර දැක්වීය. “මම හුදෙක්ම පවසන්නේ මා කලින් කියා ඇති දේමය. එනම්, විදේශයන්හි විවිධාකාර රටවල සේවයේ නියුතු අපගේ සෙවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම පිනිස ප්‍ර‍වේසම ගැන පමනක් නොව, ක්‍රියාත්මක පියවර ගැනීමට මෙහෙයවූ සෑහෙන තරම් විශ්වාසදායක, සෑහෙන තරම් නිශ්චිත තොරතුරු අප වෙත ලැබී තිබෙන බවයි.”

මැද පෙරදිග එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් උත්සන්න කිරීමට සම්පාත වෙමින් විවිධ තානාපති අංශ වසාදැමීමට තුඩු දුන් ගෝලීය ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් කුමන හෝ සාක්ෂි ඉදිරිපත් කිරීම මත පාදකව තවමත් සනාථ කල යුතුව තිබේ.

ත්‍රස්තවාදී අනතුරු ඇඟවීම් මතුවී ආවේ, එක්සත් ජනපදයේ ලෝක පරිමාන ඔත්තු බැලීම් හා මිලිටරිවාදය කෙරෙහි පලවන වැඩෙන මහජන විරුද්ධත්වය මධ්‍යයේය. එක්සත් ජනපද පාලක පන්තිය ඇමරිකානු ධනවාදයේ අර්බුදය විදේශයන්හි දී යුද්ධයෙන් ද දේශීයව මර්දනයෙන් ද ජයගැනීමට දරන උත්සාහය කැටිකරගත් ප්‍රතිපත්ති අඛන්ඬව ඉදිරියට ගෙනයාම පිනිස අවශ්‍ය කඩතුරාවක්, ත්‍රස්තවාදී භීතිකාව වැපිරීමෙන් ඇතිකර ගැනීමට උත්සාහ දරයි.

පසුගිය සතියේ වසාදමන ලද තානාපති කාර්යාල 19න් 18ක් විවෘත කිරීමට එක්සත් ජනපදය කටයුතු කරයි. පසුගිය ඉරිදා වසා තැබීම සතියකින් දීර්ග කරන ලද අතර "අනතුරු ඇඟවීම අවසන් කරන” බව කියා සිටි රාජ්‍ය ප්‍රකාශකයින්ට අනුව විවෘත කිරීම් සිදුකෙරේ. ලාහෝර් හා සානා තානාපති මධ්‍යස්ථාන තවදුරටත් වසා තැබේ.

Share this article: