ශ්‍රී ලංකාවේ සසප අභාවප්‍රාප්ත කීර්ති බාලසූරියගේ 25වන සංවත්සරය පවත්වයි

Sri Lankan SEP to mark 25th anniversary of Keerthi Balasuriya’s death

By the Socialist Equality Party (Sri Lanka), 29 January 2013

සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානය අභාවප්‍රාප්ත කීර්ති බාලසූරියගේ 25වන සංවත්සරය වෙනුවෙන් පෙබරවාරි 10 දින කොලඹදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමයේ ප්‍රධාන ලේකම් මෙන්ම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායකයෙකු ද වූ කීර්ති සහෝදරයා 1987 දෙසැම්බර් 18දා මියගියේය. ඔහු සිය වැඩිහිටි ජීවිතය මුලුමනින්ම කැපකලේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස ජාත්‍යන්තර කමිටුව ගොඩනැඟීමේ අරගලය වෙනුවෙනි.

යන්තම් වයස 19දී කීර්ති 1968 පැවති විකොස ආරම්භක සම්මේලනයේදී එහි ප්‍රධාන ලේකම් වශයෙන් පත්කරගන්නා ලදී. ඒ ජාත්‍යන්තර කමිටුව වෙත දිනාගන්නා ලද තරුනයින් අතර සිටි සමාජවාදී ජාත්‍යන්තරවාදය පිලිබඳ දෘඪතරම නියෝජිතයා වශයෙන් මතු වූයේ ඔහු වූ බැවින්ය. ජාත්‍යන්තර කමිටුවේ න්‍යායික මඟපෙන්වීම යටතේ කීර්ති හා ඔහුගේ සහෝදරවරු තමන් ට්‍රොට්ස්කිවාදී යයි කියාගත් ලංකා සමසමාජ පක්ෂය 1964දී ධනපති ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග සභාගයකට ඇතුලු වීමෙන් සිදුකල මහා පාවාදීමේ ප්‍රතිපල වශයෙන් මතුවූ සංකීර්න දේශපාලන ප්‍රශ්න සමග පොරබැදූහ.

ධනපති සමාජය තුල එකම විප්ලවවාදී පන්තිය කම්කරු පන්තිය ය යන දැඩි විශ්වාසය කෙරෙන් කීර්ති කිසි විටෙකත් සසල නොවීය. ඒ අනුව ඔහු ධනේශ්වරයේ සියලු කොටස් හා නියෝජිතයින්ගෙන් කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනකර ගැනීම සඳහා නොපසුබටව සටන් වැදුනේය.

යුද්ධය හා සමාජ ම්ලේච්ඡත්වය හැර වෙන කිසිවක් පිරිනැමීමට අසමත් අර්බුද ග්‍රස්ත ගෝලීය ධනවාදයට අද දිනයේ විකල්පයක් සොයන සියලු දෙනාට, කීර්තිගේ ජීවිතයේ හා සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා ඔහු කල මූලධර්මාත්මක අරගලයේ පාඩම් උකහා ගැනීම, තීරනාත්මකය. සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලය වෙනුවෙන් කීර්ති කල ඉමහත් දේශපාලන හා න්‍යායික ප්‍රතිපදානය හා අද දිනයේ කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවන්ගේ අරගල සඳහා එහි වැදගත්කම සාකච්ඡා කිරීම පිනිස අනුස්මරන රැස්වීමට සහභාගී වීම සඳහා අපි, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයින් හා අපගේ ආධාරකරුවන් ද ඇතුලු කම්කරුවන්ට, තරුනයින්ට හා බුද්ධිමතුන්ට ඇරයුම් කරන්නෙමු.

වේලාව- පෙබරවාරි 10 දින ප.ව 3.00

ස්ථානය- කොලඹ 7, ග්‍රීන්පාත්හි නව නගරශාලාව

Share this article: