“චිත්‍ර ශිල්පයට දිගුකාලීන වටිනාකමක් ඇති අතර එය ක්ෂනික එහෙත් ඉක්මනින් අමතක වන මුදල කුරුමිට්ටෙක් කරයි“

බ්‍රිතාන්‍ය කලා ඇකඩමියේ භාරකරු ඩෙට්‍රොයිට්හි චිත්‍ර හා කලා නිර්මාන ආයතනය විකිනීමට විරෝධය පල කරයි

”Art has a long term value which dwarves that of a quick, soon to be forgotten buck” UK Royal Academy of Arts curator opposes sale of Detroit Institute of Arts artwork

2013 නොවැම්බර් 15

එඩ්‍රියන් ලොකේ ලන්ඩනයේ රාජකීය කලා ඇකඩමියේ තාවකාලික ප්‍රදර්ශන වැඩසටහනේ භාරකරුය. ඔහුගේ මූලිකත්වය යටතේ මෑතකදී බෙහෙවින් සාර්ථකවූ "මෙක්සිකෝව- 1910-1940 කලාවේ විප්ලවයක්"යන ප්‍රදර්ශනය එහිදී පැවැත්වින.

1910 මෙක්සිකානු විප්ලවය එරට ආර්ථික, දේශපාලන හා සමාජ තත්වය පරිවර්තනය කලා පමනක් නොවේ. එය කලාවේ ශ්‍රී විභූතිය නැංවීමට ද දායක විය. ප්‍රදර්ශනයේ එක් ප්‍රධාන අරමුනක් වූයේ, මෙක්සිකෝව තුල නිර්මානය කල චිත්‍ර කලාවේ ආඪ්‍යය හෙලි පෙහෙලි කිරීමය. එම කාලය තුල, ඩෙට්‍රොයිට් කලා ආයතනය අලංකාරවත් කල සිතුවම් නිර්මානය කල දියේගෝ රිවේරා ද ඇතුලු, මෙක්සිකානු හා ජාත්‍යන්තර කලාකරුවන් හා ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාන ප්‍රදර්ශනය කෙරින.

ඩෙට්‍රොයිට් කලා ආයතනය වසා දැමීමට විරුද්ධ වූ එම ව්‍යායාමයේ කොටසක් ලෙස, බ්‍රිතාන්‍යයේ සසප මෙම ප්‍රකාශය ආචාර්ය ලොකේ වෙතින් ලබාගත්තේය.

එඩ්‍රියන් ලොකේ එසෙක්ස් හි ලතින් ඇමරිකානු චිත්‍ර එකතුවෙනි (Photo of Adrian Locke courtesy of the Essex Collection of Art from Latin America.)

ඩෙට්‍රොයිට් කලා ආයතනයේ කලා නිර්මාන විකුනා දැමීමේ තර්ජනය, එම මාතෘකාව පිලිබඳ සාකච්ඡාවක් නැතිනම් විවාදයක් ඇතිවීම වැලැක්වීමට සැලසුම් කරන ලද, අදූරදර්ශී, ඇස්වලට වැලි ගසන, මාධ්‍ය ප්‍රචාරනය අරමුනු කරගත් විවෘතවම සරල දෙපිටකාට්ටුවකි. වෙනත් වචන වලින් කිවහොත්, එක්කෝ අප අපගේ වීදි මුරකිරීම තෝරාගත යුතුය. නැතිනම් කලාකෘති විකුනා දැමිය යුතුය. එය ඇඟවුම් කරන්නේ කලා කෘති තබාගැනීමෙහි අර්ථය, ජනතාවගේ ජිවිත අනතුරේ හෙලීමක්ය යන්නයි. එක්කෝ ඔබ අප සමගය නැතිනම් අපට විරුද්ධය. වෙනත් විසඳුමක් ඇත්තේ නැත.

කලා නිර්මාන විකිනීමේ තර්ජනය, තනිකරම මුදල්මය වශයෙන් හැරෙන්නට වෙනත් අගයක් චිත්‍රශිල්පයට ඇත්තේ නැතැයි පූර්ව සංකල්පනය කිරීමකි. චිත්‍රශිල්පයේ අගය පොහොසත් කිරීම හා උගැන්වීම පිලිබඳව අන්ධ වීමකි. චිත්‍ර ශිල්පයට දිගුකාලීන වටිනාකමක් ඇති අතර එය ක්ෂනික එහෙත් ඉක්මනින් අමතක වන මුදල කුරුමිට්ටෙක් කරයි. අන්තිමේදී චිත්‍ර ශිල්පය, මනුෂ්‍ය ජීවිතයේ හුයපටෙහි කොටසක් වන අතර හොඳ හා නරක කාලයන් තුලින් අපගේ පොහොසත් හා විචිත්‍රවූ ඉතිහාසය උපුටා ගැනීමට මහෝපකාරී වන්නේය. එය අන් කවරකටත් වඩා භාව ප්‍රකාශනයේ රූපාකාරයක් වන අතර මානවයා පරිනාමය වෙද්දී අඛන්ඩව වර්ධනය වූවකි.

මේ අර්ථයෙන් එය අපගේ අන්‍යොන්‍ය පැවැත්මේ සෙවනැල්ලක් වී ඇති අතර අපගේ සුවිශේෂී ඉතිහාසය ඔප් නංවා ඇත.

දියේගෝ රිවේරා කල සිතුවම් තුල මෙන්ම එඩ්සෙල් බී. ෆොර්ඩ්ගේ පරිත්‍යාගයක් වන "ඩෙට්‍රොයිට් කර්මාන්තය" (වෙනත් වචන වලින් කිවහොත් ෆොර්ඩ් මොටර් රථ සමාගම) තුල ද එම මූල ධර්මය පිලිබිඹු කරයි. නගරයේ චිත්‍ර ශිල්පය ඉටුකල කාර්යභාරය ග්‍රහනය කර ගත් එය සමස්ත එකතුව මෙන් සැබෑම වත්කමකි. මෙම කෘතීන් විකුනා දැමීම හා බෙහෙවින් ප්‍රකට ද බෙහෙවින් ගෞරවයට ද පාත්‍රවූ කෞතුකාගාරයේ එකතුව කඩා බිඳ දැමීම, ඩෙට්‍රොයිට්හි ජනතාවට ද නගරයට පැමිනෙන අයගේ මෙන්ම, පසුගිය වසර කිහිපය පුරා නඟරයේ මූල්‍ය තත්වය පිරිහෙද්දී තමන්ට මුහුනපෑමට සිදුවූ සියලු අභියෝග ජයගැනීමට වෙහෙස නොබලා වැඩකර තිබෙන ඩෙට්‍රොයිට් කලා ආයතනයේ කැපවූ කාර්යමන්ඩලයට ද කරන දැවැන්ත අකටයුත්තකි. එය පිරිමැහිය නොහැකි වත්කමක් වන අතර ඒවා ස්ථාපිත කොට හා වර්ධනය කල අයගේ මතකය වෙනුවෙන් මෙන්ම අනාගත පරම්පරාවන්ගේ හිත සුව වෙනුවෙන් මොන වියදමක් දරා හෝ ආරක්ෂා කල යුතුය.

Share this article: