ආර්ථිකය පිලිබඳ සිය කථාව තුල ඔබාමා වාචාලකම හා දක්ෂිනාංශික ප්‍රතිපත්ති එකට අනයි

Obama combines demagogy and right-wing policies in speech on economy

ඇන්ඩ්‍රෙ ඩෙමෝන් හා බැරී ග්‍රේ විසිනි, 2013 ජූලි 25

ඉලිනොයිස් ගැලස්බර්ග්හි නොක්ස් විද්‍යාලයේදී 24දා ආර්ථික පිලිවෙත ගැන ජනාධිපති බරක් ඔබාමා පැවැත්වූයේ ප්‍රධාන කථාවකි. එය වනාහි, හිස් වාක්‍ය ඛන්ඩ වලින් සැදුම්ලත් තුච්ඡ හා මුසාබස් දෙඩීමකි.

කෝටි ගනන් ඇමරිකානුවන් මුහුනපා ඇති මහා විරැකියාව, වැඩෙන දුප්පත්කම හා නැ‍ඟෙන සමාජ කාලකන්නිකමට එකදු බැරෑරුම් විසඳුමක් හෝ ඔබාමා විසින් ඉදිරිපත් කලේ නැත. නගරයේ පිහිටි මේටැග් ශීතකරන කම්හල 2004දී වසා දැමූ බව නිවේදනය කල විට රැකියා අහිමිවූ කම්කරුවන් 900 දෙනා වෙනුවෙන් ඉදිරිපත් කිරීමට ඔහුට මොකුත්ම තිබුනේ නැත. මේටැග් කම්කරුවන්ට සිදුවූයේ කුමක් ද යන්න පිලිබඳව නොක්ස් විද්‍යාලය කල අධ්‍යයනයකින්, වසාදැමීමෙන් සය අවුරුද්දකට පසුව ඔවුන්ගේ මධ්‍යම තරමේ නිවෙස්න ආදායම ඩොලර් 10,000න් පහත වැටී තිබෙන බව සොයාගෙන තිබේ.

කම්කරුවන්ගේ විශ්‍රාම ගෙවීම් හා සෞඛ්‍ය සහන වැනසීම සඳහා යොදාගනිමින් ඇති ඩිට්‍රොයිට් බංකොලොත්වීම ගැන සඳහන් කිරීමට පවා අසමත්වීමේ කාරනය පමනක්ම වුවත් එලිමහනට ගෙනැවිත් ඇත්තේ, ඔබාමාගේ කථාවේ නරුම හා වංචනික ස්වභාවයයි.

අනෙක් සැම තැන්හිදී මෙන්ම මේ අවස්ථාවේදීත් ඔබාමා හා ඔහුගේ උපදේශකයෝ, කටයුතු කරන්නේ ඇමරිකානු ජනතාව අපරිමිතවම රැවටීමට පහසු හා මෝඩ පිරිසක්ය යන සිතාගැනීමට අනුවය. ඔවුන් සිතන්නේ, බැංකු වලට ඩොලර් ට්‍රිලියන ගනන් ඇප දීමෙන් පසුව, එක දවසකදී ඩිට්‍රොයිට් නාගරිකයට ආධාර කිරීම ප්‍රතික්ෂේප කර අනෙක් දවසේදී පොදු ජනතාවගේ උපදේශකයා ලෙස පෙනී සිටීමට ධවල මන්ඳිරයට හැකි බවයි.

ආර්ථිකය ගැන අවධානය යොදන ප්‍රචාරක වර්ගයේ රැස්වීම් මාලාවක පලමු කථාව පිටුපසින් පැවති නරුම ගනන් බැලීම්, “නිමක් නැති වික්ෂිප්ත භාවය, දේශපාලන මවාපෑම් හා ව්‍යාජ සෝලි රඟදැක්වීම” ලෙස ඔබාමාගේ හෙලාදැකීම් තුල කැටිව තිබේ. පැහැදිලිවම මෙයින් අදහස් කලේ, ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත්‍රාත්කාර එඩ්වඩ් ස්නෝඩන් විසින් සියලු ඇමරිකානුවන්ගේ ද ලෝකය පුරා ජනතාවන්ගේ ද දැවැන්ත, රහසිගත හා නීති විරෝධී ආන්ඩුවේ ඔත්තු බැලීම් පිලිබඳව කල හෙලිදරව් කිරීම් ඇතුලත් වන බවයි.

ආන්ඩුවේ මහජන සම්බන්ධතා, ආර්ථිකය වෙත කැරකවීම මගින් බොහෝ කොටම අරමුනු කරන්නේ, ස්නෝඩන්ට එරෙහි එහි දඩයම ද බ්‍රැඩ්ලි මැනිං සොල්දාදුවාට එරෙහි නීතිමය සැකිල්ල ද ඇතුලු ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරය වෙතින් ජනතාවගේ අවධානය වෙනතකට හැරවීමය.

එක්සත් ජනපදයේ ව්‍යවස්ථාව ද ඇමරිකානු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ද අමු අමුවේ උල්ලංඝනය කරන පොලිස් රාජ්‍ය සුපරීක්ෂක යාන්ත්‍රනයක් ගොඩනැඟීමට ඔබාමා කරන යෝජනාව ඔහුගේ පාලනයෙහි ආන්තික ප්‍රතිගාමී ස්වභාවය කැටිකර දක්වන “ව්‍යාජ සෝලියකි.” මූලික අයිතීන් ග්‍රහනයට ගන්නා අතරම ජනතාවගේ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කරන්නේය යන අදහස එහි ස්වභාවයෙන්ම අභූතයකි.

සත්‍යය නම් එහි ප්‍රතිවිරුද්ධයයි. ඔබාමා සිය කථාවේදී කයිවාරු ගසන ඊනියා “ප්‍රකෘතිය” වාර්තාගත කොටස් මිල, ව්‍යාපාරික ලාභ හා විධායකයින්ගේ වැටුප් මගින් සලකුනු කරන හා පෙර නොවූ විරූ නිර්දය භාවයකින් දුප්පත් කමට ඇද දමන කම්කරු පන්තිය සඳහා ව්‍යසනයක් වන වෝල් වීදියට හා ධනවතුන්ට පුදන තෑග්ගකි. ඔබාමා යටතේ වෙනදාටත් වඩා වේගයෙන් ඉහල නගින එක්සත් ජනපදයේ සමාජ අසමානතාවයේ මට්ටම්, ප්‍රජාතන්ත්‍රවාදය සමඟ පෑහෙන්නේ නැත. ප්‍රචන්ඩත්වය හා භීෂනය සමග අත්වැල් බැඳගෙන පොලිස් රාජ්‍ය ව්‍යුහයන් හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලීන් ‍යොදාගන්නේ හරියටම, පැනනැ‍ඟෙමින් ඇති සමාජ ප්‍රතිරෝධයට ප්‍රතිචාර වශයෙනි.

ඔබාමා සිය පූර්ව කථා ප්‍රතිචක්‍රීයකරනය කොට දැන් යොජනා කර ඇති බොහෝ කොටම වාචික පියවර, මුලුමනින්ම ප්‍රතිගාමී ස්වභාවයක් දරයි. ඊට එක්සත් ජනපද සංගත සඳහා පිදෙන බදු විරාම හා සහන මෙන්ම උසස් අධ්‍යාපනය මහා ව්‍යාපාරිකයට යටත් කිරීම ද ඇතුලත්ය.

ආර්ථික වර්ධනය ලඟාකරගැනීම පිනිස “උඩ පහලට” යන රිපබ්ලිකානුවන්ට එරෙහිව මෙන් “මැද එලියට ගැනීම” පිලිබඳ උපදේශකයා හා නියමුවා ලෙස පෙනී සිටින ඔබාමා “පොකුරු ගසන මධ්‍යම පන්තිය” ගැන කථා කරයි. මෙම වාචාල පුරසාරම් දෙඩීමේ අරමුන, ව්‍යාපාරික පාලනයේ ඇති පක්ෂ දෙකෙ‍් ආර්ථික පිලිවෙත්වල මහා වෙනසක් තිබෙන බව මවා පෑමය. යථාර්තය නම්, කාලය හා උපක්‍රම පිලිබඳ කුමන සුලු වෙනස්කම් තිබුන ද විශ්‍රාම ගෙවීම්, සෞඛ්‍ය සහන, සෞඛ්‍ය රක්ෂන හා සමාජ සුරක්ෂිත භාවය ද ඇතුලු වැඩකරන ජනතාවගේ අතීත සමාජ ජයග්‍රහන හා ජීවන තත්වයන් මත එල්ල කරන ප්‍රහාරයේදී මේසා පරිමානයේ ද්විපාර්ශවික එකඟත්වයක් කවර කලෙකවත් තිබී නැති බවයි.

“එම මහා පසුබෑම ආරම්භවී වසර පහකට පසුව ඇමරිකාව යලි ප්‍රකෘතිමත් වීම සදහා සටනක යෙදී ඇතැයි” පවසන අතර “ආර්ථික ප්‍රකෘතිය” අගය කරන ප්‍රකාශ සමගින් ඔබාමා සිය කථාව පටන්ගත්තේය. “පසුගිය මාස 40 තිස්සේ අපගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය අලුත් රැකියා මිලියන 7.2ක් නිර්මානය කර ඇත. 1999න් පසුව පෞද්ගලික අංශයේ බලගතුම රැකියා වර්ධනය මේ වසර තුල සාක්ෂාත්කර ගැනීමට අප යොමුව සිටින්නෙමු” යයි ඔහු පුරසාරම් දෙඩීය.

සැබවින්ම නම් එක්සත් ජනපද ආර්ථිකය එහි පූර්ව පසුබෑමේ අවධියේ පැවති සේවා නියුක්ති මට්ටම් වලට වඩා බොහෝ පහලින් සිටියි. ඒ 2009 වසරේ පටන් වැඩකලහැකි වයසේ පසුවන ජනගහනය මිලියන 9.4න් වැඩිව තිබියදීය. දිගු කාලීන විරැකියාව මහා අවපාතයෙන් පසු දක්නට ලැබෙන ඉහලම මට්ටම කරා පැමින තිබේ. නව රැකියාවන්ගෙන් වැඩි කොටස වුව ද අඩු වැටුප් ගෙවන, තාවකාලික නොවේනම් අර්ධකාලීන රැකියාවන්ය.

එක තැනකදී ඔබාමා, සමාජ අසමානතාවයේ වැඩිවීම ගැන ඉඟි කලේය. “අපගේ ව්‍යාපාර නව රැකියා නිර්මානය කරමින් ලාභ වාර්තා බිඳ හෙලා ඇති නමුදු පසුගිය දස වසරේ වැඩිවූ ආදායමේ මුලු පංඟුවම වාගේ ගලා ගියේ ඉහලම සියයට 1 ජන කොටස වෙතය. 2009 පටන් සාමාන්‍ය උසස් විධායකයෙක් සියයට 40ක ආදායම් වර්ධනයක් අත්දුටුවේය. එහෙත් සාමාන්‍ය ඇමරිකානුවෙක් උපයන්නේ ඔහු හෝ ඇය 1999 ඉපැයුවාට වඩා අඩු ආදයමකි. සමාගම්, කිසියම් කාලයක් රැකියා විරහිතව සිටි අය සේවයට බඳවා ගැනීම අත්හිටුවාගෙන සිටියි.”

ඔබාමා “ප්‍රකෘතියේ පලමු දෙවසර වන 2009-2011 දක්වා ජනගහනයෙන් ධනවත්ම සියයට 1 ආදායම සියයට 11න් වැඩිවු අතරතුර අවශේෂ ඇමරිකාව පරිහානියට පත්වූ බව ද ඔහුට සඳහන් කල හැකිව තිබිනි.

කෙසේ හෝ ඔබාමා, මුදුනේ ධනය තව තවත් කඳු ගැසුනේ සිය ප්‍රතිපත්තිවල ප්‍රතිපල වශයෙන් නොවන බව ඇඟවුම් කලේය. ඒවාට, බැංකු වලට ඇප දීම, ව්‍යාපාරික බදු සහන හා මෝටර් රථ කම්කරුවන්ගේ වැටුප් කැපීම ඇතුලත්ය. ඒවා තම වැඩපිලිවෙලට රිපබ්ලිකානුවන්ගෙන් පලවූ විරුද්ධත්වය නිසා සිදුවූ දේ බව ඔහු ඇඟවුම් කලේය.

උසස් අධ්‍යාපන වියදම් නොකඩවා “ඉහලට, ඉහලට යාම” වැලැක්වීමේ මුවාවෙන් ඔබාමා, දැනටමත් කේ-12 අධ්‍යාපනයේදී භාවිතයට ගෙන තිබෙන වෙලඳපොල පදනම් කරගත් “ප්‍රතිසංස්කරන” වර්ගයක් උසස් අධ්‍යාපන මට්ටමේදී හඳුන්වා දිය යුතු යයි කියා සිටියේය.

මෙයට “උගැන්වීම අන්තර්ජාලයේ මාර්ගස්ථ අධ්‍යාපනය සමඟ කවලම්” කිරීමක් ද “සිසුන් කී දෙනෙක් එයට සම්බන්ධ වනවා ද යන්න මත නොව, ඔවුන් කී දෙනෙක් උපාධි ලබනවා ද හා ඔවුන් කෙතරම් හොඳින් එම කටයුත්තේ නිරතවනවා ද යන්න මත විද්‍යාල වලට අරමුදල් ‍සපයන නව මාර්ග” ද ඊට ඇතුලත්ය.

මේවා උසස් අධ්‍යාපනය තවත් පුලුල් ලෙස මහා ව්‍යාපාරිකයන් අතට පත් කිරීම සඳහා මූල්‍ය දිරිගැන්වීම් හා අධෛර්යමත් කිරීම පිනිස හඳුන්වා දෙන දේය. මේ අතර සහනදායක ආන්ඩුවේ සිසු නය පොලිය සියයට 10කටත් වඩා ඉහල නැංවීමට ඉඩ සලසන ද්විපාර්ශවීය පනතකට ඔබාමා පාලනය පිටුබලය ලබාදෙයි.

ෆෙඩරල් මහ බැංකුව මසකට ඩොලර් බිලියන 85ක වත්කම් මිල දී ගැනීම ක්‍රමානුකූලව අඩුකිරීම ආරම්භ කරනු ඇතැ යි 19දා බර්නන්කේ කල සඳහන මගින් අවුලුවන ලද කොටස් හා බැඳුම්කර වෙලඳපොල තුල සන්ත්‍රාසය, 20දා චීන නිෂ්පාදන කටයුතු මාස නවයක් අතුලත එහි අඩු ම මට්ටමට ලඟා වී ඇතැ යි පෙන්වන දත්ත නිකුත් කිරීම සමග සම්පාත විය.

මෙම වර්ධනයන් වර්තමාන ආර්ථික තත්වය පිලිබඳ අතිමූලික කාරනා දෙකක් වෙත ඇඟිල්ල දිගු කරයි. එනම් සමස්ත ආර්ථිකය තුල දිගට ඇදෙන අවපාතය සහ ෆෙඩරල් මහබැංකුවේ හා අනෙකුත් මහබැංකුවල නිදහස් නය නිකුතුවට ගෝලීය මූල්‍ය වෙලඳපොල අත්‍යන්තයෙන් ම ඇබ්බැහිවී සිටීම ය.

2011 නොවැම්බරයෙන් පසු එක්සත් ජනපද වෙලඳපොලෙහි විශාල ම වැටීම හමුවේ ඩව් ජෝන්ස් කාර්මික අනුපාතය ඒකක 353කින් නැතහොත් සියයට 2.34කින් පහත වැටුනේ ඊට කලින් දිනයේ ඒකක 206ක වැටීමෙන් පසුවය. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් 500 දර්ශකය සියයට 2.5කින් වැටුන අතර නැස්ඩැක් කොම්පසිට් දර්ශකය සියයට 2.3කින් වැටුනි. එස්ඇන්ඩ්පී සියලු ම අංශ සියයට දෙකකට වඩා වැඩියෙන් වැටුනි.

මූල්‍ය වෙලඳපොලේ වැටීම පිටුපස දවස ආරම්භයේ දීම යුරෝපයේ හා ආසියාවේ විකුනා දැමීම් පැමිනියේය. එක්සත් රාජධානියේ ෆුට්සි 100 දර්ශකය සියයට 2.98ක පාඩුවක් ද ජර්මන් ඩැක්ස් සියයට 3.28ක පාඩුවක් ද පෙන්වී ය. ආසියාව තුල හොංකොං හැන්ග් සෙන්ග් සියයට 2.88කින් ද ජපාන නිකේ දර්ශකය සියයට 1.1කින් ද වැටුනි.

20දා උදෑසන විවෘත කිරීමත් සමග ආසියානු වෙලඳපොල තවත් පහතට ලුහුටා ගිය අතර නිකේ සියයට 2කින් ද, හැන්ග් සෙන්ග් සියයට 1.2කින් ද වැටුන අතර ඕස්ට්‍රෙලියානු ඕල් ඕඩිනරීස් ඉන්ඩෙක්ස් 0.70කින් වැටිනි.

20දා විකුනා දැමීම් මගින් සියලු ම ප්‍රධාන භාන්ඩවලට පහර වැදුනි. රත්‍රන් ඉදිරි ගනුදෙනු දර්ශකය අවුන්සයකට ඩොලර් 1300 සීමාවෙන් ද පහත වැටුනේ අවුරුදු දෙක හමාරක් තුල අවම මට්ටම සලකුනු කරමිනි. සුලු වශයෙන් ප්‍රකෘතිමත් වීමට පෙර, 2010ට පසු පහල ම මට්ටමට ලඟාවෙමින් දවස තුල රිදී අගය සියයට 9.7කින් වැටුනි. 20දා විකුනා දැමීම්වලට පෙර රත්‍රන් මිල ගනන් ඒ වන විටත් සියයට 18කින් වැටී තිබුන අතර එය 2000න් පසු රත්‍රන් වටිනාකම වාර්ෂිකව පහත වැටීමේ ආරම්භය විය හැක.

සෑම කාල සීමාවක හා වර්ගයක බැඳුම්කර ඇතුලුව සෑම වත්කම් කාන්ඩයක් ම තියුනු ලෙස වැටුනි. දවස තුල දස අවුරුදු එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් මැයි මාසයේ සියයට 1.61 සිට සියයට 2.7ක් තරම් ඉහල නැඟුනු අතර කොටස් විකුනා දැමීම් තීව්‍ර වීමත් සමග පසු බැස්සේය.

නැගී එන වෙලඳපොලවල මුදල් ඩොලරයට සාපේක්ෂව දිගට ම ඇද වැටුනි. ඉන්දියානු රුපියල සියයට 2කින් නව පහල මට්ටමකට ද තුර්කි ලීරාව සියයට 1.8කින් ද වැටුනි. කොරියානු, රුසියානු , පෝලන්ත හා දකුනු ඇමරිකානු මුදල්වලට සාපේක්ෂව ඩොලරය සියයට එකකට වඩා ඉහල ගියේ ය.

නිෂ්පාදන කටයුතු පිලිබඳ මිනුමක් වන එච්එස්බීසී මැනේජර්ස් ඉන්ඩෙක්ස් ෆෝර් චයිනා (පීසීඅයි) ප්‍රාරම්භක සංඛ්‍යා මැයි මාසයේ 49.2 සිට මෙම මාසයේ දී සියයට 48.3කට වැටුනි.මෙය මාස නවයක් තුල අඩු ම සංඛ්‍යාව යි. පලමු කාර්තුවේ දී සියයට 7.7ක වර්ධන අනුපාතයක මන්දගාමී තත්වයක පැවති චීන ආර්ථිකය දෙවැනි කාර්තුවේ දී ද දිගට ම මන්දගාමී වේ යැයි අපේක්ෂා කෙරේ.

20දා ම නිකුත් කෙරුනු මාර්කිට් ප්ලෑෂ් යුරෝ සෝන් පීඑම්අයි දර්ශකය සුළු වශයෙන් යහපත් වූ නමුදු අඟවන්නේ යුරෝපා ආර්ථිකය දිගට ම ඇන හිට පවතින බව යි.

ආර්ථික මන්දගාමිත්වය හා බැඳුම්කර විකුනා දැමීම චීනය තුල ප්‍රාග්ධන හිඟයක් අවුලුවා ඇත. මෙහි එක් රැයකින් අන්තර්-බැංකු නය දීමේ අනුපාතය සියයට 13.1ට ලඟා වීම ඉහල ම වාර්තාවක් වන අතර එය ඊට පෙර දිනට වඩා සියයට 5.98කින් ඉහල යාමකි.

එක්සත් ජනපදය තුල දත්ත යහපත් වූයේ නැත. ෆෙඩරල් මහබැංකු සභාපති බර්නාන්කේ එක්සත් ජනපද ආර්ථිකය හා රැකියා වෙලඳපොල සඳහා යහපත් වර්ධනයක් වාර්තා කලාට පසු දින කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ, විරැකියා ප්‍රතිලාභ සඳහා ආරම්භක ඉල්ලුම්පත් සංඛ්‍යාව පසුගිය සතියේ 354,000 දක්වා 18,000න් නොසිතූ ලෙස ඉහල ගිය බව යි.

ගිලෙන බැඳුම්කර වෙලඳපොල කසල බැඳුම්කරවලට විශේෂයෙන් තදින් බලපාන්නේ අර්බුද ග්‍රස්ත සමාගම් බංකොලොත්වීමේ හැකියාව ඉහල නංවමිනි. විශාලත ම කසල බැඳුම්කර අරමුදල වන ඉෂාරෙස් අයිබොක්ස් හයි යීල්ඩ් කෝප් බොන්ඩ් බැඳුම්කර සියයට 1.5කින් වැටුනි.

“අතිරේක ලාභ පසුපස පමනක් දුවමින් මෙම සමාගම් නයෙහි ගුනාත්මක තත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකල, ඉහල ආදායම් බැඳුම්කර මිල දී ගැනීමට පෙල ගැසුනු සියලු ම පුද්ගලයන් දැන් උත්සාහ කරන්නේ එයින් ‍ෙගාඩ ඒමට” යයි ජීඑම්පී සෙකියුරිටි හි ඒඩ්‍රියන් මිලර් ෆියිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයට කීවේ ය.

ආර්ථික තත්වයන් දිගට ම වර්ධනය වන්නේ නම් “ඊ ලඟ රැස්වීම් කීපයේ දී” ෆෙඩරල් මහ බැංකුව වත්කම් මිල දී ගැනීම අඩු කිරීමට ඉඩ ඇතැයි බර්නාන්කේ කොන්‍ග්‍රස් මන්ඩලයට ප්‍රකාශය හමුවේ මැයි 22දා සිට බැඳුම්කර මිල ගනන් ගිලෙමින් පවතී.

19දා නිකුත් කල සංශෝධිත ආර්ථික පුරෝකතනයක් තුල, ෆෙඩරල් මහ බැංකු ප්‍රතිපත්ති සම්පාදක ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව (එෆ්ඕමසී) එහි 2013 විරැකියා අනුපාතය සියයට 7.4 සිට සියයට 7.25 දක්වා පහත හෙලූ අතර නිගමනය කලේ, ආර්ථික වෘද්ධිය 2013දී සියයට 2.45ක් හා 2014දී සියයට 3.25ක් වනු ඇති බව යි. එය වර්තමාන වෙලඳපොල අපේක්ෂාවන්ට වඩා සැලකිය යුතු තරම් ඉහල ය.

ෆෙඩරල් මහ බැංකු නිල පුරෝකතන ශුභවාදී වූ අතර එක්සත් ජනපද පාලක පන්තියේ සැලකිය යුතු කොටසක් උත්සුක වන්නේ ගෝලීය අවපාතයක, විශේෂයෙන් ම ආසියාවේ හා යුරෝපයේ අවපාතයක සංඥා හා එක්සත් ජනපද ආර්ථිකය තුල අවපාතයේ හොල්මන ගැන ය. අනෙක් අතට, වෝල් වීදිය ආර්ථික වර්ධනය හා රැකියා අපේක්ෂාවන් මත මොනයම් හෝ සැලකිය යුතු දියුනුවක් ගැන බිය මුසුව බලන්නේ සුපිරි ලාභ සහනාධාර සපයන හා විධායක වැටුප් පොට්ටනි නංවන සීමාරහිත හා ආන්තික ලාභ තටාකයේ කරාමය වසති යි යන බිය නිසා ය.

වත්කම් මිල දී ගැනීමේ වැඩ සටහන ක්‍රමනානුකූලව පහත හෙලනු ඇතැ යි යන ෆෙඩරල් මහ බැංකුවේ ඇඟවුම් පිටුපස පවතින්නේ මූල්‍ය පද්ධතිය තුලට පොම්ප කර ඇති දැවන්ත මුදල් කන්දරාව 2008 අර්බුදය අඟුටුමිටි කල හැකි මූල්‍ය බිඳවැටීමක තර්ජනය ගෙනෙන විශාල පරිමාවක සමපේක්ෂන බුබුලක් නිර්මානය කරනු ඇතැ යි යන කනස්සල්ල යි.

19දා හා 20දා ගෝලීය වෙලඳපොල තුල වැටීම, වත්ක‍ම් බුබුලු පිපිරීමට පටන් ගනු ඇතැ යි වැඩෙන කනස්සල්ල මධ්‍යයේ මූල්‍ය වෙලඳපොලවල් මත පැලපදියම්ව ඇති භිතියේ හා සන්ත්‍රාසයේ ප්‍රකාශනයකි.

පසු ගිය දින දෙකේ වෙලඳපොල සන්ත්‍රාසය ප්‍රදර්ශනය කරන්නේ 2008 මූල්‍ය දියවීමට මග පෑදූ අධස්ථ කාරනා කිසිවකට අවධානය යොමු කර නැති බව යි. විසඳීම ගැන කවර කතා ද? මොන යම් හෝ සැබෑ ආර්ථික ප්‍රකෘතියක් පන ගැන්වීමකින් තොර ව ආන්ඩු හා මහ බැංකු කර ඇත්තේ, එක් අතකින් මූල්‍ය ප්‍රභූව තවදුරටත් පොහොසත් කරන අතර අනෙක් අතින් ම්ලේච්ඡ ලෙස කම්කරු පන්තියට පහර දෙමින් ගෝලීය ආර්ථිකයේ ප්‍රතිවිරෝධන් හුදෙක් කඩදාසිවලින් වැසීම පමනි.

මූල්‍ය අර්බුදයේ මෑත ම අර්බුදයට පාලක පන්තියේ ප්‍රතිචාරය වන්නේ සමාජ වැඩසටහන්, කම්කරුවන්ගේ රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් මත ප්‍රහාරයන් තීව්‍ර කිරීම යි.

Share this article: