එක්සත් ජනපදය වසාදැමීම: කම්කරු පන්තියට එරෙහිව ද්විපාක්ෂික යුද්ධයකි

US shutdown: A bipartisan war against the working class

2013 ඔක්තෝබර් 02

එක්සත් ජනපද ආන්ඩුව වසා දැමුනු පලමු දින ගෙවී ගිය ද ඔබාමා පාලනාධිකාරයට හෝ රිපබ්ලිකානු පාලිත නියෝජිත මන්ත්‍රී මන්ඩලයට හෝ අරමුදල් නතරවීම අවසන් කිරීමේ කිසිම හදිසියක් නොමැත. ප්‍රසිද්ධියේ නිවේදනය කල සාකච්ඡා නොමැති අතර මධ්‍යම ආන්ඩුවට මුදල් සැපයීමට පවත්නා යෝජනාව ඔබාමාගේ සෞඛ්‍ය රැකවරන සෝදිසිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කල යුතු යයි පාර්ලිමේන්තු රිපබ්ලිකානුවන් කරන අවධාරනයේ හෝ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට ධවල මන්දිරය ප්‍රතික්ෂේප කිරීමේ හෝ වෙනසක් නැත.

මීට පෙර කෘතිමව ඇති කල ආන්ඩු අර්බුද වලදී මෙන්ම, සංගත පාලිත පක්ෂ දෙක ව්‍යාජ යුද්ධයක යෙදී සිටින්නේ කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට එරෙහිව කුරිරු හා අත්‍යන්තයෙන් ම සැබෑ යුද්ධය තීව්‍ර කිරීමට බවට වැඩෙන සංඥා පවතී.

1දා වෝල් වීදිය අවුරුදු 17ක් තුල ආන්ඩුවේ පලමු වසා දැමීම හෑල්ලුවට ලක් කලේ, ප්‍රධාන කොටස් දර්ශක තුන ම සැලකිය යුතු වාසි සහිතව දිනය අවසන් කිරීම සමගිනි.

මෙය පිලිබිඹු කරන්නේ ඇමරිකාව තුල මිලියන ගනනාවක් කම්කරුවන් හා දුප්පතුන් මත වසාදැමීමේ දන්ඩනීය බලපෑම සම්බන්ධයෙන් සංගත මූල්‍ය ප්‍රභූවේ ආකල්පය යි. ප්‍රජා ආරක්ෂක දෙපාර්තමේන්තු කම්කරුවන් 400,000ක් ඇතුළු ව ෆෙඩරල් කම්කරුවන් 800,000ක් වැටුප් රහිත නිවාඩු යවා ඇති අතර, තමන්ට වැටුප් චෙක්පත් ලැබෙතැ යි සහතිකයක් නොමැතිව තව දහස් ගනනාවකට සේවයට වාර්තා කිරීමට නියෝග කර ඇත. ඔබාමා විසින් පටවන ලද තුන් අවුරුදු වැටුප් කැටි කිරීම හා පසු ගිය මාර්තුවේ ආරම්භ වූ කප්පාදුවල ප්‍රතිඵලයක් වශයෙන් සති ගනන් වැටුප් රහිත නිවාඩු සමග මේ වන විටත් ෆෙඩරල් සේවකයින් මිලියන දෙකකට පහර වැදී ඇත.

අඩු ආදායම් මව්වරුන් හා ලමුන් මිලියන 8.9කට ආහාර සපයන වික් වැඩසටන (මව්වරුන්, ලදරුවන් හා ලමුන් සඳහා විශේෂ අතිරේක පෝෂන වැඩසටහන) නවත්වා ඇතිවාක් මෙන් ම ප්‍රවීනයන්ගේ ආබාධිත හිමිකම්වල පරිපාලනමය වැඩකටයුතු ද අත්හිටුවා ඇත.

ඒ අතර ම, නිල ඇඳුම් ඇඳි මිලිටරිය හෝ ජාතික ආරක්ෂක ඒජන්සිය, සීඅයිඒ හා එෆ්බීඅයි සහ මව්බිම ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු දේශීය ඔත්තුබැලීමේ හා මර්දනයේ දැවන්ත සංවිධානවලට වසාදැමීම බරපතල ලෙස බල නො පාන බව සහතික කරන රැකවරන යොදා ඇත.

වොෂින්ටන් පෝස්ට් වෙත, "ජ්‍යේෂ්ට රිපබ්ලිකානුවන් පෞද්ගලිකව අනාවැකි පලකලේ වසා දැමීම අඩු තරමින් සතියක් පවතිනු ඇති බවට” ය. පුවත්පත තව දුරටත් මෙසේ ද පැවසී ය: "වසා දැමීම සති අන්තය තෙක් දිග්ගැස්සුනොත් ආන්ඩුවට මුදල් සැපයීමේ ප්‍රශ්නය නිසා ඩොලර් ට්‍රිලියන 16.7ක ෆෙඩරල් නය සීමාව පිලිබඳව ඊටත් වඩා බරපතල ප්‍රශ්න ඇතිකල හැක...ඔවුන්ගේ ඩෙමොක්‍රටික් සහචරයින් අනාවැකි පල කලේ වසා දැමීම අවසන් කිරීමේ සාකච්ඡා, නය සීමාව පිලිබඳ සාකච්ඡාවන්ට බලපෑ හැකි බව යි.”

යමෙකු මෙහි දකින්නේ දේශපාලන සංස්ථාපිතයේ දෘශ්‍යමාන මෝඩකම පිටිපස පවතින ක්‍රමවේදය යි. ඔක්තෝබර් 1දා සලකුනු කලේ නව මුදල් වර්ෂයේ ආරම්භය හා අලුත් නීතීවලින් තොර ව ආන්ඩුවට මුදල් ලබාගත හැකි අවසාන දිනය යි. මෙම මාසය අවසානයේ දී එක්සත් ජනපදය වර්තමාන නය සීමාවට ලඟාවන අතර කොන්ග්‍රසය නය සීමාව වැඩිකලේ නැත් නම්, ජාතික නය පැහරහැරීමේ අවතාරය මතු කරනු ඇත.

ආහාර සලාක, වෛද්‍ය ආරක්ෂනය හා සමාජ ආරක්ෂාව ඇතුළු ශක්තිපාදක වැඩසටහන් මත පුළුල් ප්‍රහාරයන් ඇතුලත් පෙර නො වූ විරූ කප්පාදු පියවර පැටවීමේ ද්විපාක්ෂිත ගනුදෙනුවක කඩතුරාව ලෙස, කාලසීමා නියම කිරීම මගින් වසා දැමීමට කොන්දේසි සකස් කර ඇති අතර එය දරුනු අර්බුදයක් නිර්මානය කරනු ඇති බවට වාර්තා පලවේ.

සමස්ත දේශපාලන සංස්ථාපිතය තව දුරටත් දකුනට තල්ලු කිරීමේ හා දේශපාලනිකව කල නො හැකි යයි මීට පෙර සලකන්නට ඉඩ තිබූ කප්පාදු පැටවීමේ මෙම උපාය මාර්ගය මේ වන විට හොඳින් ක්‍රියාත්මක වන අතර පෙරහුරුව හොඳින් සිදු කෙරේ. 2010, 2011 හා 2012 මේ ආකාරයටම පැන නැඟි අර්බුද යොදා ගත්තේ පලමුව පොහොසතුන් සඳහා බුෂ් ගේ අවුරුදු දෙකක බදු කැපීමට හා අභිමත වියදම් වල (විසර්ජන පනතක් හරහා කෙරෙන වියදම්) ඩොලර් ට්‍රිලියනයකටත් වැඩි කප්පාදුවකට ය. මෙම වර්ෂයේ ඩොලර් බිලියන 85කින් හා ඉදිරි අවුරුදු අටේ දී ඩොලර් ට්‍රිලියන 1.2කින් ෆෙඩරල් වියදම් කප්පාදුව ක්‍රියාත්මක කිරීමට ය.

2011 නය සීමා අර්බුදයේ දී, සමාජ ආරක්ෂන ප්‍රතිලාභීන් සඳහා වූ ජීවන වියදම් දීමනාව කප්පාදු කිරීම, යෝග්‍යතා වයස ඉහල දැමීම හා විශ්‍රාමිකයන් සඳහා වන ෆෙඩරල් සෞඛය රැකවරන වැඩසටහන වන වෛද්‍යාරක්ෂාව සඳහා මුදල් සම්පත් පරීක්ෂාව හඳුන්වාදීම ඇතුලත් වූ හිඟ කප්පාදු කරන දැවැන්ත සහනයක් ඔබාමා රිපබ්ලිකානුවන්ට ප්‍රදානය කලේය.

වර්තමාන වසාදැමීමේ දී මෙන් ම එම අර්බුදවල දී ද , ඉතාමත් ආක්‍රමනකාරී කාර්යභාරයක් ඉටු කරන ලද්දේ දක්ෂිනාංශික රිපබ්ලිකානුවන් විසිනි. ඔවුහු ඔබාමා හා ඩෙමොක්‍රටිකයන් විසින් යෝජනා කරනු ලැබුවාට වඩා උග්‍ර හා වේගවත් කප්පාදු ඉල්ලා සිටියහ. ඔවුහු හඬ සකස් කලහ, අර්බුද අවස්ථාවක් විසදීමේ නාමයෙන් ඩෙමොක්‍රටිකයෝ රිපබ්ලිකානු දක්ෂිනාංශයේ න්‍යායපත්‍රය ගෙඩිය පිටින් ගිලගන්නා පරිදි තමන්ගේ ප්‍රතිපත්ති ගැලපීම් සිදු කලහ.

මෙම කාලය පුරා ද එය වෙනස් නො වනු ඇත. ඩෙමොක්‍රටිකයෝ මේ වන විටත් පෙරහැර පටන් ගෙන ඇත. නියෝජිත මන්ත්‍රී මන්ඩල ඩෙමොක්‍රටිකයෝ 1දා ඔවුන්ගේ වැය යෝජනාවලින් බිලියන 42ක් කැපීමට එකඟවෙමින් රිපබ්ලිකානුවන්ගේ මට්ටම පිලිගත්හ.

රෝස් ගාඩ්න් කතාවේ දී, ඔබාමා සංඥා කලේ "දිගු කාලය තුල අපගේ රාජ්‍ය භාන්ඩාගාරය පිලිවෙලක් කර ගැනීමට -මෙය වෛද්‍යාරක්ෂනය හා සමාජ සුරක්ෂතාව මත ඓතිහාසික ප්‍රහාරයට කේත ගත සඳහනකි- ද්විපාක්ෂික එකඟත්වයක් සැකසීම සඳහා වන ඔහුගේ සූදානම යි. රක්ෂනය නො වුනු ඇමරිකානුවන් photo-op props ලෙස ඔහු පිටුපස නැගී සිටීමත් සමග වසා දැමීමෙන් පහර වැදුනු ෆෙඩරල් කම්කරුවන් හා අනෙකුත් අය වෙනුවෙන් ඔබාමා කිඹුල් කඳුළු හෙලන්නේ වසාදැමීම අවසන් කිරීමට මොන ම හදිසියක්වත් නො පෙන්වන අතර ය.

මෙය සෞඛ්‍ය රැකවරන ආවරනය කපා දමන අතර මිලියන ගනනාවක් වැඩ කරන ජනතාවගේ සාක්කුවෙන් වියදම් කරන, රක්ෂන සංගත හා සෞඛ්‍ය රැකවරන යෝධයන්ට අනපේක්ෂිත ලාභ සපයන, සිය සේවකයින්ගේ සෞඛ්‍ය සැලසුම් අතහැරීමට සමාගම් හා පලාත් පාලන ආයතන දිරිමත් කරන හා අෆෝඩබල් කෙයා ඇක්ට් නම් පනතින් ස්ථාපිත සෞඛ්‍ය රැකවරන හුවමාරු මත පෞද්ගලික රක්ෂන මිල දී ගැනීමට කම්කරුවන්ට බල කරන ප්‍රතිගාමී පියවරකි. මේ වන විටත්, අයිබීඇම් හා වෝල් ග්‍රීන් වැනි බොහෝ සමාගම් හා ඩෙට්‍රොයිට් වැනි නගර ඔවුන්ගේ කම්කරුවන් හුවාමරු පොලවලට ගාල් කිරීමට කටයුතු කර ඇත්තේ පෞද්ගලික ඔප්පු මිල දී ගැනීමට මුදල් සහතික පත් නිකුත් කරමිනි.

රක්ෂන මිල දී ගැනීමට මුදල් සහතික පත් හඳුන්වාදීම අනිවාර්යයෙන් ම වෛද්‍යාරක්ෂනයට ව්‍යාප්ත වනු ඇත්තේ, එය පෞද්ගලීකරනය සඳහා පසුබිම සකස් කරමිනි.

"අවහිරයේ”බොරු පෙනුම පිටුපස ඇති සමාජ ප්‍රතිපත්තියේ නියම අවශ්‍යතා පිලිබඳව පක්ෂ දෙක අතර දැඩි නො එකඟතාවක් කිසිදා තිබුනේ නැත. ඇමරිකානු හා ලෝක ධනවාදයේ අර්බුදය සඳහා ගෙවීමට ඇමරිකානු ජනතාගේ පුළුල් කොටසක් සූදානම් කිරීමට ඔවුහු සම්පූර්නයෙන් ම එකඟ වෙති. වෙනස කැරකෙන්නේ එසේ කිරීමේ හොඳ ම මාර්ගය කුමක් ද යන්න වටා ය.

දැවන්ත විරැකියාව, වැඩෙන දරිද්‍රතාව හා පෙර නො වූ විරූ සමාජ අසමානතාවේ කොන්දේසි යටතේ - ෆෙඩරල් සංචිතය මූල්‍ය වෙලඳපොලට මසකට ඩොලර් බිලියන 85ක් පොම්ප කිරීම සමග- අවංක සමාජ ප්‍රතිසංස්කරන වෙනුවෙන් කතා කරන කිසි ම කන්ඩායමක් එකම පක්ෂයක වත් නැත. ඒ වෙනුවට ඔබාමා පාලනාධිකාරයේ හා දේශපාලන සංස්ථාපිතයේ එකම අභිලාෂය, පොහොසත් ම සියයට පහේ ධන සම්පත් ආරක්ෂා කිරීම හා වැඩි කිරීම යි.

වසා දැමීම හා ජීවන තත්වයන් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයට එරෙහි මහජන කෝපය හා පිලිකුල පක්ෂ දෙකට හා ඔවුන් ආරක්ෂා කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් තුලට හැරවිය යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටින්නේ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු හා සංගත ජනසතු කිරීම හා ඒවා මහජන උපයෝගිතාවන් බවට පත්කරන ලෙස ය.

වෝල් විදීයේ අපරාධකරුවන් අධර්මයෙන් උපයන ලද ධනය අත්පත් කර ගැනීම හා කම්කරුවන් මත නොව පොහොසතුන් මත බර පැටවීමට බදු පද්ධතියේ දැවන්ත ප්‍රතිව්‍යුහකරනයක් මගින් සියල්ලන් සඳහා ගුනාත්මක සෞඛ්‍ය රැකවරනයක් සැපයීමට කොන්දේසි නිර්මානය කරනු ඇත. රැකියාවකට, යහපත් වැටුප්වලට, අධ්‍යාපනයට, නිවාසවලට, සුරක්ෂිත විශ්‍රාම සහනයන්ට හා සංස්කෘතික කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව මෙමගින් සහතික කරනු ඇත.

මෙයයි අර්බුදයට ඇති සමාජවාදී උත්තර ය.

බැරී ග්‍රේ

Share this article: