වාර්තාගත විරැකියාව හමුවේ යුරෝපය වඩාත් කප්පාදුවට එලැඹෙයි

More austerity in Europe in face of record unemployment

කි‍්‍රස්ටෝපර් ඩෙ‍්‍රයර් විසිනි, 2013 ජූනි 1

යුරෝ මුදල භාවිත කරන කලාපය තුල විරැකියාව දෙවසරක් තුල වාර්තා වූ ඉහලම මට්ටම් කරා අපේ‍්‍රල් මාසයේ දී සේන්දු විය. යුරෝපයේ යුරෝස්ටැට් සංඛ්‍යාලේඛන ඒජන්සිය විසින් මැයි 31දා ප‍්‍රසිද්ධ කල නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව විරැකියා අනුපාතය, මාර්තුවේ පැවැති සියයට 12.1ක සිට පසුගිය මාසයේ දී සියයට 12.2 දක්වා ඉහල නැග ඇත. තරුන කම්කරුවන්ගෙන් සියයට 24.4ක් ම රැකියා විරහිතයෝ වෙති.

ඉහලම විරැකියා අනුපාත වාර්තාවන්නේ, 2008 පටන් අවපාතයේ ගැඹුරටම ගිලී ගිය දකුනු දිග රටවලය. ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ සියයට 27.0ක විරැකියා අනුපාතයක් ඇති ගී‍්‍රසියයි. ලැයිස්තුවේ ඉහලින්ම ඇති ග‍්‍රීසියේ විරැකියා අනුපාතය සියයට 27ක් වේ. ගී‍්‍රක ආර්ථිකය මේ වසරේ දී සියයට 4.2කින් හැකිලෙනු ඇතැයි ගනන් බලන අතර එහි රැකියාවක් නැති තරුනයන්ගේ ප‍්‍රතිශතය සියයට 62.5ක් වන තිගැස්සෙන සුලු මට්ටමක පවතී.

දෙවැන්න රැකියා විරහිත අනුපාතය සියයට 26.8ක් ද තරුනයන් අතර විරැකියාව සියයට 56.4ක් ද වූ ස්පාඤ්ඤයයි. පෘතුගාලයේ (විරැකියා අනුපාතය සියයට 17.8ක් හා තරුනයන් අතර විරැකියාව සියයට 42.5ක්), සයිප‍්‍රසයේ (සියයට 15.6ක් හා සියයට 32.7ක්) සහ ඉතාලියේ (සියයට 12ක් හා සියයට 40.5ක්) ද මේ අයුරින් ම අතිශය ඉහල විරැකියා අනුපාත වාර්තා වෙයි.

එපමනක් නොව, මෑත සතිවල දී නගරාසන්න තරුනයන්ගේ කැරලි වාර්තා වූ ස්වීඩනයේ ද වයස අවුරුදු 25ට අඩු තරුනයන්ගෙන් හතරෙන් පංගුවක් රැකියා විරහිතයෝ වෙති. ජර්මනියේ විරැකියා අනුපාතය සියයට 5.4ක් ලෙස සාපේක්ෂව අඩු අගයක් වාර්තා කර ඇතත්, ජර්මනියේ ජාතික සංඛ්‍යා ලේඛන ඒජන්සිය මේ අගයට පටහැනිව සියයට 6.8ක ප‍්‍රතිශතයක් තක්සේරු කරයි.

ප‍්‍රන්සයේ ජනගහනයෙන් සියයට 11කට රැකියාවක් නැත. තරුනයන්ගෙන් අවම වශයෙන් සියයට 26.5ක් රැකියා විරහිතයහ. මේ සංඛ්‍යාව පසුගිය මාස 24 පුරා ම නිරතුරුව වැඩිවෙමින් පැවතිනි. ප‍්‍රන්සයේ ආර්ථිකය මේ වසරේ සියයට 0.1ක අවපාතයකට මුහුන දෙතැයි අපේක්ෂා කෙරේ.

යුරෝස්ටැට් ආයතනයේ මේ නිල සංඛ්‍යාවන්ට යුරෝපයේ සැබැවින්ම රැකියාවක් නැති සෑම පුද්ගලයෙකුම ඇතුලත් වී නැත. එලැඹි සෑම සතියකදී ම රැකියාවක් සොයා නොගිය දීර්ඝ කාලීන රැකියා වියුක්තිකයන් ගනනයට නොගැනීම මගින් ඔවුහු සමස්ත රැකියා වියුක්තිය අඩු කොට දක්වති. මේ නිසා, රැකියා විරහිත කම්කරුවන් සංඛ්‍යාව පිලිබඳ සැබෑ ඉලක්කම් මීට ද ඉහල අගයක පවතිනු විය යුතුය.

විරැකියාවේ මෙම වැඩිවීම හා බොහෝ රටවල පවත්නා ගැඹුරු අවපාතය, යුරෝපා සංගමය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කුරිරු කප්පාදුවල ප‍්‍රතිඵලයකි. ගී‍්‍රසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය හා ඉතාලිය වැනි රටවල් පසුගිය පස් වසර පුරා සිය වියදම් කපා හරිමින්, ලක්ෂ ගනන් රාජ්‍ය සේවකයන් රැකියාවලින් නෙරපා හැර, ඉතිරි සේවකයන්ගේ ද වැටුප් බොහෝ සෙයින් කපා දැමීමට කි‍්‍රයා කර ඇත.

විරැකියාව හා වැටුප් කප්පාදු විනා යුරෝපා මහාද්වීපයේ තරුනයන්ට ලබා දීම සඳහා අනෙකක් එහි පාලක ප‍්‍රභූව සතුව නොපවතී. මෙම නව සංඛ්‍යාවන් ප‍්‍රසිද්ධියට පත් කිරීමට දින ගනනක් තිබිය දී, යුරෝපා සංගමය තුල තරුන විරැකියාව හා පොර බැදීමේ සැලැස්මක් ඉදිරිපත් කල ජර්මනියේ, ඉතාලියේ හා ප‍්‍රන්සයේ ප‍්‍රධාන පෙලේ දේශපාලනඥයන් විසින් ඒ බව අවධාරනය කොට ඇත.

මහත් ඝෝෂාවකින් යුතුව ගෙන එන ලද එකී සැලැස්ම, සැබැවින්ම තව තවත් කප්පාදු හා සමාජ සේවාවන් එල්ල කොට ගත් ප‍්‍රහාරයන් සඳහා වූ න්‍යාය පත‍්‍රයක් පමනක් ම විය.

ජර්මන් මුදල් ඇමති වොල්ෆ්ගැන් ෂූබ්ල්, කම්කරු ඇමති උර්සුලා වොන් ඩර් ලෙයන් හා ප‍්‍රන්සයේ ඔවුන් හා සමානයින් වූ පියරේ මොස්කොවිසි සහ මිෂෙල් සැපින් ද පසුගිය මැයි 28දා කෝටිපති ආයෝජක නිකොලස් බර්ගෘවන් විසින් සංවිධානය කොට පැරීසියේ පවත්වන ලද සමුලුවක් අමතා කථා කලෝය. එදිනම, මේ සිව් දේශපාලනඥයෝ විරැකියාවට එරෙහි පියවර සම්බන්ධයෙන් සිය අදහස් සුඩොෂ් සෙයිතුං නම් දිනපතා ජර්මන් පුවත්පතේ පල කලෝය.

මේ ලිපියේදී ඔවුහු "රාජ්‍ය අයවැයකරය තහවුරු කිරීමේ මග නොහැරිය හැකි කටයුත්ත” ලෙස මෙන් ම, "ප‍්‍රහාරකාරී ලෙස, ධෛර්යමත්ව හා දුර දක්නා සුලු අයුරින් ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන සිදු කිරීම” ලෙස ද ඔවුන් හඳුන්වන දේ මුල පටන්ම ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙති. එමගින්, "ලෝක පරිමාන තරගකාරීත්වයේ” කොන්දේසි යටතේ මහාද්වීපයේ ආර්ථික පැවැත්ම තහවුරු කර ගත හැකිවේය යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

මේ විස්තරය වූ කලී, ජර්මන් රජය විසින් සමාජ සේවා කප්පාදු කිරීමේ සිය 2010 න්‍යායපත‍්‍රයෙන් කි‍්‍රයාවට ලූ ආකාරයේ නව්‍ය, ගැඹුරු ප‍්‍රහාර මාලාවක් සමාජ සේවාවන් මත එල්ල කිරීම සඳහා වූවකි. මේ ප‍්‍රතිසංස්කරන හේතු වූයේ වැටුප්වල තියුනු පහත දැමීම්වලට හා කම්කරු අයිතීන් වනසා ලීමටය. අද දින ජර්මන් කම්කරුවන්ගෙන් හතරෙන් පංගුවකට වැඩි කොටසක් නියැලී සිටින්නේ අඩු වැටුප් සහිත රැකියාවලය.

උක්ත ලේඛනයට අනුව මෙකී පිලිවෙත, තරුනයන්ගේ සුබසිද්ධිය උදෙසා ”රැකියා නියුක්තිය හා වර්ධනය සඳහා වූ ආවේගයන්” මගින් ඌන පූරනය කල යුතුව ඇත. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ගනු ලැබෙන සංයුක්ත පියවරයන් දෙස බැලූ කල පෙනී යන්නේ ඒවා, කතුවරුන් විසින් මුල දී පිලිගන්නා ලද සමාජ ප‍්‍රහාරයන්හි සාහසික පිලිවෙත් ආවරනය කිරීමට යොදාගන්නා පිට වැස්මකට නොවැඩි දෙයක් බවයි.

ප්‍රෝත්සාහක වියදම් සඳහා යුරෝ බිලියන 6ක් වැය කිරීමට අපේක්ෂිත යුරෝපා කොමිසමේ වත්මන් සැලසුමට සහාය පල කරන අතර, තරුනයන් වෙනුවෙන් එක් යුරෝවක්වත් වැය කරන බවක් ඔවුන් නිවේදනය කලේ නැත. ඔවුන් නිවේදනය කලේ යුරෝපා ආයෝජන බැංකුව විසින් ලබා දෙන යුරෝ බිලියන 60ක නය වැඩ පිලිවෙලක් පිලිබඳව පමනෙකි. මෙම නයවලින් කොටසක් මධ්‍ය පරිමාන සමාගම්වලට ලබා දිය යුතුයැයි දේශපාලකයෝ පැවසූහ.

මැයි 29දා යුරෝපා කොමිසම රඟ දැක්වූයේ ද එම නාටකයම ය. සියලු යුරෝපීය රටවල් තව තවත් සමාජ වියදම් කපා හැරිය යුතුයැයි ඔවුහු බල කර සිටියෝය. කොමිසමට අනුව ජර්මනිය "යුරෝපය මධ්‍යයේ ඇති ශක්තිමත් ආර්ථිකයක්” ලෙස දිගටම පවතිනු වස් එහි වැටුප් නොවන ශ‍්‍රම පිරිවැය, එනම්, සමාජ වියදම්, කපා දැමීමත් ආහාර හා අනෙකුත් මූලික ද්‍රව්‍ය සඳහා බදු වැඩි කිරීමත් සිදු කල යුතුය.

තව ද, ප‍්‍රන්සයේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය ප‍්‍රතිසංශෝධනය කිරීම ආරම්භ කිරීමටත් ශ‍්‍රම පිරිවැය ඉදිරි මාස 18 තුල සැලකිය යුතු ලෙස අඩු කිරීමටත් කම්කරුවන්ගේ සමාජ අයිතීන් වැනසීම තීව‍්‍ර කිරීමටත් යුරෝපා කොමිසමේ සභාපති ජොසේ මැනුවෙල් බරොසෝ ප‍්‍රන්ස රජයට අභියෝග කලේය. ඊට හිලව් වශයෙන්, යුරෝපා සංගමය සිය රෙගුලාසිවලින් අනවා ඇති පරිදි අයවැය හිඟය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 3ක මට්ටමට ගෙන ඒමට තවත් අවුරුදු දෙකක් ප‍්‍රන්සයට ලබා දීමට යුරෝපා සංගමය සූදානම්ය.

"තරගකාරීත්වය සඳහා වූ ප‍්‍රන්සයේ ධාරිතාව පසුගිය වසර 10 තුල, ඇතැම්විට පසුගිය වසර 20 තුල ම එයට අහිමි වී ඇතැ”යි බරොසෝ පැවසීය. "ප‍්‍රන්සයට අප දෙන පනිවුඩය බෙහෙවින් අවධානයට ලක් වියයුතු එකකි.”

අයවැය හිඟයේ උඩත් සීමාව පිලිබඳ ව ජූනි අවසානයේ පැවැත්වෙන යුරෝපා මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමක දී අවසාන තීරනයකට ඒමට නියමිතය.

බ‍්‍රසල්ස් වෙතින් එන "ආඥාවක්” නොපිලිගන්නාබව ප‍්‍රන්ස ජනාධිපති ෆ‍්‍රන්සුවා හොලන්ඬේ ප‍්‍රකාශ කල නමුත්, නොවරදින සුලු අයුරින් ඔහු පැහැදිලි කොට ඇත්තේ, අයවැය හිඟය හා සමාජ පිරිවැය කපා හැරීම සඳහා වන ඉල්ලීම් ඉටු කිරීම ඔහුගේ ඉලක්කය බවයි. ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් (සීඩීයූ) සමග පැවැති රැස්වීමක දී ඔහු පැවසුවේ මෙසේය: "කිසිදු තහංචියක් නැත. සිදු කල යුතුව ඇති ප‍්‍රතිසංස්කරන සියල්ල සිදු කෙරෙනු ඇත.” සතියකට ඉහත දී ජර්මානු 2010 න්‍යායපත‍්‍රය "අභිවෘද්ධිය” ලෙස වග වර්නනා කල හොලන්ඬේ එය, "රැකියා සුරැකීම සඳහා සහ සමාජ හා සංස්කෘතික වෙනස්කම් අපේක්ෂාවෙන් ගෙන එනු ලබන ධෛර්ය සම්පන්න ප‍්‍රතිසංස්කරනයන්”හි එකමුතුවකැයි විස්තර කලේය.

යුරෝපා සංගම් කොමිසමේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සෘජු පාලනය යටතේ කි‍්‍රයා කරන ගී‍්‍රක රජය, කම්කරුවන් 2,000ක් දොට්ට දැමීම කි‍්‍රයාවට නංවන බව දැන් නිවේදනය කරයි. මෙම පියවර, රාජ්‍ය අංශයේ කම්කරුවන් 15,000ක් රැකියාවලින් නෙරපීමේ සැලසුම්වල කොටසකි.

අනෙකුත් කප්පාදු පියවර අතර, පොදු පුස්තකාල 45ක පමන ප‍්‍රමානයක් වසා දැමීමට නියමිත බවට වන වාර්තා ද පවතී. මේ වූ කලී රාජ්‍ය අංශයේ රැකියා 150,000ක් අහෝසි කර දැමීමේ සැලසුමේ කොටසකි. සේවයෙන් නෙරපා හැරීම් මගින්, පෞද්ගලීකරනයෙන් හා අලුත් බඳවා ගැනීම් නොකරමින් ද ක‍්‍රමයෙන් ශ‍්‍රම බලකාය ක්ෂයවීමට සැලැස්වීමෙන් ද මේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ. තරුනයන් අතරින් සියයට 62.5ක් රැකියා විරහිතව සිටින තතු යටතේ, මෙම සැලැස්මේ ඇති පරපීඩාකාමී හා විනාශකාරී ස්වභාවය වෙසෙසින් ම පැහැදිලිව පෙනී යයි.

ඒ අතරතුර, තරුනයන් සඳහා අවම මාසික වැටුප යුරෝ 427ට අඩු කිරීමේ සැලසුමක් කි‍්‍රයාවට නැංවීමට ගී‍්‍රසිය සැරසේ. "වර්ධනය සඳහා වූ ආවේෂයක්” සැපයීමකැයි කියනු ලබන මෙය පදනම් වී ඇත්තේ, තරුනයන් රැකියාවලට යොදා ගැනීමට ව්‍යාපාර හිමියන් දිරිමත් කරවීම මතය. එසේ ව්‍යාපාරිකයන් තරුනයන්ට රැකියා ලබා දීමට පෙලඹෙතැයි අපේක්ෂා කෙරෙන්නේ වහල් වැටුප් ගෙවා ඔවුන් සූරාකෑමට හැකි නිසාය.

මහාද්වීපයේ සෑම රටක්ම සම්බන්ධයෙන් පාලක ප‍්‍රභූවට ද, යුරෝපා සංගම් ආයතනයට ද ඇති වැඩ පිලිවෙල එයයි.

Share this article: