“පරම්පරාවක් තුල මාධ්‍ය නිදහසෙහි ලොකුම සතුරා” යයි මාධ්‍යවේදී ජේම්ස් රයිසන් ජනාධිපති ඔබාමා හෙලා දකියි

Journalist James Risen denounces President Obama as the “greatest enemy to press freedom in a generation”

නික් බැරික්මන් විසිනි, 2014 අගෝස්තු 19

පුලිට්සර් ත්‍යාග ලාභී මාධ්‍ය කරුවකු වන ජේම්ස් රයිසන් නිව් යෝක් ටයිම්ස් පුවත් පත සමග මෑතදී කල සම්මුඛ සාකච්චාවකදී බැරක් ඔබාමා පෙර නුවූ විරූ ආකාරයකින් තොරතුරු හෙලිකරන්නන් සහ ආන්ඩුවේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම් එලිදරවු කිරීමට වෑයම් කරන වාර්තාකරුවන් දඩයම් කිරීම හේතුවෙන් “පුවත්පත් නිදහසේ පරම්පරාවක විශාලතම හතුරා” බවට ඔහු පත්ව ඇතැයි චෝදනා කලේය.

මාධ්‍ය වේදියා දීර්ඝව පැවසුවේ, “මෙය කුහකකමකි. බොහෝ දෙනෙක් තවම සිතන්නේ මෙය යම් ආකාරයක කී‍්‍රඩාවක් හෝ සංඥාවක් හෝ පැටලැවිල්ලක් බවයි. ඔබාමාට මාධ්‍ය හෝ තොරතුරු හෙලිකරන්නන් මර්දනය කිරීමට අවශ්‍ය බවක් ඔවුන් විශ්වාස නොකරයි. එහෙත් ඔහුට එය අවශ්‍ය වී ඇත. පරම්පරාවක පුවත් පත් නිදහසේ විශාලතම හතුරා ඔහුයි.”

නිව් යෝක් පුවත් පතේ පුලිට්සර් ත්‍යාග ලාභී ගවේශනාත්මක වාර්තාකරුවකු වන රයිසන් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන කඩාකප්පල් කිරීමට සීඅයිඒ සංවිධානය දරන ලද උත්සාහය එලිදරව් කල ලිපියක් පලකිරීම හේතුවෙන් එජ ආන්ඩුව විසින් 2008 වසරේ සිට ඔහු පිටුපස එලවමින් සිටී. 9/11 ත‍්‍රස්ත ප‍්‍රහාරය සවිස්තරාත්මකව ආවරනය කිරීම සහ එවක ජනධිපති බුෂ් යටතේ ජාතික ආරක්ෂක ඒජන්සිය බල පත‍්‍රයක් නොමැතිව කරන දුරකථන සංවාදයන්ට හොරෙන් සවන්දීම් එලිදරව් කිරීම වෙනුවෙන් ඔහු ත්‍යාග දිනා තිබේ.

මෙම ප‍්‍රකාශය පලවූයේ නිව් යෝක් ටයිම්ස් තීරු ලිපි රචිකා මොරීන් ඩවුඩ් සමග කල සාකච්චාවේදීය. ඔහුට එරෙහි එජ ආන්ඩුව ගෙනයන දඩයම සහ රහස්‍ය තොරතුරු මූලාශ‍්‍රයක් හෙලි කිරීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා සිර දඩුවම් නියම වීමට තිබෙන ඉඩ කඩ පිලිබඳව ඇය රයිසන් ගෙන් විමසූ විටය. “දිගු කාලයක් මම තැතිගැන්මෙන් සිටි බව සැබෑ ය. ඔවුන් වසර හයක් මා පසුපස පන්නා ඇත. එහෙත් මම දැන් එය ගනන් නොගෙන සිටින්නට උත්සාහ කරන්නෙමි” යනුවෙන් ඔහු පැවසීය.

ජේම්ස් රයිසන් ට ඔහුගේ රහස්‍ය තොරතුරු මූලාශ‍්‍රය එලිකිරීමට බලකිරීමේ ආන්ඩුවේ වෑයම, ඔබාමා පරිපාලනය විසින් තොරතුරු හෙලි කරන්නන් සහ පුවත්පත් නිදහස ඉලක්ක කර ගෙන යන කටයුත්තේම කොටසකි. ඔබාමා යටතේ අධිකරන දෙපාර්තමේන්තුව පුද්ගලයන් හත් දෙනකුට එරෙහිව චර පුරුෂ සේවා පනත යටතේ චෝදනා ගොනු කර ඇති අතර මෙම ගනන පෙර සිටි ජනාධිපතිවරු සියල්ලන්ම යටතේ සිදුවූවාට වඩා වැඩිය.

එජ ආන්ඩුවේ අන පරිදි නිව් යෝක් ටයිම්ස් පුවත්පත මුල් ලිපිය පල නොකිරීමෙන් පසුව, ටෙහෙරානයේ න්‍යෂ්ටික වැඩසටහන ට සීඅයිඒ ය ඇඟිලි ගැසීම ගැන පලමු වෘත්තාන්තය එලිවූයේ, 2006දී ඔහු පල කල State of War: The Secret History of the CIA and the Bush Administration (යුද්ධයේ රාජ්‍යය: සීඅයිඒ යේ රහසිගත ඉතිහාසය සහ බුෂ් පරිපාලනය) නම් පොත තුලින්ය. පොත පලකිරීම මත අමෙරිකානු නිලධාරීන් විසින් ඔහුගේ මූලාශ‍්‍රය යැයි සැකකල ජෙෆ්රි ස්ටර්ලින් ට නඩු පැවරීමට කි‍්‍රයා කල අතර රයිසෙන් සාක්ෂිකරුවකු ලෙස නම් කරමින් ඔහුට සිතාසි නිකුත් කලේ උසාවි නොපැමිනීමට නොහැකි වන පරිදිය.

මුල් සිතාසිය 2009 කල් ඉකුත් වූ කල ඔබාමා 2010දී නඩුව යලි අලුත් කලේ ආන්ඩුවේ තොරතුරු හෙලිකරන්නන් ට නඩු පැවරීමේ දී, ඉතිහාසයේ කිසිම ජනාධිපති වරයකු නොකල තරම් නඩු පවරා තිබෙන, පුලුල් ප‍්‍රයත්නයේ කොටසක් ලෙසය. එජ ආන්ඩුව රයිසන්ට විරුද්ධව නඩු පැවරීම සඳහා පෙලඹවූ එක් කාරනයක් නම්, පුලිට්සර් ත්‍යාගලාභියෙකු වීමට හේතුවූ, ඔබාමා පරිපාලනය යටතේ වඩාත් ගැඹුරු වුන, ජාතික ආරක්ෂක ඒජන්සියේ ඉවබව නැති සාපරාධීත්වය එලිදරවු කිරීම බව ඩවුඩ් ඇගේ ලිපියේ කියයි.

පෙබරවාරියේදී ඔහු පවසා තිබුනේ, ඔහුට ආන්ඩුවෙන් තෝරා ගැනීමට දී තිබුනේ “මම විශ්වාස කරන සියල්ල ඉවත ලන්න - නැතහොත් සිර ගෙට යන්න” බවය. ජුනියේදී ආන්ඩුවේ සිතාසිය අවලංගු කරන ලෙස ඉල්ල සිටි අභියාචනය, ශ්‍රේෂ්ඨාධිකරනය ජූනි මාසයේදී ඉවත දැමුවේ, ඔහුගේ මූලාශ‍්‍ර හෙලිකිරීමට කැරෙන ඉල්ලීම් වලට එරෙහිව තවදුරටත් නීතියේ පිලිසරන සොයා යාම අවහිර කරමිනි. ස්ටර්ලින් නඩුවේදී පෙඩරල් චෝධකයන් ඔහුට සාක්ෂිදීමට බලකරන කල ඔහු එය ප‍්‍රතික්ෂේප කලහොත් රයිසන් සිර ගත කරනු ඇත.

සති අන්තයේදී ඔහුට විරුද්ධව පවරා තිබෙන නීතිවිරෝධී නඩුව අත්හිටුවන ලෙස ඉල්ලා ලක්ෂයක අත්සන් සහිත පෙත්සමක් අධිකරන දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී.

රයිසන් ගේ මූලාශ‍්‍රය යයි සැක කැරෙන අය හැරුනු විට, චර පුරුෂ පනත යටතේ ඔබාමා පරිපාලනය නඩු පැවරූ අය අතර, දැවැන්ත ප‍්‍රමානයක ආන්ඩුවේ නීති විරෝධී ඔත්තු බැලීම් හෙලිකල හිටපු ජාතික ආරක්ෂක ඒජන්සි කොන්ත‍්‍රාත්කරු එඩ්වඩ් ස්නෝඩන්, විකිලීක්ස් වෙත ඉරාකයේ සහ ඇෆ්ගනිස්තානයේ යුද අපරාධ විස්තර කරමින් තොරතුරු හෙලිකල හමුදා සෙබල බ‍්‍රැඩ්ලි [චෙල්සී] මෑනින් සහ ජල වධ බන්ධන තුලින් සීඅයිඒ රැඳවියන් වධයට ලක් කිරීම විස්තර කිරීම නිසා දඩයමට ලක්වූ හිටපු සීඅයිඒ විශ්ලේෂක ජෝන් කිරියකොව් ද ඇතුලත් වෙති.

Share this article: