ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ‍යෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් පිලිබඳ යාපනයේ පැවැත්වෙන දේශනය

18 January 2013

සසප හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ජනවාරි 20 දින යාපනයේදී සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් යන ඉදිරිදර්ශන කෘතිය එලිදැක්වීම මුල්කරගෙන ප්‍රසිද්ධ දේශනයක් පවත්වයි. මෙය දේශන මාලාවක දෙවැන්නයි. පසුගිය වසරේ මැයි මාසයේදී සසප පැවැත්වූ සිය ආරම්භක සම්මේලනයේදී ඒකච්ඡන්දයෙන් සම්මත කල ඉදිරිදර්ශනය කෘතියට අන්තර්ගත වන්නේය.

ස්ටැලින්වාදී, සංශෝධනවාදී හා සුලු ධනපති ව්‍යාජ වාම සංවිධාන කම්කරු පන්තියේ කිසිදු අවශ්‍යතාවක් වෙනුවෙන් සීමිත හෝ අරගලයක් ප්‍රතික්ෂේප කල තැන් පටන් මෙරට හා දකුනු ආසියාවේ වැඩකරන ජනතාවන්ට අවශ්‍ය විප්ලවවාදී නායකත්වය සම්පාදනය කිරීම පිනිස 1996දී සසප පිහිටුවනු ලැබීය. 1968 පිහිටුවන ලද එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ අඛන්ඩතාවය එමගින් සනිටුහන් කලේය. එය ගොඩනැඟුවේ ලංකා සමසමාජ පක්ෂය විසින් කල පවාදීමෙන් පසුව උද්ගතවූ කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය ජයගැනීමටයි. තමන් ට්‍රොට්ස්කිවාදීන් යයි කියාගත් ලසසප 1964දී සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධනපති ආන්ඩුවට ඇතුලු විය. එම පාවාදීම ඉන් පසු දශකයන් තුල මෙරට හා දකුනු ආසියාව පුරා කම්කරුවන්ට කියා නිමකල නොහැකි විනාශයක් අත්කරදී තිබේ. ඉදිරිදර්ශන කෘතිය මගින් සසප වැඩකරන ජනතාවගේ පක්ෂයක් බවට පරිවර්තනය කිරීමේ දේශපාලන පදනම දමා තිබේ.

ලසසපය පිහිටුවීම හා පසුව එය ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය බවට පරිවර්තනය වීමෙන් ආරම්භවී ඉදිරියට ගිය ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ පොහොසත් ඉතිහාසය තුලින් සසප ඉදිරිදර්ශනය අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගනියි. සිවිල් යුද්ධය පැවති දශක ගනනාව ද ඇතුලු වසර 44ක් තිස්සේ විකොස හා සසප ජාත්‍යන්තර සමාජවාදය සඳහා දුෂ්කර කොන්දේසි යටතේ ගෙනගිය මූලධර්මාත්මක හා දිරිමත් අරගලය එතුලින් ගෙනහැර දැක්වෙයි. ආසියාවේ ද අප්‍රිකාවේ ද ලතින් ඇමරිකාවේ ද කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂ ගොඩනැඟිය හැක්කේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යායික පදනම් මත පමනක් බව ද එය තහවුරු කරයි.

සසප ඉදිරිදර්ශන ලියවිල්ලේ දෙමල පරිවර්තනය පසුගිය මාසයේදී පොතක් ලෙස එලිදැක්වින. නොනවතින විප්ලවයේ න්‍යායික පදනම් මත ආසියානු කලාපය තුල වැඩකරන ජනතාවගේ විප්ලවවාදී පක්ෂ ගොඩනැඟීමේදී දෙමල කතාකරන කම්කරුවන් හා තරුනයින් උගන්වා ගැනීම පිනිස මෙය මහඟු උපකරනයක් වනු ඇත.

මෙම දේශනයට සහභාගී වන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන්, ගෘහනීන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

පැවැත්වෙන ස්ථානය- යාපනයේ වීරසිංහම් ශාලාව

දිනය හා වේලාව- ජනවාරි 20 සවස 2.00

Share this article: