එක්සත් ජනපද සහාය ලත් මූර්සි තන්ත‍්‍රයට එරෙහිව ඊජිප්තුව තුල දැවන්ත විරෝධතා හටගනියි

Mass protests erupt against US-backed Mursi regime in Egypt

ජොහැන්නස් ස්ටර්න් විසිනි , 2013 ජූලි 1

ඊජිප්තුව දැන් අත් දකින්නේ දැවන්ත කම්කරු පන්ති අරගලයන්ගේ යලි ප‍්‍රානවත් වූ නැගිටීමකි. ඉස්ලාමීය ජනාධිපති මොහමඞ් මූර්සිගේ පලමු සංවත්සරයේ දී දශලක්ෂ ගනනින් රටේ විදීවලට හා චතුරශ‍්‍රවලට ගලා ආවේ ඔහු හා මුස්ලිම් සහෝදරත්වය නෙරපීමට බලකිරීම සඳහා ය.

ආසන්න වසයෙන් වසර දෙක හමාරකට පෙරාතුව ඊජිප්තුවේ දීර්ගකාලීන ඒකාධිපතියා නෙරපීමට මෙහෙයවුනු අරගලයන් සිහිගන්වන දර්ශනයන්හිදී කම්කරුවන් හා තරුනයන් ඊජිප්තු විප්ලයේ මූර්තිමය ස්ථානවලට රොක්වූයේ "දොට්ට බසිනු” හා "මහජනයාට අවශ්‍ය තන්ත‍්‍රය පෙරලා දැමීම” යි හඬ නංවමිනි.

කයිරෝව තුල පැවති පෙලපාලි ගනනාවක් තරීර් චතුරශ‍්‍රයේ දී එකට එක් වූහ. සන්ධ්‍යාවේ මුල් පැයවල දී ජන සන්නිපාතය ඇස්තමේන්තු ගත මිලියනයකට වඩා ඉහල ගියේ මූර්සි තනතුරෙන් ඉවත් වන තුරු එහි රැඳී සිටීමට ප‍්‍රතිඥා දෙමිනි. සිය දහස් ගනනක් එකට එක් වූ අග නගරයේ තවත් දැවන්ත විරෝධතාවක් පැවත්වුනේ ඉතිහාඩියාහි දැඩිව ආරක්ෂා කෙරුනු ජනාධිපති මාලිගය ඉදිරිපිට දී ය.

රටේ පාලාත් 27 පුරා ප‍්‍රධාන නගරවල දැවන්ත විරෝධතා පැවත්වුනි. මධ්‍යධරනී වරාය නගරයක් වන ඇලෙක්සැන්ඩි‍්‍රයාහි ලක්ෂ ගනනක් සිඞී ගේබර් චතුරශ‍්‍රය පිරවූයේ මූර්සි නෙරපීමේ අධිෂ්ඨානයෙනි.

ඊජිප්තු විප්ලවයේ කේන්ද්‍රයන්ගෙන් එකක්වන මහල්ලා කාර්මික නගරයේ අල්-ෂෝන් චතුරශ‍්‍රයට දස දහස් ගනන් එක්වූයේ මූර්සිට එරෙහිව විප්ලවවාදී සටන්පාඨ හඬ නගමිනි. වාර්තා වන පරිදි රජයට අයත් මහල්ලා මීර් ස්පිනිංග් හා වීවින් සමාගමේ ― 25,000ට වඩා සේවය කරන ඊජිප්තුවේ විශාලත ම කම්හල―කම්කරුවන්ගෙන් සියයට 90ක් විරෝධතාවට එක්වීමට වැඩ වර්ජනය කලහ.

අනෙකුත් දැවන්ත විරෝධතා පැවත්වුනේ මන්සෝරා, දමාන්හෝ, මින්යා, ටන්ටා, ෂාකියා හා සූවස් ඇල නගර වන පෝට් සෙඩ් හා ඉස්මාලියාහි ය. ඊජිප්තු දිනපතා පත‍්‍රයක් වන අල්-සොරෝක්හි උපුටා දක්වන ලද හමුදා ආරංචි මාර්ග පැවසුවේ විප්ලවය ආරම්භයේ සිට මේ තාක් පැවති විශාල ම විරෝධතාවන්ගෙන් එකක දී පුද්ගලයන් මිලියන 17ක් වීදිවලට අවතීර්න වූ බව යි.

"ප‍්‍රමානයෙන් හා පරාසයෙන් විරෝධතාවන්ගේ දර්ශන පෙර නො වූ විරූ වන අතර පෙනෙන හැටියට මුබාරක් බිම හෙලූ දින 18 තුල පැවති ඒවා ඉක්මවා යන්නේ ය” යි සියවස් පදනමේ සාමාජිකයෙකු හා ඊජිප්තුව පිලිබඳ විශ්ලේෂකයෙකු වන මයිකල් හානා බ‍්‍රිතාන්‍ය ගාඩියන් පත‍්‍රයට පැවසුවේ ය.

සමහර තැන්වල දී විරෝධතා කැරලිකාරී ස්වභාවයක් ගත් අතර ආන්ඩු විරෝධී විරෝධතාකරුවන් හා මූර්සිගේ ආධාරකරුවන් අතර ප‍්‍රචන්ඩ ගැටුම් පැනනැගුනි. කයිරෝවේ දී විරෝධතා කරුවන් මුස්ලිම් සහෝදරත්වයේ ජාතික මූලස්ථානයට පෙට‍්‍රල් බෝම්බවලින් පහර දුන් අතර ඉස්ලාම්වාදී සටන් කරුවෝ ගොඩනැගිල්ල තුල කෙටි දුර තුවක්කුවලින් සිය ආරක්ෂාව සලසා ගත්හ.

උතුරු ඊජිප්තු නගරයක් වන අසියුට්හි දී මූර්සි විරෝධී විරෝධතාකරුවන් ප‍්‍රාදේශීය ෆී‍්‍රඩම් ඇන්ඞ් ජස්ටිස් පාටි (නිදහස හා යුක්තිය සඳහා පක්ෂය - එෆ්ජේපී) මූලස්ථානය දෙසට පා ගමනේ යද්දී තුවක්කු කරුවන් තිදෙනෙකු මරා දැමීය.

2011දී මෙන් ම මහජන විරෝධතා අවුලූවනු ලබන්නේ ඊජිප්තුවේ පල් වෙන සමාජ අසමානතාව ―මිලිටරි ජුන්ටාවේ හා මුස්ලිම් සහෝදරත්වයේ පාලනය යටතේ මෙය වැඩි වී ඇත― හා එක්සත් ජනපද තල්ලූව ලබන ඊජිප්තු මිලිටරි රාජ්‍ය සංවිධාන ව්‍යුහයන්ගේ මර්දනකාරී ස්වභාවය විසිනි.

තරීර් චතුරශ‍්‍රයේ විරෝධතාකරුවන්ට එක්වීමට උතුරු ඊජිප්තුවෙන් එන නියෝජිතයන්ට එක් වූ දකුනේ කුයිනා පලාතේ විරෝධතාකරුවෙකු වන මොහමඞ් රාමදාන් බදාවි නැමත්තා ආහ්රාම් ඔන්ලයින් වෙත මෙසේ පැවසී ය: "ඊජිප්තුවන්ට ඔවුන්ගේ මූලික අවශ්‍යතාවත් සැලසී නෑ. විශේෂයෙන් ම තරුනයන් අතර රැකියා සම්බන්ධයෙන් ලොකු ගැටලූවක් තියෙනවා. (මූර්සිගේ) පාලනය යටතේ දිගට ම ඝාතන සිදුවෙයි. දුම්රිය අනතුරු, විදුලිය විසන්ධිවීම් වැනි රාජ්‍ය අංශයේ බිඳවැටීම් තියෙනවා. කුනුකසල කන තරමට ඊජිප්තුවේ දුප්පත්කම වැඩිවෙනවා.”

2011දී මෙන් නැවත වතාවක් මහජන වෛරය එල්ල වන්නේ මූර්සිගේ මර්දනකාරී ඉස්ලාමීය තන්ත‍්‍රයට සහාය දෙන ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතා වන එක්සත් ජනපදයට එරෙහිව ය. එහි දීර්ගකාලීන රූකඩයා වූ මුබාරක් විප්ලවවාදීව නෙරපා හැරීමෙන් පසු වොෂින්ටනය පලමුව මිලිටරි ජුන්ටාවට සහාය දුන් අතර ඊට පසු මුස්ලිම් සහෝදරත්වය පිටුපස තම සහාය පෙලගැස්වූයේ, මැද පෙරදිග පුරා තම ආර්ථික හා මූලෝපායික උත්සුකයන් ආරක්ෂා කර ගැනීමට ය. බසාර් අල්-අසාද් නෙරපීමට සිරියාව තුල දැන් පෙරට යන එක්සත් ජනපදය මෙහෙයවන යුද්ධයට මූර්සිගේ සහාය ලැබෙන්නේ බටහිර පිටුබලය ලබන ඉස්ලාම්වාදී විරුද්ධ පාර්ශ්වීය මිලීෂියා හමුදාවන්ට "ද්‍රව්‍යමය හා සාදාචාරාත්මකව” සහාය දීමට පොරොන්දු වෙමිනි.

යන්තම් දින කීපයකට පෙර, ඊජිප්තුවේ එක්සත් ජනපද තානාපතිනී ඈන් පැටසන් මූර්සිට එරෙහිව විරෝධතා හෙලා දුටුවේ, විරෝධතා ප‍්‍රචන්ඩකාරී ලෙස මර්දනය කිරීමට ඉස්ලාම්වාදීන්ට පූර්න අවසරයක් ලබා දෙමිනි.

"සමහරු කියන්නේ වීදිවල ක‍්‍රියා මැතිවරනවලට වඩා හොඳ ප‍්‍රතිඵල ඇති කරනවා කියලා. අවංකව ම, මගේ ආන්ඩුව හා මා ගැඹුරින් ම ඒ පිලිබඳව සැක කරමි. එරට ආර්ථිකය ස්ථාවරකර ගැනීම සඳහා ඊජිප්තුවට සාමය අවශ්‍යය යි. වීදිවල වැඩිවෙන ප‍්‍රචන්ඩ ක‍්‍රියා වීරයන්ගේ ලැයිස්තුවට අලූත් නම් එකතු කරනවා හැර වෙන කිසිවක් කරන්නේ නැත.”

ඊජිප්තුව තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට එරෙහිව පුලූල්ව පැතිරුන වෛරය පිලිබිඹු කරමින් විරෝධතාකරුවන් ඞ අකුරින් කපා හරින ලද පැටසන්ගේ හා මූර්සිගේ පින්තූර ගෙන ගියහ. එක් පැටසන් විරෝධි බැනරයක් පැවසුවේ "නාකි මායාකාරී, ගෙදර පලයන්” කියා ය.

ජනාධිපති මාලිගාව, රජයේ ගොඩනැගිලි හා රට පුරා අනෙකුත් ප‍්‍රධාන ස්ථාන මුර කරන ලද්දේ එක්සත් ජනපද අනුග‍්‍රහය ලබන ඊජිප්තු හමුදාව විසිනි. මෙම වසරේ ජනවාරි 25 දා ඊජිප්තු විප්ලවයේ දෙවැනි සංවත්සරයෙන් පසු මූර්සිට එරෙහිව විරෝධතා මේ වන විටත් කැරලිකාරී ස්වභාවයක් ගෙන ඇති සූවස් ඇල ප‍්‍රදේශයේ නගරවල විශේෂයෙන් ම යුද ටැංකි හා සොල්දාදුවන් රඳවා ඇත.

විප්ලවයේ පලමු දවස් තුල දී මෙන් ම, හමුදා හෙලිකොප්ටර් කයිරෝවට ඉහලින් පියාසර කලේ තරීර් චතුරශ‍්‍රය හා ජනාධිපති මාලිගාව ඉදිරිපස සෙනග පිරික්සමිනි. මිලිටරි ආරංචි මාර්ගවලට අනුව ආරක්ෂක ඇමති හා ඊජිප්තු සන්නද්ධ හමුදාවන්ගේ ප‍්‍රධාන අන දෙන නිලධාරී අබ්දුල් ෆටා ඛලීල් අල්-සිසී විශේෂ මෙහෙයුම් මැදිරියක සිට විරෝධතාවන් අධීක්ෂනය කලහ.

පසු ගිය 30දා කල කතාවක දී අල් සිසී දේශපාලන පක්ෂ පොදු එකඟත්වයකට ඒමට අසමත් වුව හොත් හා තත්වය ඔවුන්ගේ පාලනයෙන් පිට ගිය හොත් හමුදාව මැදිහත් වනු ඇති බවට තර්ජනය කලේය. ස්පීගල් ඔන්ලයින් වාර්තා කලේ කයිරෝවේ නසාර් නගරයේ වාඩිලාගෙන සිටින ඉස්ලාම්වාදීන් දහස් ගනනක් සන්නද්ධ බල ඇනියක් පිහිට වූ බව යි. මුස්ලිම් සහෝදරත්වය සහ ගමා ඉස්ලාමියා හා සලාපීය සංවිධාන වැනි අනෙකුත් ඉස්ලාමීය කන්ඩායම් නැවත නැවතත් ප‍්‍රතිඥා දී ඇත්තේ මූර්සිගේ "නීත්‍යානුකූල බව” රැකීමට ය.

මුස්ලිම් සහෝදරත්වයේ දේශපාලන හස්තය වන ෆී‍්‍රඩම් ඇන්ඩ් ජස්ටිස් පාටි උප සභාපති ඊසම් අල්-ඊරියන් විරෝධතාව හෙලා දුටුවේ මූර්සි විරෝධී "කුමන්ත‍්‍රන උත්සාහයක්” ලෙස ය. "නිකම්ම ප‍්‍රචන්ඩ පෙලපාලි හා මැරවරකම්වලට මිනිසුන් රැස්කරන නැත්නම් ඊජිප්තුවන්ගේ වටිනා ලේ හලන” විපක්ෂයට ඔහු චෝදනා කලේ ය.

කම්කරු පන්තිය නැවත වතාවක් අරගලයට අවතීර්න වත් ම විප්ලවවාදී අරගලයේ පසු ගිය වසර දෙකේ පාඩම් තීරනාත්මක ය. ඊජිප්තු ධනේශ්වරයේ කුමන කන්ඩායමකට හෝ ―හමුදාව, ඉස්ලාම්වාදීන් හෝ නිකායවාදී විරුද්ධ පාර්ශ්වීය බලයන් වේවා ―කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් සඳහා සටන භාර දිය නොහැකි අතර අවශ්‍ය කරන්නේ සමාජවාදී ඉදිරිදර්ශනයක් මත පදනම් වූ ස්වාධීන විප්ලවවාදී අරගලයකි.

නැෂනල් සැල්වේෂන් ෆ‍්‍රන්ට් හා රෙවලූෂනරි සෝෂලිස්ට් (එන්එස්එෆ්) වැනි ව්‍යාජ වාම කන්ඩායම් පිටුබලය දෙන ලද "ටමරොඩ්” ("කැරලිකාර”) සංවිධානය ඉදිරිපත් කල ක‍්‍රියාමාර්ගය කම්කරු පන්තියේ දැවන්ත වෛරය නිෂ්ක‍්‍රීය කිරීමට හා පාලක ප‍්‍රභූවේ බලය හා ධනය බලහත්කාරයෙන් ආරක්ෂා කිරීමට සිය පාලනය යලි ස්ථාවරකර ගැනීමේ ඊජිප්තු ධනේශ්වරයේ තවත් උත්සාහයකි.

26 දා පුවත්පත් සාකච්ඡාවක දී ටමරොඞ් තම දේශපාලන ක‍්‍රියාමාර්ගය දිග හැරියේ ය. එහි සමාරම්භක මොහමඞ් අබ්දෙල් අසීස් යෝජනා කලේ "ඊජිප්තු ආර්ථිකය බේරා ගැනීම සඳහා හදිසි ආර්ථික සැලැස්මක් සකස් කිරීම ප‍්‍රධාන මෙහෙවර කර ගන්නා තාක්ෂනවේදී ආන්ඩුවක නායකත්වය සඳහා ස්වාධීන අගමැතිවරයෙකි.” ඔහුගේ අදහස් පැහදිලි කලේ, මෙය ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බල කරන කප්පාදු ප‍්‍රතිපත්ති පැටවීමට සේවය කරන (ඡන්දයකින්) තෝරා නො ගැනුනු ඒකාධිපතිත්වයක් වනු ඇති බව යි.

"නීතිමය වශයෙන් අධීක්ෂනය කෙරෙන හා ජාත්‍යන්තරව නිරීක්ෂනය කෙරෙන ජනාධිපති මැතිවරනයකින් අවසන් කෙරෙන හය මසක සංක‍්‍රමනීය කාල පරිච්ෙඡ්දයක් තුල සියලූ ම විධායක බලතල අගමැතිට පැවරෙන අවස්ථාවේ දී කෙටුම්පත අනුව ඉහල ව්‍යවස්ථාදායක අධිකරනයක ප‍්‍රධානියාට ජනාධිපතිගේ රාජකාරී පවරනු ඇති අතර පසුව පාර්ලිමේන්තු මැතිවරනය පැවත්වෙනු ඇත.” ඔහු පැවසීය.

Share this article: