ඕස්ට්‍රේලියාවේ සසප දෙවන ජාතික සමුලුව: ඩේවිඩ් නෝර්ත්ගේ සුභ පැතුම්

SEP (Australia) Second National Congress: Greetings by David North

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2014 අප්‍රේල් 24

අප්‍රේල් 18-21 දින වල පැවැත්වූ, ඕස්ට්‍රේලියානු සමාජවාදී සමානතා පක්ෂයේ දෙවන වන ජාතික සමුලුවට ලෝක සමාජවාදි වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත්කල සුභ පැතුම් පහත පලවේ.

දයාබර සහෝදරවරුනි,

ඔබගේ දෙවන ජාතික සම්මේලනය පැවැත්වෙන අවස්ථාවේ එජ ඔබගේ සහෝදරවරුන් ගෙන එන උනුසුම් සහෝදරාත්මක සුභ පැතුම් පිලිගන්න.

ඕස්ට්‍රේලියානු සසප සමුලුව පැවැත්වෙන්නේ ලෝක ධනපති ක්‍රමයේ අර්බුදයෙහි තීරනාත්මක අවස්ථාවකය. ඔබ රැස්වන්නේ, න්‍යෂ්ටික බලවතුන් අතර මිලිටරි ගැටුමක අන්තරාය මතුකරන, පැතිර යන ගැටුමක් මධ්‍යයේය. පලමුවන ලෝක යුද්ධය පුපුරා ගොස් සියවසක් සපිරීමට ඇත්තේ සිව් මසකටත් අඩු කාලයකි. 1914 ව්‍යසනයට තුඩු දුන් එම ප්‍රතිවිරෝධයන් හා අභිප්‍රේරනයන් අවශ්‍යයෙන්ම 2014 යුද්ධය පුපුරායාමේ තර්ජනය මතුකර තිබේ. සිය වසරකට පෙර ගිනි ජාලාව අවුලුවන ලද්දේ බෝල්කන් ප්‍රදේශයේ ගැටුමකිනි. අද දිනයේ යුක්‍රේනයේ පාලනය මත ඇතිව තිබෙන සටන ලෝකයට ගිනි ඇවිලවීමේ විභවයකින් යුතුය. බෝල්කන්හි සේව නූලට ගිනි ඇවිලවූයේ ඔස්ට්‍රියානු මහාදිපාදවරයා ඝාතනය කිරීමයි. අද දිනයේ නැඟෙනහිර යුරෝපය තුල එජ හා ජර්මානු ඔත්තු සේවාවන් විසින් සූදානම් කරන ලද කියෙව්හි කුමන්ත්‍රනයකින් බලය පැහැර ගැනීම මගින් අර්බුදය දියත් කලේය. 1914දී මෙන් දැන් ද අර්බුදය වටා ඇති ආසන්න කොන්දේසි වනාහි, ප්‍රගාඪ ආර්ථික, භූදේශපාලනික හා සමාජ ක්‍රියාවලීන්ගේ බාහිර ප්‍රකාශනයයි.

ගෝලීය අර්ථිකයේ ගතිකය ජාතික රාජ්‍යයේ බන්ධනයට එරෙහිව ප්‍රචන්ඩ ලෙස කැරලි ගසයි. වැදගත් සම්පත් කරා සිය ප්‍රවිෂ්ටය වලක්වන සියලු බාධක ඉවත්කර පවතින දේශසීමා පසෙකට අතුගා දමා යලි ඇඳීමට, එජ මූලිකත්වයෙන් යුත් ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ට බලකෙරී ඇත. 1914 හා 1939දී මෙන්ම ලෝකයේ නව බෙදා වෙන්කිරීම් සිදුවෙමින් තිබේ. වර්තමාන අර්බුදය තුල යුක්‍රේනය පිලිබඳ ගැටුම, රුසියාවේ ඉරනම පිලිබඳ වඩාත් විශාල සංග්‍රාමයක ආරම්භක වෙඩිහුවමාරුව පමනි. රුසියාවට, බටහිර යුරෝපය කරා තෙල් හා ගෑස් ගලා යාම පාලනය කිරීමට ඉඩ හැරීම කෙසේ වෙතත්, නැඟෙනහිර යුරෝපයේ සිට ව්ලැඩිවොස්ටොක් දක්වා වන වෙන් වෙන් වේලාවන් දැක්වෙන කලාප අටක් රුසියාව විසින් අරා සිටීමට කිසිදු හේතුවක්, එජ මෙන්ම ජර්මනියට ද නොපෙනේ. එවන් භූ දේශපාලනික හා ආර්ථික අනිසිභාවයක් දැරිය නොහැකිය.

තමන්ගේ වියදමෙන් චීනයේ ආර්ථික හා භූදේශපාලනික අනුහස නොකඩවා පැතිර යාමට ද එජ ඉඩ ‍නොහරිනු ඇත. රුසියාව සමග ගැටුමක් මධ්‍යයේ පවා ජනාධිපති ඔබාමා, චීනය “සිය අනසක” යටතේ තබාගැනීම සඳහා අගමැති ෂින්සෝ අබේ සමග සැලසුම් විමර්ෂනය කිරීමට මේ මස අග හරියේ ජපානයට යනු ඇත. ඔවුන්ගේ සාකච්ඡාවන්ට, සෙන්කාකු/ඩියෝයු දිවයින් පිලිබඳව චීනය සමග පැතිර යන ගැටුම ද ඇතුලත් වනු ඇත. ආසියා පැසිෆික් කලාපයේ ආතතීන්, නැඟෙනහිර යුරෝපයේ, කලු මුහුද හා කොකේසස් කලාපයේ ආතතීන්ට කිසිසේත්ම දෙවෙනි නොවේ.

වර්ධනය වන අනතුරුදායක තත්වය සසප ජාතික සමුලුවේ කාලීන භාවය තහවුරු කරනවා පමනක් නොව, ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” පිලිබඳ පක්ෂයේ විශ්ලේෂනයෙහි පවතින පූර්ව ඥනය හා චීනයට එරෙහිව යුද්ධය සඳහා එජ අධිරාජ්‍යවාදයේ සූදානම් කටයුතු සමග ඕස්ට්‍රේලියානු පාලක පන්තියේ ‍පෙලගැසීමට එරෙහි එහි අරගලයේ යුක්තිය ද සනාථ කරයි.

අධිරාජ්‍යවාදී මිලිටරිකරනයේ පැනනැඟීම හා යුද්ධය සඳහා වන තල්ලුව, සෑම රටකම, සියල්ලටත් වඩා අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවලම, සමාජ සම්බන්ධතා මත අතිශයින් දුරදිග යන බලපෑම් ඇතිකර තිබේ. පන්ති අරගලය වඩාත් තීව්ර ලෙස වැඩි වර්ධනය කෙරෙන, කම්කරු පන්තියට එරෙහි ආර්ථික හා දේශපාලන ප්‍රහාර උත්සන්න කිරීමක්, මිලිටරිවාදයේ අවශ්‍ය විධානයක් වේ. ප්‍රකෝටි සංඛ්‍යාත කම්කරුවන් අලලා යන දේශපාලන රැඩිකලීකරනයක ක්‍රියාවලියක් වර්ධනය වනු ඇත.

දේශපාලන තත්වය අගැයීමේදී නිර්දය වෛෂයිකභාවයක් මාක්ස්වාදී දේශපාලනය විසින් ඉල්ලා සිටියි. අර්බුදයේ ඉතා ඉහල අදියර හා ජනතාවගේ වත්මන් දේශපාලන අවබෝධයේ මට්ටම අතර ඇති දැවැන්ත ප්‍රතිවිරෝධතාව, නොඟැඹුරු ශුභවාදයේ නාමයෙන් ප්‍රතික්ෂේප කිරීම කිසිදු ප්‍රගතිශීලී අරමුනක් වෙනුවෙන් සේවය නොකරයි. කෙසේ වෙතත්, ආන්තික සමාජ අර්බුදයේ කොන්දේසි යටතේ විප්ලවවාදී සවිඥානකත්වයේ වේගවත් වර්ධනයක විභවය අඩු තක්සේරු නොකල යුතුය. මෙම වෙනස හුදෙක් “අහසින් කඩාවැටෙනු“ නැත. පසුගිය දශක තුන හතර පුරා ජීවන තත්වයන්ගේ අනවරත පරිහානිය, ධනවාදය පිලිබඳ විශ්වාසයට හා ඒ සඳහා පැවති සහයෝගයට එක දිගටම වල කපා ඇත. කුඩා වංශාධිපතියන් කොටසක් අත ඉමහත් ධනස්කන්ධයක් එක්රොක් වීම ද අවධානයෙන් ගිලිහී ගොස් නැත. බොරුව මත පදනම්වූ යුද්ධ ද ප්‍රජාතන්ත්‍ර අයිතින්ට එල්ල කෙරෙන අඛන්ඪ ප්‍රහාරයන් ද පවතින ක්‍රමය වෙතින් පුලුල් මහජනතාවගේ දුරස්ත වීම ගැඹුරු කර තිබේ. සිදුවීමට පෙර වටහාගත නොහැකිව තිබූ විප්ලවකාරී පිපිරීම් වලින් ඉක්බිතිව, ශාස්ත්‍රාලික ඉතිහාසඥයින් හඳුනාගෙන විස්තර කරන “සූක්ෂම ක්‍රියාවලීන්” දැනටමත් ඉතා වැඩි දියුනු අවස්ථාවක පවතියි.

එහෙත් විප්ලවවාදී සවිඥානකත්වයේ සැබෑ මට්ටම පිලිබඳ තවත් දර්ශකයක් ද තිබේ. එනම්, මාක්ස්වාදී පෙරටු බල ඇනියේ වර්ධනයයි!

1914දී දෙවන ජාත්‍යන්තරයට සම්බන්ධ මහා ජනතා කම්කරු පක්ෂ පැවතුනි. එහෙත් අවස්ථාවාදයෙන් ජරපත්ව තිබුනු ඒවායේ දේශපාලනික කමකට නැති කම අධිරාජ්‍යවාදී යුද්ධයේ පලමු පැය කිහිපය තුල හෙලිදරව් විය. රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍ර ව්‍යාපාරයේ කුඩා කොටසක නායකයාවූ ලෙනින්ට එය දැනුනේ නව ජාත්‍යන්තරයක් ගොඩනැඟීමට මුලපිරීමේ අවශ්‍යතාවය ලෙසය. මෙම කර්තව්‍යය බාරගැනීමට ඔහු සමත් වූයේ පූර්ව දශකය පුරා රුසියානු ව්‍යාපාරය තුල අවස්ථාවාදයට එරෙහිව ගෙනගොස් තිබුනු අරගලය නිසාය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, අවස්ථාවාදයට එරෙහිව දශක හයකට වැඩි කාලයක් ගෙන ගිය දේශපාලන අරගලයේ නිෂ්පාදනයකි. මෙම වසර, ලංකාවේ පැබ්ලෝවාදී සමසමාජ පක්ෂයේ පාවාදීමේ පනස්වන සංවත්සරය වන බව අප සිහියට නඟාගත යුතුය. එක්සත් ජනපදයේදී, මෙම පාවාදීමෙහි වැදගත්කම පිලිබඳ සාකච්ඡාවක් ඉල්ලා සිටි සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදීහු සමාජවාදී කම්කරු පක්ෂයෙන් නෙරපන ලදුව හතරවන ජාත්‍යන්තරයේ ඇමරිකානු කමිටුව පිහිටුවීමට පියවර ගත්හ. දෙවසරකට පසුව එම කමිටුව එජ සසපයේ පූර්වගාමී වර්කර්ස් ලීගය පිහිටුවා ගත්හ. ලංකාවේදී, ලසසප, අගමැති සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධනපති ආන්ඩුවට රිංඟා ගැනීමට විරුද්ධ වූවන් අතර සිටි වඩාත්ම දිරිමත් හා දේශපාලනිකව දුරදක්නා කොටස්, ජාත්‍යන්තර කමිටුවේ මගපෙන්වීම යටතේ විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය ගොඩනඟන ලදී. බ්‍රිතාන්‍යයේ සෝෂලිස්ට් ලේබර් ලීගය තුල වැඩෙමින් තිබුනු අර්බුදය හමුවේ වුවත් එය, පැබ්ලෝවාදයට එරෙහිව මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා 1960 ගනන් මුල ගෙන ගිය අරගලය, ජර්මනිය හා ඕස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර කමිටුවේ නව ශාඛාවන් පිලිවෙලින් 43 හා 42වසරකට පෙරාතුව ගොඩනැඟීම පිනිස ප්‍රතිචාරයක් දිනාගත්තේය.

මෙම වසර, වර්කර්ස් ලීගයේ ඉතිහාසය තුල තීරනාත්මක සන්ධිස්ථානයක් බවට සනිටුහන්වී ඇති, එනම්, ටිම් වුල්ෆර්ත්ගේ අවස්ථාවාදය ප්‍රතික්ෂේප කිරීමේ, 40 වන සංවත්සරය සලකුනු කරයි. වුල්ෆර්ත්ගේ භ්‍රෂ්ටකමට එරෙහි අරගලය පැබ්ලෝවාදයට එරෙහි අරගලය නව්‍ය කිරීමට හා එය තුලින් 1923 වාම විපාර්ශවය ගොඩනැඟීම දක්වාත් ජේම්ස් පී කැනන් විසින් 1928දී ඇමරිකානු කොමියුනිස්ට් ලීගය පිහිටුවීම දක්වාත් අතීතයට දිවෙන ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ සමස්ත ඉතිහාසයටම ඇමරිකානු ශාඛාවේ සම්බන්ධය යලි පිහිටුවීමට තුඩුදුන්නේය. මෙම බලගතු දේශපාලන හා න්‍යායික උරුමය උකහාගැනීම, 1982 දී බ්‍රිතාන්‍ය කම්කරු විප්ලවවාදී පක්ෂයේ අවස්ථාවාදී පරිහානියට එරෙහි අරගලයට මූලිකත්වය ගැනීමට වර්කර්ස් ලීගය සමත් කල තීරනාත්මක සාධකය විය. මෙම ප්‍රතිරෝධය හුදෙකලාකොට විනාශ කිරීමට කවිප දැරූ උත්සාහය ව්‍යවර්තවූ බව සනාථ විය. 1985 වසන්ත සමයේදී ජාත්‍යන්තර කමිටුව තුල සම්භාව්‍ය ට්‍රොට්ස්කිවාදී කන්ඩායම තීරනාත්මක බහුතරයක් බවට පත්වූ අතර ජාක, කවිපයේ අවස්ථාවාදීන්ගෙන් උදුරාගෙන, හතරවන ජාත්‍යන්තරය තුල ට්‍රොට්ස්කිවාදයේ මූලධර්මයන්හි අධිකාරය යලි පිහිටුවන ලදී.

සහෝදරවරුනි, දශක ගනනාවක් දිගු අරගලය, අපගේ පැරනි “ලීගයන්” පක්ෂ බවට පත්කිරීම, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කිරීම හා ලෝකය පුරා අපගේ ව්‍යාපාරයේ අනුහස දැවැන්ත ලෙස පුලුල් කිරීම යන ජාත්‍යන්තර කමිටුව පසුකාලීනව අත්කරගත් ජයග්‍රහනයන්ගේ අත්‍යවශ්‍ය පදනමයි.

සාඩම්බර බවේ ශාපයට බිලි නොවීම පිනිස අපි මෙම ජයග්‍රහන මත වැතිර නොසිටින්නෙමු. දැවැන්ත අභියෝග අප ඉදිරියේ තිබේ. එහෙත් මාක්ස්වාදීන් හා ඓතිහාසික භෞතිකවාදීන් හැටියට අපි, අපගේ ඉතිහාසයෙහි වෛෂයික වැදගත්කම වටහාගන්නෙමු. කම්කරු පන්තිය සිය පැරනි සංවිධාන බිඳවැටීම පමනක් නොව, 1917 ඔක්තෝබර් විප්ලවයෙන් බිහිවූ කම්කරු රාජ්‍යය විසුරුවා හැරීම ද අත් දකිනු ලැබූ උග්‍ර නායකත්වයේ අර්බුදයක් හමුවේ, විසිවන සියවසේ අත්දැකීම් උකහා ගැනීමත් 21වන සියවසේ විප්ලවවාදී අරගලයන්ට කම්කරු පන්තිය සූදානම් කිරීමත් යන අත්‍යවශ්‍ය ක්‍රියාවලිය එය නියෝජනය කරයි. 2014 මැයි දිනය ජාත්‍යන්තර කමිටුව සමග සමරන ලෙස ලෝකයේ වැඩි දියුනු කම්කරුවන්ට කියා සිටීමේ අයිතිය අප සතුකරගෙන ඇත. මෙය නිමාවකට ගෙන ඒමේදී, ලියොන් ට්‍රොට්ස්කි අපේක්ෂා කල පරිදි සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැඟීමේ නොනස්නාසුලු ක්‍රියාකලාපයක් ඉටු කල, ට්‍රොට්ස්කිවාදය සඳහා දශක ගනනාවක සටන සිය උර මත තබාගෙන ගිය, ඔබගේ ශාඛාවේ නායකත්වයෙහි සියලු සහෝදරවරුන්ට මගේ ප්‍රසාදය හා අසීමිත ප්‍රනාමය පල කිරීමට මම කැමැත්තෙමි.

විප්ලවවාදී සුභපැතුම් සමග

ඩේවිඩ් නෝර්ත්

2014 අප්‍රේල් 17

Share this article: