වසර 2013දී මූල්‍ය යුද්ධ තියුනු වීමට නියමිතය

Currency Wars to intensify in 2013

28 December 2012

එක්සත් ජනපද මහ බැංකුව මෙම මස මුලදී තමන්ගේ ඊනියා "ප්‍රමානාත්මක ලිහිල් කිරීම” පෙරට ගෙන යාමට ගනු ලැබූ තීරනය පසුපසින් ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතුන් අතර කැකෑරෙන මුදල් යුද්ධය එලඹෙන වසර තුල දී සැලකිය යුතු ලෙස ගිනියම් කරනු ඇත.

නව මුල පිරීම යටතේ උකස් අනුග්‍රහ බැඳුම්කර හා භාන්ඩාගාර බිල්පත් නොකඩවා මිල දී ගැනීම හරහා 2014 අවසානය වන විට ෆෙඩරල් මහ බැංකුව එහි මූල්‍ය වත්කම්වල ප්‍රමානය වර්තමාන ඩොලර් ට්‍රිලියන 2.9 සිට ඩොලර් ට්‍රිලියන 4 දක්වා වැඩි කරනු ඇත.

මෙම පියවරයන්ගේ ප්‍රතිඵලය වනු ඇත්තේ එක්සත් ජනපද ඩොලරය මත තවදුරටත් පහතට නැවුනු පීඩනයක් යෙදීම යි. මෙය අනිවාර්යයෙන් ම ගමන් කරන්නේ විවෘත මුදල් යුද්ධයක් ඇවිලවීමට තර්ජනය කරමින් ජාත්‍යන්තර වෙලඳපොල තුල තරඟකාරීව සිටීමට උත්සාහ ගැනීම සඳහා අනෙකුත් රටවල් ද තම තමන්ගේ මුදල් අවප්‍රමාන කිරීමට පියවර ගනු ලැබීම කරාය.

උද්ධමනය නිර්මානය කිරීමට හා පසුගිය විසි වසරේ සැලකිය යුතු කාලයක් ජපානය ලුහුබැඳ ආ අර්ධ-ස්ථාවර අවපාතයෙන් ආර්ථිකය පිටතට ගැනීම සඳහා එරට මුදල් ප්‍රතිපත්තියේ "සීමාන්තික” ලිහිල් කිරීමක් අනුයා යතු යයි ඉල්ලා සිටින ජපන් අගමැති ෂින්සෝ අබේගේ බලයට පත්වීමත් සමග ගැටුමේ සලකුනු මේ වන විටත් පැහදිලි වෙමින් තිබේ.

ජාතික ආර්ථිකයට තල්ලුවක් සපයනු ඇතැයි යන බලාපොරොත්තුව පසෙකින් අබේගේ යෝජනාව පිටුපස ඇති මූලික අභිප්‍රේරනය වන්නේ ජපාන යෙන් මුදලේ වටිනාකම පහත දැමීමේ අභිලාෂය යි. එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම වැටීමේ ප්‍රතිඵලයක් වශයෙන් සාපේක්ෂව යෙන් මුදලේ වටිනාකම ඉහල යාම නිසා ජපානයේ විශාලත ම සංගතයන්, විශේෂයෙන් ම ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේ සංගතයන් පසුගිය කාලපරිච්ඡේදයේ දී සැලකිය යුතු වෙලඳ අවාසි වලට මුහුන දී ඇත.

එක්සත් ජනපදයට හා ජපානයට අමතරව බ්‍රිතාන්‍ය හා යුරෝපීය මහ බැංකු ද දිග්ගැස්සෙන ඇන හිටීමේ අවධිය තුල ඔවුන්ගේ ම වර්ගයක "ප්‍රමානාත්මක ලිහිල් කිරීමක්” අනුගමනය කරයි.

තම වැඩසටහන තීව්‍ර කිරීම සඳහා ෆෙඩරල් මහ බැංකුව ඉදිරිපත් කරන නිල යුක්ති කරනය වන්නේ එක්සත් ජනපද ආර්ථිකයේ දිග්ගැස්සෙන දුබලතාවය හා ඉහල විරැකියා රේට්ටුව යි. එහෙත් මෙය බොහෝකොටම, සැබෑ න්‍යාය පත්‍රයට එනම් ආර්ථිකය තුල දිග්ගැස්සෙන ඇනහිටීම් අවධිය තුල ලාභ ස්ථාවර කර ගැනීමට හැකි වන සේ මූල්‍ය වෙලඳපොල තුල බැංකු හා මූල්‍ය ආයතනයන්හි ජාවාරාම්වලට ලාභ මුදල් සැපයීම සඳහා වන කඩතුරාවකි.

කෙසේ නමුත්, අනෙකුත් ප්‍රධාන බලවතුන් සියල්ලන් ම මේ මගින් තමන්ට එල්ලවන බලපෑම් කපාහැරීම කෙරෙහි යොමුවීමත් සමග මෙම පියවරයන්ගේ ඊනියා පිටාර ගලන බලපෑම් සමස්තයක් වශයෙන් ලෝක ආර්ථිකය අස්ථාවර කිරීමට තර්ජනය කර යි.

මෑත ම ෆෙඩරල් පියවර නිවේදනය කිරීමට දින කීපයකට පෙර නිව් යෝක් ආර්ථික සංසදයට කල කතාවක දී විශ්‍රාම යන එංගලන්ත බැංකුවේ අධිපති මර්වින් කිං වැඩෙන ගෝලීය ආර්ථික ආතතීන් වෙත ඇඟිල්ල දිගු කලේ ය. 2009 අප්‍රේල්වල දී ජී 20 ලන්ඩන් සමුලුව හා උත්තේජක පියවර ප්‍රකාශ කිරීමේ තීරනයේ සිට දේවල් "පස්සට ගොස්” තිබුන අතර ලෝක ආර්ථිකය නැවත සමබර කරන්නේ කෙසේ ද යන්න මත එකඟත්වයක් තිබී නැත.

එමෙන් ම ඊලඟ වසරේ දී තත්වය වඩාත් නරක විය හැක. "2013 වසර අභියෝගාත්මක වසරක් විය හැකි යයි මම සිතමි. සැබවින් ම, මෙහිදී රටවල් ගනනාවක් තමන්ගේ හුවමාරු රේට්ටු පහල හෙලීමට උත්සාහ දැරීම අපට දකින්නට ලබෙනු ඇත.” කිං පැවසී ය. "එය කනස්සල්ලට හේතු වෙයි ද? අනෙකුත් රටවල් ඊට කාරුනිකව ප්‍රතිචාර දක්වනු ඇත් ද? සිදුවනු ඇත්තේ කුමක්ද? රටවල් ජාතික අරමුනු කරා යොමුවන ප්‍රතිපත්ති අනුයෑම, සාමූහික වශයෙන් ආතතිය වැඩි වීමට හේතුවී තිබේ.”

මූල්‍ය අර්බුදය මතු පිටට පැමිනීමේ කැලඹුම තුල 2008 සැප්තැම්බරයේ දී ප්‍රධාන බලවතුන් මුනගැසුනු අවස්ථාවේ දී 1930 වැරදි නැවත සිදු නොවනු ඇතැ යි හතර අතින් පොරොන්දු විය. එම අවස්ථාවේ දී, ලෝක වෙලඳපොලේ හැකිලීම උග්‍ර කරමින් සෑම ප්‍රධාන රටක් ම තම තරඟකරුවන්ට එරෙහිව තීරු බදු බාධක දැඩි කරමින් අනෙකා හිඟමනට පත්කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. එම කාලය පිලිබඳ ව මේ වන විට ඉගෙන ගෙන ඇති පාඩම් එහිදී අවධාරනය කරන ලදී. නමුත් ලෝකයේ ප්‍රධාන මහ බැංකුවල මූල්‍ය ප්‍රතිපත්ති තවත් රූපාකාරයකින් මහා අවපාතයේ ගැටුම්වල පුනර්කරනයක් වීමේ තර්ජනය ගෙන එයි.

කුඩා ආර්ථිකයන්, විශේෂයෙන් ම අපනයන වෙලඳපොල මත රැඳුනු ආර්ථිකයන්හි මුදලේ අගය නොකඩවා වැඩිවීමෙන් මේ වන විටත් තදින් පහර කෑමට ලක්ව සිටියි. පසුගිය දෙවසර තුල බ්‍රසීලය, චිලී, කොලොම්බියා හා පීරූ යන රටවල් සිය මුදල් අගය පහල දැමීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් ඩොලර් බිලියන 135ක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා හෙලි කර යි.

මේ මස මුල තායිලන්තයේ දී ඕස්ට්‍රේලියානු මහ බැංකු අධිපති ග්ලන් ස්ටීවන්සන්ගේ කතාවක් තුල සුහදව වාක්‍ය ගත කල නමුත් එල්ල කල විවේචනයන්හි විෂය වූයේ එක්සත් ජනපද මහ බැංකුව හා අනෙකුත් ප්‍රධාන බංකු අනුයන ප්‍රතිපත්තිවලින් තමන් වැනි රටවල් මත ඇතිවන බලපෑම යි. එහි දී ඔහු "කැලඹිල්ලේ මට්ටම” වර්ධනය වෙමින් පවතින බවට අනතුරු ඇඟවූයේ ය.

"සිය අසම්මත ප්‍රතිපත්ති වලට ප්‍රසාරනාත්මක බලපෑමක් තිබුන බව කියා සිටීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවස්ථාව සැලසී තිබුනි. එක්සත් ජනපදය, යුරෝපය හා ජපානය පෙන්වන ප්‍රකෘතිමත් වීමේ මන්දගාමිත්වය, පූර්වයෙන් ඇතිවූ බොහෝ ප්‍රකෘතීන්හිදී තිබුනාට වඩා ප්‍රධාන රටවල් ඔවුන්ගේ දුබලකම් පිටරට පැටවීම මත වාරු වී සිටී දැ යි අනෙකුත් රටවල් කල්පනා කරන තැනකට පත්කර ඇති බව මම සැක කරමි.” යනුවෙන් ඔහු පැවසී ය. මෙය සාමාන්‍යයෙන් මහ බැංකු කරුවන් යොදන පරිස්සම් සහගත භාෂාව නිල සාධාරනීකරනයන්ට එක එල්ලේ අභියෝග කිරීමේ තැනකට පත් කරයි.

එක්සත් ජනපද ඩොලරයට දී තිබුනු රන් පිටුබලය ඉවත් කර පශ්චාත් යුද ධනේශ්වර ප්‍රසාරනයේ ප්‍රධාන පදනම වශයෙන් පැවති 1944 බ්‍රෙටන් වුඩ්ස් ගිවිසුම අවසන් කිරීමට ජනාධිපති නික්සන් 1971 ඔක්තෝබරයේ දී ගත් තීරනයෙන් ක්ෂනික ඉක්බිත්තේ, එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ජෝන් කොනලි ඔහුගේ යුරෝපීය සහචරයන්ට මෙසේ කියා ඇති බව සුපතල ය: " ඩොලරය අපේ මුදලයි, එහෙත් එය ඔබේ ගැටලුව යි.”

වසර 40කට වඩා ගත වුව ද, තවමත් ලෝක ආර්ථිකයේ සංචිත මුදල වශයෙන් පවතින ඩොලරය අවප්‍රමාන කිරීමට ගෙන ඇති මහ බැංකු තීරනය, බ්‍රෙටන් වුඩ්ස් පද්ධතියේ අවසානයට පසු හටගත් ප්‍රතිවිපාකයන්ට නොඅඩු ප්‍රතිවිපාක ගෙනඒමේ තර්ජනය මතු කරයි.

අද ගෝලීය ආර්ථිකය එදා පැවතියාට වඩා බොහෝ ඒකාග්‍රිත ය. එදා අවම වශයෙන් පැවති හෝ සීමිත ලෙස දර්ශනය වීමට පටන්ගෙන තිබුනු මූල්‍ය ව්‍යුත්පන්න හා අනෙකුත් සංකීර්න මූල්‍ය ආයතන දැන් ගෝලීය මූල්‍ය පද්ධතියේ ප්‍රධාන සංරචක හැඩ ගස්ව යි.

එක්සත් ජනපද මහ බැංකුවේ හා අනෙකුත් ප්‍රධාන මහ බැංකුවල ප්‍රතිපත්ති නිල වශයෙන් සාධාරනය කරනුයේ ඒවා 2008 මූල්‍ය අර්බුදයේ දිග්ගැස්සෙමින් තිබුනු බලපෑම් කපා හැරීම සඳහා අවශ්‍යව තිබූ බව කියමිනි. සැබවින් ම ඒවා ප්‍රමුඛයින් අතර ගැටුම් ගැඹුරු කරමින් මූල්‍යමය වශයෙන් වඩාත් විශාල ව්‍යසනයන්ට කොන්දේසි සකස යි.

නික් බීම්ස්

Share this article: