ශ්‍රී ලංකාවේ සසප, අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය සඳහා උද්ඝෝෂන රැස්වීමක් කොලඹදී පවත්වයි

SEP meeting in Colombo to campaign for International May Day online rally

සමාජවාදී සමානතා පක්ෂය විසිනි , 2014 අප්‍රේල් 24

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කර ඇති, මැයි 04 ඉරිදා පැවැත්වෙන, අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලිය සඳහා උද්ඝෝෂනයේ කොටසක් ලෙස, මැයි 01දා කොලඹදී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ලබයි.

මෙම අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියේ දැවෙන වැදගත්කම, ගෝලීය ධනවාදයේ වර්ධනය වන අර්බුදය මගින් සලකුනු කර ඇත. පලමු ලෝක යුද්ධය පුපුරා යාමෙන් වසර සියයක් හා දෙවන ලෝක යුද්ධය ඇරඹී වසර 75කට පසුව යලි වතාවක් මානව වර්ගයා, ලෝක යුද්ධයේ තර්ජනයට මුහුනදී සිටියි.

යුක්‍රේනයේ ෆැසිස්ට්වාදී බලවේග යොදා ගනිමින් එක්සත් ජනපදය හා ජර්මනිය, කියෙව්හි දක්ෂිනාංශික බල කොල්ලයකට පිටුබලය දී රුසියාව සමග ගැටුමක් අවුලුවමින් සිටිති. එහි ප්‍රතිපලය ලෙස වොෂින්ටනය හා මොස්කෝව අතර යුද්ධයක් ඇවිලුනහොත්, එය ජාත්‍යන්තර කම්කරු පන්තිය කෙරෙහි දැවැන්ත අන්තරායන් මතුකරමින්, න්‍යෂ්ටික අවි දරන බලවතුන් අතර පලමු සෘජු ගැටුම බවට පත්වනු ඇත. ඒ සමගම එක්සත් ජනපදය, ඉන්දු පැසිෆික් කලාපය පුරා ආතතින් ඉහල නංවමින් පුලුල් යුද්ධයක තර්ජනය ගෙන එන සිය ප්‍රකෝපකාරී “ආසියාවට හැරීමේ“ කොටසක් ලෙස, චීනය රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරිමය වශයෙන් වැටලීම උත්සන්න කර ඇත.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුව සෑම රටකම ධනපති පාලකයෝ, සමාජ අසමානතාව පෙර නොවූ විරූ මට්ටමකට නංවමින් වැඩකරන ජනතාවට එරෙහිව ව්‍යාපාර ගැති දරුනු කප්පාදු ක්‍රියාවට නංවමින් සිටිති.

ශ්‍රී ලංකාව තුල ද ජාත්‍යන්තර ධනේශ්වර අර්බුදය තියුනු ලෙස ප්‍රකාශයට පත්ව අත. මෙරට මානව අයිතීන් කඩකිරීම පිලිබඳ පරීක්ෂනයක් කැඳවුම් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ යෝජනා සම්මත කිරීමට, එජ කුහක ලෙස අනුග්‍රහය දැක්වීය. එහි සැබෑ අරමුන, බීජිනය වෙතින් ඈත්වන ලෙසට කොලඹ ආන්ඩුවට බලපෑම් කිරීම ය. සිය කලාපීය හා ගෝලීය අධිකාරය පවත්වාගෙන යාමේ ආක්‍රමනික ක්‍රියාවනගේ කොටසක් ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ආසියා පැසිෆික් ප්‍රදේශවල සෑම රටක්ම ඉලක්ක කර ගනියි.

අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියේ ඓතිහාසික වැදගත්කම පැහැදිලි කිරීම සඳහා සසප කොලඹ පැවැත්වෙන රැස්වීම යොදාගන්නවා ඇත. කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ, රැස්වීමට සහභාගී වන ලෙසත් අන්තර්ජාල ජාත්‍යන්තර මැයි රැලිය සඳහා ලියාපදිංචිවන ලෙසත්ය.

රැස්වීම පැවැත්වෙන දිනය හා වේලාව: මැයි 01 බ්‍රහස්පතින්දා සවස 3.00

ස්ථානය: කොලඹ 7 ග්‍රීන්පාත්හි නව නගර ශාලාව

Share this article: