බලාපොරොත්තු සුන්කරගත් එක්සත් ජනපද ශිෂ්‍යයෝ "විකල්ප මාවත්" සොයති

Desperate US students seek "arrangements"

By Nancy Hanover, 31 January 2013

සූරා කෑමේ යෙදී සිටින විවිධාකාර ඇමෙරිකානු ව්‍යවසායකයන් විසින් සංවිධානය කෙරුනු නව මාදිලියේ ව්‍යාපාරයක පුපුරන සුලු නැගීමක් දැන් සිදුවෙමින් පවතී.

"ෂුගර් ඩැඩීස්" (විශේෂ ඇඟෑලුම්කම් පතා තරුන තරුනියන්ට මුදල් වැය කරන ධනවත් වයසක මිනිස්සු) දරුනු ලෙස නයගැති භාවයට පත් ව සිටින උසස් හෝ තෘතීයික අධ්‍යාපනයේ නිරත සිසුන් සොයා අන්තර්ජාල මාර්ගස්ථ සේවය ඔස්සේ ගෙන් ගෙට යමින් සිටිති. SugarDaddyMeet'com(ෂුගර්ඩැඩීමීට්.කොම්), SeekingArrangement.com (සීකිංඇරේන්ජ්මන්ට්.කොම්) සහ SeekingTuition.com (සීකිංටියුෂන්.කොම්) වැනි නේකාකාර වෙබ් අඩවි, මාසික දීමනා හා ත්‍යාග වෙනුවෙන් ''ෂුගර් බේබි" තොරතුරු සංක්ෂිප්තයන් (profiles) සැකසීමට හා "අන්‍යෝන්‍ය ඵල ප‍්‍රයෝජන උදෙසා සබඳකම්" ඇතිකර ගැනීමටත් සහක‍්‍රියාකාරිත්වය හා ලිංගික හුවමාරුව වෙනුවෙනුත් වැඩි වශයෙන් සිසුවියන් පසුපස වැටී සිටිති.

විශ්ව විද්‍යාල නය ප‍්‍රමානය දැනට ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවා ඇති එක්සත් ජනපදයේ පලමු උපාධිය සඳහා ඉගෙනුම ලබන සිසුවෙකුගේ සාමාන්‍ය නයගැතිභාවය ඩොලර් 26,000 කි. උසස් අධ්‍යාපන ලාභීන්ගෙන් සියයට 66 උපකාරක පන්ති සදහා නය ලබාගන්නා අතර ක්ෂනික මුදල් අවශ්‍යතා සඳහා වන පෙලඹීම, බොහෝ දෙනා ලිංගික ව්‍යාපාර නම් උගුලේ දවටාගැනීම පිනිස යොදා ගෙන ඇත.

"ෂුගර් ඩැඩී" හා "ෂුගර් බේබී" එකිනෙකාට ගලපා දෙන සීකිංඇරේන්ජ්මන්ට්.කොම් වෙබ් අඩවියේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සාමාජිකත්වය 2012 දී සියයට 58න් වැඩි වී ඇත.

"උසස් අධ්‍යාපන ලාභීන්ගෙන් සියයට 44 වන මිලියන 2කට අධික සාමාජිකයින් සංඛ්‍යාවක් දැනට අපට සිටිනවා," යයි සීකිංඇරේන්ජ්මන්ට්හි මහජන සබඳතා කලමනාකාර ලෙරෝයි වැලස්ක්වෙස් ඒබීසී ප‍්‍රවෘත්ති සේවයට පැවසුවේ ය. "විශේෂයෙන්ම ඔබ ශාස්ත‍්‍රාලීය ජීවිතයක් ගතකරන්නේ නම්, අර්ධ කාලීන හෝ පූර්න කාලීන රැකියාවක් සොයා ගැනීම ඉතා අසීරු කාර්යයකි," යි ඔහු තවදුරටත් පැවසී ය.

"සීකිංඇරේන්ජ්මන්ට් තුලින් අපි මේ ආකාරයේ සබඳතා පිරිනමනවා.... අප ජීවත් වන්නේ බොහෝකොට ම පසුබෑමක් සහිත ආර්ථික රටාවක වන අතර උපකාරක පන්ති ගාස්තු හා ජීවන වියදම ඉහල නැග තිබෙන නිසා, මිනිස්සු උසස් අධ්‍යාපනයට මුදල් යෙදවීම සදහා විකල්ප ක‍්‍රම සොයමින් සිටිති. ෂුගර් බේබීලා බිහිවෙන්නේ මේ නිසා ය."

සාමාන්‍යයෙන් ෂුගර් බේබී කෙනෙකුගේ මාසික දීමනා හා ත්‍යාගවල ශුද්ධ අගය ඩොලර් 3,000 ක් වන බව වෙබ් අඩවිය ප‍්‍රචාරය කරයි. මෙම ගනුදෙනු මගින් ගනිකා වෘත්තිය ස්ථාපිත කරන්නේය යන චෝදනාව ප‍්‍රතික්ෂේප කරමින් එම වෙබ් අඩවියේ ප‍්‍රධානියා වන සීඊ ඕ බ‍්‍රැන්ඩන් වේඩ් "ඇත්තට ම එය මිනිස්සු දෙදෙනෙකු අතර තිබෙන භාවාතීශය සබඳතාවයක් ප‍්‍රකාශයට පත් කරනවා," යනුවෙන් තම විරුද්ධත්වය ප‍්‍රකාශ කලේය. ''මෙහි ඇති එක ම වෙනස වනුයේ ෂුගර් ඩැඩී ඉතා ධනවත් වීම පමනයි."

"ගනිකාවක් පවත්වාගෙන යන්නේ කලු සුදු ගනුදෙනුවක්. එය කිසිසේත් ම සබඳතාවක් නොවේ. සීකිංඇරේන්ජ්මන්ට්හි අපට ඇත්තේ ජීවන ක‍්‍රමයකි."

සීකිංඇරේන්ජ්මන්ට් ආරම්භ කලේ 2005 වසරේදී නමුත් "අපගේ වෙබ් අඩවිය භාවිතා කරන උසස් අධ්‍යාපනලාභී සිසුන් සංඛ්‍යාව ඉතා වේගයෙන් වැඩි වී ඇත" යි වේඩ් පැවසීය. edu e-mail (එඩියු ඊ-මේල්) එකක් සහිත ව ලියාපදිංචි වන සිසුන්ට වීඅයිපී ෂුගර් ඩැඩී අඩවියට සුවිශේෂී ප‍්‍රවේශයක් හිමි වන අතර වාර්ෂික සාමාජිකත්වයක් ද නොමිලේ හිමි වේ. "අපගේ ෂුගර් බේබිලාගෙන් විශාල ප‍්‍රමානයක් උසස් අධ්‍යාපනලාභී සිසුන් වන අතර ඔවුන්ගේ සංඛ්‍යාව නිරතුරු ව වර්ධනය වෙමින් පවතී."

"ෂුගර් ඩැඩීලා" හා "ෂුගර් මමීලා" බිලිබාගත හැකියයි සිතන ෂුගර් බේබිලාට සම්පූර්න තොරතුරු සංක්ෂිප්තයන් හා විද්‍යුත් තැපෑලට ප‍්‍රවේශ වීම සඳහා මාසික සාමාජික ගාස්තු ගෙවති. ප‍්‍රභූ ජන ප‍්‍රවේශයක් අත්කර ගැනීම සදහා වෙබ් අඩවියට ගෙවිය යුතු වියදම වසරකට ඩොලර් 600 සහ 2,400 අතර දෝලනය වෙයි.

වසරකට ඩොලර් 2,400කට සීකින් ඇරේන්ජ්මන්ට් හි ඩයමන්ඩ් ක්ලබ් සාමාජිකත්වය ලබාගැනීම පිනිස සේවාදායකයා ඔහුගේ/ඇගේ අනන්‍යතාවය, වාර්ෂික ආදායම හා ශුද්ධ වටිනාකම තහවුරු කල යුතු ය. එයට ප‍්‍රතිචාර වශයෙන් වෙබ් අඩවියේ වාර්ෂික තත්වය පිලිබඳ තොරතුරු ඔහුගේ හෝ ඇයගේ තොරතුරු සංක්ෂිප්තය තුලින් ප‍්‍රචාරය කෙරන අතර එය ෂුගර් බේබී සෙවුම් විමසුම් පෝලිමේ ඉහල පෙලගස්වනු ඇත.

"මම එලියට යන්නේ අවුරුදු 25 හා ඊට අඩු ගැහැනු ලමයි සමග පමනයි. එහෙත් මට සමාජ ශාලාවකට ඇතුලු වී ඉබේ ම වාගේ අවුරුදු 25 ගැහැනු ලමයෙක් හමුවෙන්න බෑ. ඒගොල්ලෝ හිතාවි මම විකෘති කාමුකයෙක් කියලා. ඒ නිසා මම ඒ අය මුන ගැහෙන්නේ මේ විදිහට තමයි." යි ඩයමන්ඩ් ක්ලබ් සාමාජිකයෙක් හෆින්ග්ටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ ය.

"මේ තරුනියන් බොහෝ දෙනා පාසල් අවධියේ සිට ම නය වී සිටිනවා. මම ඒ ගොල්ලන්ට වඩා කැමති ශිෂ්‍ය නය හොඳ නය හැටියට මම සලකන නිසා. ඒක හරියට අවම වශයෙන් මම ඔවුන්ට යහපත් ජීවිතයක් ලබා දීමට උදව් කිරීමක් වගෙයි," යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

මෙම වසරේ අලුතෙන් ලියාපදිංචි වූ "ෂුගර් බේබිලා" අයත්වන තෘතීයික විද්‍යාල 20ක නම් වෙබ් අඩවිය මගින් ප‍්‍රකාශ කෙරුනි. මෙය එම විශ්වවිද්‍යාල ලද විශාල ජයග‍්‍රහනයක් සේ දිස් විය. ජෝර්ජියා ප‍්‍රාන්ත, මධ්‍යම ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලය, නිව් යෝර්ක් විශ්වවිද්‍යාලය, ටෙම්පල්, ඉන්සියානා, ඇරිසෝනා ප‍්‍රාන්ත, කෙන්ට් ප‍්‍රාන්ත, පෙන් ප‍්‍රාන්ත, ටුලාන් සහ මිචිගන් ප‍්‍රාන්ත මේ වසරේ ලැයිස්තුවට ඇතුලත්ව තිබුනි.

ඇමරිකානු විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමේ ගාස්තු 1982 පටන් සියයට 300කින් ද 1995 පටන් දෙගුනයකින් ද ඉහල නැග ඇත. උසස් අධ්‍යාපන උපාධිධාරීන්ගේ නියම (උද්ධමනයට ගැලපූ) වැටුප 2000 හා 2011 අතර කාලයේ සියයට11.1කින් හා විශ්ව විද්‍යාල උපාධිධාරීන්ගේ වැටුප 5.4කින් ද පහත වැටී ඇත.

අවුරුදු 25 ට අඩු උපාධිධාරීන් මිලියන 1.5ක් නැතහොත් සියයට 53.6ක් පමන පසුගිය වසරේ විරැකියාවට හා ඌන සේවා නියුක්තියට ලක් වීම අඩු ම ගනනේ පසුගිය වසර 11 තුල ඉහල ම අනුපාතය ප‍්‍රකාශයට පත් කලේ ය.

වේඩ් හා ඔහු වැනි පහල මට්ටමේ සැපයුම්කරුවෝ සිසුන්ගේ අසීරු වාතාවරනයන්ගෙන් ප‍්‍රයෝජන ගනිති. තරුන පරම්පරාව ක‍්‍රමානුකූලව ගසා කෑමේ යෙදෙන මූල්‍ය කර්මාන්තය තුල සිටින අය සමග සසඳන කල මොවුහු සොච්චම් පුද්ගලයෝ වෙති.

අධ්‍යාපනයක් නොමැති තරුන තරුනියන් වැඩි දෙනා ජීවිතයේ හොඳ ම කාලය ගත කරන්නේ වැඩ කරන දුගීන්ගේ කොටසක් ලෙස ය. කෙසේ නමුත් සිසුන් බොහෝ පිරිසකට නය වලින් තොරව උසස් අධ්‍යාපනයකට ලඟා වීමටවත් නොහැකි ය. එක්සත් ජනපද සිසුහු ''සහනාධාර" සඳහා සියයට 3.4 ක් හා නය සදහා 7.9 ක පොලියක් ගෙවන අතර ඇතැම් පෞද්ගලික නය සදහා අංක දෙකේ ඉහල පොලී ගෙවති. නය ගැනීමේ සුදුසුකම් අඩු (සෑම විට ම අන්ත දුගී ජනතාව) සිසුන්ට හා ඔවුන්ගේ දෙමාපියන්ට ඉහල ම පොලී ගෙවීමට බල කෙරෙයි.

කෙසේ වුව ද ශිෂ්‍ය නය සඳහා කොන්ග‍්‍රසය මගින් ප‍්‍රකාශයට පත් කෙරුනු පොලිය සැබවින් ම දේශපාලන තීරනයක ප‍්‍රතිඵලයක් විය. ෆෙඩරල් මහ බැංකුව බැංකු සඳහා ශුන්‍යට යාන්තමින් වැඩි පොලී ප‍්‍රතිශතයක් මත මුදල් සම්පාදනය කරයි. මොවුන් 2006ට පෙර දී කලාක් මෙන් ශිෂ්‍ය නය සඳහා ද එම පිලිවෙත් ම අනුගමනය කලේ නම් -එනම් ශිෂ්‍ය නය අනුපාත භාන්ඩාගාර බිල්පත් වලට බැඳ තැබීම- මේ වන විට එම පොලී අනුපාතය සියයට 1-2ක මට්ටමක පවතිනු ඇත.

මෙය ආරම්භය පමනි. තවදුරටත් දැවැන්ත ලාභ ගැරීමේ මාධ්‍යයක් බවට පත් වෙමින් මෙම නය පැකේජ කර එවිට අලෙවි කරනු ඇත. නය හිමියන් 2012 දී ඩොලර් බිලියන 17 වටිනා ශිෂ්‍ය නයට සම්බන්ධ බැඳුම්කර නිකුත් කල බව බ්ලූම්බර්ග් පුවත් සේවය පෙන්වා දෙයි. අධ්‍යාපනික නය හා බැඳුනු ඉහල පෙලේ සුරැකුම්පත් භාන්ඩාගාර බිල්පත් වලට වඩා පදනම් අංක 137 ක් වැඩිපුර උපයාගන්නා අතර එය මෝටර් රථ නයවලට වඩා ඉතා හොඳ ප‍්‍රතිලාභ සපයන අනුපාතයකි.

ආරක්ෂන අරමුදල් කලමනාකරුවන්ගේ අත යට ඊලඟ පියවරේ දී නය තවත් ලාභ උපයනු ඇත. උකස් කර්මාන්තයේ සිදුව ඇති පරිදි දෙපසට ම ඔට්ටු ඇල්ලීමෙන් නය පැහැර හැරීම් සඳහා තැබෙන ඇපකරයන් නිර්මානය කරයි. නය පැහැර හැරීමේ අනුපාත ඉහල යන තතු තුල කනස්සල්ලට පත් වෝල් වීදියේ ආයෝජන වෙබ් අඩවි, එක්කෝ වත්කම් පිටුබලය සහිත සුරැකුම් මත ශිෂ්‍ය නය පැහැර හැරීම් සඳහා තැබෙන ඇප මිල දී ගැනීම මගින් හෝ සැලී මාඒ වැනි ශිෂ්‍ය නය සැපයුම් කරුවන් සීමා කිරීම මගින් විශ්ව විද්‍යාලවල ලාභය පිනිස ශිෂ්‍ය නය බුබුල ''කපා හැරීමට" යෝජනා කරති.

මෙම දැවැන්ත පිරමීඩයේ පතුලෙහි සිටින්නේ, යහපත් ජීවිතයක් නිර්මානය කර ගැනීම පිනිස අධ්‍යාපනය ලබා ගැනීමට අරගල කරන ශිෂ්‍යයින් ය. වර්ධනය වන අවමන් සහගත මානව හානිය සමඟ ගත් කල ශිෂ්‍ය නය අර්බූදය, සාපරාධී හා පරපුටු මූල්‍ය කර්මාන්තයේ නිෂ්පාදනයකි.

Share this article: