ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ධනය 2009 වසරෙන් පසුව දෙගුනවී ඇත

Wealth of world’s billionaires doubles since 2009

2013 නොවැම්බර් 11

සුපිරි ධනපතියන් ගැන තොරතුරු රැස් කරන උපදේශක ආයතනයක් වන යූබීඑස් හා වෙල්ත්-x ආයතනය 05දා ප‍්‍රසිද්ධ කල වාර්තාවකට අනුව, 2009න් පසුව ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ධනය දෙගුන වී තිබියදී එක්සත් ජනපදයේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල ද කම්කරුවන් අත්විඳින්නේ සිය ආර්ථික තත්වය කාබාසිනියා වීමකි.

ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ඒකාබද්ධ ධනය ඩොලර් ටි‍්‍රලියන 6.5 සීමාව පැන ගිය අතර එය ලෝකයේ දෙවන ලොකුම ආර්ථිකය වන චීනයේ වාර්ෂික දල දේශීය නිෂ්පාදිතය තරම් විශාලය. ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ සංඛ්‍යාව ද 2009 තිබුනු 1360 ඉක්මවා 2013දී 2170 දක්වා වැඩිවී ඇති බව එහි සඳහන් වේ.

මෙම සමාජ ස්ථරය දැවැන්තව පොහොසත් කර ඇත්තේ, එජ හා අනෙකුත් රටවල මහ බැංකු විසින් මුදල් අච්චු ගැසීම මගින් හසුරුවන "ලාභ මුදල්” සම්පාදනයෙන් කොටස් වෙලඳපොලවල් පිම්මේ ඉහල යාමෙනි. මෙම ක‍්‍රියාවලිය වේගවත් වෙමින් තිබේ. පසුගිය සතියේදී යුරෝපීය මහ බැංකුව, කලාපයේ ආර්ථික තත්වයට ප‍්‍රතිචාර දක්වමින් සිය පාදක පොලී අනුපාතය හරි අඩකින් පහත හෙලීය. සියයට 0.5 සිට 0.25 දක්වා පොලී අනුපාතය පහත හෙලීමෙන්, මූල්‍ය වෙලඳපොලට මුදල් සපයන ප‍්‍රවාහයේ නව රැල්ලක් නිර්මානය විය.

වෙල්ත්-x එහි වාර්තාව නිකුත්කිරීමෙන් පසු දිනයේ, සමාජ ජාල සේවයක් වන ට්විටර් සිය ආරම්භක ප‍්‍රසිද්ධ කොටස් නිකුතුව පැවැත්වීමත් සමග එක් දිනක් තුල කඩදාසි දශලක්ෂපතියන් 1600ක් බිහිකලේය. ප‍්‍රිව්කෝ යන මූල්‍ය විශ්ලේෂන ආයතනයට අනුව එහි කොටස් අගය පැය කිහිපයක් තුල දෙගුනයකින් වැඩි විය. ට්විටර් සමාරම්භක ඊවන් විලියම්ස් මෙම ක‍්‍රියාවලිය තුලදී සිය ධනය බිලියන 2.5 දක්වා ඩොලර් බිලියනයකින් වැඩිකරගත්තේය. අනෙක් සමාරම්භක ජැක් ඩෝසි සිය ධන සම්භාරය ඩොලර් බිලියන 2 දක්වා මිලියන 500න් වැඩිකර ගත්තේය.

මූල්‍ය වාර්තාව පිලිබිඹු කරන්නේ ලෝක ආර්ථිකය පුරා මූල්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවන මෙම පරපුටු වර්ධනයයි. ප‍්‍රකෝටිපතියන්ගෙන් සියයට 17ක් සිය ධනය හම්බ කරන්නේ මූල්‍ය, බැංකු හා ආයෝජන ක්ෂේත‍්‍ර වලිනි. නිෂ්පාදන ක්ෂේත‍්‍රයට ඇතුල් වන්නේ සියයට අටක් පමනි.

සුපිරි ධනපතියන්ගේ ධනයෙහි දැවැන්ත ප‍්‍රසාරනය සිදුවන්නේ, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා අවශේෂ ලෝකයේ සමාජ සේවා කපා හැරෙන අතර තුරය. මෙම මාසයේ මුල එජ ඉතිහාසයේ පලමු වතාවට, ආහාර මුද්දර සහනාධාරය පහත දැමූ අතර දීර්ග කරන ලද විරැකියා සහනය වසර අග වන විට මුලුමනින්ම අහෝසි කිරීමට සැලසුම් කර තිබේ.

ස්නැප් යන ආහාර මුද්දර වැඩ සටහනේ දැනට පිරිවැය වසරකට ඩොලර් බිලියන 74.6කි. ජනවාරියේ සිට අහෝසි කිරීමට නියමිත දීර්ග කරන ලද විරැකියා සහනය සඳහා වසරකට වැය වන්නේ බිලියන 25.2ක් පමනි. එජ ප‍්‍රකෝටිපතියන් 515 දෙනාගේ ඒකාබද්ධ ධනය, ආහාර මුද්දර හා විරැකියා සහනය වසර සීයයක් පවත්වාගෙන යාමට තරම් ප‍්‍රමානවත්ය.

ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ධනය විමර්ෂනය කිරීමට අමතරව එම වාර්තාව, සුඛෝපභෝගී අයිතමයන් සඳහා මොවුන් වැය කරන ධන සම්භාරය ද ලැයිස්තුගත කරයි. ඔවුන් විනෝද චාරිකා නැව්, පෞද්ගලික ජෙට් යානා, කලා කෘති, කෞතුක භාන්ඩ, මෝස්තර, ස්වර්නාභරන හා එකතුකරන පැරනි වාහන සඳහා බිලියන 126ක් වැය කරති. මෙම අගය මිලියන 150ක ජනගහනයකින් යුත් බංග්ලාදේශයේ දල දේශීය නිෂ්පාදිතයට වඩා වැඩිය.

ලෝකයේ ප‍්‍රකෝටිපතියන් 2170 දෙනා සතු විනෝද චාරිකා නැව් වල වටිනාකම බිලියන 48කි. එක් අයෙකුට සාමාන්‍යයෙන් මිලියන 22 බැගිනි. මෙම සංඛ්‍යා ඉදිරිදර්ශනයක් තුල තැබුවහොත්, එක්සත් ජාතීන්ගේ ගනන් බැලීම්වලට අනුව ලෝකයෙන් කුසගින්න තුරන් කිරීමට කල යුතු ආයෝජනය වසරකට ඩොලර් බිලියන 30කි.

ලෝක ප‍්‍රකෝටිපතියන් සතු නිශ්චල දේපල වල අගය බිලියන 169ක් බවට වාර්තාව ගනන් බලයි. එක් අයෙකුට සාමාන්‍යයෙන් මිලියන 78 බැගිනි. "ප‍්‍රකෝටිපතියෙක් සාමාන්‍යයෙන් එජ ඩොලර් මිලියන 20 බැගින් වන නිවාස හතරකට හිමිකම් කියයි.”

"කාලය හා අවකාශය ලෝක ප‍්‍රකෝටිපතියන්ට සීමාවක් වන්නේ කලාතුරකිනි. බොහෝ දෙනෙක්, පෞද්ගලික ජෙට් යානා එකක් හෝ දෙකක්, සුපිරි චාරිකා නැවක් හා ප‍්‍රවාහනයේ අනෙකුත් වේගවත් හා සුව පහසු මාධ්‍යයන් සතුකරගෙන සිටියි. ලෝක ගෝලය පුරා විසිරී තිබෙන බොහෝ නිවාස ගැන කියනුම කවරේ ද?”

ඔවුන්ගේ එහා මෙහා යාමේ හැකියාව තිබුනේවී නමුත් ලෝක ප‍්‍රකෝටිපතියන් එක්රැස්වී සිටින්නේ ප‍්‍රමුඛ මූල්‍ය නගර වටාය. නිව් යෝර්ක් නගරයේ ඔවුන්ගෙන් 96 දෙනෙක් ද හොංකොංහි 75ක් ද මොස්කව්හි 74ක් ද ලන්ඩන්හි 64ක් ද සිටිති. නිව් යෝර්ක්හි ප‍්‍රකෝටිපතියන්ගේ ධනය නගරයේ මිලියන 1.7ක් වන දුප්පත් නිවැසියන් අතර බෙදා දුනහොත් එක් අයෙකුට ඩොලර් 170,000ක් ලැබෙන්නේය.

දැවැන්ත සම්පත් වල ඒකාධිකාරය හිමිකරගත් මෙම සමාජ ස්ථරය ලෝක සමාජයෙන් දැවැන්ත පංගුවක් ගිල ගන්නා නමුත් කිසිදු වටිනාකමක් එකතු නොකරයි. ඔවුන්ගේ පෞද්ගලික වත්පොහොසත්කම වෙනුවෙන් දැවැන්ත සමාජ සම්පත් කැපකර ඇතුවා පමනක් නොව, ආර්ථිකය හා දේශපාලන ජීවිතය මත ඔවුන්ගේ අධිකාරය, මානව වර්ගයා මුහුනපා ඇති මහා ගැටලු තර්කාන්විත ලෙස විසඳීමේ බාධකයක් බවට පත්ව තිබේ. ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන එමින් මෙම සුපිරි ධනවත්තු ලෝකය පුරා දේශපාලන ජීවිතයේ සියලු අංශ පාලනය කරති.

ධනේශ්වර ක‍්‍රමයේ නොවැලැක්විය හැකි ප‍්‍රතිපලය වන කටයුතුවල මෙම තත්වය හමුවේ, ලෝක ප‍්‍රකෝටිපතියන්ගේ ධනය අනුල්ලංඝනීය බවත්, අධ්‍යාපනය, නිවාස හා සෞඛ්‍ය පහසුකම් වැනි ජනතාවගේ අවශ්‍යතා වියදම් අධික බවත් කියා සිටියි.

ඇන්ඩි‍්‍ර ඩැමොන්

Share this article: