එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ආසියාව තුල මිලිටරි ගොඩනැගීම් වර්ධනය කිරීමේ සැලසුම් හෙලි කරයි

US defence secretary outlines military build-up in Asia

පීටර් සිමන්ඩ්ස් විසිනි , 2013 ජූනි 03

ඔබාමා පරිපාලනයේ ඊනියා "ආසියාවට හැරීම” එක්සත් ජනපද මිලිටරි සන්ධානයන් හා මූලෝපායික හවුල් ශක්තිමත් කිරීම මෙන් ම සමස්ත ඉන්දියා-පැසිෆික් කලාපය තුල ඇමරිකානු මිලිටරි ප‍්‍රතිව්‍යුහකරනය හා යලි ස්ථානගත කිරීම් අඩංගු කර ගනී.

2020 වන විට පෙන්ටගනය එක්සත් ජනපද නාවික බලයෙන් සියයට 60ක් ඉන්දියා- පැසිෆික් කලාපයට මුදා හරිනු ඇති බව ගිය වසරේ ෂැන්ග‍්‍රි-ලා සාකච්ඡාවල දී හිටපු ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා නිවේදනය කලේ ය. එසේ ම එක්සත් ජනපද ගුවන් හමුදාව "මහද්වීපික එක්සත් ජනපදයේ සිට මුදා හරින නවීන යුද ගුවන් යානා සහ බෝම්බ ප‍්‍රහාරක යානා ඇතුලත් ඔවුන්ගේ විදේශගත භට කන්ඩායම්වලින් සියයට 60ක් ආසියා- පැසිෆික් කලාපයේ ස්ථානගත කරන බව ද” හැගෙල් 01දා ප‍්‍රකාශ කලේ ය.

ආසියාව තුල ඇමෙරිකානු මිලිටරි මැදිහත් වීම පුලුල් කිරීමට මූල්‍ය කප්පාදුව බල නො පාන බව හැගෙල් එක්සත් ජනපද මිත‍්‍ර පාර්ශවය ට නැවත නැවතත් සහතික කලේ ය. "අතිශය සීමාන්තික අයවැය සැලසුම් යටතේ වුව ද එක්සත් ජනපද මිලිටරිය ගෝලීය ආරක්ෂක වියදම්වලින් සියයට 40කට ආසන්න ප‍්‍රමානයකට දිගට ම වග කියනු ඇතැ” යි ඔහු සඳහන් කලේ ය. වෙනත් වචනවලින් කිවහොත් එක්සත් ජනපද මිලිටරි වියදම් චීනය ද ඇතුලු ඕනෑම රටක් ඒ සඳහා කරන වියදම් අඟුටුමිට්ටන් බවට පත් කරයි.

මේ වසරේ පස් අවුරුදු අයවැය සැලැස්ම යටතේ, සබ්මැරීන්, දිගු විහිදුම් බෝමබ හෙලන යානා සහ කැරියර් ස්ට‍්‍රයික් ගෲප් නමින් හැඳින්වෙන ප‍්‍රහාරක කන්ඩායම් (යුද භටයන් 7,500ක් සමග යුද නැව් යුද ගුවන් යානා මිසයිල් හා අනෙකුත් යුද උපකරන ඇතුලත් එක්සත් ජනපද නාවික හමුදා ඒකක වැනි "විශාල ප‍්‍රදේශයක බලය ප‍්‍රක්ෂේපනය කල හැකි හා ක්ෂනයකින් ක‍්‍රියාත්මක කල හැකි භට සේනා සඳහා ප‍්‍රමුඛත්වය දී ඇත."පැසිෆික් කලාපයට අපගේ ඉතා දියුනු වේදිකාවන්ගේ වර්ධනයන්ට අප ප‍්‍රමුඛතාවය ල

බා දෙන විට කලාපය මෙම හැකියාවන්ගෙන් බොහෝමයක් දැක ගනු ඇත” යි ඔහු තවදුරටත් ප‍්‍රකාශ කලේ ය.

සිංගප්පූරුවේ නතර කර තැබීමට නියමිත වෙරලබඩ ප‍්‍රහාරක නෞකා හතරෙන් පලමු වැන්න අපේ‍්‍රල් මාසයේ එහි ලඟාවී චැංජි නාවික පර්යන්තයේ රැඳවූ අවස්ථාවේ එක්සත් ජනපද මිලිටරි වර්ධනයන් දැකගත හැකි විය. හැගෙල් 02 දා යූඑස්එස් ෆ‍්‍රීඩම් නැවල වෙරලාසන්නයේ ක‍්‍රියාත්මක වන සහ මුහුදේ ඇති බෝම්බ ඉවත් කිරීමේ සිට සබ්මැරීන් නාශක සංග‍්‍රාම දක්වා විවිධ කාර්යයන් පරාසයක් සඳහා සැලසුම් කෙරුනු නොගැඹුරු මුහුදේ ක‍්‍රියාත්මක යුද නැව දැක බලා ගත්තේ ය.

සිය කථාවේ දී, ඇතැම් බලහත්කාරී සයිබර් රිංගා ගැනීම් වලට "චීන ආන්ඩු ව හා මිලිටරිය සම්බන්ධ වී ඇති බව පෙනී යන්නේ” යැ යි දෝෂාරෝපනය කරමින් හැගෙල්, එක්සත් ජනපදයට එරෙහි සයිබර් ඔත්තු බැලීමෙහි යෙදීම ගැන සෘජුව ම චීනයට චෝදනා කලේ ය. ඔහුගේ ප‍්‍රකාශ ආර්ථික හා විදේශ ප‍්‍රතිපත්තියේ ලිහිලක් ඇති කරන ලෙස මෑත දී පත්වූ චීන නායකත්වයට පීඩනය දැමීමේ එල්ලය සහිත ව වොෂින්ටනය විසින් උත්සන්න කෙරෙන ව්‍යාපාරයක කොටසකි. බීජිනය තමන් අපරාධකාරයා නො ව සයිබර් ප‍්‍රහාරයේ ගොදුර බව සඳහන් කරමින් යලි යලිත් එම චෝදනා හෙලා දුටුවේ ය.

චීන අගමැති ෂි ජින්පින් මෙම සති අන්තයේ දෙදින සාකච්ඡාවක් සඳහා කැලිෆෝනියාවේ දී ඔබාමා මුනගැසීමට නියමිත ය. එක්සත් ජනපද ජනාධිපති විසින් සයිබර් ආරක්ෂාවත් එමෙන් ම උතුරු කොරියාවට එරෙහි දැඩි පියවර ගැනීමත් පිලිබඳ ව ෂි ජින්පින්ට බලකෙරෙනු ඇති බව දැනටමත් එක්සත් ජනපද නිලධරයන් ඇඟවුම් කර ඇත. එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා "තීරනාත්මක සන්ධිස්ථානයකට” පැමින ඇතැ යි පසුගිය මැයි 27 දා බීජිනයේ දී එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක කොන් ඩොනිලන්ඩ් හමුවෙන් අනතුරුවල උත්සන්න වෙමින් පවතින ආතතිය ගැන සඳහන් කරමින් ක්ෂී ප‍්‍රකාශ කලේ ය.

01 දා සිංගප්පූරුවේ පැවති රැස්වීමේ දී චීන මේජර් ජෙනරාල් යා ඕ යුන්ෂුල ඔබාමාගේ "ආසියාවට හැරීම” හෙවත් "යලි තුලනය වීම” චීනයට එරෙහිව එල්ල කෙරුනක් නො වේ ය යන වොෂින්ටනයේ ප‍්‍රකාශයට අභියෝග කලා ය. "ඔබ චීනයට සහතික වන්නේ කෙසේ ද? මිත‍්‍ර පක්ෂයන්ට සහතික වීම හා චීනය සමග සාධනීය සබඳතා සහතික කිරීම යන එකිනෙකට වෙනස් අරමුනු දෙකක් තුලනය කරන්නේ කෙසේද?” ඇය ඇසුවා ය.

හැගෙල්, එක්සත් ජනපදය "ශක්තිමත්, නැගී එන සහ වගකීම් සහගත චීනයක් සාදරයෙන් පිලිගන්නා” බව අවධාරනය කරමින් ප‍්‍රශ්නය පසෙකට අතුගා දැමුවේ වුුව ද ඔහුගේ කථාවේ අන්තර්ගතය විසින් ඉහත ප‍්‍රතිචාරය සාවද්‍ය කෙරුනි. ඔහුගේ විස්තර විභාගයන් චීනය සමග වන ආතතීන් ලිහිල් කිරීම වෙනුවට මිත‍්‍ර පාර්ශවය හා මූලෝපායික සහචරයන් බීජිනයට එරෙහි ව වඩාත් ශක්තිමත් ලෙස පිහිටුවීමට උනන්දු කරවීය. නැගෙනහිර චීන මුහුදේ සහ දකුනු චීන මුහුදේ චීනයට එරෙහි ව ජපානය හා පිලිපීනය භූමි භාග සඳහා අයිතිවාසිකම් කීම මගින් දැනටමත් මෙය අනතුරුදායක ගැටුම්වලට මග පාදා ඇත.

සත්තකින් ම කලාපයේ සෑම රටක් සමග ම චීනයේ වියදමින් මිලිටරි සබඳතා දැඩි කිරීමේ එක්සත් ජනපද ප‍්‍රයත්නයන්ගේ පරිමාව හැගෙල් තම කථාවේ දී ඇඟවූම් කලේය.

ජපානය සමග "අපගේ හමුදා වැඩ කටයුතු හා මිත‍්‍ර පක්ෂයේ මිසයිල් ආරක්ෂන හැකියාවන් යලි ගොඩ නැගීම” සම්බන්ධයෙන් සැලකිය යුතු ප‍්‍රගතියක්” මෙන් ම ඉන්දියාව, දකුනු කොරියාව සහ ඕස්ටේ‍්‍රලියාව සමග වඩා ඉහල සහයෝගීතාවක් එක්සත් ජනපද ආරක්ෂක ඇමති ඉස්මතු කර දැක්වීය. "අපගේ නාවික භටකායන්ට ඒකාබද්ධ ක‍්‍රියාන්විත පිලිබඳ අත්දැකීමක් ලබා දෙමින් "මේ වන විට ඕස්ටේ‍්‍රලියානු යුද නැවක් ජපානයේ ස්ථානගත කර තිබෙන එක්සත් ජනපද වාහක ප‍්‍රහාරක කන්ඩායමකට ඇතුල්ව තිබීම ගැන ඔහු විශේෂයෙන් සඳහන් කලේ ය.

උතුරු ඕස්ටේ‍්‍රලියාවේ ඩාර්වින් හි ස්ථානගත එක්සත් ජනපද නාවික භට කන්ඩායමේ ප‍්‍රමානය 2014 මැද භාගය වන විට 250 සිට 1,100 දක්වා ඉහල යාමට නියමිත බව එහිදී පෙන්වා දුනි. පෙන්ටගනයත් පිලිපීනය සමග මූලික විධිවිධාන ඇති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියි. වෝල් ස්ටී‍්‍රට් ජර්නලයට අනුව වසර අවසානයේ දී මෙම කටයුතු අවසන් වෙයි.

හැගෙල් ගිනිකොනදිග ආසියාව තුල මිලිටරි සම්බන්ධතාවන්ගේ දල සටහනක් ඉදිරිපත් කලේය. පහත සඳහන් කරුනු ඊට ඇතුලත් ය: 50 වසරකට පසු ප‍්‍රථම වතාවට තායිලන්තය සමග ගිවිසගත් ඒකාබද්ධ දැක්මක අවබෝධතා ප‍්‍රකාශයක්; වියට්නාමය සමග නව අවබෝධතා ගිවිසුමක්; ගුවන් යානා ගෙන යන යුද නැවක් එදා මෙදා තුර ප‍්‍රථම වතාවට මැලේසියාවට ගමන් කිරීම; බුරුමය සමග මිලිටරි -- මිලිටරි ගිවිසුම සහ ඉන්දුනීසියානු මිලිටරිය සමග සමීප සහයෝගීතාව.

හැගෙල් නිවේදනය කලේ, එන වසරේ හවායි දූපත්වල පැවැත්වෙන ගිනිකොනදිග ආසියානු ජාතීන්ගේ සම්මේලනය හෙවත් ආසියාන්හි ආරක්ෂක ඇමතිවරුන් සමග සිය ප‍්‍රථම රැස්වීමේ සත්කාරක රට ලෙස එක්සත් ජනපදය කි‍්‍රයාකරනු ඇති බව යි. ආසියාවේ ඒකාබද්ධ යුද අභ්‍යාස අරමුදලට හා හවායි දූපත්වල ආරක්ෂක අධ්‍යනයන්ට සහභාගී වන කලාපීය ශිෂ්‍යයන් සඳහා වන අරමුදලට ඩොලර් මිලියන 100ක අමතර මුදලක් පෙන්ටගනය විසින් වෙන් කරනු ඇතැ යි ඔහු අනාවරනය කලේ ය.

චීනය පිලිබඳ හැගෙල්ගේ තානය සෙසු සෑම රටක් සම්බන්ධ ව ඔහුගේ තානයට වඩා කැපී පෙනෙන අයුරින් වෙනස් ය. දෙරට අතර තියුනු වන ආතතිය හා පරස්පර ගැටුම් පිලිබඳ අනතුර ව්‍යංගාර්ථයෙන් හඳුනාගනිමින් "විශේෂයෙන් ම අපගේ හමුදාවන් අතර වැරදි ගනන් බැලීම් පිලිබඳ” අවදානම අවම කිරීමේ සාකච්ඡා සඳහා ඔහු කැඳවුම් කලේ ය.

චීනය සාමයට තර්ජනයක් වන බව මවාපෑමට ඇමෙරිකානු මාධ්‍ය සහ දේශපාලන ස්ථාපිතය උත්සාහ කරන අතරේ එක්සත් ජනපද මිලිටරිය වර්ධනය කිරීම සහ ආසියාව තුල සහචරයින් මෙහෙයවීම මගින් සමස්ත කලාපය ම අස්ථාවර කරන්නේ එක්සත් ජනපදයයි. චීනය එක්සත් ජනපද හමුදාවන්ට අභියෝග කලහැකි තත්වයක නො සිටින තතු යටතේ බලශක්ති හා අමුද්‍රව්‍ය සඳහා එහි දැවැන්ත හා වර්ධනය වෙමින් පවතින අවශ්‍යතා, ආසියාව, අප‍්‍රිකාව හා ලතින් ඇමෙරිකාව මුල් කර ගත් ප‍්‍රධාන බලවතුන්ගේ ආධිපත්‍ය සමග ගැටුමට එය ඇදදමා තිබේ.

කොස්ටාරිකා හා මැක්සිකෝවේ ආර්ථික සාකච්ඡා සඳහා යාමට පෙර, කැරිබියානු ගෑස් කර්මාන්තයට පිවිසීම පිලිබඳ සාකච්ඡා කිරීමට චීන ජනාධිපති ටි‍්‍රනිඩෑඩයට හා ටොබැගෝවට පැමිනියේ ය. ඒ ඊට පසු දෙදින තුල ඔබාමා සමග පැවැත්වෙන තම හමුවට පෙරාතුවය. එය ඇමෙරිකාව තුල වර්ධනය වන එදිරිවාදිකම් පිලිබඳ සාක්ෂියක් විය. බ‍්‍රසීලයේ හා කොලොම්බියාවේ සාකච්ඡා සඳහා ගිය සතියේ ඇමෙරිකානු උප ජනාධිපති ජෝ බිඩෙන් ද එක්සත් ජනපදය එහි පිලිකන්න ලෙස සලකන එම කලාපයට පැමින සිටියේ ය.

වාර්තා කල ආකාරයට ඔබාමා-ෂි සාකච්ඡා, එකිනෙකා දැන හඳුනාගන්නා මිත‍්‍රශීලී සාකච්ඡා වෙනුවට, ප‍්‍රධාන ආර්ථික හා මූලෝපායික වාසි සඳහා චීනය මත තම පීඩනය තවදුරටත් උග‍්‍ර කිරීමට එක්සත් ජනපදයට සැලසෙන අවස්ථාවක් වනු ඇත.

Share this article: